ථේර ගාථා: යසදත්ත තෙරුන්ගේ ගාථා
මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා පිරිහිලා යන කෙනෙක්. කලුවර වේගෙන යන සඳක් වගේ.
මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා සද්ධර්මයෙන් ඈත්වුණ වේලිලා ගිය කෙනෙක්. දිය සිඳුණ තැනක ඉන්න මාළුවෙක් වගේ.
මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වගේ.
එහෙත් නුවණැති තැනැත්තා සතුටු සිතිනුයි බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙ. එයා ආශ්‍රවයන් නැති කරලා දානවා. අමා නිවන සාක්ෂාත් කරනවා. පරම ශාන්තියට පැමිණෙනවා. නිකෙලෙස් සිතින් පිරිනිවන් පානවා."
මෙය වනාහී ආයුෂ්මත් යසදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
උපුටා ගත්තේ "ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා" නම් ග්‍රන්ථ රත්නයෙන්...
සාදු! සාදු!! සාදු!!!
තෙරුවන් සරණයි!
යසදත්ත තෙරුන්ගේ ගාථා
"මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගෙයි.

Last edited: