සජිත් Must Go Home.
ඊයේ ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරපු දවසක්.රටේ රාළ දිගටම කරපු අනතුරු ඇගවීමක් වෙනම තත්වයක් ඇතුළේ යථාර්ථයක් වෙලා.ඔයාලට මතක ඇති මීට අවුරුද්දකට උඩදී රටේ රාළ කිව්වා රාජපක්ෂලාගේ අවසන් නවාතැන ජාතික ආණ්ඩුවක් කියලා.හැබැයි පහුගිය කාලෙම ඒක යථාර්තයක් කරගන්න රාජපක්ෂලාට බැරි උනා.අද රටේ මතුවෙලා තියන ආර්ථික දේශපාලන හා සමාජ අර්බුදය ඉස්සරහා එයාලා ඒක යථාර්ථයක් කරගෙන තියනවා.අද වෙනත් හැඩයකින්ද හදලා තියෙන්නේ ඒ ජාතික ආණ්ඩුවම තමයි.එකම වෙනස තත්වයන්වල වෙනස විතරයි.රටේ රාළ ඊයේ කිව්වා වගේම මේක පිටිපස්සෙ මහින්දයි, බැසිලුයි ඉන්නවා.ඉන්දියන්,ඇමරිකන් ලයින් එක තියනවා.ඔයාලාට ඒක හොදට තේරෙනවා මහින්ද,නාමල්,ඇමෙරිකන් තානාපතිනිය, ඉන්දියන් මහ කොමසාරිස්වරිස් රනිල්ට සුභ පතලා නිකුත් කරපු ටිටර් පණිවිඩවලින්.
ඇත්තටම දැන් ලොකු උභතෝකෝටික ප්‍රශ්නයක මේ රටේ ජනතාව අතරමන් වෙලා. ඒක නිසා රටේ මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න ගොඩක් අයට බැරිව ඉන්නවා.රටේ රාළ හදන්නේ ඒ කතාව ලෙහලා දෙන්න.දැන් රනිල් අගමැති කරපු ආණ්ඩුවක් හැදිලා තියනවා.අපි කැමති උනත් නැතත් ඒක තමයි යථාර්ථය.ඇත්තටම මීට වඩා හොඳ දෙයක් හදන්න තිබුණේ නැද්ද කියන ප්‍රශ්නය ඔයාලටත් එනවා ඇති.රටේ රාළ කියන්නේ ඇත්තටම හදන්න පුළුවන් කමක් තිබුණා.ඒක හිතාමතාම හැදුවේ නෑ. මොකද රටේ රාළත් ඒ උත්තරය හදන්න මැදිහත් උන කෙනෙක්.ඒක නිසා මේ තත්ත්වය ගැන රටට කතා කරන්න පූර්ණ අයිතියක් රටේ රාළට තියනවා.මේක ඇතුළේ සිද්ධ වෙච්චිදේ හරියට කියන්න ඕනි.ඉස්සෙල්ලාම රටේ රාළ කණ්ඩායම මැදිහත් උනේ අරගලකරුවා හා පාර්ලිමේන්තුව අතර පාලමක් හදන්න.ඒ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ හැම එකක් එක්කම සාකච්ඡා කළා.රටේ රාළත් ඒ බහුතර සාකච්ඡාවලට සහභාගී උනා.සජිත් එක්ක සාකච්ඡාවට දෙකක් තිබ්බා.දෙමළ සන්ධානය එක්ක.ශ්‍රීලනිපය,43 සේනාංකය, කරුගේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය,සුසිල් ප්‍රේමජයන්තලාගේ ස්වාධීන කණ්ඩායම.රතන හාමුදුරුවෝ.ජවිපෙ හා පෙරටුගාමින් එක්කත් කතා කලා.ඒ හැම සාකච්ඡාවටම අරගල බිමේ නියෝජිතයෙක් හරි කීපදෙනෙක් හරි සහභාගී උනා.
එතනදී හැම දේශපාලන පක්ෂයකින්ම නියෝජිතයෙක් පවා නම් කළා අරගල භූමිය එක්ක ගනුදෙනු කරන්න.අරගලය පැත්තෙන් එයාලගේ ස්ථාවරයන් ඔය හැම දේශපාලන පකෂයකටම කිව්වා.එදා එයාලගේ මූලික ඉල්ලීම උනේ මහින්දට එරෙහි විස්වාසභංගය ඉක්මනින් ගේන්න කියන එක.හැබැයි සජිත් ඒක දිගටම පහු කළා.Numbers නෑ කිව්වා. සජිත් විස්වාසභංගය දිනාගන්න කිසිම උත්සාහයක් දැරුවේ නෑ.විපක්ෂ නායකයාගේ භූමිකාව සජිත්ට තේරෙන්නේ නෑ.සජිත් දිගටම ආණ්ඩුව බාරගන්න බය උනා.ඒ වගේම සජිත් මහින්ද එක්ක ඩීල් එකක හිටියා.මහින්ද සජිත්ගේ අම්මට දිගටම කතා කලා.ඒක ඔප්පු කරන්න පුළුවන්.ඊළගට සජිත්ට ඕනි උනේ එකවරම ජනාධිපති වෙන්න.ඒ අවස්ථාව උදා වෙනවා නං රටේ මිනිස්සු මැරුණට සජිත්ට ප්‍රශ්නයක් නෑ.ඇත්තටම සජිත් රට ඉස්සරහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් උනාට සජබෙ අස්සේ දේශපාලන දුෂ්ඨයෙක්.රාජපක්ෂලාට සමාන දේශපාලන ම්ලේච්ඡකමක් සජිත්ටත් තියනවා. රාජපක්ෂලා වගේම වැඩවසම්.ඒ නිසා ඒ හැම අවස්ථාවක්ම ගිලිහිලා ගියා.අරගලකරුවා හා දේශපාලන පක්ෂ එකතු කරලා හදන්න හදපු පෝරම් එක අතර මඟදී නතර කරලා දාන්න සිද්ධ වෙන්නේ සජිත්ගේ නොමේරූ දේශපාලන වැඩ හින්දයි.
ඇත්තටම මෙතනදී ස්වාධීන කණ්ඩායමේ තිබුණෙත් පට්ට අවස්ථාවදී ප්‍රචනාවයක්. එයාලා හැම වෙලේම රාජපක්ෂලා රකින තැනක තමයි හිටියේ.තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලේ තමයි එයාලත් සියල්ල හිතූවේ.09 වෙනදා මහින්ද නටපු පිස්සුව ඔයාලා දන්නවා.ඒකෙන් පස්සේ රටේ මතු උන තත්වයත් එක්ක මහින්ද ඉල්ලා අස්වෙලා පැනලා ගිහින් ගැංගුණා.ඒ ඒක්කම රටට ආණ්ඩුවක් නැති උනා.රටේ රාළ දිගටම කිව්වා වහාම රටට ආණුවක් ඕනි කියලා.මහ පාරේ ආණ්ඩු කරන්න බෑ.මහ පාරේ අරගල කරන්න පුළුවන්.හැබැයි රටකට ආණ්ඩුවක් නැතිව ඉස්සරහට යන්න බෑ.ජනතාවත් ආණ්ඩුවක් ඉල්ලන්න පටන් ගත්තා.ඒ වෙලාවෙත් සජිත් වැඩේ මඟ ඇරියා.ඇත්තටම සජිත් දන්නවා සජිත්ට බෑ කියලා.ඒක තේරෙනවා නං පුළුවන් එකෙකුට දෙන්න ඕනි.ගෝඨාභයත් සජිත්ට කතා කරලා කීපවරක් අගමැතිකම බාරගන්න කියලා තිබුණා.සජිත් බයටම බෑ කිව්වා. ගෝඨාභය යනකං ඉන්නවා කිය කියා හිටියා මොකද සජිත් දන්නවා ගෝඨාභය යන්නේ නෑ කියලා.ජවිපෙත් හිටියේ ඔය ස්ථාවරයේමයි. මහින්ද ඉල්ලා අස්වුනාට පස්සේ රටේ ඇති උනේ අලුත් තත්වයක්.ඒ තත්වයට අලුත් ක්‍රියාමාර්ග ගන්න ඕනි.
හැබැයි ඒ තත්වය තේරුම් ගන්න ජවිපෙට බැරි උනා.ඒ වගේ තත්වයක් යටතේ ජවිපෙ ඉෂ්ඨ කළයුතු ඓතිහාසික භූමිකාව ජවිපෙ මග හැරියා.අන්තිමට ජවිපෙ බයේ හැංගුනා.ඒක වෙනමම කතා කරමු.සජබෙ ඇතුළේ ආණ්ඩුව බාරගන්න කැමති අය හිටියා.පාඨළී ඒ අභියෝගය බාර ගන්න කැමති බව කිව්වා.ඒත් සජිත් ඒකට සහය දෙන්න හිතුවේවත් නෑ.මේ වගේ වෙලාවක තමයි එලියෙන් යෝජනාවත් එන්නේ පිටින් නිර්පාක්ෂික අපේපකයෙක් ගේනත් එයා අගමැති කරලා සීමිත කැබිනට් එකක් හදලා,රට යථාවත් කරලා අවුරුද්දකින් ඡන්දයකට යමු කියලා.ඒ වෙනුවෙන් නම් කීපයක් ඉදිරිපත් උනා.කරු ජයසූරිය,ශිරාණී බණ්ඩාරනායක,ගාමිණී විජේසිංහ වගේ නම් තමයි ඉදිරිපත් වෙලා තිබුණේ.අන්තිමට එතන මුලිකත්වය කරුට හම්බ වෙලා තිබුණා. ඇත්තටම ඒ වෙලාවේ හැටියට තිබුණ හොදම යෝජනාව ඒක.රටේ රාළත් ඒ යෝජනාවට සහය දුන්නා.ඒ යෝජනාව සජබ Table එකටත් ගියා.කරුට ඇතුලට එන්න මයන්ත දිසානායක ජාතික ලයිස්තුවෙන් අයින් වෙන්න එකඟ උනා.මයන්ත ඒ වෙලාවේ ලංකාවේ හිටියේ නෑ. එයා ඒ වෙනුවෙන් ලංකාවට එන්න පවා ලෑස්ති වෙලා හිටියේ,හැබැයි සජිත් ඒක වැළැක්කුවා.
සජිත් එක වෙලාවක ආණ්ඩුව බාර ගන්න එකඟ වෙනවා.ආයෙත් ටිකකින් බෑ කියනවා. ඔහොම ඔහොම ප්‍රශ්නය ඇද්දා.සජිත්ට ඕනි උනේ කාලය කන්න,සජිත් ගහන මේ ගේම වලක්වන්නට ඒ වෙලාවේ රටේ රාළ කණ්ඩායම ක්‍රියාත්මක උනා.රටේ රාළලා හරීන්ට කතා කරලා කිව්වා මේ තත්වයෙන් රට බේරගන්න ඕනි ඒකට උදව් කරන්න කියලා.කරුට ඇතුලට එන්න ඉල්ලා අස්වෙන්න කියලා.හරීන් එක පයින් එකඟ උනා.ඒ විතරක් නෙවෙයි රටේ රාළලා අතුරලියේ රතන හාමුදුරුවන්ටත් ඒ යෝජනාව කලා.මොන දේශපාලන පරස්සරතා තිබුණත් රතන හාමුදුවොත් ඒ වැඩේට එකඟ උනා.උන් වහන්සේ කිව්වේ පක්ෂයේ ලේකම් ඒ පත්වීම කරන්න එකඟයි නම් උන් වහන්සේ ඉල්ලා අස්වෙන්න එකඟයි කියලා.හරීන් නැවත අපේ කණ්ඩායමට කතා කලා.සජිත් ඒ යෝජනාවටත් එකඟ නෑ කිව්වා.ඒක නිසා පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න පුළුවන් හොදම යෝජනාවට සජිත් පයින් ගැහුවා. නිර්පාක්ෂික අපේෂකයෙක් යටතේ ජනතා න්‍යාය පත්‍රයක් කෙටි කාලයක් තුල කරගන්න තිබුණ අවස්ථාවට සජිත් පයින් ගැහුවා. ඇත්තටම ඒ අභියෝගය බාර ගන්න කරු එකඟ වෙලා හිටියා.කරු ජයසූරිය එක්ක අවස්ථා කීපයකදීම රටේ රාළ කතා කලා.
ඒ යෝජනාවට ශ්‍රීලනිප සහයත් ඉල්ලුවා. මෛත්‍රී තමයි ඒකට හොදම සාක්ෂිය.අවස්ථා ගණනාවක් රටේ රාළ මෛත්‍රීට කතා කලා. ඇත්තටම මෛත්‍රීලා එකඟ කරගන්න පුළුවන්කම තිබුණා.ඒ සියල්ලට සජිත් පයින් හැහුවා.මෙතනදී සජිත්ට කියන්න ඕනි වචනය හරියට කියන්න ඕනි.සජිත් කියන්නේ දේශපාලන තක්කඩියෙක්.රට ගැන කිසි හැගීමක් නැති මැටි ගොඩක්.සජිත්ගේ මේ දේශපාලන නපුන්සකම ඉස්සරහා රටට දිනලා දෙන්න තිබුණ ජයග්‍රහණ ගොඩක් ආපිට හැරුණා.ඒක නිසා රටේ රාළ කියන්නේ රාජපක්ෂලාගේ වගේම සජිත්ගේ දේශපාලනයත් අහෝසි කරන්න ඕනි.මේ වගේ දේශපාලන තක්කඩින් එක්ක මේ රටට ගමනක් නෑ.සජිත්ගේ මේ පාවාදීම නිසාම ආයෙත් රාජපක්ෂලාට මේක ඇතුළේ ඉඩක් හැදුනා.ගෝඨාභය,මහින්ද,බැසිල් එකතු වෙලා එයාලගේ අන්තිම තුරුම්පුව ගැහුවා.ඒකට ඉන්දියාව,ඇමරිකාව උදව් කළා.ඒ තමයි රනිල් ගේන එක.රනිල් ඒ වගකීම කිසිම පැකිලිමකින් තොරව බාර ගත්තා.ඇත්තටම එතනදී රනිල් හිටියේ සජිත්ට වඩා ගව් ගානක් ඉදිරියෙන්.රනිල් ගෙනාපු එක වරදක් නමි ඒ වරදේ පළවෙනි වග උත්තරකාරයා සජිත්.
ගෝඨාභය රනිල් ගේන්න තීරණය කළ බව දැනගත්ත ගමන් සජිත් ගෝඨාභයට ලියුමක් ඇරලා ආණ්ඩුව බාර ගන්න සුදානම් කියලා ඉල්ලුවා.එතකොට ඇත්තටම සජිත් පරක්කු වැඩී.සජිත් රටේ වලත් කපලා තමන්ගේ වලත් කපාගෙන.ගෝඨාභය රනිල් ගෙන ඒම විසින් දේශපාලනයේ අලුත් තත්වයක් නිර්මාණය කරලා.නිකං හිතන්නකෝ දැන් Gota Go Home කියන සටන් පාඨය පවා අභියෝගයට ලක් වෙලා.දැන් ගෝඨාභය ගියොත් ජනාධිපති වෙන්නේ රනිල්.ඊළගට කාටවත් මේ සටනට සාපේක්ෂව තවම රනිල් Go Home කියලා සටන් පාඨයක් උස්සන්නත් බෑ.මොකද රනිල් තවමත් මේ අරගලයට වැරැද්දක් කරලා නෑ. ඇත්තටම දැන් නිවැරදිම සටන් පාඨය තමයි සජිත් Go Home කියන එකයි.ඒක අරගල බිමට ගන්න බෑ.ඒක නිසා සජිත්ගෙන් මේ රටට යහපත් දෙයක් වෙයි කියලා කවුරු හරි හිතනවා නම් ඇත්තටම එයා අමු මෝඩයෙක්. සජිත් අරගලය පාවාදීලා ඉවරයි.දැන් අරගලකරුවාට මොකද්ද කරන්න තියෙන්නේ. තව ගොඩක් දේවල් තියනවා.එක තමයි රනිල්ට කෙටිකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම.මොකද අරගලයේ තියෙන හැම සටන් පාඨයක්ම දැන් රනිල්ට වාසිදායකයි. ගෝඨාභය ගෙදර ගියොත් ඒ චාන්ස් එකත් රනිල්ට.20 අහෝසි කිරීමත් රනිල්ට හොඳයි.
ඒක නිසා රනිල් 21 ගෙනෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්.රනිල්ගෙන් රට ගැන හා ආර්ථිකය ගැන උත්තර ඉල්ලපු කෙටි කාලීන න්‍යාය පත්‍රයක් අරගලය පැත්තෙන් ඉදිරිපත් කරන්න ඕනි.ඒක රනිල් කඩන කරන පළවෙනි මොහොතේම තමයි රනිල් Go Home සටන් පාඨය උස්සන්න වෙන්නේ.ඒ වගේම රනිල් දැන් කාටවත් ඉතිහාසය ඇතුළේ තියලා හම ගහන්න බෑ,අරගලයට අදාලව රනිල්ගේ අලුත් ඉතිහාසය පටන් ගත්තේ ඊයේ.ඒ ඉතිහාසය ඇතුළේ තමයි රනිල්ගේ ගමන තීරණය වෙන්නේ.මොකද මේ රටේ ඡනතාවට රනිල් විස්වාස නෑ.හැබැයි රනිල්ගේ හැකියාව කවුරුත් අවතක්සේරු කරන එකක් නෑ.රනිල් යකෙක් කියලා තේරුම් ගන්න ගෙවිච්චි පැය විසිහතර හොදටම ඇති.ඒ වගේම තමයි ශ්‍රී ලාංකිකයෝ කියන්නෙත් යක්කු ගැටගහගෙන වැඩ ගත්ත ජාතියක් වගේම යක්කු එලවන්නත් දන්න ජාතියක්.ඒක නිසා මේ යකා එලවනවද නැද්ද කියලා තීරණය කරන්න තව පොඩි කාලයක් යයි.ඊළගට අරගලකරුවා තේරුම් ගතයුතු ලොකුමදේ වෙන්නේ දැන් ඔයාලට හැපෙන්න වෙලා තියෙන්නේ වැඩවසම් රාජපක්ෂලා එක්ක නෙවෙයි. ලංකාවේ ඉන්න ජේෂ්ඨතම ලිබරල්වාදියා එක්ක.ඒ කියන්නේ දැන් අරගලකරුවාට වගකීම් දෙකක් පැවරෙනවා.ඒකක් අරගලයට නව හැඩයක් ගෙන ඒම.අනික අරගලය කිරීමෙන් නොනැවතී රට ඉස්සරහා දේශපාලන කිරීම ආරම්භ කිරීම,අනික මේ අවස්ථාව දක්ෂ ලෙස කළමනාකරණය කිරීම.
හරි එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා.
මීට
රටේ රාළ.