මගේ නැති වෙච්ච තාත්තවත් මතක් උනා.
දැන් ඉතිං ජීවිතේ වෙන මොනව තිබුනත් මොකටද කියල හිතෙන මොහොතක්..

අවුරුදු 15ක් ගත වෙලත් තාම හිත විශ්වාස කරන්නෙ නෑ එයා ගියා කියල. තාම කාළෙන් කාළෙට හීනෙන් දකිනව එදා ඉස්පිරිතාලෙදී නැති නොවී, සනීප වෙලාම ඇවිත් අපිත් එක්ක හොඳින් හිටිය කාළෙ වගේමම ජීවත් වෙනව....(දුකයි මචං, මේක ටයිප් කරද්දිම නොදෙනම කඳුළු ඇවිත් ඇස් දෙකට)
ඉන්න කාළෙ පුළුවන් උපරිමයෙන් සලකන්න ලැබුන එක ගැන හිතල හිත හදාගන්න බලන්න. මේ දුක් ගොඩෙන් මිඳිලා ඒ අමා මහ නිවන් සැපම ලැබෙන්න ඔනේ ඔයාගෙ තාත්තටත්!