තාත්තා නැතිවුනා බන්.

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    අඩෝ දුක් වෙන්න එපා බන්. තාත්තට දානයක් දීපන්. කාලයත් එක්ක උබේ දුක අඩු වෙයි
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    නිවන් සුව ලැබේවා.
    මොනා උනත් අන්තිම කාලෙදි තාත්තට හොදට සැලකුවනේ
     
    • Like
    Reactions: Stimulus mind

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තාත්තට මතු භවයක නිවන් සුව ලැබේවා!!! පින්කම් කරන වෙලාවක ඔයාගේ තාත්තවත් මතක් කරලා පින් දෙන්නම් මචං.
     
    • Like
    Reactions: Stimulus mind

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,672
    591
    113
    Here on earth..
    මගේ නැති වෙච්ච තාත්තවත් මතක් උනා.
    දැන් ඉතිං ජීවිතේ වෙන මොනව තිබුනත් මොකටද කියල හිතෙන මොහොතක්.. :(
    අවුරුදු 15ක් ගත වෙලත් තාම හිත විශ්වාස කරන්නෙ නෑ එයා ගියා කියල. තාම කාළෙන් කාළෙට හීනෙන් දකිනව එදා ඉස්පිරිතාලෙදී නැති නොවී, සනීප වෙලාම ඇවිත් අපිත් එක්ක හොඳින් හිටිය කාළෙ වගේමම ජීවත් වෙනව....(දුකයි මචං, මේක ටයිප් කරද්දිම නොදෙනම කඳුළු ඇවිත් ඇස් දෙකට)

    ඉන්න කාළෙ පුළුවන් උපරිමයෙන් සලකන්න ලැබුන එක ගැන හිතල හිත හදාගන්න බලන්න. මේ දුක් ගොඩෙන් මිඳිලා ඒ අමා මහ නිවන් සැපම ලැබෙන්න ඔනේ ඔයාගෙ තාත්තටත්!
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    හිත හයිය කරගනින් මචන්,අපේ තාත්තත් නැති වෙලා දැන් අවරුදු 7 වෙනවා මේ 26.උබ තාත්තට හොදට සලකුවනේ.දුකයි තමයි මචන්,හිත හෙමිට හදාගන්න.තාත්ත හොද තැනක ඇති.නිවන් සුව ලැබේව
     
    • Like
    Reactions: Stimulus mind