තුන්කල්දැක්ම ඇනගනියි
පූර්ණ විධායක බලතල සහිතව සියලුම රාජ්‍ය සම්පත් යොදාගනිමින් මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ යෙදී සිටින මහිනද රාජපක්ෂ මහතාට තම ප්‍රතිපත්ති ප්රකාශණය ඉදිරිපත්කරගැනීමට පවා නොහැකි තත්වකට පත්වී ඇති බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති. ඔවුන් එම අදහස් පළ කරන්නේ හෙට (22) ඉදිරිපත්කිරීමට නියමිතව තිබූ "තුන්කල් දැක්ම" නම් ප්‍රතිපත්ති ප්රකාශනය එලිදැක්වීම ලබන 26වනදා දක්වා කල්තැබීමට සිදුවීම පාදකකරගනිමින්ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ තැපැල් ඡන්ද අයදුම්කර සිටින පන්ලක්ෂ පනස්දහසක් 550,000 පමණ වන රජයේ සේවකයන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තම ප්‍රතිපත්ති ප්‍රකාශනට ඉදිරිපත්කිරීමට රාජපක්ෂ මහතා අපොහොසත්වී තිබීමය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මේවනවිටත් එළිදක්වා තිබේ. දේශපාලන විශ්ලේෂකයන් මෙයට පෙර අදහස් දක්වා තිබුනේ මෛත්‍රී මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයට පිළිතුරු වශයෙන් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වනු ඇති බවය. නමුත් මේ වනවිට එය සකස්කරගැනීමට පවා අසීරු තත්වයකට රාජපක්ෂ මහතා පත්ව ඇති බව පැහැදිළි වේ.
මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා ඇදවැටී තිබෙන අසීරු තත්වය සනාත කරමින් ශ්‍රී ලනීප භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතා අද (21) ප්‍රකාශ කළේ එය 26වනදා එළිදක්වන බවය. එහිදී ප්‍රශ්නයක් නැගූ මාධ්‍යවේදියෙකුට අලහප්පෙරුම මහතා ප්‍රකාශකළේ මහින්ද චින්තනය මැතිවරණයකින් මැතිවරණයකට වෙනස් නොවන බවය. ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සථ්‍යයක් නම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශය එලිදැක්වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වීමට හැකියාව තිබුණේය.
- lankatruth