තිත්ත ඇත්ත

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    soldiers_fainting_021.jpg


    කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ වසරේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....
    :eek::eek::eek:


    ©දමිත් කෙතක
     
    • Like
    Reactions: dgvirajm

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පාසින් අවුට් වලදී කොල්ලෝ කෙල්ලෝ හරියට කලන්තේ දාලා වැටෙනවා දෙමවුපියන් ඉස්සරහදීම. ඒත් කාටවත් ලගට යන්න දෙන්නේ නෑ. මෙහෙම කලන්තේ දාන / අසනීප වන අය ගැන අවදානයෙන් වෛද්‍ය සේවා බලකායේ කට්ටිය සූදානමින් ඉන්නවා.
     

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    ලංකාවෙ Armoured Corps සුපිරි රෙජමෙන්තුවක් :)
    හමුදා සරබ වලට අනුව නම් වැරදි දේ
    ඒත් මනුස්සකම නම් නිවැරදි
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....

    [/QUOTE]

    :lol::lol::lol::lol::lol::lol:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සොමිය සහ රටේ සමරන ප්‍රධානම ජාතික උත්සවයක වෙනස හඳුනාගැනීමට ඔබට නොහැකි වීම ගැන මගේ කනගාටුව.

    මොකද මෙහෙමවත් මේක නොකරනම් කියාවි, දැක්කද අපේ උන් අඩුමගානේ නිදහස් දිනේවත් සමරන්නේ නෑ. ඒකට ඇමරිකාවේ, රුසියාවේ, චිනේ උන් කරන්නේ මෙහෙමයි කියල. ලෝකේ ඕනෑම රටක ඔහොම තමයි. කට්ටියක් කට්ට කනකොට අර VIP සෙට් එක සැපට ටෙන්ට් එකක ඉන්නවා.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    සොමිය සහ රටේ සමරන ප්‍රධානම ජාතික උත්සවයක වෙනස හඳුනාගැනීමට ඔබට නොහැකි වීම ගැන මගේ කනගාටුව.

    මොකද මෙහෙමවත් මේක නොකරනම් කියාවි, දැක්කද අපේ උන් අඩුමගානේ නිදහස් දිනේවත් සමරන්නේ නෑ. ඒකට ඇමරිකාවේ, රුසියාවේ, චිනේ උන් කරන්නේ මෙහෙමයි කියල. ලෝකේ ඕනෑම රටක ඔහොම තමයි. කට්ටියක් කට්ට කනකොට අර VIP සෙට් එක සැපට ටෙන්ට් එකක ඉන්නවා.

    :yes::yes:
    සහතික ඇත්ත මචන්
    ඒත් මොකට්ද අපේ රටේ උන් නිදහස් උත්සවේ රට වටේ තියන්නෙ වෙනද වගේම colombo වල තිබ්බනම් ඉවරයි.කෑගලෙ නිදහස් උත්සවේට රට වටෙන් ආපු පොලිස් , හමුදාවෙ ,නැටුම් කන්ඩායම් වල අයට නවාතැන් දීල තියෙන්නෙ ඉස්කෝල වල ගොඩක් එව්වගෙ නැවතිල ඉන්න උන්ට ඇතිවෙන්ඩ පහසුකම් නෑ(toilat,නා ගන්ඩ වතුර...etc) හරියකට කන්ඩ බොන්ඩවත් දෙන්නෙ නැතුව ඇති උන්ට
    .
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    යාළුවා;16232423 said:
    මේ දවස් වල කෑගල්ල රුවන් වැල්ල පැත්තට හරියට දෙනවලු. SLT 4Gත් දුන්නලු නේ :P රංජි අයියගෙ ඒරියාස් එකනෙ :(
    ඔව් ඔව් අපේ ගෙදර ගාවම තමයි පොර 4G සීන් එක launch කරේ.. :cool::cool::cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සමරන්න තරම් නිදහසක් අපේ රටේ මිනිස්සුන්ට තියනවද කියල ටික කල්පනා කරලා බලන්න වටිනවා. 48 සුද්දෝ රට අතරල ගියාට පස්සේ අපේ රටේම දේසපාලුවෝ අපේ ජනතාව අත්අඩංගුවට අරන් . මිනිස්සුන්ට තුන්වේල කන්න ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවන්නේ කොහොමද කියල කල්පනා කරන්න ඔලුව වෙහෙස්වනවා ඇරෙන්න නිදහසක් විඳින්න ක්‍රමයක් ඇත්තෙම නැති තරම්. ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද කියල ලංකාවේ මිනිස්සු දන්නේ නැති තරම්. ඇත්තටම අපේ රටට තාම නිදහස ලැබුනේ නැහැ. මේ යන පාරේ අපේ රටේ ජනතාවට නිදහසක් ලැබෙන එකකුත් නැහැ.

    මේ චෝදනාව මහින්දගේ ආණ්ඩුවට එල්ලකරන චෝදනාවක් විදිහට බාරගන්න එපා. 48 න් පස්සේ එතෙක් මෙතෙක් රට කරවපු එක ආණ්ඩුවක්වත් රටේ ජනතාවට නිදහස කියන වචනේ අර්තානුකුලව විඳින්න තාම අවස්තාවක් ලබල දුන්නේ නැහැ.
     
    Last edited: