තොපි ප්‍රේමයේ පළ නෙළුවට කමක් නෑ ලෙලි එහෙම #

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    තොපි ප්‍රේමයේ පළ නෙළුවට කමක් නෑ ලෙලි එහෙම #

    තොපි ප්‍රේමයේ පළ නෙළුවට කමක් නෑ ලෙලි එහෙම පහලට දානව නෙමෙයි.... 15 + ද මන්ද



    Free-Range-Chickens.jpg





    මේක ඇවිල්ල අර මළ ගෙවල් වල එහෙම නිදි මරද්දි කියන කතාවක්.. හුඟක් අය අහලත් ඇති... ඒත් ලියල දාන්න හිතුව...

    අලුත බැඳපු ජෝඩුවක් ඇනෙක්ස් එකක පදිංචියට ගියාලු.. මේක ඇවිල්ල තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවලු.. ඊට එහා පැත්තෙ වත්තෙ තිබිල තියෙන්නෙ කුකුල් ෆාම් එකක්.

    ඉතින් බැඳපු අලුත නිසා දෙන්න ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉදල තියෙන්නෙ... ආලෙන් වෙලිච්ච ගමන්ලු...

    කොච්චර ආලෙන් වෙලුනත් " පරිස්සම එකට " සංකල්පය අමතක කරපු නැති මේ දෙන්න ඉතින් පරිස්සම් වීමට උපත් පාලන කොපුවක් එහෙමත් නැත්තම් සිංහලෙන්ම කිව්වොත් කොන්ඩම් එකක් පාවිච්චි කරනවලු...


    ඉතින් ලේසියටත් එක්ක ආලෙන් වෙලිල ඉවර උනහම පාවිච්චි කල කොපුව ජනේලෙන් එහා පැත්තෙ ෆාම් එකට විසි කරනවලු...

    මුන් දෙන්න ඉතින් ඔහොම ආලෙන් වෙලෙද්දි ෆාම් එකේ අයිතිකාරය මුන් ආපු දවසෙ ඉදන් දුකෙන් හා මලෙන් වෙලුන ගමන්ලු... හේතුව මනුස්සය උදේට එනකොට හැමදාම කිකිලියෙක් මැරිලලු.. ( කුකුල්ලු නැතිව කිකිල්ලියො ම මැරුනෙ ඇයිද මම දන්නෙ නෑ ඔන්න..)

    දැන් මේ මනුස්සයටත් මාර ප්‍රශ්නයක්ලු... හේතුවක් නැතිව කිකිලියො මැරෙන එක.. ඉතින් මේ මනුස්සය තීරනය කරාලු රැයක් ෆාම් එකට වෙලා ගත කරන්න. එහෙම කරල හරි මෙ විනාසෙට හේතුව හොයා ගන්න පුළුවන් වෙයි කියල හිතල දැන් මෙ මනුස්සය ෆාම් එකේ කුකුල් කොටුවට වෙල ඇන තියන් ඉන්නවලු..

    රෑ 10 ට විතර එහා වත්තෙ උඩ තට්ටුවෙ ඉදන් සුදු පාට අයිටම් එකක් "චොක් "ගාල ෆාම් එකට ලෑන්ඩ් කරාලු.. කිකිලියෙක් ගිහිල්ල ඕක ගිල්ලලු. ටිකකින් කිකිලි සෙත්ත පොච්චිලු...


    දැන් මේ මනුස්සයට අම්බානෙක මල ලු.. කමක් නෑ තව ටිකක් ඉවසල බලමු කියල ඉන්නවලු දැන්... පාන්දර 2 ට විතර යාන්තම් ඇහ පියවීගෙන එද්දි ආයෙම සුදු පාට අයිටම් එකක් " චොක් " ගාල ලෑන්ඩ් කලාලු.. තව කිකිලියෙක් හිමින් සැරේ කිට්ටු වෙල ගිල්ලලු ඕක.. ටික වෙලාවක් යද්දි ඒ කිකිලිටත් ඇදුනලු චාන්ස් එක.. සෙත්ත පොච්චි.

    දැන් ෆාම් එක අයිති මනුස්සයට මල මල් වත්තක් වෙල.. 84000 ටත් චුට්ටක් වැඩියෙන් තද වෙල දන්න කියන ශුද්ද සිංහලෙන් අම්ම මෝ නැතුව බනිනවලු...

    ඔය සද්දෙට අපේ අලුත බැඳපු ජෝඩුවත් එලියට බැස්සලු... බැහල අර මනුස්සයගෙන් ඇහුවලු

    " අන්කල්.. මොකද මේ කෑගහන්නෙ කියල..."

    අන්කල්ට තවත් මලලු...

    " කෑගහන්නෙ කෑගහන්නෙ උබල මේ එලිවෙන ජාමෙ වෙනකල් ඇහරෙගෙන අහවල් එකක්ද කරන්නෙ... "

    කොල්ලත් බොහොම උජාරුවෙන් කෙල්ලගෙ කරට අතකුත් දාගෙන තුරුල් කරන් කිව්වලු..

    " අන්කල්... අන්කල් අපි මේ ප්‍රේමයෙ පළ නෙලනව " කියල

    අන්කල් කිව්වලු....

    " තොපි දෙන්න ප්‍රේමයෙ පල බැරිනම් ඕනි එකක් නෙලාගනින් හැබයි මීට පස්සෙ ලෙලි එහෙම පහලට දානව එහෙම නෙමෙයි "


    :D


    මෙය මාගේ නිර්මානයක් නොවේ..

    Source :

    :P:P:P:P:rofl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela ela..
    ( කුකුල්ලු නැතිව කිකිල්ලියො ම මැරුනෙ ඇයිද මම දන්නෙ නෑ ඔන්න..)