තුන්දෙනාගේ-බබා-උපදියි

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    තුන්දෙනාගේ-බබා-උපදියි

    ලොව ප්‍රථම වතාවට මවගේත් පියාගේත් ජාන හා පරිත්‍යාගශිලියකුගේ ද ජාන හා මුසුකර සාර්ථක දරු උපතක් සිදුකිරීමට විද්‍යාව සමත් වෙයි.ජෝර්දාන මවගේ ජාන වල ඇති රෝග තත්ත්වය කළලයේ සිටින දරුවාට උරුම නොවීමට ඇමෙරිකාවේ දොස්තරවරු පිරිසක් මෙතෙක් නොවු විරූ ජානමය තාක්ෂණය යොදාගත්හ.
    මෙම තාක්ෂණය වෛද්‍ය විද්‍යාවේ නව යුගයක් බිහිවීම සනිටුහන් කරන බවත් දුර්ලබ ජාන හේතු නිසා නිරෝගී දරුවන් බිහිකිරීමේ ප්‍රශ්නයට මුහුණ දී සිටින මව්පියන්ට මෙය පිටුවහලක් වන බවත් විද්‍යාඥයෝ කියති.තුන් දෙනෙකුගේ ජාන සංයෝගයෙන් දරු උපත් සිදුකිරීමේ පරීක්ෂණ 1990දි ඇරැඹිණි.
    මෙම ජාන තාක්ෂණය සදහා ‘මයිටකොන්ඩ්‍රියා ක්‍රමය‘ භාවිත කරයි.එහි තේරුම වනුයේ ලොකු සෛලයක් තවත් සෛලයක් සමග සම්බන්ධ වී ආශ්වාස ප්‍රාශ්වාසය හා ශක්තිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ නිරත වීමයි.
    ජෝර්දාන් පවුලට ආවේණික වු ‘ලයි සින්ඩ්‍රෝම්‘ රෝගය අනුව සැමියාගෙන් සහ බිරිඳගෙන් පිළිසිඳගන්නා දරුවකු උපතේදීම නැතිවීමට ඇති ඉඩකඩ වැඩි බව විද්‍යාඥයෝ කියති. එම ජෝර්දාන් කතගේ කළලය මිට පෙර සිව් වතාවකදීම ගබ්සා වී ඇත.ඉපදුන දරු දෙදෙනෙක් පිළිවෙලින් මාස අටකදී සහ අවුරුදු හයකදී මියගියහ.‘ලයි සින්ඩ්‍රෝම්‘ යනු ස්නායු සම්බන්ධ බරපතල අබාධයක් බවත් ඇමෙරිකාවේ දරු උපත් 40 000කින් එක් බබකු ඊට ගොදුරු වන බවත් වෛද්‍යවරු කියති.
    ඇමෙරිකා වෛද්‍යවරුන් කණ්ඩායම මෙම පර්යේෂණ සදහා මෙක්සිකෝ ගියහ.එසේ ගියේ මෙක්සිකෝවේ එවැනි පර්යේෂණ තහනම් නැති නිසාය.
    මවගේ ජාන වලින් නිරෝගී බීජත් පරිත්‍යාගශිලියාගේ සෞඛ්‍යමය බීජයක්ද රැගෙන අනතුරුව පියාගේ ශූක්‍රාණු සමග සංසේචනය කර මෙම දරු උපත සිදුකළ බව ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ‘නිව්හෝප්‘ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය ජෝන් ෂෑන් පවසයි.තුන් දෙනෙකු සම්බන්ධ මෙවැනි දරු උපත් සිදුකිරීම සඳහා මහා බ්‍රිතාන්‍යයද නීති පනවා ඇත.
    62905219_pnt_slide2_624x398.gif


    91400345_hi035552031.jpg
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mewa gena experiement karanna thahanam karanne dewiya minisa mawanawa kiyana concept eka nethi wei kiyala bayen religion wala bala pema nisa.
    eth me wage dewal hoyanna one.
    balanna dan e couple ekata daruwek hadaganna puluwanne
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනාගතේ දේ ක්‍රමයක් එනවා ලමයව අපිට ඩීසයින් කරන ඉපදෙන්න ඉස්සෙල්ලා හමේ පාට කොන්ඩේ වගේ 2023 දී එනවා ..බලපලකෝ