දත ගලවගන්න ද හදන්නේ??

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
අවදානම් මෙන් ම මිල අධිකයි......හක්කේ දත් බොහෝ විට නැවත සිටුවිය නොහැකියි...එ නිසා සේවා දායකයා ඉල්ලීමක් කල පමණින් කිරීමට සිදුවන්නේ නෑ.......
කෘතිම දතකට වඩා යෝග්‍ය නමුත් අසාර්ථක විමේ සම්භාවීතාවය ඉහලයි. ඉහල මට්ටමේ තාක්ෂණය, ජීවාණුහරණය සහ පශ්චාත් ශල්‍යයකාර්මික හෙදකම් ද මත ප්‍රතිඵල රදා පවති.....

කාරණාව පැහැදිලියි. ගොඩක් ස්තුතියි. :yes::cool: හම්බවුනු වෙලාවක මේ‍වට සලකන්න තමයි හිතන් ඉන්නෙ :P
 
thomian

Well-known member
  • May 20, 2011
    12,524
    17,660
    113
    වැදගත් ත්‍රෙඩ් එකක්...! මගෙත් දත් දෙකක්ම තියනව හදා ගන්න (දැනුත් රිදෙනවා)..ඒත් සල්ලි නෑ.:(:(
     
    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    Mage uda dathak awuruduhatharakata pera Purawala thibuna, ema datha ekaparatama sampoornayenma crown eka kadala giya, den ethana loku hidasak thiyenawa mokada ethanama pahala dathath meeta pera galawala thibuna nisa, dathe mula pamanak ithiriwe ethi nisa eka galawanna weida mekata wena wikalpayak thiyenawada, eka thena dath dekak nethiweema depeththe dath thallu weemak siduwenawada?
    patientsixbefore.jpg
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මගේ දත් කේස් එකත් උබට මතකයි නේද???කෝල් කරන්න කියල හිටියෙ බන්,කොහෙද ඉතින්......උබට වර්කින් අවර්ස් වල කෝල්ස් ආන්සර් කරන්න අමාරුයි ද??
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දත ගලවගන්න ද හදන්නේ?? මෙහෙම ඇහුවාම සමහර විට ඔබ මා සමග අමනාප වේවි. ඒත් මම නැවත ඔබෙන අහනවා, දත ගලවගන්න ද හදන්නේ??

    දතක් ගලවා ඉවත් කළ පසු ඇතිවන හාණිය පූර්ණය කිරීමට ක්‍රමවේද පැවතුණත්, එම කෘතිම දත් ශක්තිමත් භාවය අතින් කිසිසේත් ම ඔබේ ස්වභාවික දතට සමාන කළ නොහැක් බවත්, ඔබේ ස්වභාවික දත තරම් ශක්තිමත් දතක් නැවත ඔබ වෙත ලබාදිමේ ප්‍රතිකාර ඉතාමත් මිළ අධික බවත් ඔබ දන්නවාද??
    දතක් කොතරම් හාණියට පත් වුවත් පුණුරුත්ථාපනය කොට සංරක්ෂණය කිරීමේ නූතන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පවතින බව ඔබ දන්නවාද? සාමාන්‍ය භාෂාවෙන් පවසතොත් ප්‍රශ්නය දුරදිග ගියත් ගොඩින් බේරා ගත හැකි බව ඔබ දන්නවා ද?? පහත රූප පෙළ ඒ සදහා ඔබට සාක්ෂි සපයාවි....!!! (මේකෙ තියෙන පින්තූර බලන කොට අවුල් නම් සොරි වෙන්න ඕනෙ..දත් නේ ඉතින් දාන්න වෙන්නේ...)

    ඔබේ දතේ හාණියට පත්වී ඇත්තේ...

    කාලක් වුවත්............
    quatertooth.jpg

    භාගයක් වුවක්.........
    halftooth.jpg

    තුන් කාලක් වුවත්...............
    thunkalatooth.jpg

    ඉතිරිව ඇත්තේ මුල පමණත් වුවත්............
    roottooth.jpg

    එම දත,

    කෘන්තක දතක් වුවත්............
    incisor.jpg

    රදනක දතක් වුවත්...........
    canine.jpg

    පුරස්ශාර්වකයක් වුවත්.........
    premolar.jpg

    චාර්වකයක් වුවත්............
    molar.jpg

    නැවත තිබූ තත්ත්වයට ම පත් කළ හැකි බව ඔබට පෙනේවි......!!!

    ඉතින් තාමත් ඔබ දත ගලවගන්න ද හදන්නේ??

    දන්ත ‍‍සෞඛ්‍යය සම්බන්ධ මෙවන් ලිපි පෙළක ඇරඹුම වන මෙවැනි තවත් ලිපි පළකිරීම ඔබේ ප්‍රතිචාර මත රැදී තියේවි. මෙය පළකිරිම සම්බන්ධව උදව් කළ *dhanushka* සහ JHHA යන සොයුරන්ට මාගේ භක්ති ප්‍රණාමක ස්තූතිය...!!

    සොරි වෙන්න ඕන කලින් පොඩි අවුලක් ඇති වුණාට. දැං හරි නේද....??????

    කිබුලා අයියා මගෙත් දත් 4ක් තියනවා ගන්න දෙයක් නෑ :( හක්කේ ගලවන්න වෙනවා කියලා තමා කිවෙ එත් මෙවගෙ හදන්න පුලුවන් කොහෙද මෙ විදිහට හදන්නේ කොච්චර කලයක් යනවද ගොඩ ගන්න තව එක දතක් හදන්න කොච්චර ලොකු දතක් ගලවයිද ? ( වැයවන මුදල )

    ගොඩක් වටිනවා අයියා සිතුතියි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දකින්නේ නැතුව කීමට නොහැකිවීම ගැන කණගාටු වෙමි.
    වැය වීමට සිදු විය හැකි උපරිම මුදල (අතිශය දරුණු ම තත්ත්වයකදී) 21000/= ක් පමණය. ඉන් බොහෝ අඩු වනවා විනා වැඩි වීමට නම් මගේ සායනයේ දී ඉඩක් නැත.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ දත් කේස් එකත් උබට මතකයි නේද???කෝල් කරන්න කියල හිටියෙ බන්,කොහෙද ඉතින්......උබට වර්කින් අවර්ස් වල කෝල්ස් ආන්සර් කරන්න අමාරුයි ද??

    පුළුවනිය........කතා කරන්න......!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැදගත් ත්‍රෙඩ් එකක්...! මගෙත් දත් දෙකක්ම තියනව හදා ගන්න (දැනුත් රිදෙනවා)..ඒත් සල්ලි නෑ.:(:(

    දත් ටික ගලවගෙන පස්සෙ සල්ලි දීපන් බන්..:D:D;);)
    ඒක තමයි දත් දොස්තරලගෙ දත් ගලවන ක්‍රමේ...;);):shocked::shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mage uda dathak awuruduhatharakata pera Purawala thibuna, ema datha ekaparatama sampoornayenma crown eka kadala giya, den ethana loku hidasak thiyenawa mokada ethanama pahala dathath meeta pera galawala thibuna nisa, dathe mula pamanak ithiriwe ethi nisa eka galawanna weida mekata wena wikalpayak thiyenawada, eka thena dath dekak nethiweema depeththe dath thallu weemak siduwenawada?
    patientsixbefore.jpg

    Dathak Nerve filling ekkak karanna kopamana mudalak yanawada?

    දත් මුල තිබේ නම් සහ එය හොද තත්ත්වයේ පවති නම් මේ ත්‍රෙඩ් එකේ දක්වා ඇති ආකාරයේ ප්‍රතිකර්මයක් කළ හැකියි.
    දතක් ගැල වු විට එම හිදැස්සට දත් ගමන් කිරීම සහ විරුද්ධ හණුවේ දත් ඇදීම (over eruption) පසු කාලයක දී ප්‍රශ්ණ ඇතිවේ.
    ස්නායු පිරවීම් සම්බන්ධව යන වියදම් නම් කියන්නට අමාරුයි මිත්‍රයා. හේතුව දතේ තියන තත්ත්වය, දිරා ඇති ප්‍රමාණය, දතේ පවතින මුල් ප්‍රමාණය වැනි කරුනු කාරනා මත එය වෙනස් වන නිසා.......!!!!
     
    Mata Telephone No. eka saha Adress eka denna Puluwanda ?

    Dental Cleaning gena wisthara tikik kiyanna