තුන්වන ලෝකය යුද්ධය:දකුණු චීන මුහුද
පසුගිය වසරේදී සිදුවූ සමහරක් ප්‍රකෝපකාරී ක්‍රියාවන් තුන්වන ලෝක යුද්ධයක් තෙක් දිගැස්සිය හැකි යැයි සමහරුන් මත පළකලහ.ඉන් එක් සිද්ධියක් වූයේ 2015 වසරේදී සිරියාවේ ගුවන් මෙහෙයුම්වල යෙදී සිටියදී තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය කලේ යැයි කියමින් රුසියානු යුද ගුවන් යානයක් බිම හෙළීමයි.රුසියාවේ ඉවසීම නිසා එම සිද්ධිය තුර්කි-රුසියා අවි ගැටුමක් බවට පත් නොවීය.මෙම වසරේදී දිගින් දිගටම උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ දිගු දුර මිසයිල අත්හදා බැලීමත්,ඇමෙරිකා-දකුණු කොරියා යුද අභ්‍යාසයත් එවැනිම යුද තත්ත්වයක් ඇතිකිරීමට අනුබලයක් වේ යැයි අනුමාන කලද එවැන්නක් සිදුනොවීය.යුද්ධයක් ඇවිලි යා හැකි යැයි සිතිය හැකි තවත් ප්‍රශ්නයක් දකුණු චීන මුහුද ආශ්‍රිතව මේවන විට නිර්මාණය වෙමින් පවතියි.මීට හේතුවී තිබෙන්නේ චීනය තම යුද සහ ආර්ථික උවමනාවන් උදෙසා තම මුහුදු කලාපයෙන් ඔබ්බේ පිහිටි දූපත්වලට අයිතිවාසිකම් කීමට යෑමයි.
තුන්වන ලෝක යුද්ධයක් ඇරඹීමට ප්‍රමාණවත් සාධක සහිත ස්ථාන කිහිපයකි.කොරියානු අර්ධද්වීපය,සිරියාව,ආර්ටික් වෘත්තය,තායිවානය ඉන් ප්‍රධාන වේ.නමුත් දැන් ඒ ලැයිස්තුවට දකුණු චීන මුහුදත් එක් කල හැකිය.අයිතිය සම්බන්ධව ආරවුල් පවතින දූපත් තමන්ට අයත් ඒවා බව චීනය පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ.නමුත් ඔවුන් චීන මුහුදේ පමණක් නොව තම ප්‍රධාන භූමිය ආසන්නයේ තිබෙන ඕනෑම දූපතකට අයිතිවාසිකම් කියන තරමට මෙය දැන් ඔඩුදුවා තිබේ.දූපත් සම්බන්ධව චීනය, ඇමෙරිකානු මිතුරන් වන ජපානය,දකුණු කොරියාව සහ පිලිපීනය සම්බන්ධව ප්‍රශ්න ඇතිකරගෙන සිටියි.වසරකට ඇ.ඩො.ට්‍රිලියන 5කට වැඩි ද්‍රව්‍යයන් නෞකා ඔස්සේ ප්‍රවාහනය වෙන චීන මුහුදේදී චීනය සිය අසල් වැසියන්ට තම බලය පෙන්වන්නේ ඇයි දැයි යම් ආකාරයකට පුදුමය දනවයි.ඔවුන් දකුණු චීන මුහුදේ බලෙන් අල්ලාගෙන සිටින දූපත්වල ලහි ලහියේ නාවික තොටුපොල සහ ගුවන් පථද නිර්මාණය කරයි.
මාස කිහිපයකට පෙර වූඩි දූපතේ ගුවන් ආරක්ෂක පද්ධති පිහිටවූ චීනය පෙබරවාරි මාසයේදී එම දූපත වෙත ප්‍රහාරක යානා පිටත් කර යවා ඇතිබව මාධ්‍ය වාර්තා කලේය.තමන් දකුණු චීන මුහුදු කලාපයට මිසයිල නාශක නෞකා හෝ උපාය මාර්ගික බෝම්බ හෙළන යානා පිටත් කර හැරීමට හෝ ආසන්න ගුවන් පිරික්සුම් කිරීමට බලාපොරොත්තු නොවන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෝන් කෙරී පවසන ලදි.දකුණු චීන මුහුද හමුදාකරණය කරමින් එම ප්‍රදේශයට මිසයිල,ප්‍රහාරක යානා සහ අනෙකුත් අවි ගෙන විත් එම කලාපය ඔස්සේ සිදුවන සමාකාමී වෙළඳාමට බලපෑමක් සිදු කරන්නට උත්සාහ දරන්නේ චීනය බවයි ඇමෙරිකාවේ මතය.
ඇමෙරිකා එක්සත් ජනපදය කියා සිටින්නේ තමන්ට නිදහසේ යාත්‍රා කිරීමට තිබෙන අයිතිය දකුණු චීන මුහුදේදී ද එලෙසම ක්‍රියාත්මක කරන බවයි.එනම් ඔවුන්ගේ නෞකාව මුහුදු කලාපයේ මුර සංචාරවල නිරත වන බවයි.චීනය අල්ලාගෙන සිටින දූපත්වල සිට නාවික සැතපුම් 12ක මුහුදු ප්‍රදේශය තුලද මෙම යාත්‍රා කිරීම් සිදු කිරීම චීනය හඳුන්වන්නේ කුපිත කිරීමක් ලෙසයි.කෙසේ වෙතත් යම් මොහොතක මෙම සිද්ධීන් යුද්ධයක් තෙක් දුරදිග යෑමට ආරම්භක හේතුව සපයා වි යැයි අනුමාන කල හැකිය.
එක්සත් ජනපදයේ ආරක්ෂක නිලධාරියෙක් කියා තිබුණේ පිලිපීනයට කාලතුවක්කු ප්‍රහාරක කණ්ඩායමක් යැවීමට ජනපති ඔබාමා සූදානමින් පසුවන බවයි.2016 අප්‍රේල් 7 වනදා වූඩි දූපතට ඉහළින් චීන ජෙට් යානා ගමන් කල බව ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන් තහවුරු කරන ලදි.දූපත් පෙලේ තිබෙන විශාලම දූපත වන වූඩි දූපතට චීනය අයිතිවාසිකම් කියන්නේ 1950 දශකයේ පටන් ය.ඒ තායිවානය සහ වියට්නාමයට එරෙහිවයි.චීනය මෙම දූපත්වල රඳවා තිබෙන ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති දැන් පුර්ණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවයි ඇමෙරිකාවේ අදහස.ඒවාට චීන හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධව ඇස ගසා සිටින ඇමෙරිකානු ජෙට් යානා සහ බෝම්බ හෙළන යානා ලුහුබැඳිය හැකිය.
වූඩි යනු චීන ආක්‍රමණයට ලක්වූ සහ හිමිකම් කියන එකම දූපත නොවේ.පිලිපීනය අයිතිවාසිකම් කියන Scarborough Shoal දූපත් පවා චීන ආක්‍රමණයට ලක්ව තිබේ.දකුණු චීන මුහුද වෙත වැඩි අවදානයක් යොමුකිරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින්නේ මේ හේතුව නිසාය.මන්ද පිලිපීනය යනු එක්සත් ජනපදයේ මිත්‍ර රාජ්‍යයක් මෙන්ම සිය හමුදා කඳවුරු පිහිටුවා තිබෙන ස්ථානයකි.චීනයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියට පිළිතුරක් ලෙස පිලිපීනයේ හමුදා කඳවුරු 5ක් පිහිටුවීමට නව ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කෙරෙනු ඇති.මෙවර පිලිපීනයේ පැවත්වෙන ඇමෙරිකා-පිලිපීන යුද අභ්‍යාසයට ඇමෙරිකානු සෙබලුන් 5000ක් පමණ සහ පිලිපීන සෙබලුන් 3500ක් පමණ සහභාගී වනු ඇති.මෙය පිලිපීනයේ Luzon, Palawan,Panay යන දූපත්වල තවත් ජාතීන් 12කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති.
Source:morningnewsusa.com,valuewalk.com
-HarshaLulzSec-

චීන ආක්‍රමණයට ලක්වූ දූපත්
වරක් දකුණු චීන මුහුදේ දූපත් ආරවුල් සම්බන්ධව මෙම ෆෝරමයේ ලිපියක් පළකල බව සමහර විට ඔබට මතක ඇති.මෙම අර්බුදය ගැන සුළුවෙන් හෝ අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය නම් "දකුණු චීන මුහුදේ ආරවුල" ලිපිය කියවන්න.
තුන්වන ලෝක යුද්ධය සහ එක් අසුභ දිනයක්
තුන්වන ලෝක යුද්ධයක් ඇරඹීමට ප්‍රමාණවත් සාධක සහිත ස්ථාන කිහිපයකි.කොරියානු අර්ධද්වීපය,සිරියාව,ආර්ටික් වෘත්තය,තායිවානය ඉන් ප්‍රධාන වේ.නමුත් දැන් ඒ ලැයිස්තුවට දකුණු චීන මුහුදත් එක් කල හැකිය.අයිතිය සම්බන්ධව ආරවුල් පවතින දූපත් තමන්ට අයත් ඒවා බව චීනය පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ.නමුත් ඔවුන් චීන මුහුදේ පමණක් නොව තම ප්‍රධාන භූමිය ආසන්නයේ තිබෙන ඕනෑම දූපතකට අයිතිවාසිකම් කියන තරමට මෙය දැන් ඔඩුදුවා තිබේ.දූපත් සම්බන්ධව චීනය, ඇමෙරිකානු මිතුරන් වන ජපානය,දකුණු කොරියාව සහ පිලිපීනය සම්බන්ධව ප්‍රශ්න ඇතිකරගෙන සිටියි.වසරකට ඇ.ඩො.ට්‍රිලියන 5කට වැඩි ද්‍රව්‍යයන් නෞකා ඔස්සේ ප්‍රවාහනය වෙන චීන මුහුදේදී චීනය සිය අසල් වැසියන්ට තම බලය පෙන්වන්නේ ඇයි දැයි යම් ආකාරයකට පුදුමය දනවයි.ඔවුන් දකුණු චීන මුහුදේ බලෙන් අල්ලාගෙන සිටින දූපත්වල ලහි ලහියේ නාවික තොටුපොල සහ ගුවන් පථද නිර්මාණය කරයි.
වූඩි දූපතේ චීන ඉදිකිරීම්
චීනය විවාදයට ලක්වූ දූපතකට ප්‍රහාරක යානා පිටත් කර හරියි
මාස කිහිපයකට පෙර වූඩි දූපතේ ගුවන් ආරක්ෂක පද්ධති පිහිටවූ චීනය පෙබරවාරි මාසයේදී එම දූපත වෙත ප්‍රහාරක යානා පිටත් කර යවා ඇතිබව මාධ්‍ය වාර්තා කලේය.තමන් දකුණු චීන මුහුදු කලාපයට මිසයිල නාශක නෞකා හෝ උපාය මාර්ගික බෝම්බ හෙළන යානා පිටත් කර හැරීමට හෝ ආසන්න ගුවන් පිරික්සුම් කිරීමට බලාපොරොත්තු නොවන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෝන් කෙරී පවසන ලදි.දකුණු චීන මුහුද හමුදාකරණය කරමින් එම ප්‍රදේශයට මිසයිල,ප්‍රහාරක යානා සහ අනෙකුත් අවි ගෙන විත් එම කලාපය ඔස්සේ සිදුවන සමාකාමී වෙළඳාමට බලපෑමක් සිදු කරන්නට උත්සාහ දරන්නේ චීනය බවයි ඇමෙරිකාවේ මතය.
F/A-18 සහ Su-30 යානා USS Enterprise නෞකාවට ඉහළින් පියාසර කරන අයුරු
ඇමෙරිකා එක්සත් ජනපදය කියා සිටින්නේ තමන්ට නිදහසේ යාත්‍රා කිරීමට තිබෙන අයිතිය දකුණු චීන මුහුදේදී ද එලෙසම ක්‍රියාත්මක කරන බවයි.එනම් ඔවුන්ගේ නෞකාව මුහුදු කලාපයේ මුර සංචාරවල නිරත වන බවයි.චීනය අල්ලාගෙන සිටින දූපත්වල සිට නාවික සැතපුම් 12ක මුහුදු ප්‍රදේශය තුලද මෙම යාත්‍රා කිරීම් සිදු කිරීම චීනය හඳුන්වන්නේ කුපිත කිරීමක් ලෙසයි.කෙසේ වෙතත් යම් මොහොතක මෙම සිද්ධීන් යුද්ධයක් තෙක් දුරදිග යෑමට ආරම්භක හේතුව සපයා වි යැයි අනුමාන කල හැකිය.
වූඩි දූපතේ චීන ඉදිකිරීම් සහ ගුවන් පථය
ඇමෙරිකාව දකුණු චීන මුහුදට කාලතුවක්කු යැව්වේද?
එක්සත් ජනපදයේ ආරක්ෂක නිලධාරියෙක් කියා තිබුණේ පිලිපීනයට කාලතුවක්කු ප්‍රහාරක කණ්ඩායමක් යැවීමට ජනපති ඔබාමා සූදානමින් පසුවන බවයි.2016 අප්‍රේල් 7 වනදා වූඩි දූපතට ඉහළින් චීන ජෙට් යානා ගමන් කල බව ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන් තහවුරු කරන ලදි.දූපත් පෙලේ තිබෙන විශාලම දූපත වන වූඩි දූපතට චීනය අයිතිවාසිකම් කියන්නේ 1950 දශකයේ පටන් ය.ඒ තායිවානය සහ වියට්නාමයට එරෙහිවයි.චීනය මෙම දූපත්වල රඳවා තිබෙන ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති දැන් පුර්ණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවයි ඇමෙරිකාවේ අදහස.ඒවාට චීන හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධව ඇස ගසා සිටින ඇමෙරිකානු ජෙට් යානා සහ බෝම්බ හෙළන යානා ලුහුබැඳිය හැකිය.
චීනයේ HQ-9 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති
වූඩි යනු චීන ආක්‍රමණයට ලක්වූ සහ හිමිකම් කියන එකම දූපත නොවේ.පිලිපීනය අයිතිවාසිකම් කියන Scarborough Shoal දූපත් පවා චීන ආක්‍රමණයට ලක්ව තිබේ.දකුණු චීන මුහුද වෙත වැඩි අවදානයක් යොමුකිරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින්නේ මේ හේතුව නිසාය.මන්ද පිලිපීනය යනු එක්සත් ජනපදයේ මිත්‍ර රාජ්‍යයක් මෙන්ම සිය හමුදා කඳවුරු පිහිටුවා තිබෙන ස්ථානයකි.චීනයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියට පිළිතුරක් ලෙස පිලිපීනයේ හමුදා කඳවුරු 5ක් පිහිටුවීමට නව ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කෙරෙනු ඇති.මෙවර පිලිපීනයේ පැවත්වෙන ඇමෙරිකා-පිලිපීන යුද අභ්‍යාසයට ඇමෙරිකානු සෙබලුන් 5000ක් පමණ සහ පිලිපීන සෙබලුන් 3500ක් පමණ සහභාගී වනු ඇති.මෙය පිලිපීනයේ Luzon, Palawan,Panay යන දූපත්වල තවත් ජාතීන් 12කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති.
Source:morningnewsusa.com,valuewalk.com
-HarshaLulzSec-

පොඩ්ඩක් පැහැදිලි කරපන් ප්ලීස්