එහෙම නෙමේ බම් සෙට් එකක් ඉන්නො අනිත් උන් කාලා බීලා හිටියාම උන්ට හෙන අමාරුව

උන් ඉතින් කාලා බීලා ඉන්න උන්ට මොනාව හරි කියන එක තමයි කරන්නේ බම් අරක මෙහෙමයි මේක ගුණයි අරම හදන්න තිබ්බා ගාන මෙහෙමයි රටේ ලෝකේ නැති දේවල්.
මම නම් දකින්නේ බම් කන්න උනත් පින තියෙන්න ඕනි සල්ලි හම්බකරන බහුතරය උන් ඉන්නවා උන්ට කන්න පින නෑ බම්,
අරුම පුදුම ජීවීන් ඉන්නේ මේ දූපතේ මම උදාහරණ දෙන්නම් අපේ මහ එක්කෙනා (පියා) ඉන්නේ අමුතුම කුම්මැහි වගේ සීන් එකේ, තමන්ට කන්නෙත් නෑ අනිත් උන් කන එකට දාහක් දේවල් කියනවා, හැබැයි බම් එයා අනිත් උන්ට හොඳට කන්න බොන්න දෙනවා (නිකන් අර එයාගේ හයිකාරකම් පෙනන්න වගේ) තට්ටයෝ එහෙම හොය හොය ගිහින් කන්න බොන්න දෙන්නේ, එයාගෙන් කවුරු හරි කද්දී කිසි අවුලක් නෑ හැබැයි උන් උන්ගේ සල්ලි වලින් කද්දී බොද්දී හෙන දර්ශන දාන්නේ, මටත් දර්ශන දානවා දේශනා දෙනවා මම මගේ සල්ලි වලින් කද්දී බොද්දී, එයාගේ සල්ලි වලින් මම කද්දී කිසි අවුලක් නෑ, පුදුම ජීවිත