ත්‍රිත්ව විද්‍යාලයට අපේ ප්‍රණාමය!!!

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මට ඔය නිව්ස් එක බලල පුදුම කලකිරීමක් අවේ බං..
    මෙචර මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලත්..
    පුදුම පණ්ඩිත මිනිස්සු ටිකක් ඒ ගමේ ඉන්නේ..
    යමක් කමක් ඉගනගත්තු මනුස්සයෙක් දෙයක් පැහැදිලි කරලා දෙන්න හදද්දී උන්ටික කෑගැහුවේ නිකන් අමු පණ්ඩිතයෝ ට්කක් ගානට..
    අන්තිමට ඒ මනුස්සය කටවහගත්තා..
    දැන්වත් උන්ට තේරිලා ඇති කොරපු අමන කමේ තරම..
    ඒ පොඩිඑකාට ඉස්කෝලයක් දුන්න, දෙන්න උදව්කරපු ඔක්කොම අගයන්න වටින වැඩක් මේක..
    ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරණිය පුතේ,
    උඹව ඉස්කෝලෙට ගන්න එපා කියල උඹේ යාළුවන්ව ඉස්කෝලේ එව්ව නැති මාමලට, නැන්දලට කවද හරි පෙන්නපං උඹ නොකරපු දේකට උඹව සමාජයෙන් කොන් කරන්න හදපු කුහකකමට දෙන්න පුළුවන් උපරිම සත්කාරය කියලා සමාජයේ පිළිගත් තැනකට ගිහින් මේ රටට සේව කරන එක.

    මම නං ප්‍රාර්ථනා කරන්නෙම උඹ වෛද්‍යවරයෙක් වෙයං කියලා. එහෙම වෙලා ඔය උඹව කොන් කරපු උන්ට ම උඹ ගාවට පිහිට පතා ගෙන එන්න වෙයං කියලා......

    ළග නොබලා, දුර බලලා හොදින් ඉගෙන ගනින්.උඹයි මායි වගේ බින්දුවේ ඉපදිච්චි උන්ට තියන එකට ගැලවීම අධ්‍යාපනය විතරයි මගේ පුතේ......