තොරතුරු දැනගැනීමේ පනත සම්බන්දව

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තොරතුරු දැනගැනීමේ පනත සම්බන්දව

    තොරතුරු දැනගැනීමේ පනත හරහා අපි යම්කිසිස් තොරතුරක් දැනගන්නේ කෙසේද කියල ඒ පිළිබද දන්නා කෙනෙකේ පැහැදිලි කරන්න පුලුවන්ද
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මේ වගේ වැදගත් ප්‍රශ්නෙකට නම් එකෙක්වත් උත්තර දෙන්නේ නැහැ බන්. මොකක් හරි ජංගි වාටියක් ගැන අහපන්කෝ පැනගෙන උත්තර දෙන හැටි බලන්න.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    තොරතුරු දැනගැනීමේ පනත හරහා අපි යම්කිසිස් තොරතුරක් දැනගන්නේ කෙසේද කියල ඒ පිළිබද දන්නා කෙනෙකේ පැහැදිලි කරන්න පුලුවන්ද

    meke okkoma wage thiyenawa bn. PDF eka athi Download kara ganin. aluthin gaset karapu eka thiyenne:yes:
    http://sinhala.news.lk/fetures/item/19081-2016-12
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මෙම තොරතුරු ලබා ගන්නේ කෙසේද?
    සෑම රජයේ ආයතනයකටම පත් කරනු ලබන තොරතුරු නිලධාරියෙක් (information officer) හරහා ඔබට අවශ්‍ය තොරතුරු ලිඛිතව ඉල්ලා සිටීමට ඔබට පුළුවන්. මොනයම් හෝ හේතුවක් නිසා කිසියම් තොරතුරක් ඔබට නිකුත් කිරීමට නොහැකි යැයි තොරතුරු නිලධාරියා පැවසුවහොත් ඔවුන්ට එසේ කල හැක්කේ RTI පනත මගින් අදාළ තොරතුර ජනතාවට නිකුත් කර නොහැකි යැයි පැහැදිලව සඳහන් කර ඇති අවස්ථාවකදී පමණි. එවන් අවස්ථාවකදී වුවද එම තොරතුර නිකුත් කිරීමෙන් ජනතාවට යහපතක් සිදුවන්නේ නම් පනතේ ඇති කොන්දේසියට ඉහලින් යෑමේ ප්‍රතිපාදනද ඇත.

    හොඳයි, දෙන්න බැහැම කිව්වොත් මොකද කරන්නේ?
    මෙවන් අවස්ථාවකදී ඔබට ප්‍රවීණ මාධ්‍යවේදීන් හා නීතිඥයින්ගෙන් සමන්විත විශේෂ ’තොරතුරු කොමිසමක්’ (information commission) වෙත පැමිණිලි කල හැක. එතැනින්ද සහනයක් නොලැබුනොත් අභියාචනාධිකරණයේ පිහිට පැතීමට ඉඩකඩ තිබේ.

    ඔහොම කිව්වට තියෙන හැම තොරතුරක්ම දෙන්න විදිහක් නැතුව ඇති නේ?
    ඔව්. පැහැදිලිවම. තමන් සතු සියලු රහසිගත තොරතුරු ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන රජයක් ලෝකේ කොහෙවත් නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය අරාක්ෂාවට අදාළ තොරතුරු යනාදිය ප්‍රසිද්ධ කර නොහැකි බව අමතුවෙන් කිව යුතු නැහැ. Verité Research ආයතනයට අනුව තොරතුරක් නිකුත් කිරීම වැලක්වීමට නම් කාරණා දෙකක් සම්පූරණ විය යුතුයි:

    එම වැලැක්වීම සාධාරණය කිරීමේ හැකියාව (උදා. රාජ්‍ය ආරක්ෂාව)
    අදාළ තොරතුර නිකුත් කිරීමේ ඇති හානිදායක බව පෙන්වා දීමේ හැකියාව. (උදා. යම් තොරතුරක් ලබා දීමෙන් ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති වීමේ ඇති ඉඩකඩ)
    තොරතුරේ ඇති වැදගත්කමට එහි රහස්‍ය භාවට වඩා ඉහල වටිනා කමක් ලැබෙනු ඇත

    ඉහත සඳහන් කාරණා දෙකම සම්පූර්ණ වන අවස්ථාවකදී වුවද, අදාළ තොරතුර නිකුත් කිරීමේ ඇති වැදගත්කම – එනම් එය නිකුත් කිරීමෙන් ජනතාවට වන සේවය එසේ නොකර සීටිමෙන් වන හානියට වඩා වැඩියයි සැළකේ නම් – RTI පනතේ එන ‘සීමා සහිත ව්‍යතිරේක’ (limited exceptions) වගන්තියට යටත්ව එම තොරතුර ලබා ගැනීමේ අවකාශයක් තිබේ.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට දැනගන්න ඕන කාරණාව මේකයි මගේ ඉඩමක් තියෙනවා අක්කර 3ක අක්කර 1 යි භාහයකට මඩ බලපත්‍රයත් තියෙනවා . මොරගහකන්ද ජලාශය ඉදිද්කිරිම නිසා යටවන බිම් ප්‍රදේශයේ සතුන් වෙනුවෙන් අපේ ගමෙන් ඉඩම් ප්‍රමාණයක් මහවැලි ව්‍යාපාරයට අරගෙන ඒවා වනජීවී එකට පවරන්න යන්නේ ගැසට් කරලා තියෙන්නේ 2014 , අපට ඒ පිලිබදව දැන්නුවේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඩම් 38 අයත් වෙනවා පදිංචි ඉඩම් එහෙමත් තියෙනවා මගේ ඉඩමේ නම් පදිංචි නෑ . අපිට කිසිස්ම් ස්ථිර දෙයක් කරන්න එපා කියලා දැන්නුවේ . ගිය වසරේ සැප්තැම්බර් මාසේ AG office එකට ගිහින් ටිකක් කෑ ගහලා අවට පස්සේ පහු වෙනිදා ඉඩම් බලන්න ආවා එච්චචරම තමයි . මේ වෙනකම් ඉඩම් මන්නේවත් නෑ . ගමේ අය යනොකට කට්ටියට මොකක් හරි කියලා එවනවා . මේ පිලිබදව දැනුම් දෙන්න ඕන හැම තැනකටම දැනුම් දීලා තියෙන්නේ කිසිස්ම පිළිතුරක් තවම නෑ . මේ වැඩේ වෙනවද වෙනවනම් වෙන්නේ කවද්ද කියලා තොරතුරු දැනගන්න ක්‍රමයක් නෑ .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකෙන් වෙන්නෙ මිලේනියම් සිටි පාවාදීමේ 2වනි කොටස විකිලීක්ස් එකේ තියෙන ලිපි බලපං කුට්ටි පිටිං තියෙන්නෙ උන් ඇමරිකාවෙ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පිටකරගත්තුව :sorry: :sorry:
    ඕක ලංකාවට ගෙනාව ගමං වෙන්නෙ කොටි හිතවාදියො ටික ඔය පනත යටතේ බුද්ධි අංශ වල තොරතුරු කුට්ටි පිටිං ලීක් කරවගන්න එක පනතකිං සම්මත කල්ල හින්ද මහින්දටවත් බේරගන්න බෑ :no: :no:
    තොරතුරු දැනගැනීමේ පනතට එරෙහිව පෙලගැසෙව් :yes: :yes: