තාත්තා හා ජීවිතය

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
EK account එක හැදුවෙත් "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" ත්‍රෙඩ් එක දැක්කට පස්සේ බම්පියක් දාන්න..
ඔය ඕනෑකම ගැම්ම මටත් තියෙනවා. ඒත් කාලකන්නි කම කියන්නේ බැහැල වැඩේ පටන් ගත්තට ටිකකින් ට්‍රැක් පනිනවා :frown:

හැම තාත්තෙක්ම බලන්නේ දරුවෝ හොඳ තැනකට ගෙන්න. කොල්ල කාලේ කොලු ඌශ්නෙට කට ගහගෙන ගියාට පස්සේ කාලෙක තමයි තේරෙන්නේ ඒ රත්තරන් මිනිහා කොච්චර අපි ගැන හිතලද කියලා. :(:(
 
lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    පට්ට මචන් උබේ ජීවිත කතාව හිතට වැදුනා මචන් !!!
    තව තවත් උබ දියුණු වෙන්න ඕනි!! :yes:
     
    pol some

    Member
    Oct 10, 2016
    17
    1
    0
    machan math kithsiri sirge golayek.math uba wage goda giye sirta pin sida wena.kathwath supiriya ban.

    රත්තරං;16545998 said:
    ​හුගාක් කාර්යභහුල උනත් තනියම ඉන්නකොට මතක් වෙච්ච අතීතයත් එක්ක ලියන්න හිතුනා, මට ආදරය කරන එලකිරියේ කොල්ලෝ වෙනුවෙනුයි දැම්මේ. ලක්ශ ගනන් වල ලක්සරි ටෝක් දීලා අපරාදේ මගේ මෙගාබයිට් 15 කියන උන් නොබැලුවට කමක් නෑ

    father-son-460_1238439c.jpg

    තාත්තා...

    මම ආච්චි අම්මා කියනවා අහල තියෙනවා තාත්තා පොඩි ගෑනු ලමයිට ආස නෑ කියල. තාත්තා ලොකු බලාපොරොතුවක් තියාන හිටියලු මම ඉපදෙන්න ඉන්නකොට කොල්ලෙක්ම ඉපදෙයි කියලා. කොහොම හරි එක්දාස් නමසිය අසූ ගනන් වල ඒ හීනේ එයාගේ සැබැවුනා. පෙර පාසැල් කාලය දක්වා නම් ලොකූ මතකයන් නෑ. එක මතකයක් විතරයි තියෙන්නේ පොඩි කාලේ මාව බලා ගන්න ගෑනු කෙනෙක් එක්කන් ආවා. මම වැලි සෙල්ලම් කරනකොට ඒ ගෑනු කෙනා මට සැර කලා, එදා ගෙදර ලොකු ස්ට්‍රයික් එකක්. කොහොම හරි අඩලා අඩලා ඒ ගෑනු කෙනාව ගෙදරින් යවාගත්තා.මම ඉස්කෝලේ ගියේ ගමේ ඉස්කෝලෙට, තාත්තත් ප්‍රාතමික අංශයට ගියේ ඒකට, ආතා ගියෙත් ඒකට මම අද මොන මට්ටමක උන්නත් කවද හරි මගේ දරුවෝ යන්නෙත් ඒකට. මට මතකයි තාත්තා මාව අතින් අල්ලන් පන්තිය ගාවට එක්කන් ගිහින් තාත්තගේ සාක්කුවෙන් පොඩි පනාවක් අරන් හැමදාම මගේ අවුල් වෙලා තියෙන කොන්ඩේ පීරනවා. අද වගේම ඒ මතකය මට පැහැදිලියි.ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගිය කාලේ හොදට මතක එක සිද්දියක් තියෙනවා, ඔය පන්තියේම හිටියා ලමයෙක්, නම සමන් කියමුකෝ. සමන්ගේ තාත්තත් අපේ තාත්තත් එක්ක එක පන්තියේමයි ඉදලා තියෙන්නේ, සමන්ගේ තාත්තා ප්‍රාදේශිය සභා සේවකයෙක්. තාත්තත් එක්ක හොද හිතෙන් උන්න මනුස්සයෙක්. හැබැයි පොඩි කාලේ නම් තාත්තා එක්ක හරිම තරහයිලු. හරියට හිරිහැර කරනවලු. සමනුත් ඒ ජාතියෙම තමා, දැන්නම් මගේ හොද හිතවතෙක් දැක්ක තැන කතා කරනවා. ලී මෝලක ට්‍රැක්ටරේ එලවනවා. ඉතින් මේ සමන් මට හරියට ගහනවා. ඒ දවස්වල මම පට්ටම අහින්සකය. මම ඉතින් ගෙදර ඇවිත් අඩනවා. තාත්තා පලවෙනි දවසේ කිව්වා ටිකක් ඈත් වෙලා ඉන්න කියලා, එහෙම කලා හරිගියේ නෑ. දෙවෙනි දවසේ තාත්තා කිව්වා ටීචට කියන්න කියලා ටීචට කිව්වා. ඒත් මූ ටීචට හාවගෙයි හාවිගෙයි කතාව කියන ජාතියේ එකෙක්, ඒත් හරිගියේ නෑ. ඊලගට තාත්තා කිව්වේ ගැහුවොත් බය නැතුව අහුවෙන එකකින් ගහන්න කියලා. ඒ තරමට මම ඉස්කෝලේ යන්න බෑ කියලා අඩන එක එපා වෙලා තිබ්බේ, මගේ ලෝකේ තාත්තට එහායින් අල්ලා කියලා බුවෙක් වත් උන්නේ නෑ, තාත්තා කිව්වනම් එච්චරයි. ගියා ඉස්කෝලේ. මම ගාව ඒ දවස්වල අර කොටස් දෙකේ බෝතලයක් තිබ්බා. එකක වතුර අනිකේ බීම ජාති දාන් යන්නේ, ඒකාලේ ආතල් එක ඉතින් ඕවනේ. මෙන්න සමන් ආවා. දැන් මම බලන් ඉන්නේ දෙන්නම් දෙන්නම් කියලා. සමන් මොකක් හරි කලා. මට මතක නෑ. ගත්තා වතුර බෝතලේ එක පාරයි ගැහුවේ බෝතලේ සුන්. සමන්ගේ මූන හොදටම හීරුනා ඒක වැදිලා ටීච මට හොදටම ගැහුවා. එදායින් පස්සේ සමන්ගෙන් ප්‍රශ්නයක් උනේ නෑ. එදා ඉදන් අද දක්වාම එකෙක්ටවත් ඔලුව නමන්නේ නෑ. ඒක තමයි මට මතක තාත්තා කියල දුන්න පලවෙනි පාඩම.
    තාත්තා ලොකු සල්ලි කාරයෙක් නෙමේ. හැබැයි හම්බ වෙන පඩියෙන් හැමදේම හොදින් බැලන්ස් කරන් ජීවිතේ ඉස්සරහට ගෙනිච්චා. මම ශිශ්‍යත්ව විභාගේ හොදට පාස් වෙලා ඔන්න ජනප්‍රිය පාසැල් කියන ජාතියේ එකකට ගියා. මට මතකයි හය වසරේ ඉදන් හුගාක් කල් යනකන් තාත්තා මාව ඉස්කෝලේ එක්කන් ගිහින් දාලයි වැඩට ගියේ. තාත්තා මට එක ගෝල් එකක් දුන්නා. උබ කවදා හරි මේ තැනට එන්න ඕනෙයි කියන එක. ඒ ගෝල් එකට මම යන බව පේන තාක් කල් තාත්තා මට මම කරන අනෙක් ජඩ වැඩ වලට බාල්දි දැම්මේ නෑ. ඒවා හොයලා බැලුවේ අම්මා. ඔහොම යද්දි තාත්තට සුවකරන්න බැරි ලෙඩක් හැදුනා, මම සාමාන්‍ය පෙල කරද්දි තාත්තා කීප වතාවක්ම ඔපරේශන් කරලා හිටියේ. මට ජිවීතේ තාත්තා කියල දුන්න පාඩම් මම විශ්වවිද්‍යාලෙන් වත් ඉගෙනගෙන නෑ. තාත්තා හරිම දක්ශයි චිත්‍ර අදින්න ඒ වගේම මැකෑනිකල් වැඩ වලට. තාත්තා ගාව එක ආයුද ගොඩාක් තිබුනා. නියන් යතුරු ඉදන් හැමදේම. මම තමයි පොඩි කාලේ ඉදන් ඒ සේරම කැඩුවේ නැතිකලේ. තාත්තා වචනයක් වත් කිව්වේ නෑ. තාත්තා හුගාක් සතුටු උනා මම සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරනවට වඩා අඩුවක් මිටියක් කියතක් අරන් පොඩි කරත්තයක් හදනවට, අන්න එතනින් තමා මගේ ජීවිතේ ඉංජිනේරුවෙක් වෙන හීනය හැදෙන්නේ. තාත්තට අපොස උසස් පෙලින් එහාට ඉගෙනගන්න ලැබිලා නෑ. ඒත් උසස් පෙල සාමාන්‍ය විදිහට ඒකාලේ පාස් වෙලා තියෙනවා ගනිත අංශයෙන්ම. විශ්ව විද්‍යාලයකට ගිය මනුස්සයෙක් නෙමේ මගේ තාත්තා. තාත්තට ඕනේ උනේ මාව ඉංජිනේරුවෙක් කරන්න. ඊටත් වඩා තාත්තට ඕනේ උනේ මාව සිංහලයෙක් කරන්න, තාත්තා මගේ ජාතිය ගැන මගේ රට ගැන පාඩම් ගොඩාක් කියල දුන්නා. අපි කව්ද, මේ පොලවේ වැවෙන වී වල සාරය එන්නේ කොහෙන්ද මේ හැමදේම කියල දුන්නේ තාත්තා. තාත්තා හරිම ආසාවෙන් උන්නේ මම ඕලෙවල් වලට ඒ දහයක් ගනී කියලා. තාත්තා ඒ දවස්වල ලෙඩ ගානේ ඉදන් ඒක මට කිව්වා. හැබැයි ඒක කරන්න මට බැරි උනා. හැබැයි ඒ ආසන්න හොද රිසාල්ට් එකක් අරන් මම ඕලෙවල් පාස් උනා. තාත්තගේ අල්ටිමේට් ගෝල් එකට යන්න ඕනේ නිසාත් ගනිත විශයට තිබ්බ අසීමිත ආසාවත් නිසාත් අපොස උසස්පෙලට ගනිතය තෝරගත්තා. මම පලවෙනියටම ඒ ලෙවල් වලට ක්ලාස් යන දවසේ ඇදන් යන්න අලුත් ඇදුමක් තිබ්බේ නෑ, අච්චර අසනීප ගානේ උන්න තාත්තා තාත්තගේ පර්ස් එක ඇදලා ඒකේ අස්සක දෙකට තුනට නමලා හංගලා තිබ්බ රුපියල් 1500කුත් අරන් කලින් දවසේ රෑම ටවුන් එකට ගිහින් මට කලිසමකුයි කමිසෙකුයි අරන් දුන්නා. එදා මම එන ගමන් හිතුවා මේ මනුස්සයාගේ ජීවිතේ කවදා හරි සතුටින් පුරවනවා කියලා.එතනින් එහාට ආවේ ජීවිතේ කටුකම කාලය. තාත්තව පස් පාරකට වඩා ඔපරේශන් කලා. සල්ලි කියන දේ ඉතාම වැදගත් සාදකයක් වෙලා ජීවිතේ හිර උනා. මරනය ඉස්සරහා උනත් තාත්තගේ එකම බලාපොරොත්තුව උනේ මම ඒලෙවල් පාස් වෙන එක. ඉංජිනේරු පීටයට යන එක . තාත්තට හොදටම අමාරු උනා. ගෙදර හුගාක් ප්‍රශ්න ආවා ඔය ප්‍රශ්න අතරේ මම ඒලෙවල් ලිව්වා. එක විශයක් ෆේල්.අනික් දෙක පාස්. මට තාත්තගේ බලාපොරොත්තුව දෙවන වතාවටත් ඉටුකරන්න්න බැරි උනා. මම දෙවෙනි පාර කරන්න පටන් ගත්තා, මම ඒලෙවල් ෆේල් උනාම නෑදෑයෝ හිනා උනා මැත්ස් කරන්න ගිහින් ඇනගත්තා කියලා.පොඩි කාලේ ඉදන්ම නෑදෑයෝ හැමෝම වගේ මට ඊරිසියා කලා මගේ අත්තම්මා ආතා පුංචි අම්මා ඇරෙන්න ඔය අතර අපේ ලොකු අම්මෙක් කියලා එකියක් උන්නා. ඒකිගේ ලමයා කොමර්ස් කලේ. මම පොඩි කාලේ ඉදන් මගේම වයසේ උන්න ඒ ලමයව මාකට් කිරිල්ලක් තමා ලොකු අම්මා කලේ. අන්තිමේ ඒ ලමයා කොමර්ස් වලින් ඒලෙවල් පාස් වෙද්දි මම ෆේල් උනා. දවසක් උදේ මම කඩේ යද්දි කඩේ ගාවදි ලොකු අම්මා හම්බ වෙලා රිසාල්ට් අහලා කින්ඩියක් දැම්මා. රිදුනා කියන්නේ මචන් රිදෙන එක උපරිමේට රිදුනා.මම මොන වගේ වටපිටාවකද ඒ ලෙවල් කලේ කියලා මම විතරයි දන්නේ මම ගෙදර ඇවිත් කුස්සියේ බංකුව උඩට වෙලා ඉදගෙන ඇඩුවා. එදා තාත්තා කෘශ වෙච්ච ඇගත් එක්ක බොහොම අමාරුවෙන් මම ලගට ඇවිත් මාව බදාගෙන ඇඩුවා. තාත්තා අඩපු පලවෙනි දවස. තාත්තා කිව්ව උබ බයවෙන්න එපා උබට මම ඉන්නවා කියලා. ඒත් රෙජිස්ටාර්ට කලින් දොස්තරලා මරන සහතිකේ ලියපු තාත්තටත් මටත් ඒ කතාව හුදෙක් කතාවක් බව නොතේරුනා නෙමේ. එදා බංකුවට වෙලා ඇඩුවා ඇඩුවා අන්තිමට එදා හවස මම බංකුවෙන් නැගිට්ටේ ආයේ ජිවිතේ අඩන්න නෙමේ, තාත්තා ජීවිත කාලේ දුන්න සම්පූරන පන්නරය අරගෙන නැගිට්ටේ, මේ ඉර හද යට මම මිනිහෙක් වෙනවා කියන අරමුනෙන් නැගිට්ටේ. ගත්තා පොත් ටික, බැස්සා ගේමට, දැන් ගේම යනවා හෝ ගාලා. මොකටද? තාත්තා දුන්න ගෝල් එකට යන්න, මම පලවෙනි පාර පිසික්ස් ඉතාම හොදට පාස් මට බොහොම හොද පිසික්ස් දැනුමක් තිබුනා. ඉතින් මම කම්බයින්ඩ් මැත්ස් ක්ලාස් එක ඉවර වෙලා ඔය පන්තියේම ඉදන් වැඩ කර කරා ඉන්නවා දෙවෙනි පන්තිය පටන් ගන්නකන්, ඒ හෝල් එකේ එහෙම ලමයි හුගාක් උන්නා. ඒ අතර හැමදාම මගේ ඉස්සරහම ඉදගන්න ගෑනු ලමයෙක් උන්නා, නම සදලි කියමුකෝ. එච්චර ලස්සනක් නම් නෑ. හැබැයි හොද මීටරයක්,. මම වගේම පලවෙනි පාර අනාත වෙච්ච කුකුලෙක්. කොහොමින් කොහොම හරි මේ ලමයට මම පිසික්ස් උගන්නනයි ඒ ලමයා මට කෙම උගන්නනයි සෙට් උනා. අන්තිමට ඒක ආදරයක් බවට හැර උනා. එක එක ක්‍රශ් තිබ්බට පලවෙනියටම කෙල්ලෙක්ට මූනටම ආදරෙයි කියලා ලව් කලේ එයාට. හැබැයි මගේත් එයාගෙත් අන්තිම ගෝල් එක උනේ ඉන්ජිනේරු පීටය. ඒ වෙනුවෙන් වැඩකලා. කලාස් කට් කරලා අනිත් උන් ෆිල්ම් බලන්න යනකොට අපි ෆිල්මුත් බලලා ක්ලාසුත් ගිහින් පාඩමුත් කලා. හුගාක් ආර්තික වගේම මානසික පීඩන තාඩන මැද ගෙවුනු මගේ උසස්පෙල කාලේ විභාගෙට හුගාක් ලන් වෙලා තාත්තා අවසන් ගමන් ගියා. මට ඒලෙවල් වලට පාඩම් කරන්න ලැබුනේ සති තුනයි. මම දැනන් හිටියා තාත්තා කොහේ හරි ඉදන් මම දිහා බලන් ඉන්නවයි කියලා. ඒ ආත්මෙට වත් සැනසීමක් දෙන්න තාත්තගේ පුතා ලෝකේ දිනනවා බලන්න පුලුවන් වෙන්න කියන එක තමයි මගේ අරමුන උනේ.කොහොම හරි සති තුනෙන් පාඩම් කරලා ඒ ලෙවෙල් ලිව්වා. සදලි බොහොම හොදින් පාස් වෙලා ඉන්ංජිනේරු පීටයට ගියා. මම සාමාන්ය මට්ටමින් පාස් වෙලා පිසිකල් ගියා. හරිම ආසාවක් තිබ්බා ටෙලිකමියුනිකේශන් වලට ඒ නිසා ඉලෙක්ට් තෝර ගත්තා. මේ අතර නොසිතපු දෙයක් උනා. සදලිට මේක නවත්තන්න ඕනේ උනා. එයාට හේතුවක් තිබ්බේ නෑ. ඒත් මම හොදාකාරවම දන්නවා එයාට ඕනේ උනේ මමත් ඉංජිනේරුවෙක් වෙනවා දකින්න. ඒ බලාපොරොත්තුව මගෙන් ගියාම එයාට මාව එපා වෙන්න ඇති. එයා මගෙන් වෙන් වෙලා ගියා. යන දවසේ මම ඇඩුවා. මම එයාට දෙයක් කිව්වා, මම කවදා හරි ඔයාට වඩා අගලක් හරි ඉස්සරහින් ඉදලා පෙන්නනවා කියලා. මම එයාට වැරැද්දක් කියන්නේ නෑ. එයාට ලැබුනු මනුස්ස ජීවිතේ වගකීම එයාට, ඒක කැපකරනවද නැද්ද යන්න එයාගේ තීරනේ. මට තේරුනා පිසිකල් කරලා ආත්මයක් නැති බව. ඒ අතර හැමෝම දන්නවා වගේ පිසිකල් කරන ලමයි තව දෙයක් කරනවා ඒ එක්කම, මම ඒ එක්කම වරලත් ඉංජිනේරුවෙක් වෙන්න පුලුවන් අමතර කෝස් එකක් තෝරගත්තා.කිත්සිරි සමරසිංහ සර් මට ජීවිතේ ගැන හුගාක් දේවල් කියලා දුන්නා.කිත්සිරි සර්ගේ නම කිව්ව ගමන් හැමෝම දන්නවනේ මොකක්ද කියලා.අර දවසක් මේකේ ඉන්න කල දුටුකල වල ඉහින මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක් කරන්න ගිහින් ඒකත් කෙලෝ ගත්ත මල්ලි කෙනෙක් අහනවා මම පිසිකල් ගිහින් ඉන්ංජිනේරුවෙක් කියලා පොර මාන්දමින් කියවනව කියල. ඔන්න ඕකට මෙන්න උත්තරත් දුන්නා. ඒකට සල්ලි හොයන්න ටීගෝ එකේ ටවර් වල වැඩකලා,ඒකාලේ එටිසලාත් එක ට ටීගෝ එක විකුනලා තිබ්බේ නෑ. BTS ඉන්ස්ටලේශන් කලා.අර්ත් ගැහුවා. රැයක් දවාලක් නැතුව පිස්සෙක් වගේ රුපියල් පස්සේ දිව්වා. ඒ සේරම මගේ අල්ටිමේට් ගෝල් එකට ආයෝජනේ කලා. කිත්සිරි සමරසිංහ සර් මට ජීවිතේ ගැන හුගාක් දේවල් කියලා දුන්නා. අන්තිමට මම තාත්තගේ හීනය සැබෑකලා. හැබැයි මම ජීවිතේ දිනපු දවසේ තාත්තා ලග උන්නේ නෑ. මාව ඉන්ංජිනේරුවෙක් වෙයි කියලා බලා පොරොත්තු උන සදලි උන්නේත් නෑ. මට ටික කාලෙකින් මිස්ට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් ලගෙන් ජොබ් එකක් ආවා. ඒකටත් මට උදව් කරපු කෙනෙක් හිටියා. අද මිට්සුබිශි එකේ ලංකාවේ නම තිබ්බ දෙතුන් දෙනාගෙන් කෙනෙක් මම. අද සදලියි සදලිගේ සැමියයි මාසෙකට හොයන ගාන වගේ දෙතුන් ගුනයක් මම හොයනවා.සදලිට වඩා බලයෙන් උගත්කමෙන් හැකියාවෙන් ආදරෙන් හදවතින් හැමදෙයින්ම උසස් කෙල්ලෙක් මගේ ලග ඉන්නවා. මට ජීවිතේ තියෙන ලොකුම පසුතැවීම තාත්තා ලග නැති එක. තාත්තා ජීවත්ව ඉද්දි තාත්තට හොද ජීවිතයක් දෙන්න බැරි උන එක.ඒ නිසා මම අම්මා වෙනුවෙන් සේරම යුතුකම් අකුරටම කරනවා. මම හිතන විදිහට තාත්තට කරන්න පුලුවන් ලොකුම දේ තාත්තා විශ්වාස කරපු තැනට මම ඇවිත් ජීවත් වෙන එක. තාත්තා සිංහලයෙක් විදිහට ආදරය කරපු මේ මහපොලව රැකගන්න එක. ඒකයි මොකා මොනවා කිව්වත් මොන මරන තර්ජන ආවත් මගේ තාත්තා පස් උන මේ සිංහලයාගේ පොලව මගේ දරුවටත් උරුම කරන්න දතකන්නේ, කොටින්ම තාත්තා ලගින් මටත් කවදා හරි වැලලෙන්න මේ බිමේ උරුමය අපිට තියෙන්න ඕනේ. ඔන්න ඔහොමයි මට තාත්තා ජීවිතේ කියලා දුන්නේ.මගේ තාත්තා මරනය ඉස්සරහවත් සැලුන කෙනෙක් නෙමේ. ජීවිතේ මොන තත්වේ ඉදගෙන හරි ජීවිතේට මූන දෙන හැටි ඉගැන්නුවේ තාත්තා, ප්‍රශ්නයක් දිහා බලන හැටි, ප්‍රශ්නයක් තේරුම් ගන්න හැටි කියල දුන්නේ තාත්තා. ඒ වගෙම මිනිස්සු ඇති වෙන්නේ කොතනින්ද නැති වෙන්නේ කොතනින්ද තාත්තට වැරදුනේ කොතනද ඇයි එහෙම වැරදුනේ කියන හැම දෙයක්ම මට කියල දුන්නා. තාත්තගේ අඩුපාඩු නැතුවා නෙමෙයි. ඒ උනාට තාත්තා කියන්නේ තාත්තාට.උබලට තාත්තා ලගින් ඉන්නකම් කවදාවත් තාත්තගේ වටිනාකම තේරෙන්නේ නෑ. නැතිවෙලාම බලන්න ඕනේ ඒ යොද ශක්තිය නැති උනාම අපිව ගිලගන්න කොච්චර බලවේග එනවද ඒවට තනියම මූන දෙන්න කොච්චර අමාරුයිද කියන එක

    ඔය අතර එකී මෙකී නොකී කතා ගොඩායි. ජීවිතේ ගොඩගත්තේ සෑහෙන අමාරුවෙන්. මගේ ජීවිතේ අන්තිම නිගමනේනම් මේ ලෝකේ ගොඩ එන්න බැරි කොල්ලෙක් ඉන්න විදිහක් නෑ. උපතින් ලැබෙන දේ වල් වලට අමතරව අපි මේ ලෝකෙදී ඇතිකරගන්න කාලකන්නි කම උවමනාවක් නැතිකම සහ කම්මැලි කම කියන දේවල් නිසා තමයි හුගාක් අය විනාස වෙන්නේ

    වාහන බයික් ගැන ඉගෙනගත්ත හැටි වාහන බිස්නස් කරපු හැටි මම ආයේ දවසක කියන්නම් (උබලට ඕනෙයි කියල හිතෙනවනම්)

    තෙරුවන් සරනයි!
    ----උබලගේ ආදරනීය රත්තරං
    ----තාත්තා හා ජීවිතය

    19-04-2014​
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Kathawa hodai machan. Nikamata ahanne uba hithanawada bn sinhalaya wenuwen ratak ithuru karanna ona kiyala bmatanm ehema hitenne na bam. Man work karapu tan wala godak mata kapala tiyennebsinhala un. Un ekakata wka ieisiyai anikata hariyanawata kamathi na. Deyak kiyanam machan man magema business 1k patan gatta mata oona une hambayo hambayo gaga boruwata social media wala ka nogaha kriyawenma sinhala issarahata genna. E unata wedak na bn sinhalayata udaw karanda giya mata unma ekathu wela kelewwa wedak une. E himda mn hitagatta ayenm business walata jathiya gaaawa ganne na kiyala.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ත්‍රඩ් එක දල අවුරුදු ගානක් ගියත් තවමත් එළකිරියේ එවුන්ට මොරාල් අප් වෙනවා.
    ගොඩක් ස්තුතියි මේ වටිනා ත්‍රඩ් එකට අනිත් එව්වා වගේම :yes::yes:
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මම අද තමය් දැක්කේ මේ තේට් එක
    කියවනකෝට කදුළුත් අවා
    රත්තරන් උබ රටට ජතියට ආගමට නය නැති පුතෙක්
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    SUPIR POST EKAK