තෝ ලංකාවට ආවොත් ගහනවා
කෙදිනක හෝ යළිත් වරක් ශ්‍රී ලංකාවට පා තැබුවහොත් පහර දෙන බවට සජින් ද වාස් මන්ත්‍රීවරයා තර්ජනය කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් ශ්‍රී ලංකාවට පා තැබීමට බියෙන් පසුවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇති බව බීබීසී සංදේශයට වාර්තා කරයි.
පසුගිය සැප්තැම්බර් 23 වැනි දින රාත්‍රියේ (24 වැනි දින උදෑසන) ශ්‍රී ලංකා ගුවන් සේවයේ නිවුයෝක් නුවර නියෝජිත ඩිලාන් ආරියවංශගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බව වෛද්‍ය නෝනිස් මීට ඉහත දී පැවසීය.
එහෙත් එම සාදයේදී තමන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වූවා විනා කිසිදු පහරදීමක් සිදු නොවූ බව සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසා තිබුණි.
කෙසේ නමුත් “මම වීදි සටන්කාරයෙක්. තමුසේ නිකම්ම නිකම් මහ කොමසාරිස් කෙනෙක්,” යනුවෙන් ගුණවර්ධන මන්ත්‍රීවරයා කිහිප වතාවක්ම වෛද්‍ය නෝනිස් ට පහරදෙමින් තර්ජනය කළ බව එම සාදයට සහභාගි වූ පිරිස් කියා සිටියහ.
යළිත් කිසි දිනෙක ශ්‍රී ලංකාවට පා තැබීමේ බලාපොරොත්තු අත්හැර ගන්නා ලෙසත්, එසේ පැමිණියහොත් ඔහුට “අනුකම්පා විරහිතව” පහර දීමට ක්‍රියා කරන බවටත් මන්ත්‍රීවරයා දිගින් දිගටම තර්ජනය කළ බවත් ඔවුහු සඳහන් කළහ.

බල්ලෝ එක්ක නිදාගත්තහම මැක්කෝ එක්ක තමා නැගිටින්න වෙන්නේ..