පිරිසිදු ලස්සන රටක් නිර්මාණය කරන්න මේ වෙද්දි රටේම තරුණ තරුණියන් එකට එකතුවෙලා ලොකු කැපකිරීමක් කරනවා. ඔවුන්ගේ ගමනට සක්‍රීය දායකත්වය ලබා දෙමින් නෙත් එෆ්. එම්. රේඩියෝව ක්‍රියාත්ම කරන වැඩ පිළිවළෙහි තවත් ව්‍යාපෘතියක් වන බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ එක් රැස්වන දිරාපත් නොවන කැලිකසල ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීමේ වැඩසටහන අද (04) ආරම්භ කෙරුණා.
ඒ අනුව එහි සමාරම්භය සනිටුවහන් කරමින් නෙත් එෆ්. එම්. මෙහෙයුම් කාර්යාලය පිහිටි බම්බලපිටිය ඕෂන්වීව් ගොඩනැගිල්ලේදී ඇති සියලුම කාර්යාල සහ පෞද්ගලික නිවාසවල එක්රැස් වී ඇති දිරාපත් නොවන කැලිකසල නෙත් එෆ්. එම්. කාර්යය මණ්ඩලය විසින් අද උදෑසන 07.00 සිට 08.00 දක්වා කාලය තුළ එක් රැස් කිරීම සිදු කළා.
මෙලෙස එකතුකළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ආයතනයකට භාරදී සැලසුම් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ද සහය ඇතිව ක්‍රියාත්මක වනවා.
මේ අතර නෙත් එෆ්.එම් රේඩියෝවේ වාර්ශික සම්මාන ප්රධානෝත්සවයේ ආරාධනා පත්‍ර සියල්ලද පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ එම ආරධනා පත්‍රය පැළ කර පරිසරයට පැළයක් දායාද කිරීමට හැකි වීමයි.
පිරිසිදු ලස්සන රටක් නිර්මාණය කිිරීම සඳහා ආදර්ශ සපයමින් නෙත් එෆ්. එම්. රේඩියෝව මීට පෙරද විවිධ ව්‍යාපෘති සිදු කළා. පාසල් සඳහා කසල කළමනාකරණ වැඩසටහන් හඳුන්වාදීම, වෙරළ පවිත්‍ර කිරීමේ මෙහෙයුම්, පූජා භූමි ආශි‍්‍රතව කසල බැහැර කිරීම වළක්වාලීම සඳහා ආදර්ශ සැපයීම, දිය ඇළි සහ වෙනත් ස්වභාවික ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා වූ මෙහෙයුම් ද ඊට ඇතුළත්.