ත්‍රීවීල්_බෝට්ටුවක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ත්‍රීවීල්_බෝට්ටුවක්

    :shocked:“ඕස්ට්‍රේලියාවට ත්‍රීවීල් එකෙන් එන්න එපා” – ලංකාවේ සෙට් එකක් ත්‍රීවීල් එක බෝට්ටුවක් කරයි

    x8feJNk.png


    ත්‍රීවීල් එහෙමත් නැත්නම් ත්‍රිරෝද රථ කියලා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට බොහොමත්ම සමීප වාහනයක්.ඉතින් ඉන්දියාවෙන් අපේ රටට එන ත්‍රීවීල්වලට අලුත් ගැජමැටික් සෙට් කරලා කරන සෙල්ලම් ඕන තරම් දැකලා තියෙනවානේ.

    හැබැයි මේ කියන්නේ යන්නේ මෙහෙම කරපු අමුතු වැඩක් ගැන.ඒ තමයි ත්‍රීරෝද රථය බෝට්ටුවක් කරලා.කොහොමවුනත් මෙහෙම බෝට්ටුවක් කරලා කරපු අතහදා බැලීමත් සාර්ථක වෙලා තියෙනවා.

    මුහුණු පොතෙත් මේ වැඩේට ඉහළ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.ගොඩක් අයනම් උපහාසයට වගේ කියලා තිබුණේ මේවා දකින වෙනත් රටවල්වල අය ලංකාවට ත්‍රීවිල් ගෙන්නන එකත් නතර කරයි කියලායි.

    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවේ එන්න එපා කියනවා වගේ තව ටික දවසකින් ඕස්ට්‍රේලියාවට ත්‍රීවීල් එකෙන් එන්නෙපා කියයි කියලාත් ගොඩක් අය අදහස් දක්වමින් කියලා තිබුණා.

    IPLs2EZ.jpg


    uDp3iM9.jpg


    FP4WenA.jpg


    YzqCRla.jpg


    -------------

    Source
     
    • Like
    Reactions: fahim91

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තව ත්‍රෙඩ් එකක් තිබුණා..
    ඔය තියෙන්නේ මම ඒකෙ දාපු කමෙන්ට් එක..:D

    විහිලුවක් වගේ පෙනුනත් ඒකේ පොඩි ගැම්මක් තියෙනවා නේද..:cool:
    නිවැරදි මග පෙන්වීමක්, ආරක්ෂිත ක්‍රම එහෙම එක්ක ඕක වැඩි දියුණු කර ගන්න අවස්ථාව දෙන එකයි වෙන්න ඕනේ හරිනම්, නිකම්ම බැන බැන ඉන්නවට වැඩිය.. :yes:
    මොකද මේ මිනිස්සු මෝඩ නම් ඒ අයට මෙහෙම දෙයක් කරන්න බෑනේ.. අඩු පාඩු හදාගෙන මීට වැඩිය ආරක්ෂිත එකක් හදන්න උපදෙස් දෙන එකයි කරන්න ඕනේ ඕවා ගැන දන්න අය..;)
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    විහිලුවක් වගේ පෙනුනත් ඒකේ පොඩි ගැම්මක් තියෙනවා නේද..
    නිවැරදි මග පෙන්වීමක්, ආරක්ෂිත ක්‍රම එහෙම එක්ක ඕක වැඩි දියුණු කර ගන්න අවස්ථාව දෙන එකයි වෙන්න ඕනේ හරිනම්, නිකම්ම බැන බැන ඉන්නවට වැඩිය..
    මොකද මේ මිනිස්සු මෝඩ නම් ඒ අයට මෙහෙම දෙයක් කරන්න බෑනේ.. අඩු පාඩු හදාගෙන මීට වැඩිය ආරක්ෂිත එකක් හදන්න උපදෙස් දෙන එකයි කරන්න ඕනේ ඕවා ගැන දන්න අය..

    Aniwa
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    එ් වැඬේනම් මරු, මොකද දැනට ත‍්‍රීවීල් බිමිනුයි උඩිනුයි විතරනේ ගියේ, දැං ඉතිං පලයල්ලකො වතුරෙත්.
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    දැන් වතුරෙත් යයි සබ්වූෆර් එකේ සින්දු දාගෙන ට්‍රක් හෝන් එකකුත් හයි කරගෙන වෙට්ටු දදා. :D:baffled:
    Rep+
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Quote:
    Originally Posted by richlife
    විහිලුවක් වගේ පෙනුනත් ඒකේ පොඩි ගැම්මක් තියෙනවා නේද..:cool:
    නිවැරදි මග පෙන්වීමක්, ආරක්ෂිත ක්‍රම එහෙම එක්ක ඕක වැඩි දියුණු කර ගන්න අවස්ථාව දෙන එකයි වෙන්න ඕනේ හරිනම්, නිකම්ම බැන බැන ඉන්නවට වැඩිය.. :yes:
    මොකද මේ මිනිස්සු මෝඩ නම් ඒ අයට මෙහෙම දෙයක් කරන්න බෑනේ.. අඩු පාඩු හදාගෙන මීට වැඩිය ආරක්ෂිත එකක් හදන්න උපදෙස් දෙන එකයි කරන්න ඕනේ ඕවා ගැන දන්න අය..;)

    කව්රුහරි අලුත් දෙයක් කරනකොට සහ අපේ දේවල් අගයන එක දිරිමත් කරන එක වටිනවා තමයි .මේ කරපු අයත් යම් හැකියාවක් ඇති දක්ෂයෝ .සමහරවිට අර ග්රෑන්ඩ් ටුවර් එකේ සහ ටොප් ගියර් එකේ හැමන්ඩ්ල් කරන වැඩ දැකල මෙහෙම එකක් කරන්න ඕන කියල හිතන්නත් ඇති .උන්ට සල්ලි මුදේ දන්නා තිබ්බට අපිට නැති නිසා වීල් කට්ටක් ගන්න ඇති වියදම් අඩු නිසා .

    හැබැයි මේ කෙන් කිසි වැඩක් නැ .මුහුදේ යන්නේ බෝට්ටු නැව් කියල නොදන්නා කෙනෙක් නැනේ .ඉතින් යම් ටෙස්ට් එකක් කරන්න නම් බෝට්ටුවක්ම පාවිච්චි කරන්න තිබ්බ :P
    එනිසා මේක පොඩි ආතල් එකට හෝ අර ටොප් ගියර් කොපි කරන්න හෝ වටපිටේ පොඩි අවදානයක් ගන්න කල වැඩක් කියල තමයි හිතෙන්නේ :P