ත්‍රිපිටකයෝ ඉතියාසයෙන් බිඳක්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ත්‍රිපිටකයෝ ඉතියාසයෙන් බිඳක්

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීම

    ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් නිසා, වළගම්බා රාජ්‍ය යුගය අනුස්මරණීය අවධියක් ලෙස ඉතිහාසයෙහි සඳහන් වේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීම මෙහිලා ඉතා වැදගත් සිද්ධියක් හැටියට සැලකිය හැකිය. එහෙත් එය වූ කලී නිරායාසයෙන් හෝ අහම්බෙන් හෝ සිදුවූවාක් නොව සමකාලීනව පැන නැගුණු දේශපාලන හා ශාසනික පරිසරය විසින් මෙහෙයවන ලදුව, දුර දක්නා නුවණින් ක්‍රියා කළ ශාසන භාරධාරී මහ තෙරවරුන් වහන්සේලාගේ ප්‍රශංසනීය උත්සාහයක ප්‍රතිඵලයකි.


    බ්‍රාහ්මණ තිස්සගේ කැරැල්ල

    වට්ඨගාම්ණී කුමරු මුල්වරට රජ පැමිණ පස් මසක් ගත වන්නට පෙර, තිස්ස නම් බ්‍රාහ්මණ තරුණයෙක් රජුට විරුද්ධව රුහුණේ කැරැල්ලක් ඇති කළේය. ඒ සමගම ඉන්දියාවේ ද්‍රවිඩයෝ සත් දෙනෙක් පිරිස් සහිතව රජු හා යුද්ධයට සැරසුනාහ. උපායේ දක්ෂ රජතුමා කැරලිකාර තිස්ස බමුණාට ලිපියක් යවමින්……… “ඔබට රාජ්‍යය පවරමි. දෙමළුන් හා යුද්ධ කරවය………” යි දන්වා යැවීය. ද්‍රවිඩයන් සමග සටන් කළ තිස්ස බ්‍රාහ්මණයා පරාජයට පත්විය. ඉන්පසු ද්‍රවිඩයන් රජු සමග යුද්ධයට පැමිණි බැවින් රජ සැඟවී ගොස් කලෑ වැදුණි. මේ කාලයේදීම, ලංකා ඉතිහාසයේ කිසි කලෙක ඇති නෙවී විරූ දරුණු සාගතයක් අවුරුදු දො‍ෙළාසක් මුළුල්ලෙහි පැවැත්තේය. වැසි නොලැබීමෙන් ගොවිතැන් කළ නොහැකි වූහ. මිනිස්සු කඳුකර වන පෙදෙස්වලට ඇතුල්ව කොළ මුල් ආදිය කමින් ජීවත් වූහ. මිනිසුන් ගම් හැර දමා ගිය බැවින් භික්ෂූහු අනාථ වූහ. එයින් බොහෝ දෙනෙක් විදේශ වලට ගියහ. ටික දෙනෙක් මෙහිම වසමින් යම්තම් ආහාරයකින් ජීවිතය රකිමින්, කට පාඩමින් ගෙන ආ ධර්මය රැක ගත්හ. ඒ අවධියෙහි භික්ෂූන්ට මුහුණ පාන්නට සිදුවූ අනේකවිධ දුෂ්කරතා ගැන අටුවා ග්‍රන්ථයන්හි සඳහන් වේ.
    රට හැරදමා නොයාමට තීරණය කොට මෙහිම විසූ මහාසේන, ඉසිදත්ත, චුලසීව, යන තෙරවරුන් තුන් නමක් පිළිබඳව සම්මෝහනවිනෝදනී අටුවාවේ සඳහන් වෙයි. චූලසීව තෙරණ්වෝ දිනක් මහාසෑය වැඳපුදා ගැනීමට ගියහ. එවකට මහා විහාරය හිස්ව තිබුණි. මහාසෑ මළුවේ එඬරු ගස් වැඩී තිබුණේය. මහාසෑය සෙවලින් වැසී තිබුණි. එතැනින් නික්ම ගිය උන්වහන්සේ දැදුරු ඔය අසළ කොළ කා ජීවත් වූ මිනිසුන් සිටි තැනකට ගොස් කල් ගෙවූහ. ඉසීදත්ත හා මහාසේන යන තෙරවරුන් දෙනමට මේ කාලයෙහි අතිශය දුෂ්කරතා වකට මුහුණ පාන්නට සිදුවී ඇත. උන්වහන්සේලා දෙනම මී ගෙඩිවල පොතු අනුභව කොට සත් දිනක්ද අමු මානෙල් දඬු කා සත් දිනක්ද ගතකළ සැටි එම අටුවාවේ සඳහන් වේ. එකල තිස්සමහාරාමයෙහිද, සිතුල්පව් විහාරයේද, තුන් අවුරුද්දක්ම යැපෙන්නට තිබුණු වී මීයන් විසින් කන ලද බවත්, ඒ හේතුවෙන් විශාලසංඛ්‍යාවක් භීක්ෂූන් වහන්සේලා, මරණයට පත්වූ බවත් සම්මෝහවාදනී අටුවාවේ සඳහන් වේ.


    :yes::yes::yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ධර්මය රැක ගැනීමට උනන්දු වීම
    මේ අවධිය වන විට ත්‍රිපිටක ධර්මය පවත්වාගෙන ආයේ ශිෂ්‍යානු ශිෂ්‍ය මුඛ පරම්පරාවෙනි. මේ දුෂ්කර අවධියෙහි ධර්මයේ සමහර කොටස් ඉගෙනගෙන සිටි ඇතැම් භික්ෂූහු මරණයට පත්වූහ. සාගින්නෙන් දුර්වල වූ බොහෝ භික්ෂූන් වහන්සේලාට නිසි අයුරින් ධර්මය ඉගෙනීමට නොහැකි වූහ. මේ තත්ත්වය යටතේ ධර්මයේ ඇතැම් කොටස් නැති වී යා හැකිය යන බියක් ශාසන මාමක භික්ෂූන් වහන්සේලා තුළ පැවතිනි. එබැවින් ධර්මය කට පාඩමින් දත් භික්ෂූහු ඒ ඒ ධර්ම කොටස් අභාවයට යාමෙන් මුදවා ගැනීම පිණිස හැම උත්සාහයක්ම ගත්හ. මනෝරථපූරණී අටුවාවේ සඳහන් වන අන්දමට ඉන්දියාවට යාමේ අදහසින් සමූද්‍ර තීරය තෙක් පවා ගිය සැටනමක් භික්ෂූහු ආපසු දකුණු මලය රටට අවුත් මුල් සහ කොළ පමණක් ආහාරයට ලබමින් විසූහ. තමන් කට පාඩමින් දැන සිටිය ධර්මය අමතක වේය යන බියෙන් ඒවා අත් නොහැර සජ්ඣායන කළහ. මෙවැනි තොරතුරු වලින් පෙනී යන්නේ කටපාඩමෙන් පැවතගෙන ආ ධර්මය රැක ගැනීමට එවක සිටි මහාතෙරවරුන්ට දැඩි ප්‍රයත්නයක යෙදෙන්නට සිදුවූ බවයි.

    ශාසනික පරිහානියක්
    ත්‍රිපිටක ධර්මය රැක ගැනීමට නොපසුබට උත්සාහයෙන් ක්‍රියාකළ ප්‍රතිපත්තිගරුක භික්ෂූන් වහන්සේලා කීප නමක් මේ අවධියේ සිටි නමුත් බුදු සසුන තුළ යම් ප්‍රමාණයක පරිහානියක් ද දක්නට ලැබුණි. සුත්ක නිපාතයට අයත් මහානිද්දේශය කට පාඩමින් දැන සිටි චතුනිකායික තිස්ස තෙරුන් අපවිත්‍ර චරිතයක් ඇති භික්ෂුවක් හැටියට පිළිගෙන තිබුණු බව සමන්තපාසාදිකාවේ සඳහන් වේ. ශාසනයේ දියුණුවට ආධාර කළ සිංහල රජවරුන්ගේ බලය අඩුවී යාමත්, ලෞකික සැප කෙරෙහි ඇලුණු පුද්ගලයින් සසුනට ඇතුල්වීමත්, මෙවැනි පරිහානියකට තුඩුදෙන්න ඇතැයි සිතිය හැකිය. මේ අනුව දුසිල් භික්ෂූන් නිසා ත්‍රිපිටක බුද්ධ ධර්මය ව්‍යාකූල වේය යන බියක්ද ශාසන භාරධාරි මහතෙරවරුන් තුළ හට ගන්නට ඇත. එබැවින් ධර්මය නොවෙනස්ව සුරැකිව තැබීමේ වැඩ පිළිවෙලක් ගැන උන්වහන්සේලා කල්පනා කරන්නට ඇත.
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    රැක ගන්නට නිර්මලවු බුදු දහ.........................ම
    සිදුවුනි හිමිවරුන් හට කර කොල කෑ.................ම
    දහම් පදය පොත් ගුල් තුල සිර ලෑ....................ම
    නිවන කොතෙක් දුරදෝ අපි සැම තා.................ම
    :(:(:(:(:(:(:(
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රැක ගන්නට නිර්මලවු බුදු දහ.........................ම
    සිදුවුනි හිමිවරුන් හට කර කොල කෑ.................ම
    දහම් පදය පොත් ගුල් තුල සිර ලෑ....................ම
    නිවන කොතෙක් දුරදෝ අපි සැම තා.................ම
    :(:(:(:(:(:(:(

    නිවන තියන්නෙ ඔබ ළඟමයි ඒත් අද දහම යන පාර වැරදියි
    බුද්ධ වචනය කියලා අපි මෙච්චර කල් ගියේ සාම්ර්‍පදායික වැරදි පාරක