මෙම තොරතුරු ලබා ගන්නේ කෙසේද?
සෑම රජයේ ආයතනයකටම පත් කරනු ලබන තොරතුරු නිලධාරියෙක් (information officer) හරහා ඔබට අවශ්‍ය තොරතුරු ලිඛිතව ඉල්ලා සිටීමට ඔබට පුළුවන්. මොනයම් හෝ හේතුවක් නිසා කිසියම් තොරතුරක් ඔබට නිකුත් කිරීමට නොහැකි යැයි තොරතුරු නිලධාරියා පැවසුවහොත් ඔවුන්ට එසේ කල හැක්කේ RTI පනත මගින් අදාළ තොරතුර ජනතාවට නිකුත් කර නොහැකි යැයි පැහැදිලව සඳහන් කර ඇති අවස්ථාවකදී පමණි. එවන් අවස්ථාවකදී වුවද එම තොරතුර නිකුත් කිරීමෙන් ජනතාවට යහපතක් සිදුවන්නේ නම් පනතේ ඇති කොන්දේසියට ඉහලින් යෑමේ ප්රතිපාදනද ඇත.
හොඳයි, දෙන්න බැහැම කිව්වොත් මොකද කරන්නේ?
මෙවන් අවස්ථාවකදී ඔබට ප්‍රවීණ මාධ්‍යවේදීන් හා නීතිඥයින්ගෙන් සමන්විත විශේෂ ’තොරතුරු කොමිසමක්’ (information commission) වෙත පැමිණිලි කල හැක. එතැනින්ද සහනයක් නොලැබුනොත් අභියාචනාධිකරණයේ පිහිට පැතීමට ඉඩකඩ තිබේ.
ඔහොම කිව්වට තියෙන හැම තොරතුරක්ම දෙන්න විදිහක් නැතුව ඇති නේ?
ඔව්. පැහැදිලිවම. තමන් සතු සියලු රහසිගත තොරතුරු ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන රජයක් ලෝකේ කොහෙවත් නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය අරාක්ෂාවට අදාළ තොරතුරු යනාදිය ප්‍රසිද්ධ කර නොහැකි බව අමතුවෙන් කිව යුතු නැහැ. Verité Research ආයතනයට අනුව තොරතුරක් නිකුත් කිරීම වැලක්වීමට නම් කාරණා දෙකක් සම්පූරණ විය යුතුයි:
එම වැලැක්වීම සාධාරණය කිරීමේ හැකියාව (උදා. රාජ්‍ය ආරක්ෂාව)
අදාළ තොරතුර නිකුත් කිරීමේ ඇති හානිදායක බව පෙන්වා දීමේ හැකියාව. (උදා. යම් තොරතුරක් ලබා දීමෙන් ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති වීමේ ඇති ඉඩකඩ)
තොරතුරේ ඇති වැදගත්කමට එහි රහස්‍ය භාවට වඩා ඉහල වටිනා කමක් ලැබෙනු ඇත
ඉහත සඳහන් කාරණා දෙකම සම්පූර්ණ වන අවස්ථාවකදී වුවද, අදාළ තොරතුර නිකුත් කිරීමේ ඇති වැදගත්කම – එනම් එය නිකුත් කිරීමෙන් ජනතාවට වන සේවය එසේ නොකර සීටිමෙන් වන හානියට වඩා වැඩියයි සැළකේ නම් – RTI පනතේ එන ‘සීමා සහිත ව්‍යතිරේක’ (limited exceptions) වගන්තියට යටත්ව එම තොරතුර ලබා ගැනීමේ අවකාශයක් තිබේ.