දන්නවද දුරදක්නය

fireworks

Member
Dec 19, 2010
245
53
0
මිහිපිට
දන්නවද දුරදක්නය

දුරදක්නය ඇස්කන්නඩි වලට පසු මිනිසාට වැඩියම ප්‍රයොජනවත් ප්‍රකාශ මෙවලම(optical instrument) යන්න මාගෙ කියවීමයි. ඉතාලි ජාතික ගැලීීලියෝ ගැලීලි විසින් මුල්වරට සොයාගත්තෙ යැයි සැලකෙන දුරදක්නය අදවනවිට විශාල දියුණුවක් ලබා තිබෙ.


දුර දක්නයක් මිලදි ගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරුනු සලකා බැලීම මෙම ලිපියෙ මූලික අරමුන වෙයි.

දුරදක්න විවිඬ ප්‍රයොජන සදහා විවිඬ පුද්ගලයන් බවිත කරන අතර ඔබට ගැලපෙන උපකරණය තොරා ගතයුතු වෙයි.

Astronomy Binoculars-තාරුකා නිරීක්ශණය ආදියට
Birding Binoculars-විනෝඬංශයක් ලෙස කුරුල්ලන් නරඹන්නන්ට
Marine Binoculars-මුහුදෙ කටයුතු සදහා
Military Binoculars-යුඬමය කටයුතු සදහා
Opera Glasses-ගෘහස්ථ සංගීත,නා්‍ය් ආදියේ සියුම් චලන බලා ගැනිමට
(තවත් වර්ග තිබෙ)


වෙලදපොලෙ දුරදක්නයක් මිලදිගන්න ගිය විට ඒවායෙ 8x40, 7x35 ආදි අංකනයක් දැකිය හැකිවෙයි.
මෙහි එන පලමු අංකයෙන් (8) විශාලනය( Magnification) දැක්වෙයි,වෙනත් විදියකින් කිව්වොත් එම වස්තුව කෙතරම් ලංවී පෙනේද යන්නයි.මෙම 8 යන උදාහරණයට අනුව නම් 8 ගුනයක් විශාලව පෙනීම හො 8 ගුනයක් එම වස්තුව ලං කර පෙන්වීම කියවෙයි.
හොදයි දැන් කෙනෙකුට හිතෙනවනම් විශාලනය වැඩිම එකක් තොරාගත්තොත් නං මරු කියල,ඒක වැරදි.මොකද විශාලනය වැඩි වන්නට වැඩි වන්නට රූපයෙ දීප්තිය(brightness), උපකරනයෙන් දැකිය හැකි පරාසය(field of view)අඩුවෙන අතර වැදගත් ලෙසම රූපයෙ ස්ථිර තාවය(steadiness) අඩුවී යයි:(.
එම නිසා 10‍‍ වගේ එකක උපරිම ලෙස හා පහසුලෙස දර්ශණ ලබා දෙන්නෙ යැයි කියවේ.
දැන් දෙවැනි අංකය සලකා බලමු.


8x40 මෙවැනි එකක 40 යනු දුරදක්නයෙ ඉදිරිපස මුහුනතෙ විෂ්කම්හය හෙවත් පළල වේ(ඇස තබන පැත්ත නොවෙ අනෙක් පස).මෙය කෙලින්ම දර්ශණයෙ දීප්තියට හා තියුණු බවට බලපායි.අප 8x40 හා 8x25 යන දුරදක්න සලකා බැලුව හොත්
දෙකෙන්ම එකම ලෙස වස්තුව විශාල කර දක්වන අතර 8x40 යන්න වඩා හොද දර්ශණ පෙන්වයි.
එමෙන්ම 8x40 දර්ශනණ වඩා බැලීමට පහසු ලෙස පෙන්වයි.නමුත් 8x40 වල අවාසිය වන්නෙ එක විශාලත්වයෙන් මෙන්ම බරෙන්ද 8x25 ට වඩා ඩිශාල වීමයි.ජංගම යන ගුණාංගය දුරදක්න විශයෙදි වැදගත් කරුනක් වන අතර.ඔබ තොරා ගැනීමෙදී මෙම කරුණ සිහියෙ තබා ගන්න.:nerd::nerd::nerd:

දැන් ඔබට දළ අදහසක් ඇතැයි විශ්වාස කරමි.ඔබට විශාල වෙලදනාමයන් ප්‍රමානයක් යටතෙ මිලදී ගැනීම් කල හැකි අතර විවිද මිල ගණන් යටතෙ දුරදක්න විකිණිමට ඇත.


:):):):)if this useful hope u will add REP+ anyway add a comment:):):):)
 
  • Like
Reactions: Tharindu Chat

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    thnx machan nice post keep it up !
    next time add some images n video, it will make your post better


    sorry can't give some rep
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    thnx machan nice post keep it up !
    next time add some images n video, it will make your post better


    sorry can't give some rep