ඕක හිතේ තියෙන්නෙ. ඉස්සර උදේට කිරි බීව, පස්සෙ මයිලෝ බීව, පස්සේ නෙස්ටමෝල්ට් බීව, තවත් පස්සේ කිරි තේ බීව ඕව බොනකල් උදේට ඕක නැති උනාම අප්සෙට්. බොක සෙට් වෙන්නෙ නෑ. කිසිම ෆෙරෙෂ් ගතියක් නෑ වගේ. මුස්පේන්තු ගතියයි. පස්සෙ ඕකෙන් එන ඉෆෙක්ට් එක එනව කියල හිතාගෙන උනු වතුර කොප්පයක් උදේට බොන්න ගත්ත. ටීවී එක බලන ගමන් පොඩ්ඩ පොඩ්ඩ එන්ජෝයි කර කරනේ කලින් ඒව බීවේ. ඒ වාගේ උණු වතුර බීව. ඒකත් අර වගේම තමයි. ඔක්කොම තමන්ගේ හිත තමයි. ඇත්තටම අර ඔක්කොටම වඩා උණු වතුර හොදයි කියල හිතෙනව. ඇගට අගුණෙකුත් නෑ. අනෙක් වෙලාවට නම් පුරුද්දට වගේ බොනව. අනිත් අය බොන නිසා බොනව. ඇරෙන්න ඕනමයි කියල එකක් නම් නෑ. එහෙම තේ කෝප්පයක් වගේ දේකට වෙන දේකට හරි මගේ හිත කොන්ට්‍රෝල් කරන්න මම හිතලම ඉඩ දෙන්නෙත් නෑ.