දකුණු අධිවේගියේ බස් ගාස්තු ප්රකාශයට පත්
කොට්ටාවේ සිට ගාල්ලට මගියෙකුගෙන් රු.380 යි
දකුණු අධිවේගී මාර්ගයේ බස් රථ වලින් ගමන් කිරීමේදී මගීන්ගෙන් අයකරන බස් ගාස්තු ප්රකාශයට පත්කර තිබෙන බව ජාතික ප්රවාහන කොමිසමේ සභාපතිවරයා කියයි.
ඔහු පැවසුවේ කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා බස් රථයකින් ගමන් කරන මගියෙකුගෙන් ගාස්තුව ලෙස රුපියල් 380 ක් අය කිරීමට කටයුතු කරන බවයි.
“බස් රථයේ ගාස්තුව විදිහට රුපියල් 330 ක් අයකරනවා. මාර්ගයේ ගාස්තුව විදිහට රුපියල් 50 ක් අයකරනවා. මේ අනුව, මගියෙකුගෙන් කොට්ටාවෙ ඉඳල ගාල්ලට යන්න රුපියල් 380 ක් අයකරනවා.“ යනුවෙන් හෙතෙම පැවසීය.
අනිද්දාට විවෘත වීමට නියමිත මෙම මාර්ගයේ මෝටර් රථයක් ගමන් කිරීමේදී කොට්ටාවේ සිට පින්නදූවට රුපියල් 400 ක මුදලක් අයකරයි.

නැත්නම් එතන ඉදලා ටවුන් එකට එන්න හෙන කට්ටක් කන්න වෙනවා