තාත්තාට සල්ලි තිබ්බානම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    තාත්තාට සල්ලි තිබ්බානම්


    18485910_453766351638122_4450612131606678235_n.jpg


    18519892_453766381638119_4573107084602503468_n.jpg


    මා කැම්පස් ගොස් නැත...උසස්පෙළ කාලයේවත් මට විශ්වවිද්‍යාලයකට යන්නට උවමනා නොවීය...මා ආශාකල එකම විශ්වවිද්‍යාලය පේරාදෙණිය පමණි එයද එහි තිබූ සුන්දරත්වය නිසා මිස ඉගනුමට නොවීය...වරෙක මා හා මිතුරන් පේරාදෙණි ගියේ EngX හෝ ඒ ආසන්න නමක් තිබූ ප්‍රදර්ශනක් බැලීමටය...ඒ හැරෙන්නට මා විශ්වවිද්‍යාලයකට පයවත් තබා නැත...නමුත් මා සෙරෙප්පු හිල්වනතුරු ...පෙට්‍රල් ටැංකිය හිස්වනතුරු...රස්තියාදුවේ ගොස් ඇත...එලිමහන් සිර කදවුරේ රංජි අයියාගේ සිට...කෝනේශ්වරන් කොටුවේ තොප්පිකඩේ රංජි අයියා දක්වා මිනිස්සුන් ඇසුරු කර ඇත්තෙමී...ඉන් බෝහෝ උන් සල්ලී කාරයන් නොවෙති...මාර්කට්ටුවේ මිටි උස්සන රගූ හා තෝසයක් කා ප්ලේන්ටියක් ගැසීමට මා කිසිවිට පසුබට නොවෙමි...
    පසුගිය දිනක මුහුණු පොතේ තිබූ ඡායා රූප කිහිපයක් හා වීඩියෝ කිහිපයක් නිසා මා මෙය ලියමි...ඉන් එකක තිබුනේ සරසවි සිසුවෙකු කිහිලි ගන්වාගෙන යන පොලිස් නිළධාරියෙකි...තවත් එකක...කදුලු ගෑස් කෑ දෙඅත් අහිමි සරසවි සිසුවෙකුගේ කදුලු පිහින සගයන් කිහිප දෙනෙකි...සාර විට මාමාගේ කදුලු පිහින කොල්ලන් රැලකි.. පොල් පටවනවා මෙන් ජීප්පුවකට සිසුන් පටවනවාද දුටිමි...පාරේ උන්නවුන්...පොලිසියට සාප කරනවාද දුටිමි...සියල්ල සාරාශකොට ගත්කල...විහාර මහා දේවී සංග්‍රාමය දුටිමි...
    සීසන් ටිකට් පතෙන් උදේ හයේ කහ පාට ලංගමේ ...මධ්‍ය විද්‍යාලයට ගිය මා නිදහස් අධ්‍යාපනයට බොහෝ සෙයින් ආදරය කරමි...අධ්‍යාපන මුදලට විකිණෙනවාට මා විරුද්ධය...මාගේ පියා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් දැන් වසර දහයකටත් වැඩිය...බොහෝ විට සති අන්තයේ මදුවිතින් මත්වීම දැන් තාත්තාගේ විනෝදාංශය වී හමාරය...පඩි ගත් දාට...කුඩ්ඩාට කුඩුද..උපාසකට මල්ද අරන් දීම මාගේ සිරිතය...ඉතින් තාත්තාට මා ගෙනයන්නේ බෝතලයකි...ඔහුම සාදාගන්නා කටගැස්මත් සමග මත්වන තාත්තා බෝතලයත් සමග මාද රැගෙන විටෙක අතීතයට යයි...තොට ලග බෝම්බය...ආමර් වීදියේ බෝම්බය...අලිමංකඩ ප්‍රහාරය...විජය කුමාරණතුංග ඝාතනය වැනි සිදුවීම් අතරින් රිංගා යන තාත්තා...සරසවි සටන්...ගැනද නොකියනවාම නොවේ...අනූව දශකයේ මුල බාගයේ කොළඹ විශ්වවිද්‍යාලය දෙපස ළදරු පාසල් ඉදිරියෙන් යනුවෙන් පුවරු දෙකක් එකල පොලීසිය විසින් උපහාසය පිණිස සවි කලාලු...විනිවිද පෙනෙන ආවරණ නොතිබුන එකල...එකෙකු පහලට අදින වේවැල් ආවරණයට ඉහලින් හෙල්මට්ටුව තලන්නට සිසුන් ඉතා දක්ශයිලු...සිවුරේ දවටා සාමනේර හිමිවරු කදුලු ගෑස්...ආයෙම පොලීසියටම ගැසුවාලු...තාත්තාගේ වචන වල තරහක් වයිරයක් නැත...ඇත්තේ සුන්දර මතක පමණි...ඒ සුන්දර බව දැන් ශිෂ්‍ය සටන්වල නැත...සිසුන්ද පොලීසියද ....එකය...උන් මුන්ට ගසති මුන් උන්ට ගසති...නමුත්...අරමුණ අනුව මට පැත්තක් ගන්නට වේ නම් මා ගන්නේ සිසුන්ගේ පැත්තය...හේතුව ලංකාවේ සමහරුන්ට අනුව මාද කුහකයෙක් වීමය ...නිකම්ම කුහකයෙකු නොව දුප්පත් කුහකයෙක් වෙමි...සල්ලී තිබ්බනම් දක්ෂයෙකු නොවන උසස් පෙළ ජීව විද්‍යයා අංශයෙන් යන්තම් C සාමාර්ථ දෙකයි S සාමාර්ථයක් ලැබූ මටද වෛද්‍යවරයෙකු වන්නට තිබිනි...නමුත් මට ලක්ශ 120ක් නැත්...දක්ෂයාට නෙලන පොලීසීයේ සියල්ලන්ගේම දරුවන්ටද එසේය...අවසන කියන්නට ඇත්තේ එකකි...ලංකාවට කෙලවී හමාරය...තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි.

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිහන්න ඕන තමා.ඔය බලු රොත්ත නිසානේ පාරේ යන මිනිස්සුන්ටත් ඔහොම දේවල් වෙන්නේ.කාලකන්ණි.
     
    • Like
    Reactions: RandomGuy

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පිහන්න ඕන තමා.ඔය බලු රොත්ත නිසානේ පාරේ යන මිනිස්සුන්ටත් ඔහොම දේවල් වෙන්නේ.කාලකන්ණි.

    උබට පාරේ ගිහාම ඇතිද?
    තොපි වගේ උන්ට ඕවා දාන උන්ට තලන්න ඕන :angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබට පාරේ ගිහාම ඇතිද?
    තොපි වගේ උන්ට ඕවා දාන උන්ට තලන්න ඕන :angry:

    මිනිස්සු පාරේ යන්නේ නැතුව උඩින් යන්නද?ඔය බල්ලෝ පාරවල් block කරපු නිසානේ කදුළු ගෑස් ගැහුවේ.කදුළු ගෑස් නෙමෙයි වෙඩි තියන්න තිබ්බේ ගොබ්බ පරයොන්ට:angry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පිහන්න ඕන තමා.ඔය බලු රොත්ත නිසානේ පාරේ යන මිනිස්සුන්ටත් ඔහොම දේවල් වෙන්නේ.කාලකන්ණි.

    :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මිනිස්සු පාරේ යන්නේ නැතුව උඩින් යන්නද?ඔය බල්ලෝ පාරවල් block කරපු නිසානේ කදුළු ගෑස් ගැහුවේ.කදුළු ගෑස් නෙමෙයි වෙඩි තියන්න තිබ්බේ ගොබ්බ පරයොන්ට:angry:

    පාරේ ගිහාම ඇතිද කියල ඇහුවේ එකවත් තේරෙන්නේ නැති උබ වගේ හරක් එක්ක මොන කතාද යකෝ :lol::lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    "තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි"


    ඒ කියන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙන ගත්තු ළමයින්ට වෛද්‍ය සභාව විසින් විභාගයක් තිබ්බොත් වෛද්‍ය සභාව සල්ලි අරගෙන පාස් කරවයි කියන එක නේද? :rolleyes:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මාගේ කථාව ... ඔබ කියා ඇත​...
    සියල්ල අවබෝධ වන විට... අප ප්‍රමාදය​
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    "තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි"


    ඒ කියන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙන ගත්තු ළමයින්ට වෛද්‍ය සභාව විසින් විභාගයක් තිබ්බොත් වෛද්‍ය සභාව සල්ලි අරගෙන පාස් කරවයි කියන එක නේද? :rolleyes:

    එහෙම කරනවා නම් ගුටි කකා
    බෝම්බ කකා ඉන්නවද බන් :no::no: