යකෝ මටත් ඔය ප්රශ්නෙම තමා... දැනට අවුරුදු 6ක්, දන්න හැම මගුලම කලා..ඩොකාලා කියන්නෙ මුකුත් අවුලක් නෑ ..කියන්නෙ IVF යන්න කියලා... ඒත් මන් හිතනවා එකත් කරල බලන්න එතකොත් අපේ පැත්තෙන් අපි කරන්න පුලුවන් හැම එකම කරා, එතනින් එහට පසු තැවෙන්න ඔන නෑ කියලා...අනිත් අතට සන්තකෙට ම ඉතුරු වෙලා තියන ලක්ශ10 ඔකට දීලා හරි ගියෙ නැතු උනොත් මොකද කරන්නෙ කියලා මම හිතන්නෙ... අනික වයසට ගියාම බලාගනි කියලා ළමයි ගදන්න එපා.. දැනටත් ළමයිට බෑ දෙමවුපියො බලාගන්න , තව අවුරුදු 20ක් 30ක් ගියාම මොනවා වේද කියලා උඹට කියන්න බෑ නෙ, අනික උඹලා හදන් ළමයා උඹලව පාරට ඇදලා දැම්මොත්, නැත්නම් එකා උඹැලට කලින් මලොත්.. එතකොටත් උඹැට හිතෙයි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න තමා වෙන්නෙ කියලා, හදිසියී වත් ඒක, මැරයෙක්, පාතාලයෙක්, කුඩ්ඩෙක්, ළමා අපචාර කරන් එකෙක්, සම ලිංගිකයෙක් උනොත්.. එත කොට හිතෙයි අනෙ අපි මොකට මූව හැදුවද කියලා
ළමයෙක් හදනවා නම් හරි අරන් හදාගන්නවානම් හරි එක උඹලා කැමති නිස කරපන්, නැතුව උන් හරියට හැදෙයිද? අපිට සලකයිද, රටෙ එකාල මොනවා කියයිද කියල හිත් හිත හදන්න් එපා... උඹට කියන්න බෑ නෙ උන් කොහොම හැදෙයිද කියලා.. ඒක හදන් විදිය, පරිසරය, හැදෙන විදිය අනුව තීරණය වෙන එකක් ස්ටිව් ජොබ් කියන්නෙත් අරන් හදා ගත්තු එකෙක්,
අනික මේ ගොබ්බ නෑයො ගමෙ ඉන්න පුබ්බඩයො කියන් එවා ගනන් ගන්න එපා... උන් කොහොමත් කතා කියනවා.. ළමයෙක් හැදුවත් කියනවා, නැතත් කියනවා.. මේ ළඟදි මගේ නෑයෙක් මගෙ මූනටම අහනව මන් වැඩ කරන තැන අනිත් අයටත් ළමයි නැද්ද කියලා, උගේ ළමයව එතනින් අයින් කරගන්න.. මොකද උගෙ ළමයව එතන රස්සාවට දැම්මේ මම.. ඔහොම දෙයක් අහන්න හිතපන් එකා එච්චර මොඩද එකෙක් දකියලා,,, එක මොඩ කම නෙමි නපුරු කම, හිතපන් උගෙ හිතේ එහෙම කියන්න කොච්චර විස පිරිලා ඇද්ද කියලා... නෑයො එහෙම නම් අනිත් උන් කොහොම ඇද්ද ඔවාට සැලෙන්න ගියා නම් මරාගෙන මැරෙන්න වෙන්නෙ, මම නම් සතෙකටවත් ඔවා ගනන් ගන්නෙ නෑ,, අනික ළමයෙක් හදන් එක ජීවිතෙ එකම එක නෙමි කියලා මතක් තියාගනින්, ලොක දර්මතාවයෙ හැටියට සත්වයෙක් වුනාම තමන්ගේ පරපුර රැක ගන්න වර්ගයා බෝ කරන්න ඔනා.. අපි අමරණීය නැති නිසා මනුස්සයන්ටත් ඒක තමා ජීවය දිගටම නොනැසී පවත්වාගන්න පුලුවන් ක්රමය.. ඒත් මිනිස්සු වර්ගයා දිහා බලපන්, අපි ළමයෙක් හැදුවේ නැ කියලා වර්ගයා වඳ වෙලා යන්නෙ නැ.. දැනටම බිලියන හතක්... හැබැයි මේ හන හැදිල්ලට වර්ගයා වැඩි වෙලා ඔක්කොම වඳව්වෙලා යනවා.. එනිසා කාල බීල, තැනකට අවිදලා, රට තොට බලලා ඉන්න ටිකේ දෙන්න සතුටින් හිටපන්, තව වය්සට ගියාම ජීවත් වෙන්න ක්රමෙකුත් හදා ගනින් දෙන්නටම, මෙහෙ බැරිනම් වෙන රටක හරි කමක් නෑ, මම දන්නෙ නෑ උඹලගේ ජීවන තත්වය.. ඒත් හොයලා බලපන් වෙන රටවල් විතරක් නෙමි මෙහෙත් ඉන්නව ළමයි නැති උනාට සන්තොසෙන් ජීවත් වෙන කපල්ස්