තොරතුරු තාක්ෂණ වෘතිකයන්
හිතවත/හිතවතිය..
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘතිකයන්ගේ සංගමය නමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘතිකයන් එක තැනකට ඒකරාශී කරනු වස් අයදුම් පතක් පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ බෙදා හැරීමට අපි කටයුතු කළෙමු. එහිදී අපහට ලැබුන ප්‍රතිචාර ඉතාමත් සුභදායී වන අතර, අප සමග එක්ව ක්‍රියාකාරීව කටයුතු කිරීමට කැමත්ත පළකල ඔබ සැමට අපගේ ස්තුතිය ප්‍රථමයෙන් පුදකර සිටිමු.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘතිකයන්ගේ එකමුතුවක දැඩි හිඩසක් මේ වනවිට පවතී. මේ ප්‍රයත්නය එම එකමුතුව ගොඩනගා ගැනීම වෙනුවෙනි. මෙය හුදෙක්, මේ වනවිට සීඝ්‍රව වර්ධනය වන තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයේ උන්නතිය සහ අප රටට මෙය රැක දීම වෙනුවෙනි. මෙහි කිසිදු දේශපාලනික අරමුණක් නොමැති අතර කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට වේදිකාවක් තනා දීමට කිසිදු අයුරකින් දායක නොවන බව අපි දැඩි ලෙස අවධාරණය කර සිටිමු.
අප සියළු දෙනා දැනුවත් වී ඇති පරිදි විවිධ ගිවිසුම් හරහා තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට බලපෑම් එල්ල වීමට නියමිතව තිබේ. තාක්ෂණ ක්ෂේත්‍රයේ වඩා ස්ථාපිත සංගම් මේ වනවිටත් රජය සමග සාකච්චා කිරීමට ඇරඹුමක් ලබා සිටීම සතුටට කරුණකි. ඔවුන් දරණ මතය මෙන්ම රටට වාසී වන කිසිදු ගිවිසුමකට එරෙහි වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර, මෙම ගිවිසුම් රටට හිතකර ආකාරයට සකසා ගැනීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ, සම්පත් දායකයන්ගේ දායකත්වය යොදා ගන්න ලෙස අපද රජයෙන් ඉල්ලා සිටිමු. ඒසේ නොමැති තත්වයක් තුළ ඉදිරි ක්‍රියා මාර්ග ගැන අප පසුව සලකා බැලිය යුතුය. ඒ සඳහා වන පිරිස් බලය අප ගොඩ නැගිය යුතුව ඇත.
අත්‍යවශ්‍ය මොහොතේ අප විසින් මේ තැබූ ඉදිරි පියවර තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු. ඒ සඳහා වන හමුවීමක් 02/02/2016 දින, ප.ව. 5.30 ට, UCSC ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. කෙටි දැනුම් දීමක් වුවත්, ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මේ සඳහා වෙන් කරගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා තුළින්, ඔබගේ සක්‍රීය දායකත්වය සමගින් මෙම ගමන ඉදිරියට යෑමට ඔබේ සහයෝගය ලබා දෙන මෙන් යළිත් ඉල්ලා සිටිමු.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික වෘතිකයන්ගේ සංගමය