දරු උපතේ සතුට දරාගත නොහැකිව මව මරුට
තඹුත්තේගම - සී. එම්. ආරියපාල
විවාහ වී වර්ෂ ගණනාවකට පසුqව කුළුඳුල් දරුවා රෝහලේදී ලැබීමෙන් දරුවා මවට පෙන්වීමෙන් පසුව අධික සන්තෝස වීම නිසා තඹුත්තේගම රෝහලේදී ඉකුත් 12 වැනිදා ලයපැලී මව මිය ගිය සිද්ධියක් තඹුත්තේගම රෝහලෙන් වාර්තා විය.
මෙලෙස මියගොස් ඇත්තේ තඹුත්තේගම තෙල්හිරියාව පදිංචි තිස් එක් හැවිරිදි නගවැල්ලේ ගෙදර දිනූෂිකා සඳමාලි නමැත්තිය වෙයි. මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක් වශයෙන් සිදුවන බව යෑයි මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්. පී. කරුණාතිලක මහතා පවසා සිටියි.
දරුවා රෝහලේදී මවුකුසින් ලැබෙන විටත් මව හොඳ තත්ත්වයෙන් සිටිය බව තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරු පවසති. ලැබුණු පිsරිමි දරුවා හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියි. ලය පැලී මියගිය මෙම මවගේ මරණ පරීක්ෂණ කටයුතු තඹුත්තේගම රෝහලේදී පවත්වා ඇති අතර මරණකාරියගේ පුරුෂයා වන පී. ජී. පී. බී. ගුරුගේ මහතා මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දී තිබේ. පොලිස් කොස්තාපල් 14064 එන් . ආර්. කුමාරසිංහ මහතා සාක්ෂි මෙහෙයවා තිබේ. වෛද්‍ය සහතික, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ ඉදිරිපත් වූ සාක්ෂි උපයෝගී කර ගනිමින් මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූ මරණයක් බවට තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්ෂක එන්. හිටිහාමි මහතාගේ තීරණය විය.
http://www.divaina.com/2017/07/14/news06.html

ලය කියන්නේ පපුවනේද(හදවත)? 