තෝමස් මෙට්ලන්ඩ් හා ලොවීනා අපෝන්සුවා

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    තෝමස් මෙට්ලන්ඩ් හා ලොවීනා අපෝන්සුවා

    වසර 200කට පෙර වළලා දැමූ මෙට්ලන්ඩ් - ලොවීනා ආදර කථාව



    levi.gif



    දෙසැ.03- වර්ෂ 1805 වනවිටත් ශ්‍රී ලංකාව අර්ධ වශයෙන් ඉංග්‍රීසි පාලනය යටත්ව තිබුණි. එකල ලංකාවේ ආණ්ඩුකාරධූරය දැරනු ලැබුවේ ශ්‍රීමත් තෝමස් මෙට්ලන්ඩ් විසිනි.

    ස්වඡන්ද ඡන්ද ක්‍රමය හදුන්වාදීමේ පුරෝගාමියා වීම හේතුවෙන් ජනතාව එම ආණ්ඩුකාරවරයා ටොම් රජු ලෙස හැදින්විය. ඔහු හා බැදුණු අපූරු ප්‍රේමයක සුවිශේෂි මතකයක් හේතුවෙන් ටොම් රජ්ජුගේ නාමය දැනටත් මෙරට ජනතාව අතර කතාබහට ලක් වෙමින් පවතී.

    ප්‍රේමය නම් මෙයැයි කිවහැකි තෝමස් මෙට්ලන්ඩ් හා ලොවීනා අපෝන්සුවාගේ අපූරු ප්‍රේම කථාවේ නෂ්ටාවශේෂ සොයා නිව්ස් ෆස්ට් කණ්ඩායම ගවේෂණයක නිරත විය.

    බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරල්වරයෙකු වූ තෝමස් මෙට්ලන්ඩ් 1805 මෙරට දෙවන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස ලංකාවට පැමිණෙයි.

    ජනප්‍රවාදයට අනුව අපුරු නර්ථන කණ්ඩායමක් කොළඹ පිහිටා තිබූ ආණ්ඩුකාර නිල නිවසේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉදිරියේ නර්ථනයේ යෙදීමට පැමිණි ඇත. එම නර්ථන කණ්ඩායමේ ප්‍රධාන නැටුම් ශිල්පිනය ලෙස කටයුතු කරනු ලැබුවේ, ලෝවීනා අපෝන්සුවා විසිනි.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay

    levine-03.gif


    ලොවීනාගේ මව මෙරට උසස් යැයි සම්මත ගැහැණියක් නොවූ අතර පියා පෘතුගීසි ජාතිකයෙකි. එම සම්මිශ්‍රණය හේතුවෙන් දුඹුරු පැහැයෙන් යුතු නෙතු සගලකින් මෙන්ම කළු කෙස් කළඹකින් යුක්ත ලොවීනා ග්‍රීක දෙවගනකට සමාන රූපශ්‍රීයෙන් යුතුව සිටි බව ජනප්‍රවාදයේ සදහන්ය.

    රූමත් ලොවීනා සමග පෙමින් බැදෙන ආණ්ඩුකාර මෙට්ලන්ඩ් ගල්කිස්ස ප්‍රදේශයේ තම පෙම්වතිය පදිංචිව සිටි නිවස ආසන්නනයේ ටජ්මහලක් බදු නිවසක් ඉදිකිරිමට පියවර ගත්තේය.

    එම ටජ් මහලක් බදු ටොම් රජ්ජුරුවන්ගේ මාළිගාව අද හදුන්වනු ලබන්නේ ගල්කිස්ස මහ හෝටලය ලෙසිනි. එය තම පෙම්වතිය වූ ලොවීනා වෙනුවෙන් ඉදිකළ බැවින් එය මවුන්ට් ලැවීනියා ලෙස නම් කිරිමට ‍ටොම් රජ්ජුරුවෝ තීරණය කරන අතර ලො‍වීනා හමුවීමට ආණ්ඩුකාර ආදරවන්තයා රහස් උමගක්ද ඉදි කළේය.

    මවුන්ට් ලැවීනියා නිවස තුළ පසුකාලීනව යම් වෙනස්කම් සිදුවුවත් එහි රාජකීයවත්වය අදටත් ජීවමානය. මේට්ලන්ඩ්ගේ රාජකාරී කාමරය එයට කදිම උදාහරණයකි. ආණ්ඩුකාරවරුන්ගේ රූප මෙන්ම තෝමස් මේට්ලන්ඩ් භාවිත කළ නිල ඇදුමේ ආකෘතියක්ද එහිදී හමුවේ.

    ආණ්ඩුකාරවරයාගේ භෝජන ශාලාව අදටත් දැකගත හැකිය. ඔහුගේ නිදන කාමර පුරා ඔහුගේ මතකයන්හි ශේෂයන් දැකගත හැකිය.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    metland.gif


    ආණ්ඩුකාර මේට්ලන්ඩ් ලොවීනාගේ නිවස ආසන්නයේ තම නිවස ඉදිකළත් ඔවුන්ට නිදහසේ හමුවීමට අවකාශ නොලැබුණි. ඒ සමාජ මතය අනුව පහත් කුලයක තරුණියක වු ලොවිනා සමග ප්‍රේම සම්බන්ධය බ්‍රිතාන්‍ය කිරීටය අවනම්බුවක් සේ සැලකීම අනිවාර්ය කරුණක් වු නිසා විය හැකිය.

    එම නිසා ලොවිනාගේ නිවස ආසන්නයේ සිට සිය නිවසේ වයින් ගබඩාවට මේට්ලන්ඩ් එම උමග ඉදිකළේය. උඩුකය නිරුවත්ව සිටි තම කුලයේ කාන්තාවන්ට විලි වසා ගැනීමේ අයිතිය ලබා දීමට ලොවීනා පියවර ගත් බව ජනප්‍රවාදයේ සදහන්ය.

    ‍කරුණු කෙසේ වුවත් සිය ප්‍රේමය රහසක්ව තබා ගැනීමට ආණ්ඩුකාරවරයාට නොහැකි වේ. ඒ අනුව මේට්ලන්ඩ්ගේ ප්‍රේම කතාව කණ වැකුණු බ්‍රිතාන්‍ය කිරීටය ඔහුට දඩුවම් මාරුවක් ලබාදීම ක්‍රියා කරයි. ආණ්ඩුකාරවරයාට අවුරුදු 6ක වැනි කෙටිකලකින් රටින් පිටවිමට සිදුවන අතර ඔහුට ලොවීනා රැගෙන යාමට හැකියාවක් නොලැ‍බේ.

    පසුව සිය පෙම්වතාගේ වියෝව දරාගත නොහැකිව ලැවීනියා ගල්කුලකින් මුහුදට පැන සියදිවි නසාගත් බව ජනප්‍රවාදයේ සදහන්ය.

    ආණ්ඩුකාර මේට්ලන්ඩ්ද අවිවාහකවම මිය යන්නේ ප්‍රේම වියෝවේ ශෝකය දරාගත නොහැකිව බව ඇතැම් වාර්තාවල දැක්වේ.

    මව්න්ට් ලැවිනියා ප්‍රේමවෘත්තාන්තය අවසානයේ පසුකාලිනව ඔවුන්ගේ හමුවිම සිදුවු උමගෙන්ම ඒ හා බැදුණු සියලු තොරතුරු සැගවීමට බ්‍රිතාන්‍යයන් පියවර ගත්තේය.

    ලොවීනා අපොන්සුවාට ආණ්ඩුකාරතුමා ඉදිකර දුන් බව පැවසෙන නිවස පිළිබද ලද හෝඩුවාවකට අනුව නිවුස් ෆස්ට් කණ්ඩායම මව්න්ට් රෝස් නිවසවෙත පැමිණෙයි.එහිදී වත්මන් ගෙහිමියන්ගෙන් ලද ‍තොරතුරු අනුව නිවස ආසන්නයේ පොළ‍වේ මීට දශක කිහිපයකට පෙර ළිදක හැඩයෙන් යතු විවරයක් තිබී ඇති අතර එතුළ ජලය තිබී නොමැත.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    mount-lavinia-1.DGA.jpg



    ඒ අනුව ඔවුන් පැවසුවේ, එම ස්ථාන‍ය උමගේ අනෙක් කෙළවර වියහැකි බවය. ලැවීනියාගේ නිවස ආසන්නයේ උමගේ කෙළවර තිබූ බවට ජනප්‍රවාදයන්හී සදහන්වන අතර එම නිවස පිටුපස පෞරාණික ළිදක්ද පිහිටා තිබේ.

    ලොවීනා අපෝන්සුවා සහ ආණ්ඩුකාරතුමා අතර හමුවීම සිදුවන්නේද එම ළිද ආසන්නයේද යන්න පිළිබදව සැක මතුව ති‍බෙන අතර මවුන්ට් ලැවීනියා නිවසේ ගෘහ නිර්මාණ ශිල්පය හා මෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ සමානකමක්ද දක්නට ලැබේ. නමුත් අප කණ්ඩායම නිවසේ ලියකියවිලි පරීක්ෂා කළද අප සොයන තරම් ඉතිහාසයක් එහිදී සොයා ගැනීමට අපට නොහැකි විය.

    මේ අතර අප කණ්ඩායමට හමුවූ ප්‍රදේශවාසියෙකු අපත් සමග අදහස් දක්වමින් පැවසුවේ හාත්පසින්ම වෙනස් කථාවකි.

    එහිදී එම පුද්ගලයා පැවසුවේ ඔහුගේ තාත්තා, අයියා සහ මස්සිනා ගල්කිස්ස හෝටලයේ වැඩකළ බවත් ලැවීනියා නැමති කෙනෙකු හිටපු ‍නිවස දැන් පාසලට දී තිබෙන බව ඔහුගේ තාත්තාගෙන් දැනගත් බවය. එහි හොල්මන් පවා ළගකදී තිබූ බවත් එමනිසා අවුරුදු පතා පිරිතක්ද කියන බව වැඩිදුර අදහස් දක්වමින් ඔහු සදහන් කළේය.

    ඔහුගෙන් ප්‍රකාශ වූ තවත් කරුණක් වූයේ මව්න්ට ලැවීනියා නිවසේ සිට ලැවිනියාගේ නිවස වෙත ගිය උමග දුම්රිය මාර්ගය ඉදිකිරිම සදහා කැණීම් කරන අවස්ථාවේදි මතු වූ බවය.

    ගල්කිස්ස දුම්රියපළෙත් මවුන්ට් ලැවීනියා නිවසත් අතර පිහිටා ඇති එම ස්ථානයට ගිය අපට දක්නට ලැබුණේ එම වසාදමන ලද විවරයට ඉදිරියෙන් ඇත්තේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලය බවය. අපට මීට පෙර හමුවූ ප්‍රදේශවාසියා සදහන් කළ නිවස අයත්ව ඇත්තේද එම විද්‍යාලට වීම විශේෂත්වයකි.

    එසේනම් ලැවීනියා පදිංචිව සිටියේ එම නිවසේදැයි සොයා බැලීමට ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලය වෙත ගිය අප කණ්ඩායම ට මුලින්ම ඇස ගැටුණේ එහි ගෘහ නිර්මාණ ශිල්පය වූ අතර එයද මව්න්ට් ලැවීනියා නිවසට සමානකමක් දක්වනු ලැබේ.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay

    03.jpg


    ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි රූපා ජයසිංහ මහත්මිය අප සමග පැවසුවේ කළකට පෙර පාසලේ සිටි ආදිශිෂ්‍යයින් පවසා ඇති අන්දමට ලස්සන ජෝඩුවක පින්තූරයක් පුස්තකාලයේ බිත්තියේ ඇද තිබූ බවය. එහි වැරැන්ඩා එකක් තිබෙන බවත් එහි සිට කෙලින් බලන විට දර්ශනීය ලෙස හෝටලය පෙනන බව විදුහල්පතිනිය පැවසුවාය.

    විදුහල්පතිනිය පැවසු ඉහළ මාලයේ වූ සදළුතලයට පිවිසි අපටද දක්නට ලැබුණේ එම ස්ථානයේ පසුකාලීනව ඉදිවූ ගොඩනැලිගිලි නොමැතිනම් මව්න්ට ලැවීනියා නිවස දර්ශනයවන බවය.

    මේ අතර අප කණ්ඩායමට හමු වූ කුඩා පාසල් ශිෂ්‍යාවක් තවත් අපූරු සිදුවීමක් අප සමග පැවසුවාය.

    ඇය සදහන් කළේ පාසල් නිම වී දොරවසා පඩිපෙලෙහි උඩට යනවිට කොණ්ඩය දිග සුදුපාට ඇදගත් කෙනෙකු දොරළග සිටගෙන සිටි බවය.

    තවත් ළමයින් එය දැක තිබෙන බවත් එක්දිනක් පුස්තකාලේ සිට පන්තියට යනවිට කොණ්ඩේ කඩාගෙන ඇය නටන අයුරු දුටු බව ඇය පැවසුවාය.

    එම පන්තිකාමරයද නිවසේ සදළුතලයට යාබදව පවතින අතර විදුහලේ වත්මන් පුස්තකාලය අනෙක්පස ඇත.

    ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ පුස්තකාලාධිපතිනි එම්.එල්.එස්.පිරිස් මහත්මිය පැවසුවේ ප්‍රධාන දොර වසා තිබෙන අවස්ථාවේදි පුස්තකාලය අරින විට ඉස්සරහා පෙනෙන දොරවල් දෙක සමහර වේලාවට විවෘතව පවතින බවය.

    සමහර අවස්ථාවල පොත් පත් අස්ථානගත වී වෙනත් ස්ථානයකින් හමුවන බව ඇය සදහන් කළාය.

    මෙම ගවේෂණයේ මීළග තොරතුර අපට හමුවුණේ ගල්කිස්ස ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ ගුරුවරයෙකුගෙනි.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    qxrqjq.jpg



    ඔහු පැවසු පරිදි ලැවීනියාගේ ඥාතීන් පිරිසක් පිළිබද තොරතුරු සෙවීමට අප කණ්ඩායම ගල්කිස්ස රාජපුෂ්පාරාමය වෙත ගියේය.

    එහිදී අපවෙත අදහස් දැක්වූ එම විහාරයේ ස්වාමීන්වහන්සේනමක් පැවසුවේ මීට වසර හය හතකට පෙර පන්සලට පැමිණි උපාසක අම්මා කෙනෙකු ලැවීනියා බිසව ඔවුන්ගේ ඥාතීයෙකු බවට සදහන් කළ බවය. ඇය සමුද්‍රාසන්න පාරේ පදිංචි වී සිටින බව ස්වාමීන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

    ස්වාමීන්වහන්සේගෙන් ලද තොරතුරකට අනුව ලැවීනියාගේ ඥාතියෙකු සොයාගැනීමේ අරමුණින් අප පිටත්ව ගියේය.

    ඒ අනුව අපෝන්සුවා වාසගම දරණ කෙනෙකු සොයා අදාළ ප්‍රදේශය පුරා අප කණ්ඩායම ගවේෂණය කළේය.

    එහිදී ලැබුණු තොරතුරක් මත අපෝන්සු පෙලපත් නාමය සහිත පුද්ගලයෙකු පදිංචිව සිටි පැරණි නිවසක් වෙත ගියේය.

    එම පුද්ගලයා අප සමග පැවසුවේ ලැවීනියාගේ ඥාතියෙකු වන යසරත්න නම් පුද්ගලයෙකු සිටින බවත් එම පවුලේ අන්තිමට සිටින පුද්ගලයා ඔහු බවය.

    ඔහුගේ තාත්තා කියූ කතන්දරවලින් ළමා කාලයේදි එම තොරතුරු දැනගත් ඔහු පැවසීය.

    ඔහුගෙන් ලද තොරතුරකට අනුව අපි යසරත්න මහතාව සො‍යාගෙන ඔහුගේ නිවසට ගියේය.

    අපට මීට පෙර විහා‍රස්ථානයේ ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළ තොරතුරුවල සදහන් වූ කාන්තාව යසරත්නගේ මව වූ අතර මේ වනවිට ඇය මියගොස් ඇත.

    ඔහු ලැවීනියාගේ ඥාතියෙකුයැයි සනාථ කළ හැකි සාධකයක් නම් ඔහු සතුව නොතිබිණි.


    ඔහු ප්‍රකාශ කළේ ඔහුගේ සීයා කෙනෙකු පැවසු පරිදි තමන් ලැවීනියාගේ ඥාති මී මුණබුරෙකු බවය.

    මෙරට පහත්ම යැයි සම්මත කුලයක ඉපිද තම කුලයේ කාන්තාවන්ට විලි වසාගැනීමේ අයිතිය පවා ලබාදුන් ආදරණීය ලැවීනියා පිළිබද නිව්ස් ෆස්ට් ‍ගවේෂණාත්මක සටහන මෙතකින් නිමවන අතර ඇ‍ගේ ඥාතියෙකු තහවුරු කළ හැකි සාක්ෂි සමග නිව්ස් ෆස්ට් ඇමතුවහොත් ඒ සදහා ඉඩක් වෙන් කිරිම‍ටද අප සූදානමින් සිටී.




    WATCH FACEBOOK VIDEO DOCUMENTARY




    තොරතුරු - ඊතලය වෙඞ් අඩවිය
     
    Last edited:
    • Like
    Reactions: samila224