එහෙම සේදීමක් සිද්ද වෙලා නෑ.
අනිත් කාරණය තමයි විවේචනය කරන්න ඕන තැනදී අපි විවේචනය කරනව.
අනිත් දේ තමා අපි හැමදාම හිට ගන්නේ මහජතාවගේ පැත්තේ.
ආන්ඩුව කුමන වර්ගයේ එකක් උනත් ජනතාව හා ආණ්ඩුව අතර පවතින සම්මුතිය රැක ගැනීමට අප ආණ්ඩුවට බල කරනවා.
ඔය අනෙක් පක්ෂ වල වගේ බාර් ලයිසන් එකට, පෙට්රල් ෂෙඩ් එකට කරන දේශපාලනයක් අප ගාව නෑ.
සියළු හේනේ මාමලාගේ සුපුරිදු බයිලාව ඔය.
1. අනිත් කාරණය තමයි විවේචනය කරන්න ඕන තැනදී අපි විවේචනය කරනව.
උබ ජෙප්පන්ව විවේචනය කරපු ත්රෙඩ් දහයක් මෙන්ෂන් කරන්න පුළුවන්ද?
2. අනිත් දේ තමා අපි හැමදාම හිට ගන්නේ මහජතාවගේ පැත්තේ.
උබ කොයි පැත්තේ හිටියත් මහජනතාවගේ පැත්තේ තමා. මොකද උබ මන්දබුද්ධිකයෙක් ගාව හිටගෙන හිටියත් ඌත් මහජනතාව කියලා අර්ථකථනය වෙනවා.
3. ආන්ඩුව කුමන වර්ගයේ එකක් උනත් ජනතාව හා ආණ්ඩුව අතර පවතින සම්මුතිය රැක ගැනීමට අප ආණ්ඩුවට බල කරනවා.
ඔය කියන සම්මුතිය රැකගන්න කියලා උබ ජේවීපී ආණ්ඩුවට බලකරපු ත්රෙඩ් දහයක් මෙන්ශන් කරන් පලයන්.
4. ඔය අනෙක් පක්ෂ වල වගේ බාර් ලයිසන් එකට, පෙට්රල් ෂෙඩ් එකට කරන දේශපාලනයක් අප ගාව නෑ.
බාර් ලයිශන් එකටයි, පෙට්රල් ශෙඩ් එකටයි දේශපාලනේ නොකලාට යාළුවෝ අරන් දීපු බ්රෑන්ඩඩ් ඇදුම් අදින, ඩබල් කැබ් වල යන, ෆයිව්ස්ටාර් හෝටල් වල කන බොන, බෑන්ක් එකවුන්ට් වල කෝටි ගනන් තියෙන, දේපල වශයෙන් වටිනාකම හදුනාගත් නොහැකි තරම් ඉහල ඉඩම් කඩම් හිමි උන් තමා ජේ.වී.පී. එකේ ඉන්නේ. නෑ කියනවාද?