>>>>>>>දන්නා කෙනෙක් ගැන ඇතැම් විට ඔබ නොදන්නා
උඹල සමහරු නං ඇතැම්විට මේ චරිතයට කැමති නැතුව ඇති.....සමහරු නං නම ගම වටින් ගොඩින් විස්තර ටිකක් විතර දන්නව එච්චර උනන්දුවක් නැතුව ඇති.....ඔන්න ඒක නිසා මේ චරිතය ගැන නොදන්නා කෙනෙක් ඉන්නවනං ඒ ගොල්ලන්න්ටත් මේක ගැන කියල දෙන එක වටිනව කියල හිතුන.මේ තමයි මගේ ජීවිතයේ නං සුපර් ස්ටාර්......ඔහු නමින් අ(ර්)නෙස්ටෝ චේ ගුවේරා.....
උපන්නෙ ආජන්ටිනාවෙ රොසිරෝ වල. දිනය 1928 ජූනි 14. බොහොම අවාසනාවන්ත විදිහට ඇදුම රෝගයේ ගොදුරක් උන පුංචි “ටෙටේ“ට ඒ නිසාම අවුරුදු නවයක් වෙනකල්ම පාසැල් යන්න ලැබෙන්නෙ නැහැ. කොහොම උනත් ටෙටේ වැඩෙනවා, තමන්ව පීඩාවට පත් කරන රෝගයට අභියෝග කරමින්. රග්බි ක්‍රීඩාවෙත් ඔහු යෙදුන බව බොහෝ අය නොදන්නා කරුනක්.
අවුරුදු විස්සෙදි බුව(ර්)නෝස් අය(ර්)ස් වෛද්‍ය පාසැලට ඇතුල් වෙද්දී තරුණ අ(ර්)නෙස්ටෝගේ එකම බලාපොරොත්තුව උනේ සාර්ථක සහ දක්‍ෂ වෛද්‍යවරයෙක් වීමයි. සංචාරයට ඇති අසීමිත ආශාව නිසාම මේ කාලයේදී උතුරු ඇමරිකාවේ කි.මී 4500 ක බයිසිකල් සවාරියක් යන මේ තරුණ ඒ වගේම කඩවසම් ඉලංදාරියාගේ ජීවිතය විශාල පෙරළියකට ලක් කරන්නේ තමන්ගේ හොඳම මිත්‍රයා, ඇල්බ(ර්)ටෝ ග්‍රැනාඩෝ සමග ‘ලා පෙඩරෝසා‘වේ නැගී පුරා මාස නවයක් ලතින් ඇමරිකවේ කල සංචාරයයි.
යටත්විජිතවාදයත් කුරිරු පාළනයත් විසින් අභිමානවත් ශිෂ්ඨාචාරයන් පත්කර තිබෙන තත්ත්වය සහ වැලලෙන්නට උපන් බිමේ බිම් කඩක් අහිමි පාරම්පරික ජන කොටස් අ(ර්)නෙස්ටෝව කම්පනයට පත් කල ආකාරය මෝටර් සයිකල් දිනපොත නමින් පසුකලක මුද්‍රණය වූ , එම සංචාරය අතර තුර ඔහු ලියූ සටහන් සාක්‍ෂි දරනවා.
වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන අ(ර්)නෙස්ටෝ ඉන්පසු යළිත් වරක් ලතින් ඇමරිකාව වටා සංචාරයක යෙදීමෙන් පසු ඔහුගේ මීලඟ නැවතුම සටහන් කරන්නේ ගෝතමාලාවෙන්. එහි සිදුවන රාජ්‍ය පෙරළියෙන් පසු මෙක්සිකෝවට පලා යන ඔහුගේ සැබෑ විප්ලවයකට දායක වීමේ සිහිනය සැබෑ වෙන්නේත් “චේ” යන ආදරණීය නාමයෙන් අභිෂේක ලබන්නේත් කියුබානු විප්ළවවාදීන් වන රාවුල් සහ පිදෙල් සොහොයුරන් සමග එක්වීමෙන් අනතුරුවයි.
ග්‍රැන්මා නැවෙන් රහසේම කියුබාවට ගොඩ බසින මේ පිරිස කියුබානු ජනතා ආශිර්වාදය මැද එවකට පැවති බැටිස්ටාගේ කෲර රජය පෙරලා දමනවා. ඉන් අනතුරුව පිදෙල්ගේ නායකත්වය යටතේ පිහිටුවනු ලබන නව රජයේ මුදල් අමාත්‍ය තනතුරටද ඉන් පසු කර්මාන්ත අමාත්‍ය තනතුරටද පත්වෙන ‘මේජර් චේ‘ කියුබානු පුරවැසිභාවයෙන් පිදුම් ලබනවා. තනතුරු පිලිබඳ අබමල් රේනුවක තැකීමක් නොකල මේ පරමාදර්ශී විප්ලවීය නායකයා ලද හැම විටකම කම්හල්, වැඩබිම් සහ ගොවිබිම් වල සිය ශ්‍රමය වැයකලා. කියුබාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළු ගණනාවක්ම ඇමතූ චේ සෝවියට් රුසියාව,චීනය වැනි සමාජවාදී රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම සංචාරය කලා.
මේ අතරතුර යළිත් වරක් ක්‍රියාකාරීව විප්ලවයකට දායක වීමේ තදබල උවමනාව චේ ගේ සිතේ නළියමින් තිබුනා.තමා දරන ලද සියළු තනතුරුවලින් ඉල්ලා අස්වූ චේ ෆිදෙල් ඇතුළු තම මිතුරන්ටත් බිරිඳ අලෙයිඩා සහ දරුවන්ටත් දෙමව්පියන්ටත් සමුගැනීමේ ලිපි ලියා තබා අතුරුදහන් වුවා.ඉන් අනතුරුව දොස්තර රමෝන් නමින් බොළිවියාවට රහසේ ඇතුල්වන චේ එහි සියෙරා මයස්ට්‍රා නම් පෙදෙසේ සිට බොළිවියානු විප්ළවය ඇරඹීමට ගරිල්ලා ව්‍යාපාරයක් දියත් කලද එය සාර්ථක වෙන්නේ නැහැ.
1967 ඔක්තෝබර් 8, රජයේ හමුදාව සහ ගරිල්ලන් අතර යූරෝ දුර්ගයේදී ඇවිලී යන සටනේදී තුවාල ලබන චේ බොලිවියානු හමුදාව විසින් අල්ලා ගන්නවා.පසු දින ලා හිඟුවේරා නම් ගමේ අබලන් පාසැල් ගොඩ නැගිල්ලක් තුල මේ තරුන සටන්කාමියා ඝාතනය වන්නේ ජීවන මගේ 39 වන සැත්පුම් කණුවේදී.
පුද්ගළිකව සමාජවාදය පිළිබඳ මගේ උනන්දුවක්වත් නැහැ නමුත් මේ චරිතය මගේ වීරයෙක් වෙන්නෙ ඔහු තුල තිබූ මනුස්සකම, නොසැලෙන වීර්‍ය හා සංවේදී කම නිසාමයි. දන්නා හැම දේම ලියන්න නොහැකි උනත් මේ සටහන තුලින් මගේ අරමුණ ඉටු උනා කියලා හිතෙනවා.
චේ ගුවේරා ජීවත්ව සිටියදී ගත් අවසාන ඡායාරූපය
ලිපිය ඉතින් වැඩිපුර දික් උනොත් තොපි කියවන්න අකමැති කියල මං දන්නවනෙ............!!!!!

බලල නිකම්ම යන්නත් එපා ඉතින්....කොමෙන්ටු කෑල්ලකුත් දාලම පලයං..........!!!!