ථේර ගාථා: යසදත්ත තෙරුන්ගේ ගාථා

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ථේර ගාථා: යසදත්ත තෙරුන්ගේ ගාථා

    යසදත්ත තෙරුන්ගේ ගාථා

    "මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගෙයි.

    මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා පිරිහිලා යන කෙනෙක්. කලුවර වේගෙන යන සඳක් වගේ.

    මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා සද්ධර්මයෙන් ඈත්වුණ වේලිලා ගිය කෙනෙක්. දිය සිඳුණ තැනක ඉන්න මාළුවෙක් වගේ.

    මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වගේ.

    එහෙත් නුවණැති තැනැත්තා සතුටු සිතිනුයි බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙ. එයා ආශ්‍රවයන් නැති කරලා දානවා. අමා නිවන සාක්ෂාත් කරනවා. පරම ශාන්තියට පැමිණෙනවා. නිකෙලෙස් සිතින් පිරිනිවන් පානවා."

    මෙය වනාහී ආයුෂ්මත් යසදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
    උපුටා ගත්තේ "ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා" නම් ග්‍රන්ථ රත්නයෙන්...

    සාදු! සාදු!! සාදු!!!
    තෙරුවන් සරණයි!
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉතින් උය වයෙ අනුවණයන්ට ධර්මය කියලා දීම කාන්තාරයක ගොයම් හිටවනවා වගෙ වැඩක්...ඒ හූයන්ට පිළිතුරු නොදී සිටීම යහපතකි...:yes::yes::D
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    770
    113
    Intent on quibbling, the dullard hears the Conqueror's teaching. He's as far from the True Dhamma as the ground is from the sky.
    Intent on quibbling, the dullard hears the Conqueror's teaching. He wanes from the True Dhamma, like the moon in the dark half of the month.
    Intent on quibbling, the dullard hears the Conqueror's teaching. He withers away in the True Dhamma, like a fish in next to no water.
    Intent on quibbling, the dullard hears the Conqueror's teaching. He doesn't grow in the True Dhamma, like a rotten seed in a field.

    But whoever hears the Conqueror's teaching with guarded intent, doing away with effluents — all — realizing the unshakable, attaining the foremost peace, is — free from effluent — totally unbound.
    This is the translation for the pakistan-members of elakiri who want to refute buddhism.
     
    Last edited: