දගකාර හැඩකාරි...

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    දගකාර හැඩකාරි...

    දගකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා....
    ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...

    ඔබ මලක් වෙලා සොදුරු...
    මගෙ පපුව පුරා පුරා පිරුනු...
    නිමාවක් නැති අදරේ කවුරුවත් දන්නෙ නෑ...
    අපෙ දිවි තියෙන තුරා ඔබ මට ලැබුනා කියා....

    දිවි මැදුර පුරා පිරුනූ....
    දෙවු දුවක් වෙලා තුරුනු...
    නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ...
    සසරින් සසර සරා ඔබ මට ලැබුනා කියා....

    දගකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා....
    ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...

    :) :) :)