තුන්කල්දැක්ම ඇනගනියි

monson

Well-known member
  • May 7, 2007
    25,598
    28,544
    113
    තුන්කල්දැක්ම ඇනගනියි

    පූර්ණ විධායක බලතල සහිතව සියලුම රාජ්‍ය සම්පත් යොදාගනිමින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටින මහිනද රාජපක්ෂ මහතාට තම ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත්කරගැනීමට පවා නොහැකි තත්වකට පත්වී ඇති බව දේශපාලන විශ‍්ලේශකයෝ පෙන්වා දෙති. ඔවුන් එම අදහස් පළ කරන්නේ හෙට (22) ඉදිරිපත්කිරීමට නියමිතව තිබූ "තුන්කල් දැක්ම" නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදැක්වීම ලබන 26වනදා දක්වා කල්තැබීමට සිදුවීම පාදකකරගනිමින්ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ තැපැල් ඡන්ද අයදුම්කර සිටින පන්ලක්ෂ පනස්දහසක් 550,000 පමණ වන රජයේ සේවකයන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තම ප්‍රතිපත්ති ප්‍රකාශනට ඉදිරිපත්කිරීමට රාජපක්ෂ මහතා අපොහොසත්වී තිබීමය.

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේවනවිටත් එළිදක්වා තිබේ. දේශපාලන විශ්ලේෂකයන් මෙයට පෙර අදහස් දක්වා තිබුනේ මෛත්‍රී මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පිළිතුරු වශයෙන් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වනු ඇති බවය. නමුත් මේ වනවිට එය සකස්කරගැනීමට පවා අසීරු තත්වයකට රාජපක්ෂ මහතා පත්ව ඇති බව පැහැදිළි වේ.

    මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා ඇදවැටී තිබෙන අසීරු තත්වය සනාත කරමින් ශ්‍රී ලනීප භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතා අද (21) ප්‍රකාශ කළේ එය 26වනදා එළිදක්වන බවය. එහිදී ප්‍රශ්නයක් නැගූ මාධ්‍යවේදියෙකුට අලහප්පෙරුම මහතා ප්‍රකාශකළේ මහින්ද චින්තනය මැතිවරණයකින් මැතිවරණයකට වෙනස් නොවන බවය. ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සථ්‍යයක් නම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශය එලිදැක්වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වීමට හැකියාව තිබුණේය.


    - lankatruth
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,544
    113
    මහින්ද තුන්කල් දැක්ම කල් යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

    සමන් 2014-12-21 15:38:46
    අමුඩේ ගැහුවේ මුහුද හත් ගව්වක් තියෙද්දී. අනුන්ගේ කුණු හොය හොයා හිටිය මිසක් ප්‍රතිපත්ති ප්‍රකශනේ හදාගන්න මතක් වෙලා නැහැ. (හේ)

    සසිදු 2014-12-21 15:39:05
    මොකද එක පාරට වුනේ.(හේ)

    රිකි 2014-12-21 15:39:05
    තුන් කාලයෙන් අනාගතය ගැන නම් උපදෙස් ලබා ගත්තේ ජෝතිෂ්‍ය ගුරුන්නසේලාගෙන් වෙන්න පුළුවනි.(හේ)

    හේරත් 2014-12-21 15:47:47
    විභාගෙට හොර කොපි ගහන්නත් හොදට උත්තර ලියන එක ලියනකම් බලන් ඉන්නවා වගේ වැඩක් මට පෙන්නේ. (හේ)

    වරෝන් 2014-12-21 15:52:41
    8 වැනිදා වෙනකම් කල් තියෙනවා.හිමින් ඕක හදන්න.හදිසි නෑ.

    - http://www.lankadeepa.lk/index.php/articles/284283

    :rofl::rofl::rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තැපැල් චන්ද වැඩි හරියක් මාරට තමයි බන් උන් හිතන් ඉන්නෙ මාරට චන්දෙ දැම්මෙ නැත්නම් රස්සව නැහැ කියල
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    10606119_516979621778482_1751869385192301525_n.jpg
     

    waligamaya

    Well-known member
  • අමුඩේ ගැහුවේ මුහුද හත් ගව්වක් තියෙද්දී. අනුන්ගේ කුණු හොය හොයා හිටිය මිසක් ප්‍රතිපත්ති ප්‍රකශනේ හදාගන්න මතක් වෙලා නැහැ.
    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,544
    113
    “තුන්කල් දැක්ම” සුනාමියට හසුවෙයි

    “තුන්කල් දැක්ම” ලෙස නම් කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදිසියේ හෙට (23) දින පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට තීර්ණය කර ඇති බව වාර්තා වේ.

    කෙසේ වෙතත් අද (22) දින එළිදැක්වීමට නියමිතව තිබූ එම ප්‍රතිපත්ති ප්‍රකාශය කිසිදු හේතුවක් ඉදිරිපත් නොකරමින් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කියා සිටියේ 26 දිනට කල් දමන බවයි. දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයට දසවසරක් පිරීම හේතුවෙන් මෙම හදිසි තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

    කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ දිනෙන් දින ආණ්ඩුව පරිහානියට පත්වෙමින් ඇති බැවින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ අර්බුදයකට ලක්ව ඇති බවත් ඒ හෙතුවෙන් මෙවැනි තත්වයක් හටගෙන ඇති බවත්ය.

    හෙට (23) අනිද්දා (24) සහ සිකුරාදා (26) දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමටද නියමිතව තිබේ.


    - lankatruth
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,544
    113
    වතුයාය නිල්බලකායේ ග්‍රහණයට!

    ශ්‍රී ලංකාවේ සුප්‍රකට පුද්ගලික වතු සමාගමක් වන Kahawatta Plantation PLC ලැයිස්තු ගත සමාගමට අයත් රත්නපුරේ Poranuwa Estate (පෝරණුව වතුයාය) නාමල් රාජපක්ෂ මහතාගේ නිල්බලකායේ ග්‍රහණයට නතුවී පණ අදිමින් සිටින බව එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කර සිටී.

    පසුගියදා රත්නපුර ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් එම ප්‍රදේශයේ නිල් බලකායේ සාමාජිකයන් ඉල්ලා ඇත්තේ තමන්ට හුරු පුරුදු එකම රස්සාව මැණික් ගැරීම බැවින් ඒ සඳහා ඉඩම් ලබාදෙන ලෙසයි. නිල් බලකායේ සාමාජිකයන් GPS satalite System තාක්ෂණය ඔස්සේ මැණික් බහුලව පවතින ප්‍රදේශ ලෙස කහවත්ත ප්ලාන්ටේෂන් වතුයායට අයත් පෝරණුව වතුයායත් ඒ අසල පිහිටි අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමට අයත් Kiribathgala Estate සමාගම්වලට අයත් භූමි ප්‍රදේශ හඳුනාගෙන ඇත.

    මේ බව නාමල් රාජපක්ෂ මහතාට පැවසීමෙන් පසු ඔහු පවසා ඇත්තේ ඔවුන්ට කැමති දෙයක් කර ගන්නා ලෙසයි. නාමල් මන්ත්‍රීවරයාගේ පිලිතුරෙන් අමන්දානන්දයට පත්වී ඇති ආධාර කරුවෝ ඇඹිලිපිටිය, හම්බන්තොට, අගුණකොලපැලැස්ස ආදී ප්‍රදේශවලින් කුඩා ඩිමෝ බට්ටන්ගෙන් ඉහත කී වතුයායන් ආක්‍රමණය කර ඇත.

    සරුවට වැඩී ඇති තේ පඳුරු ඉවක් බවක් නැතුව ගලවා විසිකර දමා ඇති නාමල්ගේ නිල්බලකා සාමාජිකයන් එම ප්‍රදේශයේ පස් කපා ඉවත්කරගෙන තමන්ගේ ගම් ප්‍රදේශ කරා රැගෙන යාමට පටන් ගෙන ඇත. මේ වන විට නිල් බලකාය හැරුණු විට ආණ්ඩුවට ආධාර කරන වෙනත් පිරිස්ද මෙම වතු දෙක ආක්‍රමණය කරමින් තේ වගාව සහ මුලින්ම විනාශ කර දමා ඇත. මෙම තත්වය වතු අධිකාරීවරුන්ට පාලනය කර ගත නොහැකිව ප්‍රදේශය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් ‘චොකා මල්ලීට' දන්වා ඇති අතර ඔහු පොලීසිය සමග පැමිණ මෙම විනාශය නැවැත්වීමට පියවර ගනිද්දී නාමල්ගේ ආධාර කරුවන් ඔහුට තර්ජනය කරමින් පවසා ඇත්තේ ‘ඇමතිතුමා මේක නැවැත්තුවොත් අපි ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෑ' කියාය. නාමල්ගේ ආධාරකරුවන්ගේ තර්ජන හමුවේ චොකා මල්ලී ඇමතිතුමා පසුබැස ගොස් ඇත.

    මෙම තත්වයෙන් ගොඩ ඒම සඳහා කහවත්ත ප්ලාන්ටේෂන් සමාගම ඔවුන්ට අයත් පෝරණුව වතුයාය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම ඉඩම වෙන්දේසි කිරීම සඳහා භාරදීමට කටයුතු යොදමින් සිටින බව එම සමාගමේ ඉහළ විධායක නිලධාරියෙකු ‘ලංකා නිවුස් වෙබ්' වෙත පැවසීය.


    - lankanewsweb
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,544
    113
    මරාගේ බාලගිරි චින්තය එළිදැක්වීමේ නැකතට සුනාමිය හරස් වේ: නැකත් නැතිවම වැඩේ හෙටට යොදා ගනී: කලින් මුද්‍රණය කළ පිටපත් ලක්ෂ 50ක් විසිකරයි: මරා කම්පාවෙන්

    (ලංකා ඊ නිව්ස් - 2014.දෙසැ.22, ප.ව.6.20- ෙදවන සංස්කරණය ප.ව.9.25) බාලගිරි චින්තනයක් වූ මහින්ද චින්තන 3 වන පියවර හෙවත් එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශය 26 වෙනිදාට එළි දැක්වීමෙන් තැපැල් ඡන්දයෙන් පසුව ප්‍රතිපත්ති එලිදක්වා ලෝක ගිනස් වාර්තාවක් තබන බව ලංකා ඊ නිව්ස් ඇතුළු මාධ්‍ය මගින් හෙලිකිරීමත් සමග කෙසේ හෝ ඊට පෙර එළිදැක්විය යුතුයැයි මහින්ද රාජපක්ෂ විසින් බල කිරීමත් සමග එම උත්සවය හෙට 23 එනම් තැපැල් ඡන්දයේ පළමු දිනයේ දී එලිදැක්වීමට සූදානම් වේ.

    ඊයේ (21)සැලසුම් කළ පරිදි මහනුවර ජනාධිපති මන්දිරයේ නොව යලිත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

    රජ ගෙදර නැකැත් කරුවා වන සුමනදාස හෙවත් 'කෙප්ප සුමනේ' විසින් පවසා ඇත්තේ 23 දා කිසිදු නැකතක් නැති බවත් ආසන්නම නැකැත තිබෙන්නේ 26 දා බවයි. මහින්ද රාජපක්ෂ ඔහුට කුණුහරුපයෙන් බැන වදිමින් “යකෝ එදා තමයි සුනාමිය සිද්ධ වුනේ. එදාට කොහොමද මං ප්‍රතිපත්ති එළියට දාන්නේ? විපක්ෂයේ එවුන් මං සුනාමි සල්ලි හොරකම් කළ දිනේටම ප්‍රතිපත්ති එලිදැක්කුවා කියලා මට මඩ ගහන එක ඔය නැකතෙන් නතර කරන්න පුළුවන්ද? උඹට වෙන නැකත් දිනයක් ඇත්තෙම නැතිදැයි“ ප්‍රකාශ කළ බව අපගේ අරලිය ගහ මැදුරු තොරතුරු කරුවෝ පවසති.

    කෙසේ වෙතත් හෙට කිසිදු නැකතකින් තොරව එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිත අතර අධෝවාතයක් යැවීමට පවා නැකැත් බැලූ මහින්ද රාජපක්ෂ සිය ජීවිත කාලයටම නැකතකින් තොරව සිදුකරන එකම ක්‍රියාව තම තෙවන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම වැනි වැදගත් ක්‍රියාවක් වීම ගැන ඔහු බලවත් කම්පාවකට පත්ව සිටින බව අරලියගහ මැදුරු ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

    අදට යොදා තිබූ එළිදැක්වීම අවලංගු කිරීම නිසා පෙර සූදානම් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන ලක්ෂ 50 ක් අහක දැමීමට සිදුව ඇතැයිද හෙට දිනය සඳහා නව ප්‍රතිපත්ති ප්‍රකාශන ස්වල්ප ප්‍රමාණයක් එනම් 1000 ක් පමණ මුද්‍රණය කර ඇතැයිද වාර්තා වේ. පළමු ප්‍රතිපත්ති ප්‍රකාශනය අහක දැමීමට සිදුව ඇත්තේ එය පොදු විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පෙර සකස් කරන ලද්දක් වීමත් පොදු විපක්ෂයේ ප්‍රකාශනය නිකුත් වීමෙන් පසු ඊට සරිලන ආකාරයට නව එකක් සකස් කිරීමට සිදුවීමත් නිසා බව පැවසේ.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    maragena marenna hari kamak naha....

    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද? අඩුම ගානෙ අවු 4ක් ඇති බන්ස්...:rolleyes::rolleyes::rolleyes:

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට:(:(??? පොඩි අපි ට:(:(???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි:(:(

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..:(:(

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:(:(:(

    3 n wareketa Wada Denne Epoooooooo Awurudu 4k hodeme athi kawuru awath ...:yes::yes::yes:
     
    • Like
    Reactions: XibitZ