ත්‍රිරෝද රියේ ගිය හතරක් බුස්සේදී දුම්රියට බිලිවෙයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    image_b7584f66ac.jpg


    බූස්ස වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදි බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වු සිඝ්‍රගාමි දුම්රියේ අද (01) පෙරවරුවේ ත්‍රි රෝද රථයක් හැපි ත්‍රි රෝද රථයේ සිටි එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ බුස්ස පරණවත්ත පදිංචිව කාලිංග ජිනදාස පියා(85) කාලිංග සුනිමල් පුතා (46) පුතාගේ බිරිඳ මෙරෙඤ්ඤ ලසිකා කුමාරි මෙන්ඩිස් (48) සහ ලසිකා කුමාරිගෙ අම්මාවන මනිමෙල්දුර ඒමිස්හාමි(83) යන සිව්දෙනා වෙති.

    ඉඩම් ඔප්පුවක් ලිවිම සඳහා ඔවුන් ගාල්ලට යාමට පැමිණ ඇති බවත් ත්‍රි රෝද රථය පුතා විසින් පදවාගෙන පැමිණ ඇති බවත් ඔහු අනතුරු සංඥා නොතකා දුම්රිය අනාරක්ෂිත මාර්ගය හරහා ධාවනය කර ඇති බවත් අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.

    අද පෙරවරුවේ මෙම පිරිස ගමන්ගත් ත්‍රීරෝද රථය වැල්ලබඩ, රිල්ලඹ හන්දිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජින දුම්රියේ ගැටී තිබේ.

    එම ස්ථානයේදීම තිදෙනෙකු මියගොස් ඇති අතර අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇත.


    image_678080019b.jpg



    Sources: lankadeepa.lk & nethnews.lk
     
    Last edited: