තොපි වගේ මී හරක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තොපි වගේ මී හරක්

    ශාරීරික නිදහස වගේම මානසික නිදහසත් බිංදුවටම වැටුණ කාලයක් පහු කරගෙන යන නිසා එලකිරියට ගොඩ වදින්නෙම නැති තරම්.. ආයෙ වෙලාවක් ලැබුණාම ආගිය තොරතුරු වෙනමම ත්‍රෙඩ් එකකින් දිග අරින බලාපොරොත්තුවෙන් කියන්න ආව විස්තරේ ලියලා දාන්නම්..;)


    මානසික නිදහස කෙසේ වෙතත් ශාරිරික වශයෙන් ලැබුණු කොරෝනා විරාමය නිසා බිත්ති හතරකට කොටු වෙලා සිරගත උනාට පස්සේ මගෙ අතින් ලිය උනු මගේම පරණ ත්‍රෙඩ් කීපයක් දැකලා හිත අයේ අවුරුදු ගාණක් ආපස්සට ගියා.. හිත කොච්චර ආපස්සට ගියාද කියනවනං පවතින ඇඳිරිනීති තත්ත්වය හෝ කොරෝනා අවධානම නොතකා දිගාමඩුලු දිස්ත්‍රික්කයේ ඈත කෙළවරක තිබුණු අඹගහවැල්ල ග්‍රාමයටම ගිහිනුයි නතර උනේ..:love:


    Dy22xeqUwAAsjoO.jpg



    කාලවකවානුව හරි හැටි මතක නැතත් මම ඕලෙවල් ඉවර වෙලා හෝ ඒ ලෙවල් කරන බලාපොරොත්තුවෙන් හිටිය කාලේ වගේ ලාවට මතකයි..:oo:

    ලොකු අක්කගේ වැඩිමල් සොහොයුරයි, ලොකු අක්කයි එයාගේ මහත්තයයි ඒ අයගේ චූටි පුතයි අපේ අම්මයි තාත්තයි එක්ක අපි තව සැරයක් ගමේ ආවා.. (ගමේ ආව විදිහ ගැන ත්‍රෙඩ් කීපෙකදිම කිව්ව නිසා ගමට සේන්දු උන විදිහ ගැන ආයේ ආයේ මතක් කරන්න ඕනේ නෑ කියලා හිතුන..) මේ සැරේනම් අපි ගමේ ආවේ ලොකු අක්කලගේ වෑන් එකේ.. මතක විදිහට බොහොම තරුණ වයසේ රියදුරෙකුත් ගමනට සම්බන්ධ උනා.. පිරිස වැඩියෙන් එකතු වෙලා ගමේ ආවම අපේ සුපුරුදු නවාතැන් පොල වෙන්නේ නැන්දලාගේ ගෙදර.. පොඩි මාමාලගේ ගෙයි ඉඩ පහසුකම් මදි නිසා අපි කෙලින්ම නවතින්නේ නැන්දලාගේ ගෙදර.. කොච්චර ඉඩ පහසුකම් අවම උනත් එක රැයක් පොඩි මාමාලාගේ ගෙදර නිදා ගන්නත් අපි අමතක කරන්නේ නෑ.. කුප්පි ලාම්පු එළියෙන් කතා බහ කරන ගමන්, පොඩි මමාගේ ටෝච් එක තියෙන Nokia 1100 ෆෝන් එකෙන් වෙලාව බලලා නිදා ගන්න වෙලාව තීරණය කරපු ඒ කාලේ ඇත්තටම වෙනමම ලෝකයක්ද කියලා හිතෙන තරමට අද අපි වෙනස් වෙලා..:sorry:



    සාම්ප්‍රදායානුකූල නෑකම් මත යම් තරමක දුරස්ථබවක්, වැදගත් කමක් තියාගෙන ගමන පටන් ගත්තත් ගමේ ආවට පස්සේ එහේ අයියලා දෙන්නයි මල්ලියි එක්ක එකතු උනාට පස්සේ "නෑකම" කියන වැදගත් පරතරය "මචන්" කියන අසීමිත ලෙංගතු පරතරය දක්වා ලිහිල් වෙන්නේ ඉබේටමයි..:P ගම්මැද්දෑවේ කරක් ගහන ගමන් හෝ වෑන් එකේ එහාට මෙහාට යන ගමන් ටිකක් ඇහැට කණට පේන නැගෙනහිර පළාතටම ආවේනික උනු හීන්දෑරී කෙල්ලෙක් දැක්කත් "ඒ කවුද බං අර" කියලා අහන්න ලොකු අක්කගේ මහත්තයා දෙපාරක් හිතන්නේ නෑ..:rofl:

    "හා හා.. ඔයා බැඳලා, මම විතරයි බඳින්න බලන් ඉන්නේ අනිත් අය අහක බලාගන්න.." :oo:
    කියලා පොර වෙන්නේ ලොකු අක්කගේ වැඩිමහල් සහෝදරයා හෙවත් හැමෝගෙම අයියා.. ඔය අතරේ ගමේ අයියලා දෙන්න
    "මේ මේ ගමේ වැල ගමේ කපුටන්ට"
    කියාගෙන ගේමට බහින්නත් අමතක කරන්නේ නෑ..:P
    ඔය වගේ කෝලම් වැඩ අතරේ තාම අමාරුවෙන් ඇවිදින පොඩි එකාවත් අතේ තියාගෙන ලොකු අක්කා මහත්තයගේ කනෙන් අදින්නේ
    "මේ මේ මම මෙතන ඉන්නවා කියන්න වගේ.."
    එතන ඉඳලා දිගටම අර කිරිසප්පයා අක්කගේ මහත්තයගේ අතේ.. කෙල්ලෝ දිහා බලන්න ගිය වරදට අක්කගෙන් ලැබුණ ක්ෂණික දඬුවම නිසාම ඉන් එහාට ගමේ කෙල්ලො දිහා බලන එක නැවතුනා කියන්න බැරි උනත් සෑහෙන දුරකට සීමා උනා.. මොකද "ඉන්න තැන මෙහෙමනම් අපි නැති තැන මුං කොහොම ඇතිද" කියන සැකය අම්මලාගෙන් සහ අක්කගෙන් මග ඇර ගන්න ඕනේ කියන සිතුවිල්ල අපි හැමෝගෙම යටිහිතේ කැත විදිහට රැඳිලා තිබුණ නිසාමද මන්දා අපි ඔක්කොම හොඳ ළමයි වෙන්න උත්සහ කළා..:rofl:



    ගම්මානේ තියෙන දුෂ්කර භාවයේ අනිවාර්යම අංගයක් උන පට්ට රස්නේ නිසාම අපි පුලුවන් තරම් ගෙදරින් එළියට පනින්න උත්සහ කළා.. විශේෂයෙන් මගේ එක්ක ෆිට් එකේ හිටිය අම්පාරේ අයියලා දෙන්න සහ පොඩි මලයා එක්ක කොහේ හරි ඇලක කුඹුරුක, බැහලා තෙත බරිත වෙලා දවල් කෑම වෙලාවට ගෙට ගොඩ වෙන පුරුද්ද දෙවෙනි දවස වෙනකොට මගෙන් ලොකු අක්කගේ මහත්තයටයි, අයියටයි, අපි එක්ක ආව රියදුරු කොල්ලටයි ඉබේම බෝවුනා.. :angry:

    දවල්ට තියෙන රස්නේ නිසාම ලොකු අක්කගේ මහත්තයා "නාගන්න පුලුවන් තැනකට යමං" කිය කිය අම්පාරේ අයියලාට
    නිතර නිතර ඇවිටිලි කරන්න ගත්තා.. ගේ ඉස්සරහින් ගලාගෙන යන ඇල පාරෙත් සෑහෙන දුරට වතුර හිඳිලා නිසා නාගන්න තරම් වතුර තිබුණේ නෑ ඒ කාලේ.. :baffled:


    පොඩි මලයා එක්ක එකතු වෙලා ගෙදර අත්‍යවශ්‍ය වැඩ වලට තියාගෙන ඉන්න බ්‍රේක් කඳුලක් නැති ලුමාලා බයිසිකලේ උස්සන එක අනිවාර්ය අංගයක් උනත්, අයියලා සෙට් එක එක්කම අයාලේ යන්න තරම් ප්‍රමාණවත් බයිසිකල් කීපයක් අපිට හොයා ගන්න බැරි උන එක ගෙයින් එළියට යන එකට සෑහෙන ලොකු බධාවක් උනා... කඳු පල්ලම්, ඒ දඬු, එරෙන වැල්ල, කුඹුරේ නියර එක්ක බයිසිකලයක ඔට්ටු වෙවී ගන්න ආතල් එක වෑන් එකේ එහේ මෙහේ ගිහින් ගන්න හිතන්නවත් බෑ.. නෑ ගෙදරකින් නෑ ගෙදරකට වැදගත් විදිහට වෑන් එකේ ගිහින් බැස්සට හිත ඇතුළේ තියෙන කැලෑ ගති වලට ගැලපෙන්නේ බයිසිකලයක් විතරයි.. අනික වාහනේ පරෙස්සම් කරනවා ඇරෙන්න කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ පාරවල් සෑහෙන අබලන් තත්ත්වෙක තිබුණ නිසා..:oo:

    ලොකු අක්කගේ වැඩිමල් සොහොයුරායි, ලොකු අක්කගේ මහත්තයයි, අම්පාරේ අයියල දෙන්නයි, මලයයි අපේ රියදුරයි එක්ක ඔක්කොම 7 දෙනෙකුගේ ගැන්සියක්. ඒ ගැන්සියෙන් අම්පාරේ ලොකු අයියා ඉබේම අයින් උනා කුඹුරේ ලියදි බඳින්න යන්න ඕනේ උන නිසා..:sorry: රියදූරු කොලුවටත් ගිණි කූඨකේ එළි බහිනවට වැඩිය මිදුලේ හදලා තිබුණ ලෑලි බංකුවේ නිදා ගන්න එක ලොකු උනා..:P ඒ කාලේ ඉඳලම ගමේ ආවාම කැලේ පනින මානසිකත්වෙන් මිදෙන එක ලොකු අක්කගේ මහත්තයටයි මටයි කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්..:rofl: ඒ නිසාම අම්පාරේ පොඩි මළයවයි, අනිත් අයියවයි එක්කාසු කරගෙන කොහේ හරි වතුර තියෙන තැනකින් නාගෙන එන්න කතා උනා.. ගිනිගහන අව්වේ එළි බහිනවට ලොකු අක්කා වගේම අපේ අම්මලාගෙනුත් සෑහෙන විරෝධතා එල්ල වෙච්චි නිසා අපි ගලාගෙන යන වතුර අඩු උන ඇළෙන් ඇඟ පත හෝදගෙන එන්න පිටත් උනා.. :sorry:පිළිවෙලින් අම්පාරෙ අයියයි, පොඩි මළයයි, මමයි, මට පිටි පස්සෙන් ලොකු අක්කගේ මහත්තයයි ඇළට බහින්න තියෙන අඩි පාර දිගේ එකා පස්සේ එකා ගමන පටන් ගත්තා.. ඇළ ගාවටම ඇවිත් පිටිපස්ස බලද්දී කොහේදෝ ඉඳන් ආව ලොකු අක්කගේ වැඩිමල් සහෝදරයත් පෝලිමට එකතු වෙලා.. රස්නේ වැඩි නිසා සෙට් උනාලු..:rofl:



    800px-Oluvil.JPG



    වතුර අඩු උනත් සෑහෙන පිරිසිඳු අඩිය පවා හොඳින් පේන වතුර පාරක් ඇල දිගේ පහළට ගලාගෙන ගියා..:love: අපිත් හිමි හිමීට අඩිය තියලා වතුර බොර නොවෙන්න ඇලට බැස්සා.. ඉන මට්ටමට වඩා අඟල් කීපයක් උඩින් වතුර ගලාගෙන ගියා.. වතුරේ කිසිම සීතල බවක් නැතත් රත් උන වතුරෙන් පවා ඒ වෙලාවේ ඇඟට මාර සනීපයක් දැණුනා.. විනාඩි පහක් හෝ හයක් අපි බොහොම විනීතව හැසිරුණා.. විනීත බව විනිවිද ගිහින් වයසට පවා මෙල්ල කරන්න බැරි සෙල්ලක්කාරකම් මතු වෙන්න පටන් ගත්තේ පොඩි මළයට ඇළ ඉවුරේ තිබිල හම්බ උනු රබර් බෝලයක් නිසා..:lol:

    ඇල බොර නොකර ශේප් එකේ ඇඟ හෝදගෙන එමු කියන න්‍යාය අමු අමුවෙම උල්ලංඝනය කරගෙන අපි රබර් බෝලේ උඩ ද දා ඇලේ නැටුවා.. බෝලෙ අල්ලන්න ගිහින් අම්පාරේ ලොකු අයියා මූන වැල්ලේ උලා ගත්තා.. උඩ පැනලා බෝලෙට පැනපු අම්පාරේ මලයා පපුව වැල්ලේ උලාගෙන බෙරිහන් දුන්නා.. වතුර අඩු වෙලාවේ කොටයක් උඩට වෙලා අව්ව තපින ගමන් මනෝ පාරක් ගහගෙන හිටිය ඉබ්බෙක්ව අල්ලන්න ඇල කණ්ඩිය දිගේ බඩගාන්න ගිහින් සාක්කු වල වතුර පිරිල ඒ බරට මගේ කලිසම ගැලවුනා..:sorry: මගේ නිරුවත් පශ්චාත් බාගෙ වෙනුවෙන් නැගුණු හූ හඬ මුලු ගම්මානේ පුරාම විහිදිලා ගියා..:P ඔය වගේ චාටර් සිද්දී ආතල් සිද්දී එකින් එක පැටලි පැටලි, තෙරපෙන අතරේ ඇළ පහල තවත් වින්නැහියක් වෙන්න පටන් අරන් තිබුණා..:shocked:



    මුලින්ම ගමේ මාමලා දෙන්නෙක් තඩී පොලු දෙකකුත් එක්ක සරම කැහැපොට ගහන් එන හැටි අපි ඈතදිම දැක්කා..:eek: ඒ ආව මාමලා අපිව දැක්ක ගමන් ආවට වැඩිය වේගෙන් ආයේ හැරිලා යන හැටිත් මමයි පොඩි මලයයි බලන් හිටීයා.. ඒ වෙලාවේ ප්‍රභාකරන් ටී පනස් හයක් එක්ක ආවත් පොරවත් ඇලේ බස්සගෙන රබර් බෝලේ අතට දෙන්න තරමට හෙන ළමා මානසිකත්වෙක උන්න මටයි මළයටයි මාමලාගේ සීන් එක අනිත් අතට බොඳ වෙලා ගියා..:rofl:


    තවත් විනාඩි කීපෙකින් ගමේ මාමලා පස් දෙනෙක් විතර ඇළ කණ්ඩිය උඩ විරා ජමාණ උනා.. කැහැපොට ගහගත්තු සරමත් එක්ක ඇල කණ්ඩිය උඩ හිටන් උන්නු ඉරියව්ව නිසා අපිට මාමලා දිහා එක එල්ලේ බලන්න ටිකක් අපහසු උනා යටින් එල්ලෙන් එක එක විසිතුරු ආභරණ නිසා..:lol: ඒ අස්සේ පොඩි මළයා රබර් බෝලේ හීනියට ඇල දිගේ පා කරලා ඇරියා..:P

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "අඩා.. අපි හිතව්වේ උඩහ මී හරක් ඇලේ බැහැලා කියලා.. මොකෑ මේ වතුරත් නැති වෙලාවේ ඇලේ බැහගෙන කොරන්නේ..නා කියාගන්න කියාලා ඇලට ආවාම වතුර ඔක්කොම මඩ වෙලා.. ඒකයි මේ උඩහට ආවේ මී හරක් එලවන්ට කියලා..":angry:
    කැහැපට ගහගත්තු සරම පිටි පස්සෙන් තව ටිකක් උස්සන ගමන් මාමා බෙරිහන් දෙනවා.. :oo:



    "අයියේ මූ මී හරක් කියන්නේ අපිටද..?":eek: මොංගල් හිනාවකුත් දාගෙනම දත් හොල්ලන්නේ නැතුව මම අම්පාරේ අයියගෙන් ඇහුවා..:P

    buffalo-horns-for-dogs-810x435.jpg




    "මල්ලී මි හරක්ට තලන කෙවිටක් නෙමෙයි ඈ අතේ තියෙන්නේ. යකා නැගලා ඉන්න වෙලාවේ මුගෙන් කන එක නෙමෙයි අවුල. කාල ගෙට ගිහින් තාත්තා දෙන එකත් කන්න වෙන එකයි අවුල..":baffled: අයියාත් මාව අනුකරණය කරගෙන දත් හොල්ලන්නේ නැතුවම මගේ කණට මිමිනුවා..


    "අඩා නෑ මාමා. මේ කොළඹ ඉඳලා ආව අයියලා වාගයක්.. ඉන්නම බෑ රස්නියයි කිව්ව නිසා පොඩ්ඩකට ඇලට බැහලා යන්ට ආවේ... දන්නේ නැද්ද ඉතින්.. අපි වගේ නෙමෙයිනේ මාමා.. දැන් ඉවරයි. මේ යන්නයි හදන්නේ..":baffled: අම්පාරේ අයියා හීනියට බෝලේ බැස්සුවා..

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "කොළඹ ඈයෝනම් කමක් නෑ කියමුකෝ.. මේ අපේ කොල්ලො දෙන්නත් මේකෙ බැහැගෙන බොර කොරනවනේ.. හා හා. ඉක්මනට නාගෙන ගොඩට ගියානං.. මහතුං කඩේ මුදලාලිත් එන්න තැනුවා.. මම නවත්තලා ආවේ. හා.හා.. ඉක්මක් කරලා ගොඩ ගියානං හොඳා.. අපි මේ හිතුවේ මී හරක් බැහැලා කියලා.. දෙකක් දීලා ගොඩ කරවන්න බලාගෙන ආවේ..":angry:



    සිරිසිරිමල් කිව්වලු.. මාමා අයේ අර තඩි පොල්ල ලතාවට වනන ගමන් ආයේ අපිට මී හරක් කියලා නොකියා කිව්වා.. අතේ තියෙන පොල්ල වැනෙන එක ඉවසන්න පුලුවන්. ඒත් කැහැපොට ගහගත්තු කෙහෙල්මල් සාරමත් එක්ක වැනෙන අනිත්... එක්කෝ ඕනේ නෑ...:P

    ගමක් නාපු ඇලක් බොරකරපු මීහරක් උනු අපි සබන් නොගාම ඇලෙන් ගොඩ වෙලා මුකුත් නොවුනු ගාණට ගෙදරට ගොඩ උනා..:P වෙච්ච දේ රහසක් විදිහට තියාගන්නත් අපි හැමෝම තීරණය කළා.. :rofl:


    ඒ තිරණේ එදාම රාත්‍රියේ ලත් තැනම ලොප් උනේ කොළඹ නෑයෝ බලන්න නැන්දලගේ ගෙදරට ආව නෑදෑ පිරිවරට දවාලේ අපිට මීහරක් කියල තග දාපු මාමණ්ඩිත් අයත් උන නිසා.. රෑ කෑම කන අතරේ අපේ වීර ක්‍රියාව ගමේ මාමා සෑහෙන උජාරුවෙන් ඔක්කොම ඉස්සරහ එළි දැක්කුවා.. එකම වෙනස මේ සැරේ මාමගේ සරම පහළ, අපේ රෙදි කරේ..:sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එදා රාත්‍රී භෝජනයෙන් පස්සේ අපිට අතුරුපස නොමිලේ..:sorry: එච්චර චාටර් වෙලත් අපි නෙමෙයි සැලුනේ.. පහුවදා ගිනි රස්නෙන් බේරෙන්න අපි ගියා "කොටේ ලිඳෙන්" නාගෙන එන්න.. නෑවා විතරක්නම් මදැයි.. ඒක ඊට එහා..:P එහෙනම් කොටේ ලීඳ ගාවදි හමු වෙනකන් දැණුනු දේවල්, මතක් උන දේවල් කියලා යන්නත් අමතක කරන්න එපා ;)



    හිත මිතුරු
    RICH LIFE
    :)
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    පට්ට බ්‍රෝ රෙප් +

    ආරම්භෙ අරං තිබ්බ විදිහට නං තේරෙන්නෙ මොකක් හරි අවුලක ඉන්නව වගෙහ් මොකෝ සීන් එකහ් අයියේ?මේ දවස් වල මොකද කරන්නෙහ් ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බුදු අම්මෝහ් මේ ඉන්නේ ඩයල්1..ඉතින් කොහොමද බ්‍රො...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta macho +++:yes::yes::yes:


    ස්තූතියි මචන්..:D

    පට්ට බ්‍රෝ රෙප් +

    ආරම්භෙ අරං තිබ්බ විදිහට නං තේරෙන්නෙ මොකක් හරි අවුලක ඉන්නව වගෙහ් මොකෝ සීන් එකහ් අයියේ?මේ දවස් වල මොකද කරන්නෙහ් ?

    අවුලක නේන්නම්.. කම්පැනි ඔක්කොම වහලා.. ඒ මදිවට දැන් සප්ලයර් කම්පැනි පවා වහලා නිසා කාමරේටම වෙලා ඉන්නවා දවසම.. ගෙදර එන්නත් බෑ එයා පෝට් වහලා නිසා.. ඇඬිලා ඉන්නේ මේ ටිකේ..:sorry:

    විස්තර ඇහුවට ස්තූතියි මචන්..:love:



    :D:D

    Patta bro

    Thank Machan.:cool:

    ලස්සන පලාතක්:love:

    :yes::yes::love:

    බුදු අම්මෝහ් මේ ඉන්නේ ඩයල්1..ඉතින් කොහොමද බ්‍රො...



    අම්මටසිරි කාලෙකින්.. :love:
    ඇත්තම කිව්වොතින් මමයි කාලෙකින් සෙට් උනේ..:yes:
    මේ දවස් ගැනනම් කතා කරලා වැඩක් නෑ.. කුජීත වෙලා ඉන්නේ.. ඒ ගැන කියන්න වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා..:D
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    සුපිරි මචන්.. කලින් කතා ටිකත් මතක් උනා.. brake නැති බයිසිකලේ, bus ඒකෙ 18 වංගුව ගියපු එක..දිගටම ලියපන්..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :D:D

    වරෙනකෝ ආයේ මේ පැත්තේ...මම බලන් ඉන්නේ .:D

    අම්පාරේ එන්න කලින් ගෙදර එන්න ඕනේ බං.. :sorry:


    ආහ් ඔයාට තාම රෙප් දෙන්න විදිහක් නෑ. වටේ යනවා මදිලුනේ..:rofl:

    අම්මෝ ඒක :love::love:

    :lol::lol:


    :cool::cool:


    :):)


    11.gif
    11.gif


    ඇත්තටම richlife එකක් තමයි

    ස්තූතියි මචන්..:love:

    සුපිරි මචන්.. කලින් කතා ටිකත් මතක් උනා.. brake නැති බයිසිකලේ, bus ඒකෙ 18 වංගුව ගියපු එක..දිගටම ලියපන්..

    ආහ්. සෙට් එකම කියෙව්වද...:D දෙවනි කොටස ලියන ගමන් මචන්.. දැම්මාම බලපං.. කමෙන්ට් එකට ස්තූතියි ගොඩක්..:love: