දකුණු අප්‍රිකාව පරදා එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්
Thursday, September 02, 2021
අද දින කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී සංචාරක දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අතර පැවැත්වූ ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 14 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 300ක්
රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 301ක ඉලක්කයක් හිමි
වූ නමුත් අවසාන ඕවරය තෙක් කඩුළු තිබුණත් ලකුණු ලබාගැනීම අඩාල වීම නිසා ඉලක්කය සපුරාගත නොහැකි විය.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ලබා ගැනීමට සමත් විය. චරිත් අසලංක ලකුණු 72කි.



bayyo dennek aanduwa gana kathaa karanawa wage 