සාමාන්‍යයෙන් පාසැල් සමයේ දුරදිග නොගියත් ඒ වෙනසට, එහෙම ෆිට් වෙන්න හේතුවක් තියනවා.සිරාවට. මම මික්ස් ස්කූල් ගියෙ. ඒ කාලෙ ගාල්ලෙ ටවුන් එකට ක්ලාස් ගියාම කෙල්ලො එනව ගර්ල්ස් ස්කූල් වල. අපෙ ඉස්කොලෙ කෙල්ලන්ට වඩා උන් ෆිට් වෙනව බන් අපිත් එක්ක.
හැමෝම පහත සඳහන් ආකාරයට පත් නොවුනත් @bandarawithana ගේ පැහැදිලි කිරීම ඉතාමත් සාධනීයයි. අවුරුදු ගණනාවක් සතියේ දවස්වල පැය 6 ක් කාමරවල හිර කරලා තියන්නේ ගුණයහපත්, සාර්ථක හා වැඩදායී පුරවැසියෙක් බිහි කරන්නනේ. ඒ මෙහෙයුම ශිෂ්‍යයින්ගේ අනෙක් සම වයසේ, බාල, වැඩිමහල් පාර්ශ්වය ඇහැටවත් දකින්න නොදී සිදු කරනවා නම් එතැනම අසාර්ථකයි, පැහැදිලි අඩුපාඩුවක්.
ඔහොම පාසල් වෙන් කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ, නව යොවුන් අවදියෙ විරුද්ධ ලිංගික ආකර්ශණය ලැබෙන්න ඕන කාලෙ විරුද්ධ ලිංගිකයෙක් දකින්නෙ නැතිව හැදෙන එක. ඊට පස්සෙ, කෙල්ලෙක්ගෙ කෙස්ගහෙන් පවා ලිංගික තෘප්තිය හොයන ලිංගික අසහන කාරයො ටිකක් බිහිවෙන එක. විරුද්ධ ලිංගිකයෙක් ඇසුරු කරල නැති නිසා හම්බවෙන පලවෙනි කෙනා එක්කම ආදර හෝ කායික සම්බන්ධකම් පවත්වන්න යොමුවෙන එක. ගැලපෙන්නෙ නැති තැන පිහියෙන් අනින පරපුරක් බිහිවෙන එක. ඕකෙන් වාසියක් ලබන්නෙ ඉතින් spa බිස්නස් කාරයො වගේ ලිංගික වෘත්තිකයො තමයි.