තැඹිලි-වයින් ගෙදරදීම හදමු

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දවස් 10කට පසු


    හරි... එහෙනං ආයෙත් වැඩ පටාං ගමු. මුලින්ම සමා වෙන්න ඕනෙ මේක පළ කරන්න ටිකක් රෑ උණ එකට. ඒත් ඉතිං හොද හොද සෙල්ලං එළිවෙනකොට ලු නේ... :cool::lol:

    හිතුවාටත් වඩා ත්‍රෙඩ් එකට ලොකු සහයෝගයක් ලැබුනා. ඒකට ගොඩක් ස්තූතියි. ගොඩක් අය පී එම් වලින් ප්‍රශ්න අහලා තිබුනා. ඒ අය හැමෝටම මං උත්තර දුන්නා.


    හරි .. වැඩි කථා ඕනෙ නෑ නෙ.. වැඩේට බහිමු...

    අද කියන්නෙ මේකෙ දෙවෙනි කොටස... ඒ කියන්නෙ වයින් එකේ පාට ( අරක්කු පාට :baffled: ) හදා ගන්න විදිහ....

    ඔයාලට මතක ඇති අපි මුල් කොටසේදී මේ තැඹිලි වතුර එක්ක අනං මනං දාලා පොඩ්ඩක් වත් කලවං කරන්න ගියේ නෑ... ඉතිං අද තමා ඕක කලවං කරන්නෙ.. :cool: කට්ටිය නෝනගෙ හැන්ද ඉල්ලං ලෑස්ති වෙයල්ලා කලවං කරන්න...
    ආ නෝනලා නැති අය ගෙදර තියෙන මොකක් හරි හැන්දක් හොයාගෙන වරෙල්ලා. පොල්කටු හැන්දක් නං හොදා... :cool::lol:

    තව ඕනෙ සීනි 250g
    සීනි උනු කරන්න පුලුවන් තරමේ තාච්චියක්...
    ගෑස් ලිපක්,


    දැං ඉතිං ඉස්ඉසසෙල්ලම අර දවස් දහයකට කලින් හොදට කට ගැටගහලා කොහේ හරි මුල්ලට දාපු අසරන මුට්ටි රාජයා එළියට ගනිල්ලා. සමහරු නං මේක ලගට වෙලා දවස් ගනං කර කර හිටියා කියලත් ආරන්චි උනා :lol::eek:
    මං හිතනවා කාටවත් නන්නාදුනන සත්තුංගෙං හානියක් උනේ නෑ කියලා..:shocked::sorry::sorry:
    ඔන්න ඉතිං ගෙදර වැඩකාරි හරි.. නෝනා හරි.. විසි කලේ නැත්තං හෝ, පොඩි එකා / එකී / දෙන්නම මුට්ටිය බින්දෙ නැත්තං.... දෙයිය‍නේ කියලා ඕක මුල්ලක ඇති නොවෑ..
    මේ තියෙන්නෙ අපේ මුට්ටි උන්නැහේ...

    4sSFMrP.jpg


    දැං ඉතිං ඕක උස්සලා මේසෙ උඩට අරං..
    9.gif
    (මතක ඇතුව ඕක රදවන එකත් ගනිල්ලා.. මුට්ටිය බිදුනොත් ඔක්කොම ඉවරයි.. :shocked::sorry:) ඇරගෙන ඇරගෙන යන්නයි තියෙන්නෙ... :cool:
    මං කිව්වෙ මුටිටය වහපු කවරෙ :dull::baffled:

    GBHLc3e.jpg


    එතකොට ඊලග රූපරාමුවෙන් ඔබට දැක ගන්න පුලුවං පින්වතුනි..... ඔබ දවස් දහයකට කලින් කිසිම හිතක් පපුවක් නැතුව තැඹිලි වතුර වලට දාලා පියන වහපු කරදමුංගු ,කරාබුනැටි,කුරුදුපොතු,වියලි මිදි උඩ පාවෙවී තියෙයි. හැබැයි පාටවල් වෙනස් වෙලා.. හැම දේකම සාරය තැඹිලි වලට උරාගෙන ඇති. පාට වෙනස් වෙලා අමුතු බොර පාටක් වෙලා ඇති. ඒ ගැන කලබල වෙන්න එපා.
    පියන ඇරියම නැවුම් සුවදකුත් එයි :cool:;)

    දැං ගනිල්ලා අර සීනි 250..
    තාචිචිය ලිපේ තියලා... සීනි දාන්න....
    SnyfU88.jpg

    දැං අපි සීනි කැට පැනි වෙනකං රත් කරන්නයි හදන්නෙ....

    ටික වේලාවකින් පැනි වෙයි.
    HILf3aa.jpg


    මේ ගානට ආවාම ඇති

    WKuAXID.jpg

    කට්ටියගෙ පැනි පෙරිල්ල පැත්තකට දාලා පරිස්සමෙං ඔය තාච්චිය අරං ඒකෙ තියෙන පැනි ටික හලන්නයි තියෙන්නෙ දැං ඉතිං අර වයින් මුට්ටිය‍ට..

    e5fuJKk.jpg


    දුමක් එයි.. ගනං ගන්න එපා.. දුම් නං මොනවද සෑර්.. කිව්වලු :lol::lol:

    දැං ඉතිං කලවං කරන්නයි තියෙන්නෙ හොදට..... ඔය පැනි දැම්මට පොඩ්ඩක් කැට වගේ හිටියි.. ඒක ගනං ගන්න එපා... කාට හරි මුට්ටිය:shocked: අල්ලා ගන්න කියලා...:cool: අර හැන්දෙන් හොදට කලවං කරන්න... මුට්ටියේ අඩියට බැහැලා තියෙන යීස්ට් ආයෙ උඩ එයි. ගනං ගන්න එපා.. ටික වේලාවක් ඇර සොයිසා ... :cool:
    SmxX0dj.jpg



    දැං වැඩේ හරි... :):)
    පොඩ්ඩක් විතර පාට වෙනස් වෙලා ඇති. හරියටම කර කරලා පැනි ටික දැම්මා නං.
    සමහරු කියලා තිබුනා බ්‍රැන්ඩි ටික්ක දානවා කියලා. අනේ මන්දා. අපි නං ඒවා දාන්නෙ නෑ.. මේ සැර ඇති වයින් එකට.
    (යකෝ බ්‍රැන්ඩි තියෙනවා නං අහවල් කෙමකටද මේකට මුහු කරන්නෙ.. අමුවෙන් ගසලා දානවා මිසක් :oo:)
    ඉතිරි තද පාට එන්නෙ පෙරද්දි සහ බෝතල් වල ටිකක් දවසක් යද්දි ;)

    දැං කට්ටිය..... ආයෙමත් අර පියන අරං මුට්ටිය වහන්න. :cool:
    මේ විදිහට පැනි දාපු වයින් මුට්ටිය දවසක් විතර ආයෙත් වහලා තියන්න ඕනෙ.
    3.gif

    ඊට පස්සෙ තමා පෙරන්න පටං ගන්නෙ...
    11.gif

    පෙරනවා කියලා කියන්නත් බයයි.. :baffled::sorry:


    එහෙනං මගෙ සහෝදරවරුනි... :nerd:
    හෙට හෝ අනිද්දා සිට රෑට රෑට පෙරමු....:cool:
    ජය වේවා !!!!!!:cool::cool::cool:


    මු මේක විතරක් පෙරලා නැවත්තුවොත් හොඳයි.....

    මලයෝ වෙන මොනවා හරි පෙරන්න හිතාගෙන ඉන්නවා නම් පොලිසියෙන් ඇල්ලුවොත් අපේ නම් ගම් එහෙම නොකියා හිටු නැත්නම් මේක බලපු comment කරපු හැමෝම පොලිස් කුඩුවේ ලගින්න වෙයි....!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    රට්ටරන් විස්කි හැදුව
    බඩිය ගුලි ගෙනාව
    ඔය තියෙන්නෙ සාරාංශය :cool::lol:
    මෙහ්.. රට්ටරං ආනමාලු දාලා විස්කි හැදුවද ? නැත්තං විස්කි බීලා ආනමාලුව පෙන්නුවද ?:baffled:
    බඩියා නං දස වනචරයා.. ගුලිය පෙන්නලා නතර උනා නං ඇති :(:eek::eek:

    යකෝ අමාද්‍යප සංගමේ උං ඔක්කොම මේකෙ නෙ :nerd: :dull: :lol::lol:
     
    • Haha
    Reactions: urajdrlk

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මු මේක විතරක් පෙරලා නැවත්තුවොත් හොඳයි.....

    මලයෝ වෙන මොනවා හරි පෙරන්න හිතාගෙන ඉන්නවා නම් පොලිසියෙන් ඇල්ලුවොත් අපේ නම් ගම් එහෙම නොකියා හිටු නැත්නම් මේක බලපු comment කරපු හැමෝම පොලිස් කුඩුවේ ලගින්න වෙයි....!
    :sorry::sorry:
    මං මානසිකව වැටුනා...
    පොලිස් ජීප් මැවිලා පේනවා පේනවා ව‍ගේ උනා
    අනේ මං අහින්සකයි දෙයියනේ :shocked::(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පර්මිට් අරගෙන නිත්‍යානුකුලව පොට් එකක් දාන්න අදහසක් නැද්ද.
    :no: නෑ බං.. අවුරුද්දකට එකක් පෙරා ගත්තම ඇති.. නත්තලට නේ :cool: