තාත්තව හමු වීම.

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    තාත්තව හමු වීම.

    සිංහයා කියන්නේ ඉතාම භයානක සතෙක් බව අපි දන්නවා. නමුත් සිංහ පැටියෙකුට තමන්ගේ තාත්තව ඉස්සෙල්ලම හම්බ වෙන දවස දැකල තියනවද ? මේ වාසනාව අපිට ලබා දුන්නේ සුසී එස්ටරාස් කියන වනජීවී ඡායාරූප ශිල්පිනිය.

    82431140.jpg




    මේ
    ඡායාරූප මේ දවස්වල ලෝකයේ බොහෝ දෙනාගේ කතාවට ලක් වෙන නිසා මම හිතුවා එළකිරි කට්ටියත් මේ අලුත් දේ දකින්න ඕන කියල.
    22454547.jpg



    පියා හමුවීම කියන්නේ සිංහයෙකුගේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක්. මේක ඔවුන්ට ඉතාම වටිනා අත්දැකීමක්.
    එස්ටෙරාස් Goodmorningamerica.com කියන වෙබ්සයිට් එකට කියපු විදිහට, "සිංහ අම්ම සිංහ පැටවූ කුඩා අවධියේදී සති සති හයක් අටක් විතර ඉතාම රහසිගතව ගුහාවක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔවුන්ව රංචුවට පෙන්නනවා. තාත්තව හම්බ වෙන්න මේ පැටවුන්ට අවස්ථාව ලැබෙන්නේ අන්න එදාට තමයි."

    41050449.jpg




    එස්ටරාස් ට මේ
    ඡායාරූප ගන්න හම්බ වුනේ එයා කෙන්යාවේ මසයි මාරා වනාන්තරයේ අවුරුදු තුනක් ගත කරද්දී. ඇය මේ ටික අරන් තියෙන්නේ 2008 දී 2009 දී විතර.
    "පැටියා ටිකක් පැකිලීමෙන් ඉස්සරහට ගියා. එතකොටම තාත්තට ඕන වුනා එයත් එක්ක සෙල්ලම් කරන්න. හැබැයි අම්ම හොඳට අවධානයෙන් හිටියේ තාත්ත මොකද කරන්නේ කියල. මේක ඇත්තෙන්ම විශේෂ අවස්ථාවක්. "

    46279202.jpg



    "මම උදේ ඉඳල රෑ වෙනකම් මේ සත්තු දෙහා බලන් ඉන්න පුරුදු වෙලා හිටියේ. ඔහොම ටික දවසක් යද්දී අපිත් ඒ පරිසරයේ කොටසක් බවට පත් වෙනවා. එතෙන්දි ඒ සත්තු අපිව ගණන් ගන්නේ නැතුව යනවා. අන්න එතකොට අපිට ගොඩක් ලඟට යන්න පුළුවන්. මොකද ඒ සත්තු අපේ විශේෂත්වයක් දකින්නේ නෑ. පුරුදු වෙලා." ඇය තනියම ජීප් එකකින් මේ උද්‍යානය පුරා ඇවිදලා පින්තුර ගන්න පුරුදු වෙලා හිටිය.


    55708317.jpg


    63153591.jpg


    ඇය තමන්ගේ " Eye on the Wild," කියන ලමාපොත් මාලාවේ "Lion," කියන කලාපයේ මේ පින්තුර පල කරලා තියනවා.

    මේ ඡායාරූප වල අයිතිය Suzi Eszterhas සතුය


    පරිවර්තනය මගේ. ගත්තේ මෙන්න මේවයින්:
    http://gma.yahoo.com/blogs/abc-blog...ed-camera-194456247--abc-news-topstories.html

    http://animaltracks.today.com/_news...-father-meets-his-cub-for-the-first-time?lite


    එළකිරි වෙනුවෙනි.
    බංකොලොත් බ්ලොග් සයිට් කාරයන් තමන්ගේ හෙළුව වසා ගැනීමට මේවා ගත්තු තැනක් නොමැතිව තමන්ගේ මෙන් පල කරනු ඇත. එසේ කරන්නේ ඔවුන්ගේ මවු වරු මා සමග යහන් ගත කිරීමෙන් පසුව පමණක් බව කරුණාවෙන් සලකන්න.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචං.. නියමයි..:yes:

    ඕවා වැඩියෙන්ම උස්සන්නෙ ෆේස්බුක් එකේ එවුන්.. බ්ලොග් වල එවුන් වැඩිය උස්සන්නෙ නැහැ..:angry:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    monawa unath anthimatama kiyala thiyana kathawanam supiri :D


    එල මචං.. නියමයි..:yes:

    ඕවා වැඩියෙන්ම උස්සන්නෙ ෆේස්බුක් එකේ එවුන්.. බ්ලොග් වල එවුන් වැඩිය උස්සන්නෙ නැහැ..:angry:
    මචන් මේකේ තියන මගේ ජෝක් එකක් දෙකක් අරන් සර්ච් කරපන්. බ්ලොග් වල පට්ට ගහල. fb එකෙත් තියනවා. මම මහන්සි වෙලා ලියපු ඒවා උන්ගේ වගේ දාල. :angry:
    මම කලින් ත්‍රෙඩ් එකක ඕක ලිව්වා කියල මේකේ ඉන්න බ්ලොග් කාරයෝ දෙන්නෙක් වලියටත් ආව. එකෙක් mihicherub කියල එකෙක්.
    ඌ කියනවා කොහොමත් ඉස්සෙල්ලම ලිව්වේ මම නෙවෙයි ලු. ඌ දන්නේ නෑ මචන් පරිවර්තනය කරලා ගත්තේ කොහෙන්ද කියල දාන එකෙයි හොරකම් කරන එකෙයි වෙනස.
    තව එකෙක් ආව. "මම නම් බ්ලොග් කාරයෙක් නෙවෙයි" කියල තමයි උන් පටන් ගන්නෙම. හැබැයි රිදෙනවා.:rofl::rofl:
     
    • Like
    Reactions: hansak.

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ලස්සන අමුතුම සිද්ධියක්. මම කලින් දැනගෙන හිටියේ නෑ මේ බවක්. බලන්න ඔවුන් එකිනෙකා මුණගැහෙන අපුරුව.

    දරුවෙක් තරම් දෙයක් දෙමව්පියන්ට මේ ලෝකේ තවත් නැහැ. එක සියලුම දෙනාට පොදු දෙයක්.......

    මගෙන් රේප් 4 +
     
    • Like
    Reactions: adult.junior

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේකේ තියන මගේ ජෝක් එකක් දෙකක් අරන් සර්ච් කරපන්. බ්ලොග් වල පට්ට ගහල. fb එකෙත් තියනවා. මම මහන්සි වෙලා ලියපු ඒවා උන්ගේ වගේ දාල. :angry:
    මම කලින් ත්‍රෙඩ් එකක ඕක ලිව්වා කියල මේකේ ඉන්න බ්ලොග් කාරයෝ දෙන්නෙක් වලියටත් ආව. එකෙක් mihicherub කියල එකෙක්.
    ඌ කියනවා කොහොමත් ඉස්සෙල්ලම ලිව්වේ මම නෙවෙයි ලු. ඌ දන්නේ නෑ මචන් පරිවර්තනය කරලා ගත්තේ කොහෙන්ද කියල දාන එකෙයි හොරකම් කරන එකෙයි වෙනස.
    තව එකෙක් ආව. "මම නම් බ්ලොග් කාරයෙක් නෙවෙයි" කියල තමයි උන් පටන් ගන්නෙම. හැබැයි රිදෙනවා.:rofl::rofl:

    ඔව් මචං මම කලින් දැකලා තියෙනවා මේකෙ යන ලිපි ගොඩක් උස්සලා ෆේස්බුක් දානවා ගෝතයො වගයක්.. ඕවයි ඉන්න ගොඩක් එවුන් අනුන්ගෙ මහන්සියෙන් රජ වෙන්න බලන්නෙ.. වැඩක් නැහැ බං.. ඒ උත්සාහයවල් අසාර්ථකයි..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මචං මම කලින් දැකලා තියෙනවා මේකෙ යන ලිපි ගොඩක් උස්සලා ෆේස්බුක් දානවා ගෝතයො වගයක්.. ඕවයි ඉන්න ගොඩක් එවුන් අනුන්ගෙ මහන්සියෙන් රජ වෙන්න බලන්නෙ.. වැඩක් නැහැ බං.. ඒ උත්සාහයවල් අසාර්ථකයි..

    :yes::yes::yes::yes:

    asarthakai da kiyala nam mama hitanne na :rolleyes: mama nam ea ge ekak dakkama comment karanawa kohenda copy kare kiyala link ekat ekkama..:oo:

    meeta tika dawasakata kalinut ehema ekak dala tibuna,elakiri eke awruddakatat kalin dapu ekak un me aluth ekak wage dala :D:D (gel wenuwata ara penela gedi ganna kiyala dath kimbula dala tibuna thread eka ehemama copy paste :D)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    elamakiri sahO

    ඇත්තටම ලස්සනයි...
    ඒ වගේම කියන්න ඕන මේ වගේ පැටව් තමන්ගේ පියාව හම්බවෙන අවස්ථාවක්..
    33000W යාලුවගේ අන්තිමට ම පලකල නූලේ වීඩියෝවක් විදියට අඩංඟු උනා...
    සුදු සිංහයින් යටතේ..

    මේ පොටෝස් සැබෑම සැවානා බිමකදී ගත්ත දෙයක්..
    වටින දෙයක් අපිත් එක්ක බෙදා ගත්ත එක ගැන ස්තූතියි..
    උස්සන එක ගැන කතා කරලා වැඩක් නැහැ..:no: :no:
    උස්සන එකා උස්සනවම තමයි...:oo: :oo:
    මේකේ යටින්ම දාලා තියෙන එකක්ත් කියවන් එකෙක් උස්සයි ද කියන එක තමයි දැන් බලන්න ඕන...
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: adult.junior