තුර්කි- ISIS යුද්ධය-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    තුර්කි- ISIS යුද්ධය-2

    vTc3AJU.jpg

    තුර්කියේ සන්නද්ධ හමුදා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව පසුගිය සිකුරාදා(20 වනදා)දියත් කල දැවැන්ත ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට ත්‍රස්තවාදීන් සමත්ව තිබේ.තුර්කි හමුදා මෙම මහා පරිමාණ ප්‍රහාරය එල්ල කලේ නැගෙනහිර ඇලැපෝ හි සිය මෙහෙයුම් තාවකාලිකව අවසන් කිරීමක් ලෙසයි.අසාර්ථක ප්‍රහාරයෙන් පසුව විනාශ වූ ලෙපර්ඩ් යුද ටැංකි සහ අනෙකුත් සන්නාහ සන්නද්ධ රථ නැගෙනහිර අල්-බාබ් හි අල්-සුල්ෆානියාහ් නගරය ආසන්නයේ තිබෙන දැක්වෙන ඡායාරූප පෙළක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.මෙම ඡායාරූප පළ කර තිබෙන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ නිල වෙබ් අඩවිය වන අල්-අමාක් හි ටෙලිග්‍රෑම් සමාජ ජාල ගිණුම ඔස්සේය.

    LHa0RES.jpg
    ත්‍රස්තවාදින් අතට පත්වූ M60T යුද ටැංකියක්​

    QG0TJKs.jpg
    කොබ්‍රා ජිප් රථයක්​

    5AohSRY.jpg
    කොබ්‍රා ජිප් රථයක්​

    Jw7PbS4.jpg
    විනාශ වී ගිය ACV-15 සන්නද්ධ රථයක්​

    O9BkNgu.jpg
    විනාශ වී ගිය කොබ්‍රා ජීප් රථයක්​

    iJsdZJK.jpg
    විනාශ වූ ලෙපර්ඩ්-2 යුද ටැංකියක්​

    BwNSHdR.jpg
    තුර්කි හමුදා දමා ගිය කොබ්‍රා ජිප් රථයක්,M60T යුද ටැංකියක්​

    lEZ6bVB.jpg
    අත්හැර දැමූ ACV-15 රථයක්​


    විනාශ වූ ලෙපර්ඩ්-2 යුද ටැංකි

    Er4C6bg.jpg


    aLTOjFM.jpg


    qSjtdQy.jpg

    තුර්කියේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් සහ තුර්කි සන්නද්ධ හමුදා පසුගිය සතියේ සිරියාවේ උතුරුදිග ඇලැපෝ ප්‍රදේශයේ පිහිටි සුෆ්ලනියා ගම්මානය බලය අල්ලා ගත් අතර ක්බාසින් නගරය වටලන ලදි.මෙම නගරයේ බලය තිබෙන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතේය.මෙම උපාය මාර්ගික ඉදිරි ගමනේ අරමුණ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් වන අල්-බාබ් නගරයට නැගෙනහිරින් ඇතුල්වීමයි.තුර්කි හමුදා සහ ඔවුන්ගේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම් අල්-බාබ් නගරය අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ 2016 වර්ෂයේ අවසන් භාගයේ පටන්ය.නමුත් ඔවුන්ට මේ දක්වා සාර්ථක වීමට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඉඩ ලබා දී නැත.කෙසේ වෙතත් තුර්කිය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් හමුවේ බරපතල පරාජයක් ලබාතිබෙන බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නිකුත් කරන ඡායාරූපවලින් පෙනේ.

    5m8UXTg.jpg

    නමුත් තුර්කි හමුදාවට ක්බාසින් නගරයේ බලය අල්ලා ගැනීමට හැකිවුව හොත් ඔවුන්ට අල්-බාබ් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ බලකොටුව වටලෑමේ අවස්ථාව හිමිවේ.පසුගිය 20 ලැබුණු වාර්තාවලින් කියවුනේ ක්බාසින් නගරය වටලෑමේ තුර්කි හමුදාවේ උත්සාහය අසාර්ථක වූ බවයි.ඒ අතරතුර සිරියානු හමුදාව රුසියානු ගුවන් ප්‍රහාරවල සහාය ඇතිව අල්-බාබ් හි දකුණු ප්‍රදේශයේ ෂාමර් නම් ගම්මානය මුදාගැනීමට සමත්විය.

    JuMmheb.jpg

    එදිනම අල්-බාබ් ආසන්නේ සුෆ්ලානියාහ් නගරයේදී තුර්කි හමුදා ඉලක්ක කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කර මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සෙබලුන් පස්දෙනෙක් මියගොස් නවදෙනෙක් තුවාල ලැබීය.තුර්කි හමුදාව එම සිද්ධිය සනාථ කල අතර එදින තුල පමණක් ඔවුන්ගේ හමුදාව විසින් ත්‍රස්තවාදීන් 23 දෙනෙක් මරාදැමූ බවද සඳහන් කලහ.

    PWo4xfy.jpg

    මොස්කව්,ඩැමැස්කස් සහ ඇන්කාරා පාලන අධිකාරයන්ගේ එකඟතාවය මත උතුරුදිග සිරියාවේ අල්-බාබ් නගරය අල්ලාගැනීමේ මෙහෙයුම් තුර්කි ගුවන් හමුදාව,රුසියානු ගුවන් හමුදාව සහ සිරියානු හමුදාවේ එකමුතුවෙන් සිදු කරන්නට තීරණයක් ගෙන තිබේ.මෙම එකඟතාවය ඇතිව තිබෙන්නේ කසක්ස්ථාන අගනුවර වන අස්ථානාහි පැවති සිරියානු අර්බුදයට විසඳුමක් සෙවීමේ සාකච්ඡාවලදීය.ඒ අනුව අල්-බාබ් නගරය අත්පත් කරගැනීම සඳහා තුර්කි පාබල හමුදා වෙනුවට සිරියානු හමුදාව යෙදවෙනු ඇත.මෙම මෙහෙයුමේ ඉලක්කය වන්නේ කලක් අල්-නුස්රා පෙරමුණ නමින් හැඳින්වූ ජබාත් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමයි.

    kfRFPXE.jpg

    ඇමෙරිකාව සහ තුර්කිය උතුරුදිග සිරියාවේ අලුතින් හමුදා කඳවුරු පිහිටුවීමේ සූදානමක් තිබෙන බව මැදපෙරදිග පුවත්සේවා විසින් වාර්තා කරයි.කුර්දි හමුදාවට අයත් ටාල් බිඩාර් නම් කඳවුරෙන් ඔවුන් ඉවත්ව ගොස් එය ඇමෙරිකානු හමුදාවට ලබාදීමේ සැලැස්මක් තිබෙන බව සඳහන්වේ.මෙම කඳවුර හසාකා නම් නගරය ආසන්නයේ පිහිටා ඇත.කඳවුර පිහිටුවීමේ අරමුණ වන්නේ ගොඩබිමින් සහ ගුවනින් ගෙන එන යුදෝපකරණ ඇතුලු භාණ්ඩ ලබාගැනීම සහ බෙදාහැරීමයි.තුර්කියද උතුරුදිග ඇලැපෝ ප්‍රදේශයේ කාල්ජාබ්‍රින් ගම්මානයේ හමුදා කඳවුරක් පිහිටුවීමට කටයුතු සූදානම් කරමින් තිබෙන බව අසන්නට ලැබේ.එම ප්‍රදේශයට තුර්කි-සිරියා දේශසීමාවේ සිට යුදෝපකරණ විශාල ප්‍රමාණයක් ගෙනවිත් තිබෙන බවත් කඳවුරක් සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ලෙස අගල් කැපීම්,බාධක ඉදිකිරීම් ආදිය මේවන විටත් සිදුකෙරෙමින් තිබෙන බව වාර්තාවේ.




    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ පුදුම ආසාවක් තියෙනවා ඊශ්‍රාලය සහ රුසියාව එකතු වෙලා වටේම ඉන්න ත්‍රස්තවාදීන් අතුගාලා දාන හැටි බලන්න
     
    • Like
    Reactions: HarshaLulzSec