



















මචන් සමහර දේවල් තියනව ටිකක් හිතල තේරුම් බේරුම් කරගන්න ඕන. චන්ද්‍රිකා මුලටම දේශපාලනේට ඇවිත් චන්දෙ ඉල්ලද්දී UNP අවුරුදු 17 ක පාලනයෙන් මිනිස්සුන්ට හති වැටිලා උන්නු කාලයක්. එහෙම තත්වයක් උඩ චන්ද්‍රිකා නෙවෙයි චන්ද්‍රිකා වෙනුවට පොල්පිත්තක් චන්දෙ ඉල්ලුවත් ඒ පොල්පිත්ත චාහ්න්දේ දිනනවා. ඒ තමයි දේශපාලන මුර්ඝභාවයට එරෙහිව මිනිස්සු ගන්නා ක්‍රියාමාර්ගය.
1994 වෙද්දී රටේ තරුණ නැගී සිටීම් මර්දනය උනා, මාද්‍ය මර්ධනය උනා, රාජ්‍ය දේපල රිසිසේ දේශපාලන වැඩ වලට යොදාගත්තා, අද වෙනව් වගේම ප්‍රේමදාස ආණ්ඩුව අකමැති ටෙලිනාට්‍ය (අවසඳ ) පවා මර්දනයට ලක් උනා. එහෙම තත්වෙකදී චන්ද්‍රිකා නෙවෙයි හොරගොලේ වලව්වේ ගේට්ටුවේ මුරකාරය චන්දෙ ඉල්ලුවත් දිනන එක අනිවාර්යයි.
අදත් රට ඇවිත් තියෙන්නේ අන්න ඒ යුගයට නැවතත්. ඒ හින්ද මිනිස්සුනට වැඩක් නැහැ මේක මයිත්රීට කරන්න පුල්වනිද බැරිද කියන එක. මිනිස්සුන්ට වැඩක් නැහැ මයිත්‍රී එක්ක ඉන්නේ මොන මිනිස්සුද කියන එක. මිනිස්සුන්ට ඕන මේ දුෂිත පාලනය පෙරලන්න විතරයි. එතනින් එහා සිතිය යුත්තේ ඊට පස්සෙයි.
නැහැ එහෙම නෙවෙයි අපි ඊට වඩා දුර හිතන්න ඕන කියල උඹ කියනවනම් ඔව් එහෙනම් අපි ඊටත් වඩා දුර හිතන්න ඕන කියල මම කියනවා. එහෙම හුඟාක්ම දුර හිතනවානම් අපිට තියන එකම විකල්පය තමයි අපේ බුදුරජානන් වහන්සේ අපිට කියපු පාරට අවතීරණ වෙන එක. මොකද එහෙම හුන්ගාක්ම දුර බැලුවාම මේ හැම දේම බොරුවක් කියල වැටහෙද්දී නිර්වාණය ඇරෙන්න වෙනත් විකල්පයක් සත්වයන්ට නැහැ.
රාජපක්ෂ තව අවුරුදු 6 ක් රට පාලනය කරොත්...
උඹලාගේ ඊළඟ ජනාදිපති නාමල් රාජපක්ෂ වෙන්න බොහෝ දුරට ඉඩ තිබේ...
උඹලාගේ වැටුප බින්දු ගොඩක ලොකු වැටුපක් වෙයි.. එත් පාන් ගෙඩියක් ගන්නත් දාහේ කොළ දෙක තුනක් දෙන්න වෙයි...
මහින්ද යුද්දේ ඉවර කරා .. ඒ ගැන විවාදයක් නැහැ.. එත් යුද්දේ ඉවර කරා කියල රටේ මුළු අනාගතයම රාජපක්ෂ පවුලට භාරදෙන්න තරම් මන්දබුද්ධික ජනතාවක්ද ශ්රේ ලාංකික ජනතාව???

