ආදරණිය පුතේ,
උඹව ඉස්කෝලෙට ගන්න එපා කියල උඹේ යාළුවන්ව ඉස්කෝලේ එව්ව නැති මාමලට, නැන්දලට කවද හරි පෙන්නපං උඹ නොකරපු දේකට උඹව සමාජයෙන් කොන් කරන්න හදපු කුහකකමට දෙන්න පුළුවන් උපරිම සත්කාරය කියලා සමාජයේ පිළිගත් තැනකට ගිහින් මේ රටට සේව කරන එක.
මම නං ප්‍රාර්ථනා කරන්නෙම උඹ වෛද්‍යවරයෙක් වෙයං කියලා. එහෙම වෙලා ඔය උඹව කොන් කරපු උන්ට ම උඹ ගාවට පිහිට පතා ගෙන එන්න වෙයං කියලා......
ළග නොබලා, දුර බලලා හොදින් ඉගෙන ගනින්.උඹයි මායි වගේ බින්දුවේ ඉපදිච්චි උන්ට තියන එකට ගැලවීම අධ්‍යාපනය විතරයි මගේ පුතේ......