තාත්තෙක් වීම

cat123

Well-known member
  • Sep 25, 2007
    2,694
    4,431
    113
    46471912_340713743405647_365258505776529408_n.jpg



    තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති බවත්, තාත්තා නොදන්නා මගුලක් නැති බවත්, තාත්තා මාර පොරක් බවත් කෙල්ල සිතා සිටීම ඊට හේතුවයි. කෙල්ල අම්මා එක්ක දාගන්නා වලි සියල්ලේ ඇරියස් කවර් කරන්නේ තාත්තාගෙනි. අම්මා එපා කියූ සියල්ල කරන්නට පර්මිෂන් ගන්නේ ද තාත්තාගෙනි. එසේ පර්මිෂන් දුන් කළ අම්මා තාත්තා සමග වලි දාගන්නා බව කෙල්ලට අදාල නැත. ඒකිගේ ලෝකයේ වීරයා තාත්තා ය. ඉතිං අම්මා සමග දාගන්නා වලි වලින්ද තාත්තා දිනන බව ඒකිට ෂුවර් ය.

    කෙල්ල සමග නිදා ගැනීමද ලේසි නැත. ඒකිය නින්ද යන තෙක් තාත්තාගේ අත පය තිබිය යුත්තේ ඒකිට ඕනෑ හැටියට ය. ඒකි කම්ෆර්ටබල් වනතුරු තාත්තාගේ අතපය හතර එහෙට මෙහෙට අඹරවමින් ඒකිට ඕනෑ කම්ෆර්ටබල් එක ලබා ගන්නා අතර, තාත්තාගේ කම්ෆර්ටබල් එක ඒකිට අදාලම නැත. නින්ද ගිය පසුව ද එය වෙනසක් නොවේ. බොහෝ විට රෑ මැදියමේ දී කෙල්ලගේ කකුල් දෙක ඇත්තේ තාත්තාගේ ඔළුව උඩ ය.නැත්නම් බඩට ඔළුව තියා තාත්තා ඇඳෙන් වැටෙන තුරු තල්ලු කිරීම ද නින්දෙන් කෙල්ල කරන සෙල්ලමකි. ඇහැරෙන ඇහරෙන වාරයක් පාසා ඒකි දෙපයින් ඇන විසි කරනා රෙද්ද ගෙන ඈට පෙරවීම තාත්තලා අනිවාර්යයෙන් කළ යුතු ය. කොච්චර රස්නයක හිටියත් කෙල්ල සීතලේ යැයි තාත්තලාගේ හිත නිතර කියයි. තාත්තා යන්නේ කොතැනද ඒ ඕනෑම තැනකට එල්ලී ඒමට කෙල්ල දත කට මැදගෙන සිටී.

    ඇබ ඇට, බටු ඇට ගානට හිඳිනා කෙල්ලන් ලොකු වෙද්දී උනට අවශ්‍ය කළමණාද වෙනස් වේ. ඒවට තට්ටු වෙන්තේ තාත්තාගේ පර්ස් එකට ය. තාත්තාලගේ පර්ස් එක හිස් කිරීමේ මහත් වූ හැකියාවක් කෙල්ලන් සතුව තිබේ. ඉල්ලන ඉල්ලන ඕනෙ මගුලක් තාත්තා අරන් දෙන බවට කෙල්ලන්ට ඇති විශ්වාසය ඊට හේතුවයි. තාත්තාට කෙල්ලව වඩාගෙන සිටීමට අම්මා අවසර දෙන කාලය ඉකුත් වීමට දැන් ආසන්න ය. ඒත් තාත්තාට අදටත්, හෙටටත් කෙල්ල කෙල්ලම ය. ඒකී වඩාගෙන යෑමට බැරි උනත් කරේ අත දමාගෙන යාමට හෝ තාත්තාට හිඳිනා හොඳම යාළුවා ය. කෙල්ලගේ හොඳම යාළුවා ද තාත්තා නම් , තාත්තාට කෙල්ල ගැන බය වීමට කිසි හේතුවක් නැත. ( උපුටා ගැනීමකි - FB )
     
    • Like
    Reactions: KEZI and genius_EK

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අඩෝ‍ ඒක නම් අැත්ත ඒත් ලංකාවෙ ගොඩක් උන් අාස පුතාලටනේ..මම දන්න උන් ඉන්නව පුතාල ගැන උන් ලොකුවට වර්ණනා කරනව..ඒ උනාට පුතාල උන්ව වැඩිය ගණන් ගන්නෙ නෑ..අම්ම ඵක්ක තමා ගොඩක්ම ඵකතු..:D
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,156
    8,153
    113
    M-Town
    සහතික ඇත්ත. හැබැයි ගොඩක් කෙල්ලොන්ට කොල්ලෙක් සෙට් වුනාම, තාත්තා අමතක වෙනවා මචං.