දතක් පනහයි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හැම අවුරුද්දෙම

    අඛිලා, බැංකුවේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ හොඳින් සූදානම්වය. ඈ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවට කැඳ වූ විට එහි එක් සාමාජිකයකු ඇගෙන් මෙසේ ඇසීය.
    ’මොකක්ද ඔයාගෙ උපන් දිනය?’
    ’පෙබරවාරි 20’ අඛිලා කීය.
    ’මොන අවුරුද්දෙ ද?’ බැංකු නිලධාරියා විමසීය.
    ’හැම අවුරුද්දෙම පෙබරවාරි 20 තමයි.’ අඛිලා සිනාසී පිළිතුරු දුන්නේය.
    --------------------------------------------

    දතක් පනහයි

    ’ඒයි සුගත්, තමුසෙගෙ කටට මොකද මේ වුණේ?’ නසාර් ඇසුවේ ඉදිමුණු තම මුඛය අතින් මුවා කර ගනිමින් ආපන ශාලාවට ගොඩවූ, තම කාර්යාල සගයකු වු සුගත් දෙස පුදුමයෙන් බලමිනි.
    ’මම අර වීරකෝන්ට රුපියල් 100ක් දෙන්ඩ තියෙනවා. ඒක වෙලාවට දුන්නෙ නෑ කියල ඌ මගෙ දත් දෙකක් කැඩුවනෙ’ සුගත් වේදනාවෙන් කීවේය.
    ’දෙයියනේ එහෙනම් මං ඉවරයි’ නසාර් ඔළුවේ අත ගසා ගනිමින් කීවේය.
    ’ඒ කොහොමද තමුසෙ ඉවර වෙන්නෙ?’ සුගත් ඇසුවේ මවිත වෙමිනි.
    ’යකෝ මං වීරකෝන්ට රුපියල් 500ක් ණයයිනෙ’ නසාර් නානා කීවේ ආරෝවට පොල් හිටෙව්වාක් මෙන් වූ තම දත් ඇන්දට අත තබමිනි.
    --------------------------------------------

    අන්තිම ගමන

    මහා ගංවතුරකින් මුළු නගරයම වට වී තිබුණි. එයට කොටුවී සිටි පිරිස බේරා ගැනීම සඳහා පැමිණි හෙලිකොප්ටරයට ගංවතුරට කොටු වූ අය ආරක්ෂිත ස්ථාන කරා ගෙන යන්නට කීප වතාවක්ම එහා මෙහා යන්නට සිදුවිය.
    මෙසේ ගමන් වාර රාශියක් එහා මෙහා ගිය හෙලිකොප්ටරයේ නියමුවා අතිශයින් වෙහෙසට පත්ව, තවදුරටත් එම කාර්යයෙහි නිරත වීමට බැරි තරමට හෙම්බත්ව සිටියේය. අන්තිමේදී අනාථ ව සිටි ඉතිරි සියලු දෙනාටම ඇසෙන සේ ඔහු මෙසේ කීවේය.
    ’අපි මේ අන්තිම ගමනයි යන්නෙ. යන්ඩ ඉන්න අය ඔක්කොම නඟින්න.’
    --------------------------------------------

    වෙනස් නොවීම

    ’ඔයා කලින් කුමාර එක්ක එන්ගේජ් වෙලා හිටියා නේද? ඇයි අනේ ඔයා ඊට පස්සෙ එයාව බඳින්ඩ අකමැති වුණේ?’ මානෙල් අමිතාගෙන් ඇසුවේ මිතුරියකගේ නිවෙසේදී හමුවූ විටෙක දී ය.
    ’එයා ගැන මගේ තිබුණු අදහස, ආස්සරේ කරද්දි වෙනස් වුණා අනේ, ඒකයි’ අමිතා කීවාය.
    ’එහෙනං ඇයි ඔයා එයා දීපු ඔය මුද්ද තවමත් අතේ දාගෙන ඉන්නෙ?’ මානෙල් ඇසුවේ සෝපාහාසයෙනි.
    ’ඒක ගැන අදහස තවම වෙනස් වුණේ නැහැනෙ. ඒකයි.’ අමිතා ඇස් නටවා කීවාය.
    --------------------------------------------

    එකම පෙම්වතිය

    ’මට හොඳ නත්තල් කාඩ් එකක් තෝරලා දෙනවද?’ නත්තල් සුබපැතුම් පත් අලෙවිය සඳහා වෙන්වූ කුටිය සිසාරා බැලූ චමිල එහි සේවකයකු හට කීවේය.
    ’කාට යවන්නද?’ සේවකයා ඇසීය.
    ’ආදරේ කරන ගෑනු ළමයට’ චමිල පිළිතුරු දුන්නේ තරමක ලැජ්ජාවකිනි.
    නත්තල් කාඩ් රැසක් පිරික්සූ සේවකයා ඒ අතරින් එකක් තෝරා, එහි වූ වගන්තියක් දක්වමින් එය චමිල වෙත දිගු කළේය.
    ’එහෙම නං මේ කාඩ් එක ගන්න. ‘මා ආදරය කරන එකම තරුණියට...’”
    ’මට ඔය වර්ගයේ කාඩ් 10ක් දෙන්න’ චමිල සේවකයාට කීවේය.
    --------------------------------------------

    සතියකින් සෑහීම

    එක් වෙළෙඳ ව්‍යාපාරයක් සඳහා සේවකයන් බඳවා ගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණ. ඒ සඳහා පැමිණි කරුණාදාස, ඒ හමුවේ පෙනී සිටි අවස්ථාවේ එහි සාමාජිකයකු ඔහුගෙන් මෙසේ ඇසීය.
    ’තමන් මීට කලින් රස්සාව කරපු තැනින් දුන්න සහතිකයක් හෙම තියෙනවද?’
    ’ඔව් සර්’ යටහත් පහත්ව පිළිතුරු දුන් කරුණාදාස තම ලිපිගොනුවෙන් සහතිකයක් තෝරා ඉදිරිපත් කෙළේය. එහි මෙසේ සඳන්ව තිබිණ.
    ’කරුණාදාස මහතා අප ළඟ සතියක් වැඩ කළ අතර එහිදී අපි ඔහුගෙන් සෑහීමකට පත්වීමු”
    --------------------------------------------

    ~silumina~
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දතක් පනහයි

    ’ඒයි සුගත්, තමුසෙගෙ කටට මොකද මේ වුණේ?’ නසාර් ඇසුවේ ඉදිමුණු තම මුඛය අතින් මුවා කර ගනිමින් ආපන ශාලාවට ගොඩවූ, තම කාර්යාල සගයකු වු සුගත් දෙස පුදුමයෙන් බලමිනි.
    ’මම අර වීරකෝන්ට රුපියල් 100ක් දෙන්ඩ තියෙනවා. ඒක වෙලාවට දුන්නෙ නෑ කියල ඌ මගෙ දත් දෙකක් කැඩුවනෙ’ සුගත් වේදනාවෙන් කීවේය.
    ’දෙයියනේ එහෙනම් මං ඉවරයි’ නසාර් ඔළුවේ අත ගසා ගනිමින් කීවේය.
    ’ඒ කොහොමද තමුසෙ ඉවර වෙන්නෙ?’ සුගත් ඇසුවේ මවිත වෙමිනි.
    ’යකෝ මං වීරකෝන්ට රුපියල් 500ක් ණයයිනෙ’ නසාර් නානා කීවේ ආරෝවට පොල් හිටෙව්වාක් මෙන් වූ තම දත් ඇන්දට අත තබමිනි.

    අපිට රස්සා නැති වෙයිද මංදා මෙහෙම ගියොත්......!!!!!!!??????????:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::yes::yes::confused::confused::confused::confused::eek::eek::eek::no::no::no:

    mama umbata rep denna haduwa kiyala computare mata banna.....AiiiAiiii...........!!:sorry::sorry::sorry:
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සුරංග කියන නම වෙනුවට සුගත් කියලා දැම්මා නේ?