දරු උපතේ සතුට දරාගත නොහැකිව මව මරුට

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දරු උපතේ සතුට දරාගත නොහැකිව මව මරුට

    තඹුත්තේගම - සී. එම්. ආරියපාල

    විවාහ වී වර්ෂ ගණනාවකට පසුqව කුළුඳුල් දරුවා රෝහලේදී ලැබීමෙන් දරුවා මවට පෙන්වීමෙන් පසුව අධික සන්තෝස වීම නිසා තඹුත්තේගම රෝහලේදී ඉකුත් 12 වැනිදා ලයපැලී මව මිය ගිය සිද්ධියක්‌ තඹුත්තේගම රෝහලෙන් වාර්තා විය.

    මෙලෙස මියගොස්‌ ඇත්තේ තඹුත්තේගම තෙල්හිරියාව පදිංචි තිස්‌ එක්‌ හැවිරිදි නගවැල්ලේ ගෙදර දිනූෂිකා සඳමාලි නමැත්තිය වෙයි. මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක්‌ වශයෙන් සිදුවන බව යෑයි මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්. පී. කරුණාතිලක මහතා පවසා සිටියි.

    දරුවා රෝහලේදී මවුකුසින් ලැබෙන විටත් මව හොඳ තත්ත්වයෙන් සිටිය බව තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරු පවසති. ලැබුණු පිsරිමි දරුවා හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියි. ලය පැලී මියගිය මෙම මවගේ මරණ පරීක්‍ෂණ කටයුතු තඹුත්තේගම රෝහලේදී පවත්වා ඇති අතර මරණකාරියගේ පුරුෂයා වන පී. ජී. පී. බී. ගුරුගේ මහතා මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබා දී තිබේ. පොලිස්‌ කොස්‌තාපල් 14064 එන් . ආර්. කුමාරසිංහ මහතා සාක්‍ෂි මෙහෙයවා තිබේ. වෛද්‍ය සහතික, පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා සහ ඉදිරිපත් වූ සාක්‍ෂි උපයෝගී කර ගනිමින් මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූ මරණයක්‌ බවට තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්‍ෂක එන්. හිටිහාමි මහතාගේ තීරණය විය.


    http://www.divaina.com/2017/07/14/news06.html
     
    • Like
    Reactions: STU26015

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    She would become an angel dying so happy and will continue to be happy to see her child grow from above.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හදවත පැලෙනවා කියල අහල තිබ්බේ කතා වල විතරයි..... එත් එක ඇත්තටම වෙලා..... :(
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ලය පැලී මියගිය මෙම මවගේ

    :eek::eek::eek:

    මේකෙ තේරුම මොකද්ද? :confused: ලය කියන්නේ පපුවනේද(හදවත)? :confused: එතකොට පපුවපැලිලද මැරිල තියෙන්නේ :eek:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    දැන් එයි හොල්මනක් වෙලා පස්සෙන් පොඩි එකාගෙ.....
     

    Lion-O

    Member
    Jul 13, 2017
    32
    31
    0
    :eek::eek::eek:

    මේකෙ තේරුම මොකද්ද? :confused: ලය කියන්නේ පපුවනේද(හදවත)? :confused: එතකොට පපුවපැලිලද මැරිල තියෙන්නේ :eek:

    heart attack.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පවු නේද මචන්. පුතුගෙ උපත මවගෙ විපත එක දිනයම වුණේ. කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන්දිනේ.. මා හට දී ඔයා.. ඈ සුරලොව ගියා.. :sorry:
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මගෙ කමෙන්ට් එක නිසා රෙප් කපල තිබුන.. අවුලක් නෑ.... ඒත් මන් එහෙම කිව්වෙ හිතක් පපුවක් නැති විදිහට නෙවෙයි..... දුකයි මටත් පට්ටම දුකයි..... ඒත් ඒක වෙලා තියන විදිහ අනුව මං කියපු දේ වෙන්න පුලුවන්..... කර්මය ප්‍රතිසන්දි දෙනකොට දරු පෙමද ස්වාමි භක්තියද හේතු වුනේ කියල බල බල සමාවක් දෙන්නෙ නෑ...... මැරුනෙ ලෝභ සිතක් මුල් කරගෙන නම් ඒකට ගැලපෙන විදිහෙ උප්පත්තියක් තමයි ලැබෙනෙ...... මං ඒක දැම්මෙ අපහාස කරන්නවත් වෙන දේකටවත් නෙවෙයි.....
     
    • Like
    Reactions: shenic_v2.0.0
    Sep 4, 2015
    3,212
    269
    0
    මගෙ කමෙන්ට් එක නිසා රෙප් කපල තිබුන.. අවුලක් නෑ.... ඒත් මන් එහෙම කිව්වෙ හිතක් පපුවක් නැති විදිහට නෙවෙයි..... දුකයි මටත් පට්ටම දුකයි..... ඒත් ඒක වෙලා තියන විදිහ අනුව මං කියපු දේ වෙන්න පුලුවන්..... කර්මය ප්‍රතිසන්දි දෙනකොට දරු පෙමද ස්වාමි භක්තියද හේතු වුනේ කියල බල බල සමාවක් දෙන්නෙ නෑ...... මැරුනෙ ලෝභ සිතක් මුල් කරගෙන නම් ඒකට ගැලපෙන විදිහෙ උප්පත්තියක් තමයි ලැබෙනෙ...... මං ඒක දැම්මෙ අපහාස කරන්නවත් වෙන දේකටවත් නෙවෙයි.....

    we all know bro. don't worry. :D