තුන්තරා බෝධිය

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    12096627_914493481951308_4133289173146542524_n.jpg

    තුන්තරා බෝධිය

    මෙයට විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පූර්වයෙහි එක් දිළිඳු තරුණයෙක් සිය මවගේ ප්‍රාර්ථනය සිත රඳවා ගනිමින් බෝධිසත්වයෙක් බවට පත් විය. පාරමී දම් පුරා බුද්ධත්වයට පත් උන්වහන්සේ, ගෞතම බුදු පියාණෝ ය.

    දඹදිව ගන්ධාර පෙදෙසේ සිය මව රැක බලා ගනිමින් ජීවත් වූ එක් දිළිඳු තරුණයෙක් වනයේ දරා කපා වෙහෙසට පත්ව, දොළකින් පැන් බී, අසල නුග සෙවණේ සිට කල්පනා කළේ, “දැන් මා තරුණ හෙයින් දුක ඉවසිය හැකි ය. වයසට ගිය කල, රෝගී වූ කල කෙසේ කළ හැකි ද? එහෙයින් මම ස්වර්ණ භූමියට ගොස් රුවන් සපයා ගෙනවුත් මවට උපස්ථාන කරමි” යි තීරණය කළේ ය. නැව් හිමි ගේ කරුණාව මත මව ද සමග නැව් නැග යද්දී අතර මග දී නැව ගිලෙන්නට විය. පිරිස මුහුදුබත් වෙද්දී මහා රළ අතර පිහිනන මොහුට මෑණියන් සිහිපත් විය. ඇය පාවෙන දඬු කඳෙක එල්ලී ගෙන සිටිනු පෙනිණි. වහා සිය මව කර තබා ගත් තරුණයා පරතෙරක් නොපෙනෙන, ගොඩබිමක් නොපෙනෙන ගැඹුරු මහා සාගරයේ පීනන්නට වූයේ ය. දැඩි රළ අතර සටනක යෙදෙමින් පිහිනන තරුණයාට, “පුතේ උඹ බුදු වෙයන්” යන ආදරණීය මෑණියන්ගේ කියමන සවනත වැදිණි.
    “මම මෑණියන් සමග මුහුදේ ගිලී මිය ගිය ද මතු බුදු වී සසර සයුරේ ගිලුණු ලෝවැසියා දුකින් එතෙර කරවමි”යි අධිෂ්ඨාන කරමින් ඔහු ඒ අනුව බුදු බව පැතීය. මෙලෙස බෝධිසත්ව භූමියේ මනඞ ප්‍රණීධාන අවධියෙහි ඔහුගේ සිත පිහිටුවිණි. මේ බුදු බව පැතීම,


    “බුද්ධෝ හං බෝධයිස්සාමි
    මුත්තෝ හං මෝචයේ පරේ
    තිණ්ණෝහං තාරයිස්සාමි
    සංසරඝා මහබ්භයා”


    යන පාඨයෙන් බුදුරදුන් දක්වා ඇත.

    “මම බුදු වූයෙමි. අනුනට ද සත්‍යය අවබෝධ කරවන්නෙමි. මම දුකින් මිදුණෙමි. අනුන් ද දුකින් මුදවන්නෙමි. මහත් බිය ගෙන දෙන සංසර ඕඝයෙන් එතෙර වූ මම, අනුන් ද සසරෙන් එතෙර කරවන්නෙමි” යන්නයි එහි අරුත.

    “බෝධි” යනු චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නුවණ ය. එනම් බුදු බව ය. “සත්ව“ යනු ඇලුණු තැනැත්තා ය. මෙලෙස බෝධියෙහි හෙවත් චතුස්සත්‍ය ර්ණයෙහි, බුදු බවෙහි ඇලුණු හෙවත් ඒ සඳහා පිළිවෙත් පුරණ තැනැත්තා “බෝධි සත්ව“ නම් වෙයි.

    බෝසත්වරයකු වීම බුදුවරයකුවීමට පමණක් දෙවැනි වෙයි. කල්ප අසංඛ්‍ය ලක්ෂ ගණනක් සංසාරයේ සැරිසරමින් දානාදී දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා ආදිය පුරමින් අප්‍රමාණ කාර්ය භාරයක් බුදු බව පතා කළ යුත්තේ ය.

    1. මහා බෝධි සත්ව
    2. පච්චේක බෝධි සත්ව
    3. ශ්‍රාවක බෝධි සත්ව
    යනුවෙන් බෝධි සත්වයෝ තිදෙනෙක් වෙති.


    මහා බෝධි සත්ව යනු ලෙව්තුරා බුද්ධත්වය පතන්නෝ ය. පච්චේක බෝධි සත්වයෝ පසේ බුදු බව පතන්නෝ ය. ශ්‍රාවක බෝධි සත්වයෝ මහ රහත් බව පතන්නෝ ය.

    ලොව්තුරා බුදු බව පතන බෝසතුන් මනා කොට තමා විසින්ම ලබන බෝධිය “සම්මා සම්බෝධි” වෙයි. සම්මා සම්බෝධිය ලබනුයේ මහ බෝසත් කෙනෙකු පමණකි. කිසිම ආචාර්යවරයකුගේ මඟ පෙන්වීමක් නොමැතිව තමන් විසින් ම මැනවින් සත්‍යය අවබෝධ කොට ගෙන අන්‍යයන්ට ද සත්‍යය අවබෝධ කරවීමෙහි ඔහු සමත් වන්නේය.


    සම්මා සම්බෝධිය ලබන මහ බෝසත් උතුමෝ තිදෙනෙක් වෙති.
    1. ප්‍රඥාධික බෝසත්
    2. ශ්‍රද්ධාධික බෝසත්
    3. වීර්යාධික බෝසත්
    යන ඔවුහුය.


    ප්‍රඥාධික බෝසතුන් ගේ ලක්ෂණය වන්නේ මධ්‍යම වීර්ය හා මඳ ශ්‍රද්ධාව පැවතීමය. පළමු නියත විවරණයේ සිට සතර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිමට එතුමාට සිදු වෙයි. අප මහ බෝසතාණෝ එබඳුයහ. එතුමාණෝ දීපංකර - කොණ්ඩඤ්ඤ බුදුවරුන් දෙනම අතර එක් අසංඛ්‍යයක් ද, කොණ්ඩඤ්ඤ - මංගල බුදුවරුන් දෙනම අතර එක් අසංඛ්‍යයක් ද, සෝභිත - අනෝමදස්සි බුදුවරුන් දෙනම අතර එක් අසංඛ්‍යයක් ද, නාරද - පදුමුත්තර බුදුවරුන් දෙනම අතර එක් අසංඛ්‍යයක් ද යනුවෙන් සතර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සුමේධ තාපස අවධියේ සිට පාරමිතා ධර්ම පිරූහ.
    ශ්‍රද්ධාධික බෝසතුන් ගේ ප්‍රඥාව මධ්‍යම ය. වීර්යය මඳ ය. ප්‍රඥාව හා වීර්ය, ශ්‍රද්ධාව සේ දියුණු කොට එම තත්ත්වයට පමුණුවා බුදුවීමට අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු ය. වීර්යාධික බෝසතුන්ගේ ශ්‍රද්ධාව මධ්‍යම ය. ප්‍රඥාව මඳ ය. එහෙයින් ප්‍රඥාව හා ශ්‍රද්ධාව වීර්යයේ මට්ටමකට දියුණු කිරීමට සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුය. මතු බුදු වන මෛතී‍්‍ර බෝසතාණෝ වීර්යාධික බෝසත්වරයෙකි. දිගු කල් පෙරුම් පුරා මතු බුදුවන මෛතී‍්‍ර බෝසතාණෝ වීර්යාධික බෝසත් වරයෙකි.

    ප්‍රථම විවරණය ගත් බෝසත්හු බුදුවීමට උපකාර වන “බුද්ධ කාරක ධර්ම” පිරිය යුතු වේ. එනම් දාන, ශීල, නෙක්ඛම්ම, පඤ්ඤා, වීර්යය, ඛත්ති, සච්ච, අධිට්ඨාන, මෙත්ත, උපේක්ෂා යන දස පාරමිතා ය. දස පාරමිතා, දස උප පාරමිතා යනුවෙන් පරමිතා තිස් ආකාර ය. එසේම, භාර්යාව, දරුවන්, රාජ්‍යය, ඇස්, ඉස්, මස් ආදී ශරීරාවයව සහ අවශ්‍ය වූ විට තම ජීවිතය ද ඇතුළු මේ පංච මහා පරිත්‍යාග කළ යුතු ය.

    බෝධිසත්වයෝ බුද්ධ භූමි සතරක් වැඩිය යුතු ය. එනම් වීර්ය, ප්‍රඥාව, අධිෂ්ඨාන, මෛතී‍්‍ර යනුයි.
    බුදුවීමට පෙර බෝසතාණෝ තුසිත දෙව්ලොව උපදින කාලය පැමිණි විට දෙවියෝ ඔහුට මනුලොව ඉපිද බුදුවන ලෙස දේවාරාධනා කරති. මෙහි දී බෝසත්හු පස්මහ බැලුම් (බුදුවරයකු ඉපදීමට සුදුසු කාලය දීපය, දේශය, කුලය හා මව යන කරුණු පිරික්සා සුදුසු කල එළඹ ඇත්නම්, ඒ ඇරයුම පිළිගෙන මනුලොව උපදිති. ගිහි සැප විඳිමින් සතර පෙර නිමිති දැක, පුතු උපන් දින අභිනිෂ්ක්‍රමණය කරති. සත්‍යය අවබෝධ කරති. බෝසත්හු බුදු වෙති. එහි දී පිට දුන් වෘක්ෂය ද “බෝධි” නම් වන්නේ ය.

    “පච්චේක බෝධිය” යනු පස් බුදුවරුන්ගේ අවබෝධ ඤාණයයි. තම උත්සාහයෙන් බෝධිය ලබන පච්චේක බෝධි සත්වයෝ, තමන් විසින් අවබෝධ කර ගත් සත්‍ය ධර්ම අන්‍යයන්ට අවබෝධ කරදීමේ ශක්තියක් නැත්තෝ වෙති. ඔවුහු තනිවම නිවන් සුව විඳිති. පස් බුදු ලෙසින් හැඳින්වෙන මෙම බුදුවරු අබුද්ධෝත්පාද කාලවල දී පහළ වෙති. පසේ බුදු බව සඳහා දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයක පෙරුම් දම් පිරිය යුතු ය.

    “ශ්‍රාවක බෝධිය” බුදු සසුන පවතින කල්හිම පමණක් ලද හැකි බෝධියකි. ලොව්තුරා බුදුවරයාණන් වහන්සේ නමක ගේ දහම් අසා ලබන සත්‍යාවබෝධය “ශ්‍රාවක බෝධි” නම් වෙයි. ශ්‍රාවක බෝධිය ලද්දහුට තමන් ලද අවබෝධය අන්‍යයන්ට පහදා දිය හැකි වෙයි. ශ්‍රාවක බෝධිය ලැබීමෙහි ලා පාරමී දම් පිරීමට අසවල් කාලයක් යනුවෙන් නියමයක් නැත.

    බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ ධර්මය ගුරු තන්හි තබමිනි. එහෙයින් අපගේ අධ්‍යාත්ම විමුක්තියට ඒ උතුම් ධර්මය පිහිට කොට ගත හැකිය. එපමණක් නොව සිය දහම කෙසේ පිළිපැදිය යුතු දැයි වටහා දිය හැකි ශ්‍රාවක පිරිසක් ද බිහිකර උන්වහන්සේ පිරිනිවියහ. ඒ මහා සංඝයා වහන්සේ ය.
    එසේ නම් අප ජීවත් වනුයේ වාසනාවන්ත කාල පරිච්ඡේදයක ය. කළ යුත්තේ මහ සඟ රුවන් ඇසුරු කරමින් උන්වහන්සේ පෙන්වන පිළිවෙත ඔස්සේ දහම් අවබෝධයෙන් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම ය.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    765
    113
    hoda lipiyak machan. eth rep denna behene "You have given out too much Reputation in the last 24 hours, try again later"
     
    • Like
    Reactions: jeewan tk

    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    View attachment 61618

    තුන්තරා බෝධිය

    මෙයට විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පූර්වයෙහි එක් දිළිඳු තරුණයෙක් සිය මවගේ ප්‍රාර්ථනය සිත රඳවා ගනිමින් බෝධිසත්වයෙක් බවට පත් විය. පාරමී දම් පුරා බුද්ධත්වයට පත් උන්වහන්සේ, ගෞතම බුදු පියාණෝ ය.


    echchara kalekata kalin me loke thibilath na :lol:
     

    Similar threads