තැපැල් කන්තෝරුවේ අලුත්ම කථාව

moveon

Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    AliExpress එකෙන් courier services හරහා බෙදන බඩු අවුලක් නැතුව එනව, නමුත් ගොඩක් Free shipping දාපු සාමාන්‍ය තැපෑලෙන් එන බඩු පරක්කුයි.

    ලියුම් බෙදන කෙනා ගිය සතියේ හම්බෙලා මම කිව්වා Parcels ඇති ගෙනත් දෙන්න කියල, මිනිහ කිව්වා Parcels තිබුනා ඒත් පොතට enter කරල නැහැ කිව්වා, මම පොරට කිව්වා එහෙනම් පොතට enter කරල හෙට ගෙනත් දෙන්න කියල.

    ඒ දකවා ආවේ නැති Parcels 5න් 2ක් පහුවෙනිදා ගෙනත් දුන්නා.

    ඒකෙන්ම තේරෙනවා parcels ආවත් පැත්තකට දාල තියෙනව බෙදන්නෙ නැතුව.

    එදායින් පස්සෙ ලියුම් බෙදන බුවා හම්බුනේ නැති නිසා අද post office එකට call කරල ඇහුව අනික් parcels 3 ගැන.
    එතනින් කියනවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් යනවලු රටින් එන parcels බෙදන එකේ ප්‍රශ්නයක් වෙලා, හොරකම් කරපු සිද්ධියක් නිසා AliExpress එකෙන් එන ඒවා බෙදන්නෙ නැහැලු.

    මාර කෙළියක්නෙ බං වෙන්නෙ..

    උඹලටත් මෙහෙමද කියල පොඩ්ඩක් කතා කරල බලන්න

    UPDATE:

    උදේ මම කෝල් කරපු නිසා අදාළ තැපැල් කන්තෝරුවේ ප්‍රධානියා (ගෑනු කෙනෙක්) මට ආපහු කෝල් කරා, එයා උදේ කෝල් කලාම කිව්වෙ හොයල බලල කියන්නම් කියල, මම ඇහුව ගෙදර එඩ්‍රස් එකවත් මගේ නමවත් දන්නෙ නැතුව කොහොමද හොයන්නෙ කියල :D, ඊට පස්සෙ ඒ දෙකයි ෆෝන් නම්බර් එකයි ඉල්ලගත්ත.

    දවල් කෝල් කරල හෙන ලයින් එකෙන් (නිකන් දිසාපති ලෙවල් එකෙන් හිතාගෙන ඉන්නෙ) "අපේ වර්ජනයක් තියෙනව ඒක නිසා බෙදන්නෙ නැහැ, හෙඩ් ඔෆිස් එකෙන් කියන්නෙ බොරු, එයාලා පාලන අධිකාරියට යටවෙලා ඉන්නෙ, අනික ඔය අලිඑක්ස්ප්රස් කියන එකෙන් එවන පාර්සල්වල මුද්දරයක්වත් ගහල නැහැ, එහෙම ඒවා බෙදන ඒක නීති විරෝධියි" කිව්වා :D

    මම ඇහුව එතකොට මේක නීති විරෝධී උනේ අද ඊයේද කියල, ඒකට උත්තර දෙන්නෙ නැතුව වටේ උන්ට ඇහෙන්න ලොකු ලයින් එකෙන් රඟපානවා.

    මම අන්තිමට කිව්වා "මිස් කියපු උත්තරේ මම ප්‍රධාන කාර්යාලයට සහ අදාළ පළාත් කාර්යාලයට යවනවා, තනතුරෙන් ඔලුව උදුම්මවගන්න එපා, මනුස්සයෝ වගේ වැඩකරන්න කියල"
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉයෙ මගෙ එකක් සර්ටිස් ලන්කා එකෙන් අවා, මන් නම් ලොවෙත් ෆ්‍රිසි ශිපින් එවා දාන්නෙ නැහැ, මාස ගනන් යනවා, එ වගෙම අඩුවට තියෙන එවා ලන්කාවෙන් ගන්නවා, එක්කො ඩරාස් දානවා,,
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Ali එකේ Free shipping දාන item හා paid shipping දාන ඒවා ක්‍රම දෙකකටද එන්නේ ??? paid shipping ඒවා post office හරහා එන්නේ නැද්ද ??
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මුලු රටේම රාජපස්සලා. දකින දකින දේ හොරාකානවා :sorry:
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    එදා fardar එකේ උන් වෙන රූට් එකක යන වාහනේකට දීලා ඒකයි එදා ඇවිල්ලා නැත්තේ. පහුවෙනිදා හම්බුනා මට නම්
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    කොළඹ තැපැල් බුවාලා සල්ලි ඉල්ලනවා අලි එකේ බඩු ගෙනත් දීලා. රු. 100 ක් වත් දෙන්න වෙනවා...ආයේ කෝල් කරලා කියනවා ඇවිත් තියෙන්නේ බඩු ගෙනත් දෙන්න පුලුවන්. අපටත් සපෝට් එකක් ඕනේ කියලා.
    දැන් නම් කූරියර් එනවා.
     
    • Like
    Reactions: moveon and NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඔහොම පරක්කු වෙන කොට, ගෙන්නපු බඩුවේ ආතල් එකත් යනවා, සමහර වෙලාවට පොඩි දෙයක් නම් අමතකම වෙලා යනවා. මම හිතන්නේ චිනේ ඉදලා ලංකාවට එනවට වඩා කාලයක් යනවා පොස්ට් ඔෆ්ස් එකේ ඉදලා ගෙදරට එන්න. මෙහෙනම් මම රැ 11, 12 ට ඇමසන් එකේ ඔඩ්රේ දානවා සමහර වෙලාවට ගෙවල් ලගින් ඇමසන් ඩිලිවරි වැන් එක යනවා උදේ 11ට වගේ, දවසක් යන්න කලින් හම්බ වෙනවා කොහොමත් ගොඩක් වෙලාවට දවස් 2-4ක් වගේ යන කොට එනවා