අපි ඔක්කොටම මේ වෙලාවේ සුවය පතන්න විතරයිනේ පුළුවන්..අනේ ඇයි අපිට ඊට වඩා දෙයක් කරන්න බැරි..
ජීවිතය කියන්නේ රසිකගෙ වචනවලින්ම කියනවනම් උඩ යන සරුංගලයක්..හූයෙන් ඇදල බිම දාන්න එච්චර වෙලාවක් යන්නේ නෑ...
ඒත් රසික සොයුර ඔබ දයිවය හා අභීතව සටන් වැද සිටින මහා සෙන්පතියෙක්...ඒකෙ ආයේ දෙකක් නෑ..ඔබේ දයිවයට වඩා ඔබ බලවත්..වැටෙන්න දෙන්න එපා හිතට....අත්හරින්න එපා නොනවතින සටන..
එහෙම බිමට ඇදල දාන්න නොදී ඒ වටිනා ජීවිතය ආරක්ෂා වෙන්න කියලා පැතුම් පතාගෙන අපි ඔක්කොම එකතුවෙලා අපේ සිත් තුල එකම අධිෂ්ඨානයෙන් බෝධි පූජාවක් තියමු..
ඒ පින් බෙලෙන් රසික සහෝදරයා ඉක්මන් සුවය ලබා විගැහින් අප අතරට පැමිනේවා...