
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී
මගේ තාත්තා;
_මගේ ලෝකේ වීරයා
_මගේ හොඳම යාලුවා
![]()




Bump
brought tears into my eyes..
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී
මගේ තාත්තා;
_මගේ ලෝකේ වීරයා
_මගේ හොඳම යාලුවා
![]()
මටද එසේමය....![]()
bump
එළකිරි කොල්ලෙක්;16776798 said:



සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චී....
ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිදිනා
අප්පච්චී...
මෙහෙවරට ආවැයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සගවා
අකම්පිත වත පා
අප්පච්චී....
bump
හරිම ලස්සනයි.
තැන්ක්ස් කට්ටියටම. මගෙත් රෙප් ඉවර වෙලා අදටමරුසිරා;16777477 said:![]()
![]()
![]()
රේප් දෙන්න බැලූ උබට

. නුල දැම්මට ගොඩක් ස්තුතියි. රෙප් දෙන්න බැහැලු . ඇස් වලට කඳුලු ආවා...ඇත්තටම තාමත් කරදරයක් වුනාම ඉස්සෙල්ලම මතක් වෙන්නේ තාත්තව.බොහොම ස්තූතියි බෙදාගත්තට...
![]()



bump
මේක ලිව්වේ ඔයාගේ මේ නුල දැකල තමයි මල්ලි. මේක අවුරුදු 12 කට කලින් අපිව දාල ගිය තාත්ත වෙනුවෙන්. නුල දැම්මට ගොඩක් ස්තුතියි. රෙප් දෙන්න බැහැලු .
හඳ අරගෙන එන්න
යන්න ගිය අප්පච්චි
පපුවෙ රිදුමක් ඇවිත්
මගදිම නැවතිච්චි...
හඳ ඔච්චමට අපිට
ඈතින් හිනැහෙද්දි
අහස පොළවත් එක්ක
රවුමේ කැරකිච්චි...
කඳුල ඉන්නට බැරුව
සරමට පැනගද්දී
ලොකු හුස්මක් අරන්
නැගිට්ටා අප්පච්චි...
නින්දා අපහාස
ණය බරින් මිරිකෙද්දි
ඔලුවත් නවාගෙන
ඇවිද්දා අප්පච්චි...
බත් දුන්න මහ කුඹුර
උගස්කරයක් වෙද්දි
පිල් කඩ උඩ බලන්
උන්නා අප්පච්චි...
නුඹේ දුක පෙත්තකට
උහුලන්න බැරි වෙද්දි
තනියෙන්ම යන්නට
හිතුවාද අප්පච්චි...
දළදා හිමියන්ට
අපිව දී පර වෙච්චි
මහා වැහි මැද්දේම
ගියෙ ඇයිද අප්පච්චි....

