දරුකමට හදාගන්නනම් එපා. තියන වාහනයක් විකුණල හරි නල දරු උපතකට යන්න. දරුකමට හදාගෙන වැඩක් නෑ. එහෙම හදාගත්ත අය මම දන්නව. ලමයි යන්නෙ වෙනම අතකට කොච්චර වැදගත් දෙමව්පියො හදාගත්තත්. ජාන වල බලේ අපි හිතනවට වඩා වැඩියි.


දරුකමට හදාගන්නනම් එපා. තියන වාහනයක් විකුණල හරි නල දරු උපතකට යන්න. දරුකමට හදාගෙන වැඩක් නෑ. එහෙම හදාගත්ත අය මම දන්නව. ලමයි යන්නෙ වෙනම අතකට කොච්චර වැදගත් දෙමව්පියො හදාගත්තත්. ජාන වල බලේ අපි හිතනවට වඩා වැඩියි.


mage wife baba hambela ragama iddi hitiya wayasa 48 di palaweni baba lebuna joduwak. thaththata 54k ho ita wedi
මොකද්ද බන් අරන් හදා ගන්න ළමයෙක්ගෙ ඔච්චර ලොකු වෙනස? උඹට පුලුවන් නං අද කියන්න අරන් හදා ගන්න ළමය උඹලට ආදරේ කරන්නේ නැ කියල, එහෙනං උඹට කියන්න හැකියාව ඇතිනේ උඹේම ළමයෙක් උඹට බලාපොරොත්තු වෙන විදිහට පස්සේ කාලෙක ආදරේ කරයිද කියල. ඇත්තම සිද්ධිය හැම ළමයම දෙමවුපියන්ගෙන් වෙන් වෙලා කවද හරි වෙනම පවුලක් හදන යනවා. එතකොට ටිකක් හරි ඒ අය ඇත් වෙන එක ලෝකේ හැටි.
හැබැයි කියන කතා කොහොම උනත් මන් ඇත්තටම දන්නා සිද්දිවලින් නං අරන් හදාගන්න ළමයි ඇත්ත ළමයින්ට වැඩිය දෙමවුපියන්ට ආදරේ කරනවා.
අනික ළමයි හිටියේ නැ කියල වතුර බොනවට වැඩිය සතුටින් ඉන්න, ළමයි ඉඳල එයාල බැඳපු අය හන්ද බොන්න පුළුවන් වතුර පොදත් නැති උන මිනිස්සු නැතුව නෙවෙයිනේ.
එක හන්ද ඔක්කොම ප්‍රශ්න එකට පටලවගන්න එපා. අනාගතේ ගැන බය නං හොඳ ආර්ථික ස්ථාවරත්වෙකට එන්න උත්සහ කරන්න. ළමයි ඕනේ නං අරන් හරි හදාගන්න. වෙනස් කියල පේනවනන් ළමයි නැති හන්ද අරන් හදා ගත්ත කියල සමාජෙට කියන්න බය නැතුව. කුහකයෝ හිනා වෙයි. ඒ සමාජේ හැටි. ළමයි හිටියත් වැරදි හොයල උන් හිනා වෙනවා. කොහොම උනත් සමාජේ කතා අහල ඒ විදිහට ජීවත් වෙන්න ගියොත් අන්තිමට ඔය දෙන්නගේ පවුලත් කැඩෙයි. හැමදේම පටලාගෙන ඒ තත්ත්වෙට වැටෙන්න යන්න එපා.
තව එක දෙයක් කියන්නන්. මෙහෙම කියනවට තරහවෙන්න එපා, ඒත් ඇත්තද බොරුද කියල ටිකක් හිතපන් මේක: මේක ළමයි නැති එකේවත්, අරන් හදාගන්න ළමයගෙවත් ප්‍රශ්නයක් නෙවෙයි, මේක ඔය දෙන්නගේ හිතේ ප්‍රශ්නයක්. සමහර මිනිස්සුන්ට මොනවා ලැබුනත් දුක් වෙන එක පුරුද්දක්. ගැනු ළමයෙක් හිටියොත් පිරමී ළමයෙක් නැ කියල ලතවෙනවා. එක ළමයෙක් හිටියොත් තව ළමයි නැ කියල ලත වෙනවා. ඉතින් ඉස්සෙල්ලම ඔය දෙන්නගෙම හිතේ තියෙන ලෙඩේ නැති කරගන්න. මොකද ඕව හිතල ළමයෙක් අරන් හදාගෙන, ඒ ළමය දිහා වපර ඇහින් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හරි බැලුවොත් ඔයාලට පස්සේ දවසක ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙයි. කිරියේ මේකට comment දාපු අපිටත් ලොකු පවක් සිද්ධ වෙයි.
ඇත්ත මචං බොහෝම පිං.දරුවන් කියන්නේ සම්පතක්. ඒකෙ දෙකක් නෑ. නමුත් නොලැබුනා කියල පසු තැවෙන්ඩ දේකුත් නෑ. අද කාලෙ ළමයි ඉගෙන ගෙන ඊළගට උත්සාහ කරනව වෙනින් රටකට යන්ඩ නැත්තං මේ රටේම වෙනින් පළාතකට යන්ඩ වෙනව රැකියාව නිසා. ඉතිං දෙමව්පියො ඒ අයට ළමයි ළග ඉන්ඩ ඕනෙ කාලෙදි ළමයි ඉන්නෙ පිට. ඒක නිසා වයිෆ් එක්ක සතුටින් ඉන්ඩ. නෑයො එක එක දේවල් කිව්වත් උඔල දෙන්න උන්ට පේන්ඩත් එක්ක හොදට සතුටින් ඉන්ඩ.
ThanksYou have got enough positive advice from a majority of posters. Go ahead and adopt a child - don't be bothered with what other stupidos might say. Kids are not born with labels attached- (other than genetic markers)
Also you don't raise a child expecting to depend on them when you get old. They might do so or not based on their circumstances. Looking at the present time most possibly they will not be with you or even in the country. So take a chance. Wish you good luck!
කවුරු මොනා කිව්වත් ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ළමයෙක් ඉන්නම ඕන බං.ඔය සෙල්ෆිශ් රැඩිකල්වාදී කට්ටිය නම් කියයි ළමයි කියන්නේ කරදරයක් කියලා..ඒත් ඒක නෙමෙයි අැත්ත.මට නම් තාත්තා කියලා අැහෙනකොට හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා.මාරම ගටක් ඵන්නෙ..මම උඹට මම දන්න දෙයක් කියන්නම්.මම දන්න කෙනෙක්ට අවුරුදු 8ක් ළමයි නැතුව හිටියා.උඹ වගේම දුකෙන් හිටියේ..ඒ දෙන්න රට ගියා ජොබ් වලට.මෙන්න ගිහින් මාස 8යි.වයිෆ් ප්‍රෙග්නන්ට් උනා..අපි නොහිතුවට ඔය හැමදේටම අපේ මනස,රට,දේශගුණය බලපානවා..උඹට රට යන්න බැරි නම් අඩුගානේ ට්‍රිප් ඵකකට නුවර ඵලියේ හරි පලයන් දවස් 3-4 කට.හැබැයි ඒ ගිහින් ඵකතු වෙන කොට කිසිම ප්‍රශ්ණයක් ගැන හිතන්න ඵපා..මනස strong ඵකේ තියාගනින්.good luck මචං.
තොත්ත බබා;22965624 said:nala daruwek hadanna kiiyak wage yanwa da ban
වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ.![]()
අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.
දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්.මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක.
මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.
බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ.
මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා![]()
බබාලා අරන් හදාගන්නවනම් ඒකෙ නීතිමය පැත්ත පොඩ්ඩක් බලපන්. මම දන්න විදිහට බබෙක් අරන් හදාගන්නවනම් එයාට තමන්ගේ දේපල වලින් බාගයක් මුලින්ම ලියන්න ඕනෑ . නැත්නම් මිනිස්සු වැඩකාර කමටත් ළමයි අරන් හදා ගනීනෙ.
උඹ ඉන්න මානසික මට්ටම මට හොඳට තේරෙනවා. ඔය දේවල් ප්‍රශ්න වෙන්නෙ ලංකාවේ මිනිස්සුන්ට. පිටරටවල් වල බබාල හිටිය නොහිටිය , බබා කාගේද කියන ඒව ප්‍රශ්න නෙවෙයි.
ඕනෙ තරම් ඉන්නව අහිංසක බබාල අම්ම තාත්ත නැතිව. මම අත්දැකීමෙන් ඒක දන්නවා. ලංකාවේ ළමා නිවාස ගොඩකට මම ගිහින් තියනවා බලන්න. ඒ දේවල් දැක්කම දුකයි. මගේ යාලුවෙක් ඉන්නවා පොරට බබාල ඉදලත් බබෙක් අරන් හදා ගන්න හදනවා අසරණ පොඩි එකෙක්ට පිහිට වීමේ අරමුණින්.

1.එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ.
2.නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ.
Lamaia hitiyath un apiwa balai kiyana eka sure naha banWayasata yaddi balaganna nam danma hodata hamba karala invest karapan. Lamaigen balaporoththu wenna epa, un migrate wenna unat puluwan. samahara wita unwa balaganna wennet apita
ahala pahala ewun naadayo kiyana ewa ganan ganna epa, unta hama welema deyak kiyanna tiyanawa. uba gedara hitiyoth jobak nadda? jobak tibboth thaaama bande nadda? bandoth lamai nadda? lamai hitiyoth un exam fail da? oya wage marenakan dewal kiyay

උබල මහා මෝඩ මිනිස්සු බන් ... දැන් සමාජ ක්‍රමය අනුව ළමයි වැදීම සමාජ අවශයතාවයක් වෙලා හුගක් උන් ඉන්නවා තමුන්ට ඕන නැති උනත් වටේ ඉන්න උන්ට දෙමෝපියන්ට ඕන නිසා ළමායිහදන ..මේ ගොබ්බ ගොත්රීකවාදී අදහස් නැතීවෙනකල් මේ සමාජය හැදෙන්නේ නැ ..ළමයෙක් හැදීමේ අරමුණ 1.සමාජ අවලාද වලින්ගැලවීම 2.තමුන් වයසට ගියහම රැකවාරණයක් බලාපොරෝත්තුව 3.තමුන්ගේ ඇරීයස් කවර කරගනීමට 3.තමුන්ගේ වර්ගයා බෝ කිරීමේ දැඩී කැමැත්ත(සතුන් මෙන් ) මේ අත්රීන් දැරුවේ බීහිකිරීමේ දර්මානු කුල පැත්තක් තියනවානම් සදහන් කරමැනවී ..කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්. දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ. අනික මේ ලංකාව ලමගෙක්ගෙනල්ල දාන්නතරම් සුපිරිරටක්ද (මා විවාහවී ඉතාමත් බුද්දිමත් ප්‍රයෝගික බිරිදක්සිටිනෙකි)
වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ.![]()
අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.
දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්.මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක.
මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.
බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ.
මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා![]()
තරහවෙන්න එපා මචන්, මෙතන උබ ලියපු කුණුහබ්බ දෙකක් තියෙනවා.
උබලගේ ගතිගුණ තමා ළමයට එන්නේ, අර ගිරවාගේ කතාව දන්නවනේ. අනික උබලගේම ළමයෙක් උනත් උබල හදන විදිය අනුව තමා හැදෙන්නේ. නිකන් පොඩ්ඩක් සමාජේ දිහා බලපන් .වැරදි කරන උන් අනාථ නිවාස වලින් ආපු උන්ද? මම දන්න ජෝඩුවක් ඉන්නවා එක ලමයක් ඒ අයගේ. වෙන ළමයි හැදුවේ නෑ. ඒ වෙනුවට අනාථ නිවසෙන් ළමයි අරන් හැදුවා. ඉස්සෙලම කෙල්ලෙක්. ඒ කෙල්ල දැන් A/L. අනික් එක්කෙනා කොල්ලෙක්. 5 වසෙරේද කොහෙද. හොදට හැදිච්ච ළමයි තුන් දෙනාම. ඒ දෙන්නම දන්නවා අරන් හදාගත්ත අය කියලා. ඒක කාටවත් ප්‍රශ්නයක් නෙවේ. තමන් අදහන ධර්මයට අනුව හැදුවනම් උබල වගේම හැදෙයි.
අනික් කුනුහරුපේ ගැන කියනවනම් නෑදෑයෝ කියන සත්තු ජාතිය කවදාවත් පිනවනන බෑ කියන එක තේරුම් ගනින්. උබල ළමයි 1000 ක් හැදුවත් ඕකුන් ඔච්චර තමා
බබාල අරගෙන හදන්න ඕන නෑ මචන්, ඔය ප්‍රශ්නෙ හිතන්න එපා. සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් තරම් ආධ්‍යාත්මික පැත්තට යොමුවෙන්න, යකදුරෝ ගුරුන්නාන්සෙල මෑණියෝ පස්සෙ යන්න එපා. ළමා නිවාසෙකට, වගේ තැනකට දානයක් දෙන්න ගෙදර පිරිසිදුව තියාගෙන හැමදාම උදේ හවස පහනක් පත්තු කරන්න. එහෙම කලාම අනිවාර්යෙන් උඹලට ළමයෙක් නෙවෙයි ළමයි දුසිමක් වුනත් හදන්න පුළුවන් ඔන්න බලපන් බොරුද කියල. ගර්භාශෙන් පිට අන්ත්‍ර වල එල්ලිලා නිරෝගීව වැඩිල මේ ලෝකෙ එළිය දැකපු ළමයි මේ රටේ ඉන්නව කියලත් හිතාගන්න. වරදින්නෙ නැහැ හිත සංවර කරගන්න පරණ දේවල් අමතක කරන්න අළුත බැඳපු ජෝඩුවක් වගේ සතුටින් ඉන්න. පින්වන්ත ආත්මෙකට තමන්ගෙ කුසේ ඉඩ තියනව කියල ප්‍රාර්තනා කරන්න එච්චරයි මාස තුන හතරකින් මේ වගේම ත්‍රෙඩ් එකක් දායි උඹ වැඩේ හරි කියල ඔන්න බලපන් බොරුනම්.