දහම් සභාව - දහම් ලිපි එකතුව

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
දහම් සභාව - දහම් ලිපි එකතුව

295630_143844612447293_1901416526_n.jpg



බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්ව ඇති ස්ථාන

මහියංගන චෛත්‍ය - කේෂ ධාතු,ග්‍රීවා ධාතු
ථූපාරාමය - දකුණු අකු ධාතුව
සේල චෛත්‍ය - ඌර්ණ රෝම ධාතුව
සේරුවාවිල චෙත්‍ය්‍ය - ලලාට ධාතුව,කේෂ ධාතු
රුවන් වැලි මහා සෑය - කුඩා ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් පමණ
දළදා මාලාගාව - වම් දන්ත ධාතුව
ගිරිගඩු සෑය - කේෂ ධාතු
සිඵමිණ මහා සෑය (තව්තිසා දෙව් ලොව) - දළදා වහන්සේ නමක්
සඵමිණි සෑය (බඹ ලොව) - වම් අකු ධාතුව
සෝමාවතිය - දකුණු දළදා වහන්සේ

ධාතු පිරිනිර්වානය -

බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?

ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.

එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

ඒත් සමග ම මහත් වූ චජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.

ලලාට ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.

එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි.

මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වහ වහා රැස් වෙති.

එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා මහා පෙළහර දක්වා ( යමා මහ පෙළහර හෙවත් යමක ප්‍රාතිහාර්යය බුදුවරයෙකුට පමණක් කළ හැක්කකි.අහසට නැගී විවිධ ඉරියව් වලින් අවශ්‍ය තරම් බුදුරූප මැවිය හැකි වීමත්,එක් රෝම කූපයක් ගත් විට එයින් ගිනි කදක් හා ජල කදක් බැගින් එකවර මුලු ශරීරයෙන්ම පිටකිරීමට හැකිවීමත් මෙහි විශේෂත්වයයි)අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය. බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.

මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි .එසේම බුදුරදුන්ගේ ශ්‍රී පාද ලකුණු හතරම (සමනළ කන්දෙහිද ඇතුලුව)මෙම සිදුවීමත් සමගම මැකී යයි.එසේම මෙම සිදුවීම දැක පැහැදීමට පත්වන අය දෙව් ලොව උපත ලබන බවද සදහන්ය.මෙසේ ධාතු පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.

(සුමඞ්ගලවිලාසිනී, පූජාවලිය, සද්ධර්මරත්නාකරය)


http://www.facebook.com/photo.php?f...52307446.22046.111582889006799&type=1&theater
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
BlogPost_2012_07_15-13.jpg


අප සරණ ගිය, අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දිනචර්යාව දැනගැනීමට ඔබත් කැමතිද?
සාමාන්‍ය මනුෂ්‍යයෙකුට හිතාගන්නවත් බැරි තරම් සුන්දර වූ මේ වැඩපිළිවෙල තුළ බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක්ම ගත කළ ආකාරය සැබැවින්ම විස්මය ජනකයි.
බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව ප‍්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පෙරබත්කිස. අනිත් එක තමයි පසු බත්කිස.
පෙර බත්කිස කියන්නේ මේකටයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ උදෑසන පිබිදි මොහොතේ පටන් දානය වළඳින වේලාව දක්වා කාලය. උන්වහන්සේ දවස ආරම්භ කරන්නේ උදෑසනින්ම අවදිවෙලා. ඒකට හේතු කීපයක් තියෙනවා. උපස්ථාන කරන අයගේ පහසුව පිණිසත්, ශරීරය සෞඛ්‍යය මනාව පවත්වා ගැනීම පිණිසත්.
උදෑසනම අවදි වී මුව සෝදා ගෙන පිණ්ඩපාතයට වඩින්නට කාලය පැමිණෙන තෙක් භාවනානුයෝගීව කල්ගත කරනවා. පිණ්ඩපාතය පිණිස කල් පැමිණි විට පාත‍්‍ර සිවුරු රැුගෙන ඇතැම් විට තනියම පිණ්ඩපාතයේ වඩිනවා. සමහර විට පිණ්ඩපාතයේ වඩින්නේ භික්ෂූන් වහන්සේලා සමඟයි. ගොඩක් දවස්වලට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ සාමාන්‍ය භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනවා වගේ සාමාන්‍ය ආකාරයටයි.
එ්ත් සමහර දවස්වලට පිණ්ඩපාතේ වඩින විට මෙන්න මේ වගේ මහා ආශ්චර්යවත් දේ සිදුවෙනවා.
එ් වගේ දවස්වලට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමකට හරි නියම් ගමකට පිවිසෙද්දී මේ වගේ හරිම අපූරු සිදුවීම් සිදුවෙනවා. සිහිල් සුළං රැළි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින පෙරමඟට හමනවා. එ් සිහිල් සුළං රැළි වලින් මග දෙපස ඇති දූවිලි ඉවත් කරලා මාර්ගය පිරිසිදු කරලා දෙනවා. අහසේ වළාකුලූ වලින් වැසි බිඳු එක දෙක ඇදහැලෙමින් පොළොව තෙත් කරනවා. එතකොට මාර්ගයේ දූවිලි ආදිය ඇවිස්සෙන්නේ නෑ. ශාන්තව, පැහැදිලිව තියෙනවා. වළාකුළු වියනක් වගේ උන්වහන්සේ සිරසට ඉහළින් ගමන් කරනවා.
ඒ වගේ සිහිල් සුළං රැල්ලේ පාවී ගෙන එන ලස්සන ම ලස්සන මල් උන්වහන්සේ වඩින මාර්ගයේ විසිරෙනවා. අමුතුම සුවඳක් ඒ මුළු පළාත පුරාම පැතිරිලා යනවා. පොළොවේ තියෙන විෂම තැන්, ඒ කියන්නේ වළ ගොඩැලි ආදිය නැතිවෙලා පොළොව සම වෙනවා. උස් තැන් පහත් වෙනවා. පහත් තැන් උස් වෙනවා. මාර්ගය හරියටම සමතලා වෙනවා. එතකොට උන්වහන්සේ පා තබා වඩිද්දී මුළු පාදයම එ් සමතල පොළොවේ මනාව ස්පර්ශ වෙනවා. සමහර වෙලාවට උන්වහන්සේ වඩිද්දී ඒ ශ‍්‍රී පාදයන් පිළිගන්නට පොළොවෙන් අලංකාර මල් පවා මතුවෙනවා.
සමහර දවස්වලට උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමට පිවිසෙද්දී, ඒ ශ‍්‍රී ශරීරයෙන් සවණක් ඝන බුදුරැුස් විහිදෙනවා. ඒ බුදුරැස් වලින් මාර්ගය දෙපස මැදුරු, මාළිඟා ආදිය රන්වන් පැහැයෙන් දීප්තියෙන් බබලනවා. ඇතුන්, අශ්වයන්, කුරුල්ලන් ඒ ඒ තැන්වලම සිටිමින් මිහිරි නාදයන් පවත්වනවා. ඒ වගේම බෙර, වීණා ආදී පඤ්ච තූර්ය භාණ්ඩයන්ගෙන් මිහිරි නාදයන් නිකුත් වෙනවා. මිනිසුන් පැළඳගෙන ඉන්නා ආභරණ පවා මිහිරි හඬින් නද දෙනවා.
ඔය ලකුණු මඟ දෙපස ඇතිවෙද්දී ඒ ප‍්‍රදේශයේ මිනිස්සු ‘අද නම් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස මේ ප‍්‍රදේශයට වඩින සේක’ කියලා දැනගන්නවා. එ් අය පිරිසිදු ඇඳුමින් සැරසිලා, සුවඳ මල් ආදිය අරගෙන සැදැහැ සිත පෙරට අරගෙන තම තමන්ගේ ගෙවල් වලින් නික්මිලා පෙරමඟට එනවා. තමන් රැගෙන ආ මල් සුවඳ විලවුන් ආදිය බුදුරජාණන් වහන්සේට පූජා කරලා වන්දනා කරලා අප‍්‍රමාණ විදිහට පින් රැස් කරගන්නවා.
බුදුරජාණන් වහන්සේ දැකීමෙන්ම සිත් පහන් වෙන ඒ උපාසක, උපාසිකාවෝ ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද අපේ ගෙදරට දානයට ස්වාමීන් වහන්සේලා දස නමක් වඩම්මවා දෙන්න. ස්වාමීන් වහන්සේලා විසි නමක් වඩම්මවා දෙන්න. ස්වාමීන් වහන්සේලා සියක් නමක් වඩම්මලා දෙන්න’ කියලා ඉල්ලා සිටිනවා.
ඉතින් තම තමන්ගේ කැමැත්ත පරිදි ස්වාමීන් වහන්සේලා තමන්ගේ නිවෙස් වලට වඩම්මවාගෙන දානය පූජා කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ පාත‍්‍රයත් බොහෝම ගරුසරු ඇතිව පිළිගෙන, ආසන පණවලා පිණ්ඩපාත දානය පිළිගන්වනවා. බුදුරජාණන් වහන්සේට දානෙ හැන්දක් පූජා කරගන්න ලැබෙනවා නම් ඒක ජීවිතයකට කොයිතරම් වාසනාවක්ද?
බුදුරජාණන් වහන්සේ කිසිම කලබලයක් නැතුව ඒ දානය පිළිඅරගෙන වළඳනවා. දානය වැළඳුවායින් පස්සේ අනුමෝදනා බණ දේශනා කරනවා. ඒ ධර්ම දේශනය අසන පින්වත් උදවිය එක්කො තෙරුවන් සරණ යනවා. එහෙම නැත්නම් සෝවාන් වෙනවා. එහෙමත් නැත්නම් සකදාගාමී වෙනවා. එහෙමත් නැත්නම් අනාගාමී වෙනවා. සමහර උදවිය මේ බුදු සසුන ගැන පැහැදිලා ගිහි ජීවිතය අත්හැර දමලා උතුම් පැවිදි ජීවිතයට පත්වෙනවා. ඒ අයට මේ සසර දුකින් සදහටම නිදහස් වෙන්න පවා වාසනාව උදාවෙනවා.
මේ විදිහට තමන් වහන්සේට දන් පිළිගැන්වූ පිරිසට අනුමෝදනා කරලා, ආසනයෙන් නැගිටලා ආපසු විහාරයට වඩිනවා. විහාරයට වැඩම කරලා අනෙත් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතය අවසන් කර නැවත විහාරයට වඩින තුරු ශාලාවේ පණවා ඇති ආසනයේ වාඩි වී සිටිනවා. ස්වාමීන් වහන්සේලා වළඳා අවසන් කළ බව උපස්ථායක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැනුම් දීමෙන් පසුව උන්වහන්සේ ගන්ධ කුටියට පිවිසෙනවා.
මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ පෙර බත්කිස අවසන් වෙන්නේ ලෝකයේ බොහෝ දෙනෙකුට යහපත සළසමින්.
පෙර බත් කිසෙන් අනතුරුව පා දෝවනය කරගෙන ගන්ධ කුටියේ පණවන ලද අසුනේ වැඩසිටින ලෝකනාථ වූ ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මෙන්න මේ විදිහට අනුශාසනා කරනවා.
”පින්වත් මහණෙනි, බුදුකෙනෙකුගේ උපත අතිශයින්ම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. පැවිදි ජීවිතයක් ගතකරන්නට ලැබීමත් දුර්ලභයි. සද්ධර්මය අසන්නට ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. එනිසා පින්වත් මහණෙනි, අප‍්‍රමාදීව මේ ශාසනයේ යෙදෙන්න.”
ඉතින් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා තම තමන්ට විසඳා ගන්න තියෙන ධර්ම කාරණා, භාවනා කරන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට ධර්ම මාර්ගය දියුණු කරගන්න ඕන විදිහට අනුශාසනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේලාත් ගෞරව සම්ප‍්‍රයුක්තව, පැදකුණු කරමින් ඒ අවවාද, අනුශාසනා පිළිගන්නවා.
බුදුරජාණන් වහන්සේගෙන් අවවාද, අනුශාසනා ලබාගැනීමෙන් පසුව ඒ ස්වාමීන් වහන්සේලා තම තමන් සිටින ස්ථානවලට වඩිනවා. සමහර ස්වාමීන් වහන්සේලා කැලයට වඩිනවා. තව සමහර ස්වාමීන් වහන්සේලා රුක් සෙවණකට වඩිනවා. තවත් සමහර ස්වාමීන් වහන්සේලා ගල් ලෙනකට වඩිනවා. ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා, උන්වහන්සේලා වඩින්නේ චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට. සමහර ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න පරමනිම්මිත වසවත්තී දිව්‍ය ලෝකයටත් වඩිනවා.
මේ විදිහට පිණ්ඩපාතයෙන් පස්සේ දවසේ පළමු කොටස අවසන් වෙන්නේ භික්ෂූන් වහන්සේලාව උතුම් ධර්ම මාර්ගය තුළ හික්මවීමෙනුයි.
භික්ෂූන් වහන්සේලා වැඩමවීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කැමති නම් මනා සිහියෙන් යුතුව සිංහ සෙය්‍යාවෙන් මඳක් වෙලා සැතපී විවේක ගන්නවා. ඉන්පසු නැවත වරක් සමාධි සුවයෙන් යුක්තව මහා කරුණාවෙන් මුළු ලෝකය දෙසම විමසා බලනවා.
හවස් කාලයේ ඒ ප‍්‍රදේශයේ සිටින සැදැහැවත් උපාසක, උපාසිකාවන් සුවඳ මල් ආදිය රැුගෙන විහාරයට පැමිණෙනවා. දම් සභා මණ්ඩපයට රැුස්වෙනවා. එ් පිරිසට සුදුසු වෙන ධර්ම දේශනයක් කාල වේලා ඉක්මවා නොයන විදිහට බුදුරජාණන් වහන්සේ පවත්වනවා. කුසලයෙහි පිහිටුවනවා. පිනෙහි යොදවනවා. මේ විදිහට තමන්ගේ ශ‍්‍රාවක වූ ගිහි පිරිසටත් ධර්මය කියා දෙන්නට ඒ කාලය බුදුරජාණන් වහන්සේ යොදවනවා.
ඉන් අනතුරුව තමන් වහන්සේගේ ශ‍්‍රී දේහය සිසිල් කිරීමට කැමැති සේක් නම් එසේ කරනවා. ඉන්පසුව මොහොතක් විවේකීව ගත කරනවා. ඉන් පස්සේ ස්වාමීන් වහන්සේලාට තම තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගන්නට අවශ්‍ය දහම් කාරණා වදාරණවා. එ් වගේම භාවනා ආදියත් කියා දෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ දෛනික දිනචරියාවේ රැුයේ මුල් කොටසත් ලෝකයාටම හිත සුව පිණිසම යොදනවා.
ඉන්පසුව එළැඹෙන්නේ රාත‍්‍රියේ මධ්‍යම යාමයි. දස දහසක් සක්වලින් පැමිණෙන දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේගෙන් දහම් කාරණා විමසන්නේ මේ වෙලාවටයි. උන්වහන්සේත් එ් දෙවියන් හට දහම් දෙසනවා. අඩු ගණනේ සතර පද ගාථාවකින් හෝ දහම් දෙසනවා. ඒ ධර්මය ශ‍්‍රවණය කරන දෙවිවරු මඟපල, නිවන් අවබෝධ කරනවා. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ එ් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දෙවියන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් තමන්වහන්සේගේ කාලය කැප කරනවා.
රාත‍්‍රියේ අවසන් කාලය කොටස් හතරකට බෙදාගන්නා උන්වහන්සේ එක් කොටසක් සක්මනින් ගත කරනවා. දෙවෙනි කොටස ගන්ධ කුටියට පිවිස සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙනවා. තුන් වෙනි කොටසේදී සමාධි සුවයෙන් ගත කරනවා. දවසේ අළුයම කාලය ගත කරන්නේ මහා කරුණා සමාපත්තියට සමවැදී පිහිට විය යුතු ලෝක සත්වයන් දෙස බලමිනුයි. මෙය ලෝකාවලෝකනය නමින් හැඳින්වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ දින චරියාවේ පසුබත් කිස මේ විදිහට ගතවෙනවා.
සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව පිරිනිවන් පානා තෙක් වසර හතළිස් පහක කාලයක් පුරාවට දෙව් මිනිසුන්ගේ යහපත උදෙසාම කැපකළ මහෝත්තම චරිතාපදානයක දිනචරියාව සැබැවින්ම අසිරිමත් නොවේද?
අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
සාදු! සාදු! සාදු!
- මීරිගම ඉන්දවංශ හිමි

http://amadamvila.net/lifeofbuddha/
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
577695_152357091596045_425729939_n.jpg


අපා දුක් විඳින්න කැමතිද?

මහාචාර්ය
පාතේගම
ඤාණිස්සර හිමි

ඔය ඇහෙන්නේ ඒ සතුන් කෑ ගහන සද්දේ. ඔබ වහන්සේටත්, ඒ හඬ ඇහෙනවද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් අරමුණු කරගෙන දේශනා කරනවා. මහණෙනි, වෙනද මේ වෙලාවට කෑගහනව ඇහෙන්නේ චුන්දගෙන් පහර ලබන අහිංසක ඌරන් තමයි. නමුත් අද ඔය ඇහෙන්නේ ඒ ඌරන්ගේ හඬ නොවේ. ඔය ඇහෙන්නේ චුන්ද සූකර මැරෙන්න පණ අදින හඬ. දවස් හතක් තිස්සේ ඔය වගේ පණ ඇදල ඌරන් කෑගහනවා වගේ කෑගහල ඔහු මැරිලා යනවා. අපායේ උපදිනවා. ඒක වෙනස් කරන්න තථාගතයන් වහන්සේටවත් බැහැ.

රජගහනුවර වේළුවනාරාමය අසල එක්තරා මිනිසෙක් වාසය කළා. බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගෙන් බණ දහම් අසන්නට පන්සලට ආවත් එම පුද්ගලයා ඒ අහලකටවත් පැමිණෙන්නේ නැහැ. එයට හේතුවක් තිබුණා.

එම පුද්ගලයාගේ නම චුන්ද. ඔහු රැකියාව හැටියට කළේ ඌරන් මරා මස් විකුණා මුදල් උපයා ගැනීමයි. සූකර කියලා කියන්නේ ඌරට. ඌරන් මරල මස් විකුණලා ජීවත්වෙන මේ චුන්දට මිනිසුන් සූකරයා කියලත් කියන්න පටන් ගත්තා. ඔහු පසුව ප්‍රසිද්ධ වුණේ ඔහුගේ නමත් මිනිස්සු ඔහු පිළිබඳව කියූ නමත් එකතුවෙලා චුන්ද සූකර යන නමිනි. තමන් කරන ප්‍රාණඝාත රැකියාව නිසාම බුදුරදුන් වැඩ වාසය කරන වෙහෙර අයිනේ ජීවත් වුණත් පන්සලට එන්න බණ පදයක් අහන්න සිත දුන්නේ නැහැ. පවට නැඹුරු වුණ නිසාම පාපකාරී සිතිවිලි ඉස්මතු වෙන්න පටන් ගත්තා.

ඇතැම් අය තමන්ගේ අතින් පවක් සිදුවුණහම ඒක තමන්ගෙන් සිදුවුණ වරදක් ලෙස සිතා මින් පසුව මේ වගේ වැරැදි කරන්න මා යන්නේ නැහැ කියලා අධිෂ්ඨානය කරගෙන එබදු වැරැදි ක්‍රියාවලින් මිදෙනවා. සාමාන්‍ය මිනිසෙක් අතින් පාපයක් වරදක් සිදුවෙන්න පුළුවන්. නමුත් එම වරද දිගින් දිගටම කරනවා නම් වරදක් බව දැන දැනත් එයම කරනවා නම් එම වරද බරපතළයි. නීතියෙහි වුවත් පෙරවැරැදි නැති වැරැදිකරුවකු දිහා කම්පිතව බලන අවස්ථා තිබෙනවා.

ඇතැම් අය වරදක් කළහම එහි ඇළෙනවා. එයට ආස කරනවා. මිහිරි ලෙස සිතනවා. මී පැණි වගේ සිතනවා. පව් කරන කළට මිහිරි මී පැණි වගේ සතුටින් ඒ පාපය ගැන සිතනවා. එහෙම අයත් සමාජයේ ඉන්නවා. චුන්ද සූකර ඒ වගේ කෙනෙක්. ඌරන් මරා මස් කරල විකිණීම තුළින් ඔහු හරි සතුටක් ලැබුවා. බුදුහාමුදුරුවො ඒ වගේ පාපක්‍රියා එපාය කියන නිසා ඔහු බුදුහාමුදුරුවන්ටත් සරදමට වගේ ඒවා කළා. පවට කැමැති පාපකාරී මිනිසුන්ගේ හැටි එහෙමයි. චුන්ද සූකර ඌරන් මරණ කොට නිකම්ම මැරුවේ නැහැ. ඔහු කරන්නේ ඒ සතුන්ට වේදනාකාරී ලෙස පහර දෙනවා. සතුන් වේදනාවෙන් කෑගහනකොට චුන්ද සූකරට හරි සතුටුයි. ඔහු අත්පොළසන් දෙමින් සතුටු වෙනවා. වේදනාවෙන් කෑ ගහන සතුන් දිහා බල බලා ආස්වාදයක් ලබනවා. ඒ වගේම වේදනාවෙන් කෑගහල පිපාසාවෙන් වතුර සොයන කොට නටන උණුවතුර අර සතුන්ගේ කටට වක්කරනවා. මේ විදිහට වධ දීල සත්තු මරණ කෙනෙක් චුන්ද සූකර. ප්‍රාණඝාතය අකුසල කර්මයක්. සතුන්ට වධ දීම වෙනත් අකුසල කර්මයක් ‘චුල්ල කම්ම විභංග‘ සූත්‍රයේ දී සත්තු මැරීම නිසා එය කළ පුද්ගලයා අඩු ආයුෂ ලබන බව කියනවා. සතුන්ට වධ හිංසා පමුණුවන පුද්ගලයා නිතර නිතර රෝගී වන කෙනෙක් බවට පත්වන ආකාරය දන්වනවා. චුන්ද සූකර ප්‍රාණඝාතයත් ප්‍රාණ හිංසාවත් දෙකම කළ කෙනෙකි. ප්‍රාණඝාතය කිරීම අකුසලයක්.

ඒ ප්‍රාණඝාතය කරල එයින් ආස්වාද විඳීම වෙනත් අකුසල කර්මයකි. ප්‍රාණ හිංසාවත් එහෙමයි. සත්ව හිංසාව අකුසල කර්මයකි. ඒ හිංසාවෙන් තමන් සතුටු වීම වෙනත් අකුසල කර්මයකි. චුන්ද සූකර කළේ ප්‍රාණඝාතය විතරක් නෙමෙයි. මේ සියලු අකුසල් කළා. පාපකාරයාගේ හැටි එහෙමයි පවට ආසයි. තමන් කරපු පව්කම් නැවත ද නැවත ද සිත සිතා සතුටු වෙන්න ආසයි. ඒවා තැන් තැන්වල කිය කියා සතුටු වෙන්න ආසයි. චුන්ද සූකරත් එහෙමයි. ඔහු කළ පාපකාරී ක්‍රියාවන් ඒ වගේයි.

එක දවසක් සැන්ඳෑවේ පන්සලට බණ අහන්න එකතු වුණු හාමුදුරුවන්ට ඌරන් කෑගහන හඬ ඇහෙනවා. බුදුහාමුදුරුවනේ වෙනද වගේම අදත් වුන්ද සූකර ඌරන්ට පහර දෙනවා. ඔය ඇහෙන්නේ ඒ සතුන් කෑ ගහන සද්දේ. ඔබ වහන්සේටත්, ඒ හඬ ඇහෙනවද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් අරමුණු කරගෙන දේශනා කරනවා. මහණෙනි, වෙනද මේ වෙලාවට කෑගහනව ඇහෙන්නේ චුන්දගෙන් පහර ලබන අහිංසක ඌරන් තමයි. නමුත් අද ඔය ඇහෙන්නේ ඒ ඌරන්ගේ හඬ නොවේ. ඔය ඇහෙන්නේ චුන්ද සූකර මැරෙන්න පණ අදින හඬ. දවස් හතක් (7) තිස්සේ ඔය වගේ පණ ඇදල ඌරන් කෑගහනවා වගේ කෑගහල ඔහු මැරිලා යනවා. අපායේ උපදිනවා. ඒක වෙනස් කරන්න තථාගතයන් වහන්සේටවත් බැහැ. පව් කරන මිනිස්සු සංසාරය දික්කරගෙන ඒවම කරන්න ආසයි.

පව් කරන පුද්ගලයා පවු කරන වේලාවේ ඇතැම් විට එයින් සතුටක් ලැබුවත් එහි බරපතළකම මනසට දැනෙන කොට ඉන් ඔහුට ඉතිරිවන්නේ ශෝකයක් පමණයි. මැරිලා ගිහිල්ලා නරකයේ උපන්න ගමන් තමන් මිනිසෙක් වෙලා උපත ලබල හොඳ වැඩ කරන්න පුළුවන්කම තිබෙද්දීත් කළ පාප ක්‍රියා ගැන සිතන විට ඇතිවන්නේ ශෝකයක්.

මේ විදිහට බැලුවහම මෙලොවදීත් ශෝක කරනවා. පරලොවදීත් ශෝක කරනවා. පව් කාරයා තමන් කළ පව් පිළිබඳව සිත සිතාම නැවත ද නැවතද ශෝක කරනවා. චුන්ද සූකරටත් ඉතිරි වෙන්නේ සතුන් මරණ විට ලැබූ පී‍්‍රතිය නෙමෙයි. සංසාරය පුරාම ශෝක කිරීමයි.

සටහන
හේමමාලා රන්දුනු

http://www.facebook.com/photo.php?f...52307446.22046.111582889006799&type=1&theater
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ධර්මය තුළ ඔබ දියුණු වන බව දැනගන්නේ කෙසේද ?

Main-Image2.jpg


ධර්මය තුළ ඔබ දියුණු වන බව දැනගන්නේ කෙසේද ?
බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝකයේ තිබෙන අසිරිමත් ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙයක් තමයි, සම්බුදු සමිඳුන් ගේ ධර්මය කථිතමාත‍්‍රයකින් කෙළවර නොවීම. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය, කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් ‍නෙවෙයි. ධර්මය කියන්නේ හැම විට ම ප‍්‍රායෝගික ව ක‍්‍රියාත්මක කළ යුතු දෙයක්.

යම් කිසි කෙනෙක් තුළ ධර්මය ප‍්‍රායෝගික ව ක‍්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ඒ කෙනා බුදු සමිඳුන් ගේ ධර්මය තුළ මිය ගිය කෙනෙක්. ඒ කියන්නේ එයා තුළ සද්ධර්මය ජීවමාන වෙන්නේ නැහැ.

ඒ නිසා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, වගේ මේ හැම දෙයක් ම එක ම එක නිෂ්ඨාවක් (නිශ්චිත අවසන් අරමුණක්) පිණිස ම යි පවතින්නේ. ඒ නිෂ්ඨාව තමයි, පරිපූර්ණ වශයෙන් කෙළෙස් සංසිඳවීම. ඉතින් යම් හේතුවක් නිසා, ධර්ම සාකච්ඡාවකින් හරි ධර්ම ශ‍්‍රවණයකින් ‍හරි කෙළෙස් සංසිඳවීම සිදු වෙන්නේ නැත්නම්, එතැන බුදු දහම ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. එතැන තිබෙන්නේ ධර්මයේ වේශයෙන් ක‍්‍රියාත්මක වෙන වෙනත් දෙයකු යි.

ඒ නිසා ධර්මය ගැන උනන්දු වෙන, ධර්මයේ හැසි‍රීමට උත්සාහ කරන ඔබ තුළ, ඇත්තට ම බුදු සමිඳුන් ගේ අවවාදය ක‍්‍රියාත්මක වෙනව ද කියල දැනගන්ට උපකාර වෙන කරුණු කිහිපයක් ලියන්ට ඕනි කියල හිතුන.. හැබැයි මේ දේවල් කියන්නේ, අනිත් අයව මනින්ට නෙමෙයි. එහෙමත් නැත්නම්, තමන්ව ම මැණගෙන, හීනමානය හරි අධිමානය හරි ඇති කරගන්නට ත් නෙවෙයි. මේ කරුණු දැනගෙන, දහම තුළ අප‍්‍රමාදී වීමට යි.

ධර්මයේ පිහිටපු කෙනා කැළඹුනත් මතුවෙන්නේ ධර්මය විතර යි…

1. ඇත්තෙන් ම ධර්මයේ හැසිරෙන කෙනෙක් තුළ මූලික ව ම ‍සිදු වන දෙයක් තමයි, ඒ කෙනා තුළ ගුණධර්ම දියුණු වීම. කරුණාව, මෛත‍්‍රිය, අනිත් අය ගේ අදහස් ඉවසීම, අනිත් අයට උපකාර කිරීම ආදී ගුණ ධර්ම ඒ කෙනා තුළ ක‍්‍රමයෙන් දියුණු වෙනවා. මේ දේ ධර්මතාවයක් හැටියට ම සිදු වෙන දෙයක්.

2. ඒ වගේ ම විශේෂයෙන් ම ඒ කෙනා තුළ ඇති වන ගුණ ධර්මයක් තමයි කෙළෙහි ගුණ දන්නාකම. එය විශේෂ ගුණ ධර්මයක් හැටියට සදහන් කළේ ඇයි…? මේ ගැන කවුරු මොනවා කිව්වත්, කෙළෙහි ගුණ දන්නාකම කියන්නේ, කේවල (මුලූමනින් ම) සත්පුරුෂ භූමිය යි. ඒ කියන්නේ, සත්පුරුෂ භූමියත් කළගුණ දන්නා බවත් වෙන් කළ නො හැකි ලෙස බද්ධ වෙලයි තිබෙන්නේ… කෙළෙහි ගුණ දන්නා බව යම් තැනක නැත්නම් එතැන සත්පුරුෂභාවයක් ඇත්තේ ම නැහැ.

මොකද බුදු රජාණන් වහන්සේ වදාළා, කෙලෙහි ගුණ නො දන්නා බව, මුලූමනින් ම අසත්පුරුෂ භූමිය බව. යම් කෙනෙක් තුළ, කළ ගුණ දන්නාබව නැත්නම්, ඔහු ඒකාන්තයෙන් ම අසත්පුරුෂයෙක්. විශේෂයෙන් ම යම් කිසි කෙනෙක්, සද්ධානුසාරී භාවයට හෝ පත් වෙනවා නම්, ඔහු තුළ ධර්මතාවයක් හැටියට ම, ස්ථීර ව‍ශයෙන් ම මේ උතුම් ගුණ ධර්මය පිහිටනවා. මෙය බලෙන් රිංගවිය යුතු දෙයක් හෝ, බලෙන් ඇති කළ හැකි දෙයක් හෝ නො වෙයි. ඕනම කෙනෙක් සත්පුරුෂ භූමියට පා තබනවා ත් එක්ක ම ධර්මතාවයක් හැටියට ම ඔහු තුළ කළ ගුණ දන්නා බව පිහිටනවා.

3. ධර්මය තුළ දියුණු වෙන, ධර්මය හිතට ගිය කෙනා ගේ තවත් ලක්ෂණයක් තමයි, ඒ කෙනා ලෝකය ත් සමග කැළඹී යන්නේ නැහැ. ඒ කියන්නේ, අපි හිතමු එයාට නින්දා අපහාස හෝ රෝගාබාදිය හෝ වෙන කිසියම් හෝ ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් ඒ දෙවල් වලින් ඒ කෙනා ගේ සිත කැළඹෙන්නේ නැහැ.

සිත යම් මට්ටමකට හෝ කැළඹුණත් එයා ට සිහි වන්නේ ධර්මය ම යි. එයා ගේ වචනයෙන් පවා බැහැරට නික්මෙන්නේ ධර්මය ම යි. ධර්මය සිතට නො ගිය කෙනා, ලෝකයත් සමග කැළඹෙනවා වගේ ම, ඒ කැළඹීම තුළින් එයා ගේ අභ්‍යන්තරයේ තිබෙන ‍අකුසල් එළියට පනිනවා. නින්දා අපහාස ලැබුණත් ධර්මයේ පිහිටපු කෙනා ගේ සිත එක්කෝ උපේක්ෂාවට පත් වෙනවා, එහෙමත් නැත්නම්, කැරකි කැරකී ධර්මය තුළ ම පිහිටනවා. මේ දේ ධර්මතාවයක් හැටියට ම සිදු වෙනවා.

4. ඒ වගේ ම බුදු පියාණන් වහන්සේ ත්, ධර්ම රත්නය ත්, සංඝරත්නය ත් මුල් කරගෙන කෙතරම් නින්දා අපහාස, වාද විවාද, ඇතිවුවත්, ධර්මයේ පිහිටපු කෙනා ගේ සිත, නැවත නැවතත් බුදු ගුණ දම් ගුණ සග ගුණ තුළ ම පිහිටනවා. සංසි‍‍‍‍‍ඳෙනවා. ඇවිස්සී යන්නේ නැහැ.

5. ධර්මයේ හොඳින් හැසිරෙන, ධම්මානුධම්ම පටිපන්න කෙනා ගේ තවත් ලක්ෂණයක් තමයි, එයා කථා කළොත් කථා කරන්නේ ධර්මය ම විතර යි, සිතුවොත් සිතන්නේ ධර්මය ම විතරයි. ඒ දෙක ම නැතිනම් එයා සතිමත් ව උපේක්ෂාවෙන් ඉන්නවා. ධම්මානුධම්ම පටිපන්න යි කියල නිවැරදිව ම කියන්න පුලූවන් වෙන්නේ අන්න ඒ වගේ කෙනෙකුට තමයි.

මේ මූලික ම කරුණු ටිකක් විතර යි..

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනේ, ඒ වගේ ම බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, යම් යම් භාවනාවන් වඩන විට, ඒ භාවනාවන් තමන් තුළ වැඩෙනවා ද කියා දැනගන්නට යම් යම් ක‍්‍රම. ඒ ක‍්‍රම කිහිපයකුත් මේ විදියට දක්වන්ට පුලූවන්. සමහර විට ඔබට ප‍්‍රයෝජනවත් වේවි.

භාවනාවේ දියුණුව මනින්නේ ගූඪ අත්දැකීම් වලින් නො වෙයි…

1. ඔබ අසුභ සඤ්ඤාව එහෙමත් නැත්නම් අසුභ භාවනාව වඩනවා කියා සිතමු. ‍මේ භාවනාව ඔබ තුළ හොඳින් වැඩෙනවා නම් සිදු වෙන දේ තමයි, ඔබේ සිත මෙවුන්දම් සේවනයෙන්, ඉවතට නැමීම, ඉවතට හැකිලීම. මේ භාවනාව වැඞීම නිසා, මෙවුන්දම් සේවනය ගැන එක්කෝ උපේක්ෂාව ඇතිවෙනවා, නැතිනම් පිළිකුල උපදිනවා.

බුදු රජාණන් වහන්සේ වදාළා, කුකුලූ පිහාටුවක් හෝ නහර කැබැල්ලක් හෝ ගින්නකට ඇල්ලූ විට, ඒවා පිළිස්සෙමින්, ආපසු හැකිලෙන්නේ යම් විදියකට ද, ඉවතට නැමෙන්නේ යම් විදියකට ද අන්න ඒ වගේ ම, අසුභ භාවනාව වඩන කෙනා ගේ සිත ලාමක ධර්මයක් වූ මෙවුන්දම් සේවනයෙන් ඉවතට නැමෙනවාය කියා.

ඉතින් භාවනාව වඩන කාලය දීර්ඝ වුනත් කෙටි වුනත්, ඔබ තුළ මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙන්නෙ නැතිනම්, ඔබ තුළ මේ භාවනාව, හොඳින් දියුණු වන්නේ නැහැ. වඩන කාලය කෙටි වුනත් දිග උනත්, මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙනවා නම්, ඔබ තුළ මේ භාවනාව හොඳින් වැඩෙනවා.

2. ඔබ මරණ සඤ්ඤාව එහෙමත් නැත්නම් මරණානුස්සති භාවනාව හොඳින් වඩනවා නම්, එවිට සිදු වන දෙය තමයි ජීවිතය ගැන ඇති ඇල්ම දුරුවෙන්ට පටන් ගැනීම. ජීවිතට ඇති ඇල්මෙන් සිත ඉවතට නැමෙනවා. හැකිලෙනවා. ජීවිත තණ්හාව ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි උපදිනවා. මේ කියන්නේ මැරෙන්න හිතෙනවා කියන එක එහෙම නෙමෙයි. මේ භාවනාව වඩන විට ජීවිතය ගැන ඇති දැඩි තෘෂ්ණාව දුරු වෙන්ට පටන් ගන්නවා.

3. ඔබ අහාරයේ පටික්කූල සඤ්ඤාව හොඳින් වඩනවා නම්, එවිට රස තෘෂ්ණාව- ආහාරවල තිබෙන රසයට ඇති ගිජුකම දුරුවෙන්ට පටන් ගන්නවා. සිත කෑමවල රසයට ඇති ආශාවෙන් ඉවතට නැමෙනවා. ඉවතට හැකිලෙනවා. රසතණ්හාව ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි ඇති වෙනවා. මේ කියන්නේ කෑම ගන්න බැරිව යෑමක් ගැන එහෙම නෙවෙයි. හුදෙක් ම රස තෘෂ්ණාව දුරු වෙන්නට පටන් ගන්නා බව යි.

4. ඔබ සියලූ ලෝකයට නො ඇලී සිටීමේ සඤ්ඤාව හොඳින් පුරුදු කරනවා නම්, එවිට ඒ ඒ ලෝකවල (දිව්‍යලෝක ඇතුළු) ඉපදීමට තිබෙන කැමැත්ත දුරුවෙන්ට පටන් ගන්නවා. ඒ ඒ ලෝකවල ඉපදීමට ඇති කැමැත්තෙන්, සිත හැකිලෙනවා. ඉවතට නැමෙනවා. ඒ ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි ඇතිවෙනවා.

5. ඔබ අනිත්‍ය සඤ්ඤාව එහෙමත් නැත්නම් අනිත්‍ය භාවනාව හොඳින් වඩනවා නම්, එවිට ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසාවලට තිබෙන කැමැත්ත දුරු වෙන්ට පටන් ගන්නවා. ලාභ සත්කාර කීර්ති ප‍්‍රශංසා ආදියෙන් හිත ඉවතට නැමෙනවා. ඒවා ගැන උ‍පේක්ෂාව හරි පිළිකුළ හරි ඇති වෙනවා..

බොහෝ දෙනෙක් වඩන භාවනාවක් නිසා, මේ ගැන කරුණු දැන සිටීම වැදගත්. අනිත්‍ය භාවනාව තමන් තුළ වැඩෙනවා ද කියා දැනගන්ට තිබෙන්නේ, ඒ තුළින් ලැබෙන යම් යම් අත්දැකීම්වලින් නෙමෙයි. මුලින් කිව්ව ක‍්‍ර‍මයෙන්. අනිත්‍ය භාවනාව වඩන ඔබ තුළ ලාභ සත්කාර ගැන, කීර්ති ප‍්‍රශංසා ගැන උපේක්ෂාවක් හරි පිළිකුළක් හරි ඇති වෙනවා නම්, සිත ඒවායින් ඉවතට හැරෙනවා නම්, එතනින් තමයි තේරුම් ගන්ට පුලූවන් වෙන්නේ, අනිත්‍ය භාවනාව වැ‍‍‍‍‍ඩෙනවා ය කියා.

අනිත්‍ය භාවනාව වඩද්දීත්, නම ප‍්‍රසිද්ධකර ගන්නට, බොහෝ දෙනෙක් අතර දැනගත් චරිතයක් වෙන්නට, තමාදහම් දැනුම ඇති අයෙක්, භාවනා කරන අයෙක් කියා ප‍්‍රසිද්ධ වන්නට, අන් අය ‍ගේ ලාභ සත්කාර තමා වෙත ලබාගන්නට, ආදී වශයෙන් තමා තුළ තිබෙන කැමැත්ත එහෙමම තියෙනවා නම්, එහෙමත් නැත්නම් ටික ටික වැඩි වෙනවා නම්, කුමන අද්දැකීමක් ලැබුණත් තේරුම් ගන්නට තිබෙන්නේ, ඔබ තුළ අනිත්‍ය භාවනාව නො වැඩෙන බව යි.

6. ඔබ අනිච්චේ දුක්ඛ සඤ්ඤාව එහෙමත් නැත්නම්, අනිත්‍ය දේ දුකයි කියා වඩන භාවනාව හොඳින් වඩනවා නම්, මේ භාවනාව ඔබ තුළ හොදින් වැඩෙනවා නම්, බණ භාවනා කරන්නේ නැතිව අලසව ඉඳීම ගැනත්, කුසීතව ඉඳීම ගැනත්, කම්මැලි ව ඉඳීම ගැනත්, විවිධ දේවල් කරමින් ප‍්‍රමාදීව ඉඳීම ගැනත්, ඔබ තුළ ඉතා ම තද බල බියක් ඇති වෙනවා. තීවෘර බියක් ඇති වෙනවා.

බුදු රජාණන් වහන්සේ උපමාවකින් පෙන්වා දී තිබෙන්නේ, හරියට කඩුවක් අතින් ගත් වදකයෙක්, බෙල්ලට කොටන්න ඉන්න විට ඇතිවෙන බිය වගේ ඉතා තදබල බියක්, මුලින් කියූ දේවල් ගැන ඇති වෙනව කියල යි. ඉතින් කම්මැලි කමට සිටීම ගැන එහෙම බියක් ඇති වෙන්නේ නැත්නම්, ඒ භාවනාව එයා තුළ වැඩිලා නැහැ.

ඇත්තෙන් ම අද කාලේ ජීවත් වෙන සසර දුකින් නිදහස් වෙන්නට කැමැත්ත ඇති අය අතරින් බොහෝ පිරිසකට පවා අනිත්‍ය දේ දුකයි කියන සඤ්ඤාව ස්වල්පයක් වත් වැඩිල නෑ කියල යි තේරුම් ගන්ට තිබෙන්නේ. ඇතැම් අය ඒ තරමට ම ප‍්‍රමාද වෙවී, හිස් දේවල් ඔස්සේ කාලය කමින් ජීවිත ගතකරනවා.

7. ඔබ දුක් දේ අනාත්ම යි කියා වඩන භාවනාව, (දුක්ඛේ අනත්තසඤ්ඤා) වඩනවා නම්, මේ භාවනාව වැඞීමෙන් සිදු වෙන්නේ, තමන් ගේ ශරීරය ගැනත්, බාහිර තිබෙන සියලූ නිමිති ගැනත් ඇති මම කියන හැඟීම, මගේ කියන හැඟීම ආදී සියලූ මානයන් දුරින් ම දුරු වී යෑම යි.

ප‍්‍රමාදී අයට පසුතැවෙන්ට වෙන දිනය වැඩි ඈතක ‍නොවේ…

ඉතින් සැදැහැවත් පින්වතුනේ..

ධර්මය තුළ අපි දියුණු වෙනවා ද කියන බලන්ට තිබෙන්නේ, ධර්මයේ හැසිරීම සහ බණ භාවනා කිරීම තුළින් ලැබෙන යම් යම් ගූඪ අත්දැකීම් තුළින් නෙමෙයි. මෙන්න මේ ගුණ ධර්ම තමන් තුළ දියුණු වෙනවා ද නැද්ද කියන එක තුළිනු යි. ඒ නිසා අපි අපි ගැන ම හැඟීමක්, සංවේගයක් ඇති කරගනිමු. මේ කියන කිසි දෙයක් තමන් තුළ දියුණු වෙලා නැති නම්, දියුණු වෙනපාටකුත් පේන්න නැතිනම්, අපි ඉක්මණින් ම කළ යුත්තේ, හිස් දේවල් කරමින්, ඔහේ ජීවිත ගත කරන එක වහාම නවත්ල දමල, හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගිනි නිවා ගන්ට උත්සාහ කරනවා වගේ, ධර්මය දියුණු කර ගැනීම පිණිස මහන්සි වීම යි. ඒ පිණිස ම සියලූ දෙනාට ම භාග්‍ය උදාවේවා…

දිව්‍යාංජලී සූරියබණ්ඩාර

http://mahamegha.lk/all-time-favourites/dharmaya-thula-diunuwa/
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
547664_516768051715124_1067227703_n.jpg


බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක්ම නොවේ. මේ දෙකෙහි වෙනස නිවැරදි ලෙසත් බුද්ධියෙන් යුතුවත් වටහා ගැනීම නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වේ. උපතින්ම බෞද්ධයෙකු ලෙස බුද්ධාගම උරුමයෙන් අදහන කෙනෙකුට මේ දෙකෙහි වෙනසක් ඇති බවක් තේරුම් ගැනීමද තරමක් අපහසු දෙයකි. උපතින්ම උරුම වූ ආගමික සංකල්ප, ඇදහිලි, පුද පූජා ක‍්‍රම, වත් පිළිවෙත් වලට තදින්ම පුරුදු පුහුණු වූ භක්තිමත් බෞද්ධයකුට මේ කියන කථාවත් සංවේගයට හේතුවන්නට ද බැරි නැත. අනෙකුත් සියලූම ආගම්වල මෙන්ම බුද්ධාගමෙහිත්, පොදුජන පහන් සංවේගය සඳහා, භක්තිය හා ජනප‍්‍රසාදය ඇති කර ගැනීම සඳහා කලින් කලට එකතු කරගත් විවිධ ආගම් සංකල්ප වලින් ගහන බව කාටත් දැකගත හැකි සත්‍යයකි. බුද්ධාගම 2600ක කාලයක් අද පවතින තත්ත්වයෙන් ජනප‍්‍රිය ආගමක් සේ පවත්වා ගෙන එන්නට ඒවා උපකාර වූ බව ද සත්‍යයකි.

පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය මීට වඩා බෙහෙවින් ගාම්භීර වූ, උතුම් වූ, පිරිසිදු වූ ධර්මයකි. මිනිසෙකු විසින් බුද්ධියෙන්ම තේරුම් ගෙන, බුද්ධියෙන්ම අනුගමනය කර, බුද්ධියෙන්ම අත්විඳිය යුතු සදාකාලික වූ විද්‍යා සිද්ධාන්තයකි. ඒ උතුම් ධර්මයෙන් පෙන්වා වදාළ විද්‍යා සිද්ධාන්ත, කාලය අනුව වෙනස් නොවන, වෙනස් කළ නොහැකි, දේශයෙන් දේශයට වෙනස් නොවන, මිනිසුන් වූ කාටත් බුද්ධියෙන් තේරුම් ගත හැකි ස්වභාවික ධර්මතාවයන් ක‍්‍රියාත්මක වන ආකාරය විග‍්‍රහ කර පෙන්වා දුන් පරම සත්‍යය එළි දැක්වීමකි.

බුද්ධාගමද ඒ උතුම් ධර්මයම පදනම් කොට ගෙන කලින් කලට ජනප‍්‍රිය වූ ආගම් සංකල්පයන්ද එකතු කරගෙන, පොදු ජනයාගේ සිත් ගන්නා ලෙසින්, ගරු බුහුමන් ලබන්නට හැකිවන පරිදි, භක්තියෙන් අදහන්නට සුදුසු පරිදි සකස් කරගත් ආගමකි. එවැනි වූ බුද්ධාගම මිහිඳු හිමියන් ලංකාවට ගෙන ආ දින පටන් අද දක්වාම විවිධ වෙනස්කම් වලට භාජනය විය. බෙදීම් වලට හා විපරිණාමය වීම් වලටද ලක්විය. ඒ අනුවම අද පවතින බුද්ධාගමද තව නොබෝ කලකින්ම වෙනස් වී, විපරිණාමයට පත්වීම කාටවත් නැවැත්විය නොහැකි දෙයකි.

පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය කිසිම ආකාරයකින් කිසිම දවසක එවැනි වෙනස්කම් වලට විපරිණාම වලට භාජනය වන එකක් නොවේ. ඊට අලූතින් යමක් එකතුකර ගත නොහැකිය. පවිත‍්‍ර බුද්ධ ධර්මය තාවකාලිකව භාවිතයෙන් යටපත්ව ගිය හැකිය. නමුත් ධර්මය විනාශ කර දැමිය නොහැකිය. යටපත්ව ගිය බුද්ධ ධර්මය බුද්ධියෙන්, හේතුඵල දහම තේරුම් කරගන්නට හැකි වූ උත්තමයෙකුට නැවත මතුකර, භාවිතයට ගත හැකි උතුම් ධර්මයක් නිසාම එය බුද්ධ ධර්මය විය.

සත්ත්‍ව, පුද්ගල, උපත, පැවැත්ම, විපරිණාමයට පත්වීම, ජරාවට පත්වීම, මරණය, දුක් විඳීම ආදී ඇතිවීම හා නැතිවීම සම්බන්ධ වූ නොනවතින ක‍්‍රියාවලියට පාදක වූ හේතු මෙන්ම, මේ ක‍්‍රියාවලිය නොනවත්වාම, උත්සාහයක් නැතිවම, ස්වභාවිකවම, දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු පාදක වූ ශක්ති ප‍්‍රභවය ද විග‍්‍රහ කර, විස්තර කර වදාළ එකම ධර්මය, බුද්ධ ධර්මයයි. උපත, මරණය, දුක් විඳීම වැනි දේ බෞද්ධයින්ට පමණක් සීමා වූ දේවල් නොවේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයෙහිම උපදින සියලූ සත්ත්වයින්ට පොදු විද්‍යාත්මක සත්‍යයන්ය. ඒ නිසා බුද්ධ ධර්මය බුද්ධාගමට වඩා බොහෝ සෙයින් ගාම්භීර වූ එකකි.

සම්මත බුද්ධාගමෙහි අද භාවිතා කරන බොහෝමයක් අංගයන් විවිධ ආගම් සංකල්ප සංකලනය කරගැනීමෙන් සකස්කර ගත් ඒවාය. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයේ විද්‍යාත්මක සිද්ධාන්ත යටපත්ව, ආගමික සංකල්ප මතුවීමද ධර්ම ස්වභාවයෙන්ම සිදු වූ දෙයකි. එය කාට හෝ වරදක් පැටවිය යුතු, ඇඟිල්ල දිගුකළ හැකි දෙයක්ද නොවේ. හේතුඵල දහම යථාපරිදි තේරුම් ගත් කෙනෙකුට පමණක් මේ ධර්ම ස්වභාවයද මොනවට තේරුම් ගත හැකි වනු ඇත.

ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ කිසිම භේදයකින් තොරව මුළු මහත් මිනිස් වර්ගයා සඳහාම දේශණාකර වදාළ බුද්ධ ධර්මය පර්යාප්ති, පටිපත්ති, පටිවේද සාසනය ලෙසින්ද නම් කරන්නට යෙදුනේ මේ නිසාමය. ”සුනේථ, ධාරේථ, චරේථ” යනුද බුද්ධ ධර්මයම විස්තර කරන්නට භාවිතා කළ පද වැලකි. මේ සියලූ ආකාර පද වලින් විස්තර කරන්නට යෙදුනේ බුද්ධ ධර්මය අසා දැන, බුද්ධියෙන් තේරුම් ගෙන, තේරුම් ගත් හේතුඵල ධර්මයට අනුව ක‍්‍රියාකර, බුද්ධියෙන්ම අනුගමනය කර, අත්විඳ ගත යුතු එකක් වන බවයි.

මේ නිසාම මේ උතුම් ධර්මයට, බුද්ධ ධර්මය යන නම ලැබුණි. කිසියම් ආගමික නායකයෙකුගේ නමින් මේ නම ලැබුණා නොවේ. ගෝතම සාක්‍යමුණීන්‍ද්‍රයන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම, බුද්ධියෙන්ම සොයා මතු කර පෙන්වූ ධර්මය, බුද්ධිය මෙහෙයවා තේරුම් ගෙන, බුද්ධියෙන් දැරිය යුතු නිසාම ”ධාරේථ” යැයි ප‍්‍රකාශ කළ සේක.

බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත්වී කලක් ගතවන තුරු මේ උතුම් ධර්මය ”විභජ්ජ වාදය” ලෙසින් හැඳින්වූ බව පැහැදිළිය. ඉන් පසු මේ ධර්මයට ”බුද්ධවාදය” යන නමද භාවිතා කළහ. බුදුපියාණන්වහන්සේ පෙන්වා දුන් විද්‍යා සිද්ධාන්ත ප‍්‍රඥාවෙන් දැරිය යුතු වන නිසාම පසුව එය බුද්ධ ධර්මය ලෙස නම් කෙරිණි. බුද්ධාගම ලෙස එය සකස් කර භක්තියෙන් අදහන්නට වූයේ, බුද්ධ පරිනිර්වාණයෙන් වසර එකසිය පනහක්, දෙසියක් තරම් පසු කාලයකදීය. බුදුපියාණන් මේ උතුම් විද්‍යා සිද්ධාන්ත මතුකර දේශණා කළ යුගය වනවිට ජන්බුද්වීපය ප‍්‍රදේශයේ පමණක් විවිධ ආගම් හැට හතරක් ප‍්‍රචලිතව, ජනප‍්‍රියව පැවතුන බව ඉතාමත් ප‍්‍රසිද්ධය. ඒ ආගම් සියල්ලම සත්ත්‍ව පුද්ගල දෘෂ්ඨිය, ආත්ම අනාත්ම සංකල්ප, පුනරුත්පත්තිය, මතු ආත්ම භවයන් ආදී සංකල්ප පදනම් කර ගෙන විවිධ ඇදහිලි වත්පිළිවෙත්, පුදපූජා ක‍්‍රම අනුගමනය කළ ඇදහිය යුතු ආගම් විය. ඒ කිසිඳු ආගමකින් මිනිසෙකු ලෙස උපත ලත් කිසිම කෙනෙකුට පූර්ණ විමුක්ති සුවයක්, නිවනක් ලබා ගත නොහැකි බව පැහැදිළිවම තේරුම් ගත් බුදුපියාණන්වහන්සේ, ඒ සියලූ ආගම් ප‍්‍රතික්‍ෂෙප කර බැහැර ලා, විභජ්ජවාදය නැමැති මේ උතුම් බුද්ධ ධර්මය ඉදිරිපත් කළ සේක. ඒ යුගයේ හැටියට මෙය කාටවත් සිතාගන්නටවත් නොහැකි තරමේ මහා පෙරළියක්, විප්ලවයක්ම විය. සියලූ ආගම් යටපත්ව කෝටි ප‍්‍රකෝටි ගණනින් මිනිසුන් බුද්ධ ධර්මය අනුගමනය කරන්නට විය.

උතුම් බුද්ධ ධර්මය හුදු න්‍යායයක් හෝ දර්ශනයක් හෝ පමණක්ම ලෙසින් සැළකීම සුදුසු නොවේ. බුදුපියාණන්වහන්සේම දේශණාකර පෙන්වා වදාළ පරිදි මෙය පර්යාප්ති ධර්මයකි. එනම් නිවැරදි විමුක්ති මාර්ගයකි. ඒ විමුක්ති මාර්ගය අනුගමනය කළ, අත්දුටු, අත්විඳගත් බුදුපියාණන්වහන්සේලා මෙන්ම අනන්ත අරහතුන් වහන්සේලාටද මාර්ග ඵලයන්ට පත් වූ තවත් එවැනිම විශාල කොටසකටද සදහටම සංසාර දුකෙන් මිදී නිදහස් වීමට උපකාරී වූ නිවැරදි ධර්ම මාර්ගය විග‍්‍රහ කිරීමකි. මේ විමුක්ති මාර්ගය ඕනෑම මිනිසෙකුට තේරුම්ගෙන, අනුගමනය කර අත්විඳගත හැකි නිසා මෙය ප‍්‍රතිපත්ති මාර්ගයක් ලෙසද පෙන්වා වදාළහ. මෙය එක ජාතියකට, ආගමකට, රටකට, කුලයකට හෝ එක කාලයකට සීමා වූ ධර්ම මාර්ගයක්ද නොවේ. කොයි කාලයකදී හෝ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගෙන, ත‍්‍රිලක්ඛණය අවබෝධ කරගත්තේ නම්, එය චතුරාර්ය සත්‍යයන්ම අවබෝධකර ගන්නට උපකාර වන නිවැරදි මඟ පෙන්වන දහමකි. මෙහි එකම විශේෂත්වය වන්නේ ඒ ඒ පුද්ගලයාම පෞද්ගලිකවම ප‍්‍රතිපත්තීන් පුරා මාර්ගය සම්පූර්ණ කරගත යුතු වීමයි.

විඤ්ඤාණ ශක්තියෙන්ම උපත ලබන, ජීවත්වන, හැම කෙනෙක්ම තම මනසේ ශක්තීන්ම දියුණු කරගෙන, විඤ්ඤාණ ශක්තියම, පිරිසිදු චිත්ත ශක්තියක් බවටද ශුද්ධ පවිත‍්‍ර කරගැනීම මේ ප‍්‍රතිපත්ති මාර්ගයයි. එය තමන් විසින්ම තමා සඳහාම අනුගමනය කළ යුතුය.

මේ උතුම් ධර්මයට හිමිකරුවකු හෝ අයිතිකරුවෙකු හෝ නැත. සියලූම ලොව්තුරු බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම මතුකර තමන්ම සොයා දැනගත් මේ උතුම් ධම_යටම ගුරු තනතුරින්ද පිදුම් කළ සේක. ඒ නිසා මේ ධර්මයේ අයිතිය කියාපාන්නට කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුට හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හෝ නොහැකිය. සියලූම ශ‍්‍රාවකයින්, අනුගාමිකයින් හා භික්ෂුන්ගේ වගකීම වන්නේ, නිවැරදි මඟ සොයා දැන බුදුපියාණන් මතුකර පෙන්වා වදාළ මඟ අනුගමනය කර, එය තමාගේම පෞද්ගලික අත්දැකීමක් බවට පත්කරගෙන, නිවන අත්විඳ ගැනීමයි. මේ නිසා මෙය ආගමක්, න්‍යාය ධර්මයක් හෝ දර්ශනවාදයක් හෝ පමණක්ම නොවන බවත් සෑම කෙනෙකුම තේරුම් ගත යුතුය. උතුම් බුද්ධ ධර්මය ආගම් සංකල්පයක් හෝ ඇදහිලි මාර්ගයක්ද නොවේ. යම්කිසි කෙනෙකුට භක්තියෙන්, අවිචාරවත් ශ‍්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් පමණක් කර, ප‍්‍රාර්ථනා කරමින් පැතීමෙන්ම පමණක් ඉෂ්ඨ සිද්ධ කරගත හැකි දෙයක්ද නොවේ. සුනේථ, ධාරේථ, චරේථ යන පියවරයන් තුනෙහිිිම වැඳුම්, පිදුම්, යැදුම්, පැතුම් මාර්ගයක් පෙන්වා දී නැත. පර්යාප්ති සාසනය, ප‍්‍රතිපත්ති සාසනය, ප‍්‍රතිවේධ සාසනයෙහිද එවැනි කිසිම වැඳුම් පිදුම් මාර්ගයක් පෙන්වා දී නැත. යාඥා කර, පූජකයෙකුට පිරිකරක් පූජාකර, කන්නලව්වකින් කරගත හැකි දෙයක් ද මෙහි නැත. කිසිම ආකාරයක මතිමතාන්තර හෝ දෘෂ්ඨිගත වීමේ ක‍්‍රමයක් ද මෙහි නොවේ. බුද්ධියෙන් තර්කයෙන් ගොඩනගාගත් සම්මතයන්ද මෙහි නැත. තවත් කෙනෙකුගෙන් ඉගෙනගෙන, උකහා ගෙන, බුද්ධියට ගෝචර කරගත හැකි දෙයක්ද නොවේ. තමන්ම තමා තුළින්ම දැහැමි ප‍්‍රතිපදාවක් අනුගමනය කර අවංක වීමෙන්, පිරිසිදු වීමෙන්, පිවිතුරු වීමෙන්, ප‍්‍රභාශ්වර තත්ත්වයටද පත්විය හැකි තමාගේම සිතෙහිම ඇතිවන ආධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධතාවයකි. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් තමා තුළින්ම මතුකරගෙන, තමන්ම අත්විඳ ගන්නා ආධ්‍යාත්මික වූත්, අභ්‍යන්තර වූත් සුවය අත්විඳීම නිවනයි. විමුක්තියයි.

මේ විමුක්ති මාර්ගය, විද්‍යාත්මක සත්‍යය සොයාදැන, යථාපරිදි මතුකර, පැහැදිළිව විග‍්‍රහ කර, ලෝකයාට දේශණා කරන්නට යෙදුනේද, ඒ ඒ පුද්ගලයාට තම තමන්ගේම බුද්ධිය දියුණු කර, තම විමුක්ති මාර්ගය තමන්ටම සකස් කර ගන්නට උපකාර වන ආකාරයටය. නිවන් අවබෝධ කරගැනීමට උපකාර කිරීම, විමුක්ති මාර්ගය පෙන්වා දීම මේ ධර්මය දේශණා කිරීමේ එකම අරමුණ හා පරමාර්ථය විය. වෙනත් කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයක් හෝ අරමුණක් ඇතිව මේ ධර්මය දේශණා කළා නොවේ.

විශ්වය පිළිබඳව අග මුල සෙවීම හෝ මිනිසාගේ, සත්ත්වයාගේ උපතේ අග මුල සෙවීම හෝ මතු ආත්ම භවයන්, පෙර ආත්ම භවයන් ගැන පෙන්වා දීමට හෝ ලෞකික සැප සම්පත් දියුණු කර සංවර්ධනය කර ගන්නා ආකාරය පෙන්වා දීමට හෝ දේශණා කළ ධර්මයක් නොවේ. රටක්, ලෝකයක්, සමාජයක් හදන්නට හෝ මෙහි කී නොකී කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයකින් හෝ අරමුණකින් බුදුපියාණන්වහන්සේ බුද්ධ ධර්මය දේශණා කළා නොවේ.

ලෝකෝත්තර නිවන් සුවය අත්කර ගන්නට මිනිසුන්ට බුද්ධියෙන් දරාගත හැකි, දරාගත යුතු ධර්ම මාර්ගය පෙන්වා දී, එය අනුගමනය කර, තම තමන්ටම අත්විඳ ගන්නට හැකි මඟක් පෙන්වීම කළා පමණි. මේ නිසා මේ උතුම් බුද්ධ ධර්මය කිසිසේත්ම බෞද්ධයාට පමණක් සීමා වූ එකක් නොවේ. බුදුපියාණන්වහන්සේ මේ ධර්මය සොයා දේශණා කළ යුගය වන විට එකද සම්මත බෞද්ධයෙකුවත් සිටියේ ද නැත.

මෙයින් පැහැදිළිවම තේරුම් ගත යුතු කරුණ වන්නේ, බුද්ධ ධර්මය දේශණා කිරීමේ ඒකායන අරමුණ වූයේ, පරමාර්ථය වූයේ, අනන්ත අප‍්‍රමාණ කාලයක පටන් සංසාර සාගරයේ අතරමං වී දුක් විඳවන ලෝක සත්ත්වයා දුකින් මුදවා ගෙන, විමුක්තිය ළඟාකර ගත හැකි පැහැදිළි මඟක් සොයා පෙන්වා දීම පමණක්ම බවයි. බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් මේ පිරිසිදු පැහැදිළි නිවන් මඟ පෙන්වා දීමට කිසිම ආගමකට අතීතයේදී නොහැකි වූවා මෙන්ම මතු අනාගතයේදී ද කිසිම ආගමකට හැකි කමක් නැති බවද සහතික කොට ප‍්‍රකාශ කළ හැකිය. නිවන් අවබෝධ කර ගැනීමට, විමුක්තිය ළඟාකර ගැනීමට නම් ”පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයම” සොයා දැන භාවිතා කළ යුතුය. බුදුපියාණන්වහන්සේට, උතුම් සිරි සද්ධර්මයට ගරු කරන සියලූම මිනිසුන් මේ සත්‍යය මැනවින් තේරුම් ගෙන කටයුතු කළ යුතුය.

සාකච්චාව මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සමග.

http://www.facebook.com/photo.php?f...15173423.76776.243561322369133&type=3&theater
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
අටමහා කුසල්

මාබෝපිටියේ විමලඤාණ හිමිගේ ලිපියකි
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
"කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
තවද අකුසලවිපාක සම්පූර්ණයෙන්ම අහෝසිවුවායි නොසිතිය යුතුවේ. මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති.
එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.
බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ.
අතීතයේ විසූ බොහෝ සැදැහැවත්හු මේ පුණ්‍යකාලය තුළ මේ අටමහා කුසලයන් සිදුකරගෙන පිංසිදු කරගත් ප්‍රවෘත්ති විවිධ කතා පුවත් මගින් දැනගන්නට ලැබී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ මේ පිළිබඳව සැමදෙනාගේ අවධානය විශේෂයෙන්ම යොමුවේවා.
කඨින චීවර පූජාව:-
-----------------------
අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.
උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පොහෝදින පොහොය කිරීම නම් වූ විනය කර්මය සිදු කොට ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක පෙරවස් සමාදන් විය යුතු වේ. මේ වස්තුන් ව මාසය මුළුල්ලේම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩනොකොට වස්සච්ඡෙදනයකට නොපැමිණ එය ආරක්ෂා කරගත යුතුවේ.
අනතුරුව වප් පුරපසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් වස් පවාරණය කළයුතුවේ. ඉන්පසු වප් අව පෑළවිය දින සිට ඉල් පුරපසළොස්වක් පොහෝදින වන මාසයක කාලයක් තුළ මෙම කඨින චීවර පූජාව සිදුකළයුතු වේ. එය චීවර මාසය නමින් හැඳින්වේ. මේ කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය වශයෙන් සඳහන් කිරීම නිවැරදි වේ.
අවම වශයෙන් කඨින චීවරයක් පූජාකර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් මෙයට සම්බන්ධ කරගතයුතු වේ. කඨින වස්ත්‍රය පූජා කරණ දිනයේ අරුණ නැගෙන්නට පළමුව කඨින වස්ත්‍රය විහාරස්ථානයට ගෙනවිත් මහා සංඝයාට බාරදිය යුතු වේ. එසේ කළයුත්තේ එදිනම එම වස්ත්‍රය කඩ කපා මසා පඬු පොවාගෙන එදවස තුළම කඨින චීවරයක් වශයෙන් පූජාකළයුතු බැවිනි. විනය කර්මයක් මගින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැවරීම මහා සංඝරත්නය අතින් සිදුකෙරේ.
විනය කර්මයකින් පවරණ එකම චීවරය වන්නේ කඨින චීවරය වේ. මේ ආකාරයේ කරුණු රාශියක් සම්පූර්ණ වීමෙන්ම මෙම කඨින චීවර පූජාව සිදුකරගතයුතුවේ.
සියලුම ආමිස දාන අතරින් කඨින චීවර පූජාමය පිංකම උතුම්ම දානය වේ. කඨින යන වචනයේ අර්ථ රාශියක් ව්‍යවහාරයේ පවතී. තද නිසාද ස්ථිර නිසාද කම්පාකළ නොහැකි අනුසස් ඇති නිසාද කඨින යන නාමය භාවිතා කරණ බව පහත දැක්වෙන ගාථාවෙන් ඒ බව පැහැදිළි වේ.
“පඨවි රිව න ජාතු කම්පතෙ - නචලකි මේරු රිවාති වායුනා
වජිර මිව න හිජ්ජතේ ඝණං - තමිද මතො කඨිනන්ති වුච්චති”
යන මේ ගාථාවේ අදහසට අනුව මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්‍ර පර්වතයක් මෙන් නොබිෙඳන හෙයින් කඨිනය යන වචනය ව්‍යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහස වේ. මේ අනුව කඨිනය යනු ඉතා බල සම්පන්න පිංකමකි. කඨින චීවරය ලබාගන්නා භික්ෂූන් වහන්සේටත් විශේෂ වරප්‍රසාද නැතහොත් අනුසස් පහක් හිමි වේ. කඨිනය පූජා කරණ පිංවතුන්ටත් මහත් වූ අනුසස් රාශියක් හිමි වේ.
උත්තම පුරුෂයෙක් වශයෙන් උපත ලැබීමටත් සියලු යසඉසුරින් පිරි දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදීමටත් උසස් කුලවලම උපත ලැබීමටත් ධනවත්ව ඉපදීමටත් කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙක්ව සමාජයේ ජීවත් වීමටත් සක්විති රාජ්‍ය ලබා ගැනීමටත් තේජස් හා කීර්තිමත් ව ජීවත් වීමටත් එසේම දුගතියක සතර අපායාදී දුක්ඛිත ස්ථානයක නො ඉපදීමටත් කඨින චීවර පූජාවෙන් ලැබෙන අනුසස් වලින් කීපයකි.
කඨින චීවර පූජාවේ අනර්ඝත්වය ප්‍රකාශවන ගාථාවක අදහස විමසා බැලීම මෙහි වටිනාකම තේරුම් ගැනීමට හොඳ සාධකයෙකි. පිරිසිදු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ. එසේම මහමෙර උසට තුන් සිවුරු පූජා කළත් ඒ කරණ පූජාව එක් කඨින චීවර පූජාවකින් ලබන ආනිසංසයෙන් දහසයෙන් පංගුවක් වත් නොවන බව දැක්වේ.
මෙම චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව “ආරපථෙ ආරපථෙ චක්කවත්ති සිරි ලාභෙ” යන ගාථාවන්ගෙන් එබව තහවුරු වේ. මෙම පිංකමේ අනුසස් ප්‍රකට කරන ප්‍රසිද්ධ කථා ප්‍රවෘත්තිය වන්නේ නාගිත චරිතාපදානය වේ. අපේ රටේ අතීතයෙහි වාසය කළ රාජරාජ මහා මාත්‍යවරු දැඩි ඕනෑ කමකින් උනන්දුවකින් මෙම පිංකම් සඳහා දායක වී ඇති බව මහාවංශය ආදි ඉතිහාස ග්‍රන්ථවලින් මැනවින් තහවුරු වේ.
අට පිරිකර පූජාව :-
----------------------
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.
තිචීවරං ච පත්තෝච - වාසී සුචීව බන්ධනං
පරිස්සාවන අට්ඨෙතෙ - යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්
01. දෙපට සිවුර (සංඝාටිය)
02.තනිපට සිවුර (උත්තරා සංඝ)
03.අඳනය (අන්තර වාසිකය)
04.පටිය (කාය බන්ධනය)
05. පාත්‍රය (පත්ත)
06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
07. ඉඳීකටුව (සුචි)
08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.
අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.
එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.
එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.
ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.
අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.
ආවාස දානය :-
---------------
බුදුසසුනට පළමු ආරාම පූජාව සිදුකළේ බිම්බිසාර මහරජතුමාය. එය වේළුවනාරාමය නමින් හැඳින්වේ. අනතුරුව අනේපිඬුසිටුතුමා පනස් හතර කෝටියක් ධනය වැයකර ජේතවනාරාමයත්, විශාඛා මහේසි උපාසිකා තොමෝ විසිහත් කෝටියක් ධනය වැයකර පූර්වාරාමයත් බුදුසසුනට පූජාකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එසේම ශාක්‍ය රජදරුවෝ නිග්‍රෝධාරාමයත්, පාවාරික සිටුවරයා පාවාරිකා රාමයද කොසඹෑ නුවර ඝෝෂිතාරාමය ආදී ආරාම සාදවා සසුනට පූජාකර ඇත. මේ ආකාරයට භාරතයේ විසූ රජවරු සිටුවරු මැති ඇමැතිවරු කෝටිගණන් ධනය වැයකර ඉතා රමණීය අලංකාර වෙහෙර විහාර සාදවා සසුනට පූජා කර තිබේ.
බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට අවශ්‍ය සියලු පහසුකම් මේ ආරාම තුළ තිබූ බව සඳහන් වේ. මජ්ඣිම නිකාය අටුවාවේ සේඛ සුත්‍රවර්ණනාවෙන් ආවාස දානයේ අනුසස් දක්වා ඇත. අතුසෙවිළිකළ පැලක් හෝ සෙවණ ඇති ලතා මණ්ඩපයක් හෝ පිදීමෙන් ලැබෙන ආනිසංස මෙතෙකැයි ප්‍රමාණකළ නොහැකි බව ශාක්‍ය රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ දේශනාකර ඇත.
භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ සිව්පස පරිභෝගයන්ගෙන් එකකි. සේනාසන පරිභෝගය භික්ෂූන් වහන්සේ නමක් සෙනසුනක් පරිභෝග කරන්නේ සිය ධන සම්පත් ආරක්ෂා කිරීමටත්වත් සොරසතුරන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීමටවත් නොවේ.
සීත උෂ්ණ පීඩා වලකනු පිණිසත් ලේ බොන මැසි මදුරුවන් ගෙන් වන පීඩා වළක්වා ගැනීමටත් අව්ව වැස්ස සුළඟ සහ සර්පාදී සතුන්ගෙන් වන පීඩා වළකනු පිණිසත් සෘතු විපර්යාසයන් ගෙන් වන උපද්‍රව වළකාලනු සඳහාත් භික්ෂූහු ආරාම භාවිතා කරති.
ආරාම පූජාව තුළින් භික්ෂූන් වහන්සේලාට නිවන් මඟ යාමටත් ශාසනය සුරක්ෂිත කරගෙන යාමටත් ලැබෙන අනුබල සුළුපටු නොවේ. ගිහි ජනතාවටද ගෙවල් නැතහොත් නිවාසයෙන් ලැබෙන ප්‍රයෝජනය අපමණය. එය ජීවිතයක මූලිකම අවශ්‍යතාවයකි. එවැනි ආවාසයක් සාදවා පූජාකිරීමත් පරිත්‍යාග කිරීමත් තුළින් ලබන සතුට අපමණය. ලැබෙන ආනිසංසත් අපමණය.
මෙසේ ආවාස වෙහෙර පන්සල්, ගෙවල් දීම හෙවත් පරිත්‍යාගකිරීම, පූජාකිරීම මහා පිංකමක් වන බවත් එය අටමහා කුසල් අතර තුන්වන අටමහා කුසලය බව සඳහන් වේ. ආවාසගෙයක් පූජා කිරීම තුළින් ජනිත වන්නේ සියල්ල දීම තුළින් ලබන කුසලයක් බව මුලින් සඳහන්කළ සුත්‍ර පාඨයෙන් ප්‍රකාශ වේ. එය සසර සැප විපාක ලැබ නිවන් ලැබීමට මහෝපකාරී කුසල කර්මයක් බව සඳහන් කළහැකිය.
සංඝික දානය :-
------------------
අටමහා කුසලයන්ගේ සතරවන කුසලය වන්නේ සඟ සතු දානමය පුණ්‍ය කර්මය වේ. තමා අයිති දෙයක් වෙනත් අයෙකුට සතුටු සිතින් දීම පරිත්‍යාග කිරීම තම අයිතිය අත්හැර පූජා කිරීම දානය වශයෙන් සඳහන් කළහැකිය.
බුදු දහමේ දස දාන වස්තුවක් ගැන සඳහන් වේ. ආහාර පාන , ගෙවල්, වස්ත්‍ර, යාන වාහන, මාලා ආදී ඒ අතර වේ. නමුත් කෙනෙකුට කාලීනව අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වන්නේ යම් දෙයක්ද ඒදේ දීම දානයට වස්තු වශයෙන් දැක්විය හැකිය. තමා පරිත්‍යාග කරන්නේ යම් දෙයක් ද ඒදේ සතුටු සිතින් ශ්‍රද්ධා දි ගුණ ධර්ම පෙරදැරිව කර්ම ඵල විශ්වාසයෙන් යුක්තව දීම හෙවත් පරිත්‍යාගය දානය වශයෙන් සඳහන් කෙරේ.
බුදු දහමේ බෞද්ධ ජනතාවට අනුගමනය කළයුතු පිංකම් රාශියක් දක්වා ඇත. ඒවා අතර ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදී ඒවා යින් කීපයකි.
මේ සෑම පිංකමකම පළමු අංකයට සඳහන් වන පුණ්‍ය ක්‍රියාව වන්නේ දානය බව පෙනේ. එයට විශේෂ ස්ථානයක් හිමිකර දී ඇත්තේ පරිත්‍යාගය තුළින් ආශාව, ලෝභය නැතිකරගැනීමට තෘෂ්ණාව නැතිකර ගැනීමට දීම හෙවත් පරිත්‍යාගය උපකාරී වන බැව් සිතා වියයුතුයි. ඒ අතරත් ආහාර දීමට පරිත්‍යාග කිරීමට බොහෝදෙනා උනන්දුවෙති. එයට හේතුව පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය ප්‍රධානම දේ ආහාර වීමයි. ඒ බව සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා යන පාඨයෙන් දැක්වෙන්නේ සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන බැවිනි.
මෙම දීමනාව නොයෙක් ආකාරයෙන් සිදුකෙරේ. විශේෂයෙන් පෞද්ගලිකව දීම හා සාංඝිකව දීම යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික දාන 14 ක් දැක්වෙන අතර සඟ සතු දාන 07ක් දක්ඛිණා විභංග සූත්‍රයේ සඳහන් වේ.
පෞද්ගලික දාන 14 මෙසේය.
1.බුදුරජාණන් වහන්සේට දෙන දානය
2.පසේ බුදුවරයන්ට දෙන දානය
3.රහතන් වහන්සේලාට දෙන දානය
4. රහත් මඟට පිළිපන් අයට දෙන දානය
5.අනාගාමී පුද්ගලයන්ට දෙන දානය
6.අනාගාමී මගට පිලිපන් පුද්ගලයාට දෙන දානය
7. සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය
8.සකෘදාගාමි මගට පිළිපන් පුද්ගලයාට දෙන දාමය
9.සෝවාන් පුද්ගලයාට දෙන දානය
10.සෝවාන් මගට පිළිපන් පුද්ගලයාට දෙන දානය
11. ශාසනයෙන් බැහැර නිකෙළෙස් අයෙකුට දෙන දානය
12.පෘථජ්ජන සිල්වතෙකුට දෙන දානය
13.පෘථජ්ජන දුස්සීලයෙකුට දෙන දානය
14. තිරිසන් සතෙකුට දෙන දානය යනු පුද්ගලික දාන 14 වේ.
සාංඝික දාන 07 ක් දැක්වේ ඒවා නම්
1.බුද්ධ ප්‍රමුඛ භක්ෂු භික්ෂුණී යන උභතො සංඝයා විෂයෙහි දෙන සඟ සතු දානය
2.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය
3.භික්ෂු සංඝයාට පමණක් දෙන දානය
4.භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය
5. මාගේ දානයට මෙපමණ භික්ෂුහුද මෙපමණ භික්ෂුණීහුද වැඩම කෙරෙත්වායී පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය
6.මෙතෙක් භික්ෂුන් ලැබේවායී ආරාධනා කොට දෙන සඟසතු දානය.
7.මෙතෙක් භික්ෂුණින් ලැබේවායී ආරාධනා කොට දෙන සඟ සතු දානය වශයෙන් සාංඝික දාන හතක් දක්ඛිණ විභංග සූත්‍රයෙහි සඳහන්වේ. මෙකල දිය හැක්කේ අංක 03 සහ 06 යටතේ දැක්වෙන සඟසතු දානමය පිංකම් පමණක් වේ.
ධර්මය ලියවීම :-
------------------
අටමහා කුසලයන්ගේ පස්වන පිංකම වන්නේ ධර්මය ලියවීම වේ.
පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙන් ත්‍රිවිධ ශාසනයක් හඳුන්වා දී ඇත. මෙහි පරියත්ති ශාසනය නම් ත්‍රිපිටක බුද්ධ වචනයයි. ප්‍රතිපත්ති ශාසනය නම් බුද්ධ දේශිත ධර්මයට අනුව පිළිපැදීමයි. සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කිරීමයි එම ගුණධර්ම වඩා වර්ධනය කිරීම තුළින් ලබාගන්නා ඵලය ප්‍රතිවේධ නම්වේ.
බුදුරජාණන් වහන්සේ හතළිස් පස් වර්ෂයක් මුළුල්ලේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ සියලුම ධර්මය මේ පරියක්ති ශාසනයට ඇතුළත් වේ. ධර්ම විනය වශයෙන් සඳහන් ඒ බුද්ධ වචනය මුල් අවස්ථාවේ වාචනා මාර්ගයෙන් හෙවත් කටපාඩමෙන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආරක්ෂාකරගෙන ආහ.
විවිධ ආයතන සමිති සමාගම් මගින් ධර්ම ග්‍රන්ථ ලියවීම ලිවීම මුද්‍රණය කිරීම පැසසිය යුතු කටයුත්තකි. තවද විවිධ සමිති සමාගම් මගින් ද පරිත්‍යාග ශීලීන් විසින් ද ධර්ම ග්‍රන්ථ ලිවීම ධර්ම පත්‍රිකා ලිවීම මුද්‍රණය කර බෙදා හැරීම සිදුකරනු ලබන අතර ධර්මය ඉගෙන ගන්න උපකාර කිරීම උතුම් කටයුත්තකි. “සබ්බදානං ධම්ම දානං ජිනාති” යන බුදු වදනට අනුගතව ධර්මය ප්‍රචාරය කිරීම ලිවීම ඒ කටයුතු වලට අනුග්‍රහය දැක්වීම අටමහා කුසලයන්ගේ එක් පිංකමකි.
කෙත් වතු පූජාව (කුඹුරු පූජා කිරීම) :-
---------------------------------------
භික්ෂු ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රධාන වශයෙන් සිවුපසය වන චීවර පිණ්ඩපාත සේනාසන හා ගිලානපච්චය අවශ්‍ය වේ. මෙහි සේනාසන යන වචනයෙන් වාසස්ථාන කියවේ. වාසස්ථාන හැඳින්වීමට විවිධ වූ වචන සමූහයක් ව්‍යවහාරයේ පවතී. ආරාමය, පන්සල, විහාරය, අසපුව, ආශ්‍රමය පිරිවෙණ ඉන් කීපයකි. එමෙන්ම ආරාම ශබ්දයෙන් මල්වතු පලතුරු වතු විනෝද උයන් වෙනත් රමණීය ස්ථාන ආරාම ලෙස නම් කර ඇත.
වේළු වනයෙන් ආරම්භ වූ ආරාම නිර්මාණය භාග්‍යවතුන් වහන්සේ ධරමාන අවදියේම භාරතයේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවිය. ජේතවනය පූර්වාරාමය වැනි ස්ථාන අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් යුක්තව තිබී ඇත. විහාරස්ථානයකට අයත් අංග හෙවත් ගොඩනැගිලි රාශියක් බද්ධව පවතී.
වර්තමානයේ වුවද මෙය මනාව දැකිය හැකිය, විහාරය, ධර්ම ශාලාව, දාන ශාලාව, චෛත්‍ය, බෝධිය, පොහොය සීමාව, වැසිකිළි කෙසිකිළි, මලසුන් ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි සංකීර්ණයන් විහාරස්ථානයක දක්නට ඇත. මෙම ගොඩනැගිලි පරම්පරාගණනාවක් ආරක්ෂාවන ආකාරයට ශක්ති සම්පන්නව නිර්මාණය කර ඇත. අදටත් ඉන්දියාවේ හා ලංකාවේ පුරා විද්‍යා ස්ථාන තුළින් ඒ අවබෝධය ලබාගත හැකිය.
මෙවැනි ගොඩනැගිලි සංකීර්ණයක් පිරිසිදුව නිර්මලව ආරක්ෂා කිරීම විහාරස්ථානයක දායක පිරිසට තනිවම කළ නොහැකිය. විහාරස්ථානයක් තුළ ඇති ගොඩනැගිලි ආරක්ෂා කිරීමත් එමෙන් විහාරස්ථාන යන්හි සිදුකරණ පෙරහැර උත්සව ආදී විවිධ කටයුතු රාශියක් වාර්ෂිකව සිදු කරනු ලබයි. ඒවාට විශාල ධනයක් අවශ්‍ය වේ. විශාල පිරිසක් අවශ්‍ය වේ.
අතීතයේ විහාරස්ථානවල දහස් ගණන් භික්ෂුහු වාසය කළහ. එහෙයින් ඒ භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය ලබා දීමටත් ස්ථාන නඩත්තුවටත් එහි සේවය කරණ ජනතාවට බත් වැටුප් දීමටත් විශාල මුදලක් ධනයක් අවශ්‍ය විය. මේ තත්වය විහාරස්ථානයේ දායක පිරිසට දැරීමට නොහැකි අවස්ථා ඇති වේ. එබඳු අවස්ථාවන්ට මුහුණ දීමටත් ශාසනයේ අනාගත චිරස්ථිතිය සඳහාත් එදා හෙළ රජදරුවන් විහාරස්ථාන වලට ගොඩ මඩ ඉඩම් කුඹුරු ආදී දේ පූජා කළේ ශාසනික කටයුතු කරගෙන යාමට උපකාර කිරීමක් වශයෙන් සළකාගෙනය.
පිළිම කරවීම :-
-----------------
බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමත් මුල් අවදියේ නොවීය. ඒ වෙනුවට ආසනය, පද්මය, ධර්ම චක්‍රය, නෙළුම්මල, ආදී සංකේත භාවිතා කළ බව සඳහන් වේ. සාංචි හා භාරුත් ස්ථුපවල බුද්ධ රූපය දැක්විය යුතු ස්ථානවල ඇත්තේ වෙනත් සංකේත වීම එයට නිදසුන්වේ.
නමුත් කොසොල් මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි අවදියේම සඳුන් ලීයෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවූ බව කොසල බිම්ඹ වර්ණනාවේ සඳහන් වේ. මෙය පසුකාලීන නිර්මාණ වලටත් ගුරු වූ බව සඳහන් වේ. ඒ බව පාහියන් දේශාටන භික්ෂූන් වහන්සේගේ ගමන් විස්තරයෙහි දැක්වේ. රනින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළබව කුස ජාතකයේ සඳහන්වේ. මෙසේ ඒ පිළිබඳ යම් යම් තොරතුරු සඳහන් වේ.
කෙසේවෙතත් මහින්දා ගමනයෙන් පසු දෙවනපෑතිස් රජතුමා බුදුපිළිමයක් නිර්මාණය කළබව මහා වංශයේ සඳහන් වේ. මේ කාලයේ සිට මූර්ති කලා චිත්‍ර නාට්‍ය ආදී සෑම අංශයකම පිබිදීමක් සිදුවී ඇති බව ඉතිහාස ගත තොරතුරු අනුව පැහැදිළි වේ. අනුරාධපුර යුගයේ සිට විවිධ රජවරු පිළිම නෙළීම සිදුකළබව ඉතිහාස ග්‍රන්ථයන්ගෙන් පැහැදිළිවේ.
අනුරපුර ථූපාරාමයෙහි රනින් කළ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බවත් දුටුගැමුණු රජ රුවන්වැලි මහා සෑයේ බුද්ධ පර්යන්තයෙන් යුත් රන්පිළිමයක් ගර්භයේ තැන්පත් කළ බවත් සඳහන් වේ.
වැසිකිළි කරවීම :-
------------------
අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.
ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි. බුද්ධ දේශනයේදී විශේෂ අවධානය යොමුවූ කාරණයකි වත් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වෙනුවෙන් චුල්ලවග්ග හා මහා වග්ග පාලි යේ වත්තකඛන්ධකය යනුවෙන් වෙනම කොටසක් වෙන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත කෙසිකිළිවත එකකි.
එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්‍රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත. එවැනි ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම එය භාවිතා කරණ සැමගේ පොදු වගකීමකි
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
74217_163801773784910_1707518056_n.jpg


සිය පියා විශාඛාවට ලබා දුන් අවවාද

01 – අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ - ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න.
තේරුම (- තමන් ගේ ස්වාමියා ගේ අගුණල සිය නිවසේ ගැටලූල ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න.
02 – බාහිරතෝ අග්ගි න අන්තෝ පවේසේතබ්බෝ – පිටත ගිනි ඇතුළට නො ගෙනෙන්න.
තේරුම (- තමන් ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන හෝ බාහිර උදවිය කියන දේවල් අසාගෙන විත් නිවසේ නො කියන්න.
03 – යේ දදන්ති තේසං යේව දාතබ්බං – දෙන අයට ම දෙන්න.
තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට පමණක් එම උපකරණ ආදිය ලබා දෙන්න.
04 – යේ න දෙන්ති, තේසං න දාතබ්බං - නො දෙන අයට නො දෙන්න.
තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා නො දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට ඒවා දීමෙන් වළකින්න.
05 – දදන්තස්සාපි අදදන්තස්සාපි දාතබ්බං – දෙන අයටත් නො දෙන අයටත් දෙන්න.
තේරුම (- දිළිදු වූ යම් කිසිවෙක් කිසිවක් ඉල්ලාගෙන පැමිණි විට ඔහු ආපසු දුන්නා හෝ නො දුන්නා හෝ දන් දෙන්න.
06 – සුඛං නිසීදිතබ්බං – සුවසේ හිඳගන්න..
තේරුම(- සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අය ±ක නැගිටිය යුතු තැන් වල හිඳගෙන සිටීමෙන් වළකින්න.
07 – සුඛං භුඤ්ජිතබ්බං – සුවසේ අනුභව කරන්න.
තේරු ම(- සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුලූ වැඩිහිටි අයට ප්‍රථමයෙන් කෑම ගැනීමෙන් වළකින්න. ඒ අයට ආහාර පානාදිය සපයා ඒ කටයුතු සොයා බලා ඉන්පසු ව ආහාර ගන්න.
08 – සුඛං නිපජ්ජිතබ්බං – සුවසේ සැතපෙන්න.
තේරුම (- සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ප‍රථමයෙන් නිදා ගැනීමෙන් වළකින්න. ඒ අයට කළ යුතු උපස්ථාන ආදිය සිදු කොට ඒ අය නිදාගත් පසු ව නිදා ගන්න.
09 – අග්ගි පරිචරිතබ්බෝ – ගිනි පුදන්න
තේරුම (- සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ත් ගෞරව බුහුමන් දක්වන්න.
10 – අන්තෝ දේවතා නමස්සිතබ්බා – ඇතුළත දෙවිවරුන් හට පුද සත්කාර කරන්න.
තේරුම (- සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු පවුලේ වැඩිහිටි අයට ත් දෙවියන් සේ සළකා පුද සත්කාර කරන්න.
(ධම්මපදට්ඨකථා)

https://www.facebook.com/photo.php?...52307446.22046.111582889006799&type=1&theater
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
399893_417268478368772_715990829_n.jpg

෴සැමියෙකුගෙන් ඉටුවිය යුතු යුතුකම්෴

මැදගොඩ අභයතිස්ස හිමි

බුදු දහම ලෝ සතුන්ට දෙලොව දියුණුව පිණිස හේතුවන මාර්ගයක් දේශනා කළ දහමකි. මෙමගින් සංසාරගත අනේකවිධ දුක්ඛයන්ගෙන් විනිර්මුක්තව ලබන උතුම් නිවන සඳහා වූ මාර්ගය ඉගැන්වෙන බැවින් එය ලෝකෝත්තර අංශයට පමණක් අවධානය යොමුකළ දේශනාවක් වශයෙන් ඇතැමුන් කල්පනා කරති. එහෙත් බුදුදහම මෙලොව පරලොව සුව සලසා ගැනීමත් එමගින් නිවන් සඳහා වන මග හෙළිපෙහෙළි කිරීමත් යන ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශය කෙරෙහි ම අවධානය යොමු කළ දහමක් වශයෙන් හඳුනා ගැනීම වඩාත් නිවැරදිය. නිර්වාණය පිණිස වන වැඩ පිළිවෙළෙහි මූලික අඩිතාලම වර්තමාන ජීවිතය බැවින් මෙලොව දිවියේ සතුට, යහපත් පැවැත්ම හා හොඳ හිත පවත්වා ගැනීම කෙරෙහි බුදුදහම විශේෂ අවධානයක් යොමුකරයි. යහපත් ජීවිතයක් ගත කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වන බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.

මෙලොව ජීවිතය සහනදායි වීම කෙරෙහි වාසය කරන නිවසේ යහ පැවැත්ම ඉතා වැදගත්ය. මානුෂික දිවිපෙවත පිළිබඳව ඉතා ගැඹුරින් අවබෝධ කොට ගෙන දම් දෙසූ බුදුරජාණන් වහන්සේ නිවසක සතුට හා සැනසුම උදාකරගත හැකි ආකාරය ඉතා පැහැදිලිව දේශනා කළ සේක. වෙසෙසින්ම නිවසක ස්වාමි භාර්යාවන් විසින් ඔවුනොවුන් වෙත විශ්වාසවන්තව හා භක්තිමත්ව කටයුතු කිරිම මගින් ගෘහ ජීවිතය අර්ථ සම්පන්න වන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාන්හි දේශනා කළහ. සමාජ චාරිත්‍රයක් වශයෙන් නීතියෙන් බැඳෙන භින්න රුචික ස්ත්‍රියක හා පුරුෂයෙකුට වඩා හදවතින් නැගෙන සෙනෙහසේ බැම්මෙන් බැඳී සමාන අදහස් සහිත ස්වාමි භාර්යාවන් නිවසකට සිරිය කැන්දන බව බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළහ. භාර්යාවක හා ස්වාමිපුරුෂයෙකු විසින් සිය ගෘහ ජීවිතයේදී ඔවුනොවුන් විෂයෙහි ඉටුකළයුතු යුතුකම් හා වගකීම් මගින් යථොක්ත ගෘහ ජීවිතය අර්ථසම්පන්න වන ආකාරය සිගාලෝවාද සුත්‍රයේ දී පැහැදිලි කෙරෙයි

ගෘහපතියා කේන්ද්‍ර කොට ගෙන කරුණු දක්වන සිගාලෝවාද සූත්‍රයේදී බටහිර දෙස වශයෙන් සලකාගත් භාර්යාව විෂයෙහි පැවතිය යුතු ආකාරය කාරණා පහකින් විස්තර වෙයි.

1. ගරුකිරීමෙන් (සම්මානනාය)
2. අවමන් නොකිරීමෙන් (අනවමානනාය)
3. භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන් වෙත නොයාමෙන් (අනතිචරියාය)
4. නිවසේ කාර්යභාරයන් භාරදීමෙන් (ඉස්සරියවොස්සග්ගෙන)
5. ආභරණ ආදිය ලබාදීමෙන් (අලංකාරානුප්පදානෙන)

මෙසේ ඔවුනොවුන් විෂයෙහි යුතුකම් ඉටුකරන්නා වූ සාමයෙන් හා සහජීවනයෙන් යුත් ස්වාමි භාර්යාවන් වසන නිවස දෙවියෙකු හා දෙව¼ගනක විසින් අරක්ගත් දේව විමානයක් වැනි යැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.

1.ගරුකිරීමෙන් (සම්මානනාය)

ස්වාමි පුරුෂයෙකු විසින් බිරිඳක් කෙරෙහි දක්වන විශේෂ ගරුකිරීමක් නැත.ඇය බොහෝ විට ස්වාමියාට ගරුසරු දක්වමින් දිවිගෙවීමට කැමැත්තක් දක්වන්නීය. එහෙත් මෙහිලා ගරුකිරීම යනු ඇයට නිවසේ අදාළ ගරුත්වය ලබාදීමට ස්වාමියා කටයුතු කිරීමයි. පතිනියක වශයෙන් තම දෙමාපිය හැරදමා විවාහ ජීවිතයට එළඹෙන තැනැත්තිය තමාට දෙමාපියන්ගෙන් මෙතෙක් ලැබුණු ආදර කරුණාව ඉන් අනතුරුව බලාපොරොත්තු වන්නේ සිය ස්වාමියාගෙන්.ඇයට වචනයෙන් මෙන්ම හැසිරීමෙන් ද අදාළ ගරුත්වය ලබාදීම ස්වාමියාගේ යුතුකමයි. ඇය ස්වාමි පුරුෂයෙකුගේ කීකරු භාර්යාව වුවද ඇයට ද අදාළ ආත්ම ගරුත්වයක් ඇති බව ඔබ විසින් තරයේ මතක තබාගත යුතුය. ගෙදරදොර ජීවිතයේදී මෙන්ම සමාජ ජීවිතයේ දීද ඇයගේ ගරුත්වය ආරක්‍ෂා වන පරිදි කටයුතු සංවිධානය කිරීම ස්වාමි පුරුෂයෙකුගේ වගකීම වෙයි.

2.අවමන් නොකිරීමෙන් (අනවමානනාය)

ස්වකීය භාර්යාවට ගරු සරු දැක්වීම මෙන්ම අවමන් නොකිරීමට ද ස්වාමිපුරුෂයා විසින් වගබලා ගත යුතුය. භාර්යාව යනු ස්වාමිපුරුෂයා වෙත නීතියෙන් හිමිකර දෙන වහලියක නොවේ.ඇය ස්වාමිපුරුෂයා වෙත සියලු කටයුතු ඉටුකර දෙමින් යටහත් පහත්ව සිටිනුයේ ස්වාමි පුරුෂයා කෙරෙහි ඇති සෙනෙහස නිසාවෙන් මිස ඇයගේ දුර්වලකමක් නිසා නොවන බව වටහා ගත යුතුය.ඇය ද මනුෂ්‍යයෙකු බැවින් ඇය අතිනුදු අතපසු වීමෙන් හෝ වැරදි අඩුපාඩු සිදුවිය හැකිය. එවන් මොහොතක ඇය වෙත පරුෂ වචන දමා ගැසීම හෝ කායික පීඩාවන්ට ඇය ලක්කිරිම පුරුෂයෙකු වශයෙන් නොකළ යුතු ක්‍රියාවකි. ඇතැම් විට ඇයගේ දෙමාපියන් විසින් දෙන ලද දායාදයන්හි ප්‍රමාණය පිළිබඳ අවතක්සේරුවෙන් කථා කිරීම හා ඇගේ දෙමාපියන්ගේ අඩුපාඩු කථාකරමින් ඇය වෙහෙසට පත්කරන වසල ගුණ ඇති ස්වාමි පුරුෂයින් මෙම සාමජයෙහි ඔබ කොතෙකුත් දැක ඇතිවාට සැක නැත. එවන් ස්වාමි පුරුෂයන්ගේ අතගෙන දිනකටදහස්වර සුසුම් හෙළමින් කල්ගෙවන කාන්තාවන් වසන අපායවල බඳු නිවෙස් සුලභය. එය ස්වාමියෙකු වශයෙන් ශාපයකි.

තම දරුවන් ඉදිරිපිට ඔවුන්ගේ මවට තලා පෙලා හිංසා කරන පියවරුන් කෙරෙහි දරුවන් තුළ කෙසේ නම් සෙනහසක් ඇතිවන්න ද? එබඳු අවාසනාවන්ත පියවරුන් පිළිබඳ දරුවන් තුළ වැඩෙන පිළිකුල ඇතැම් විට දරුවා අතින් පියා මිය යාමේ සිදුවීම දක්වා වර්ධනය වී ඇති අවස්ථා අප දැක ඇත්තෙමු. එබැවින් භාර්යාවගේ යම් යම් දෝෂයන් ඇතත් ඒවා සුහදව සාකච්ඡා කිරීමෙන් සකස් කරගන්නවා විනා ඇය විවිධ කායික හා මානසික පීඩාවන්ට පත්කරන්නෙක් නොවීමට තරයේ මතක තබාගත යුතුය. නිවසේ පැවැත්ම සඳහා ඔබ විසින් දිවා රාත්‍රි වෙහෙසමින් මුදල් සොයන බව සත්‍යයකි. එහෙත් ඇය නිවසේ සිට දරුවන්ගේ කටයුතු සිදු කරමින් ස්වාමිපුරුෂයාගේ රෙදි පෙරෙදි පවා සෝදා දෙමින් කුදු මහත් කටයුතු සිදුකරන තැනැත්තියයි. ඇය අහිංසක දරුවන්ගේ මවයි.

සුරාපානය කොට නිවසට පැමිණ භාර්යාවගේ නැති දොස් පවා ඇය කෙරෙහි ආරෝපණය කරමින් ඇය මානසිකව අන්ත දුක්ඛිත තත්ත්වයට පත්කරන ස්වාමියා මෙලොවම නිරයට මං පාදා ගන්නෙකි. ඇතැම් විට සිය බිරිඳ මිතුරන් ඉදිරියේ අවඥාවට පත්කළ පුරුෂයින් නිසා මානසිකව බිඳ වැටී ජීවිතාන්තය දක්වා රෝගි තත්ත්වයන්ගෙන් පීඩාවිඳින කාන්තාවන් ද බොහෝ වෙති. භාර්යාව යනු ස්වාමි පුරුෂයෙකුට මවකි. එබැවින් ඔබ ඇයට නින්දා අපහාස කරන්නේ නම් එය මවට නින්දා කිරීම හා සමාන වූවකි.

3.භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන් වෙත නොයාමෙන් (අනතිචරියාය)

තම ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවන්ගේ පහස සෙවීම තරම් භාර්යවකගේ සිත බිඳ හෙළන තවත් දෙයක් නොමැත. ඇය තුළින් නොලැබෙන තාවකාලික සුවයක් පතා වෙනත් කාන්තාවන් කෙරෙහි ගමන් කරන්නවුන් සිය පවුල් ජීවිතය මෙන්ම ස්වකීය සෞඛ්‍යයද පිරිහීමෙන් අන්ත අසරණ තත්ත්වයන්ට පත්වන ආකාරය සාමජය තුළින් මැනවින් පැහැදිලි වේ. මෙහිලා පුරුෂ පක්‍ෂය තුළ පවත්නා දුර්වලතා මෙන්ම කාන්තාවගේ ද දුර්වලතාවන් හේතු වන බව නොකියා ම බැරිය. පුරුෂයෙකු කාන්තාවක සරණපාවා ගන්නේ සිය දුක සැප දෙකෙහි නොසැලී අත්වැල් බැඳ ගමන් කිරීමටය. එමෙන්ම ඔහුගේ කායික හා මානසික අවශ්‍යතාවන්ද ඇය විසින් සපුරා දීම ඔහුගේ ජීවිතය තෘප්තිමත් වීමට බලපායි. තෘප්තිමත් පුරුෂයෙකු වෙනත් කාන්තාවන් සොයා යාමට ඇති ඉඩකඩ සීමිතය. එබැවින් ස්වාමි පුරුෂයා තමා වෙත රඳවා ගැනීමේ වගකීම කාන්තාවක සතුය. එසේම වෙතත් කෙතරම් යහපත් භාර්යාවක සිටිය ද පරදාර සේවනයෙහි ලොල් පුරුෂයෝ සිටිති. ඔවුන් තෙවැනි සිකපදය බිඳ ගැනීමෙන් අකුසල් රැස්කර ගනිති. පරදාර සේවනය නිසා වන අකුසලයෙන් සසර ස්ත්‍රී භාවයේ උපත ලැබීමට හා නපුංසකයන්ව උපත ලැබීමට හේතුවන බව ද කර්ම විපාක දක්වන තන්හි පැහැදිලි කොට ඇත.

තමා ඇති දැඩි කළ මවුපියන් ද නැදෑ හිතමිතුන් ද හැර දමා කොටෙකු වෙත පෙම්බැඳ ඔහු සමග ඒමට තරම් රාගයෙන් මත් වූ සිටු කුමරියකගේ මනස ශක්තිමත් වූ ආකාරය බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලිවේ. තමාට හිමි රජකම හැර දමා සැඩොලියක හා විවාහ වීමට තරම් සාලිය කුමරුගේ සිත සකස් වූයේ රාගයේ බලවත් කම නිසාවෙනි.ආදරය පේ‍්‍රමය වැනි නොයෙක් වචනයන්ගෙන් මෙම මානසිකත්වය හැඳින්වුව ද එහි අවසන ඇත්තේ භාවික හැගීම විසින් බුද්ධිය පරාජය කිරීමයි.

කාම සේවනය පිණිස ගිහියාට තහනමක් බුදුසමය විසින් පනවා නොමැති අතර එය පාපයක් වශයෙන් බුදුසමය හඳුන්වා දී නොමැත. එහෙත් කාම මිථ්‍යාචාරයෙහි නියැළෙමින් පරදාර සේවනයෙහි නියැළෙන ගිහියා වසලයෙකු බවත්, ඔහු පරාභවය කෙරෙහි අභිමුකව ගමන් කරන්නෙකු බවත් බුදුසමය පෙන්වා දෙයි.

ස්වාමි භාර්යාවන් තුළ සැබෑ පේ‍්‍රමයක් ඇත්නම් එය රාගය නිසා බිඳහෙළිය හැක්කක් නොවනු ඇත. ඔවුහු සංසාර ගතව එන බැඳීමකින් යුක්ත වූවන්ය. එවැනි ස්වාමි භාර්යාවන් සසර නැවත නැවතත් හමුවන ආකාරය බුදු සිරිතේ එන ප්‍රවෘත්තීන්ගෙන් පවා පැහැදිළි වෙයි. නකුල මාතා නකුල පිතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි කෙරෙනුයේ ද ඔවුනොවුන් කෙරෙහි ස්නේහයෙන් බැඳී සම සීල සද්ධාවන්ගෙන් යුත් අඹුසැමි යුවළකගේ කථාවයි.

විශ්වාසය පළුදු කරන තමා සමාජයේ සෙස්සන්ගේ ගර්හාවට ලක්වන පුද්ගලයෙක් බවට පත්වීමට කාමමිථ්‍යාචාරය හේතු වෙයි. ඔබ ඔබගේ පෞද්ගලිකත්වය කෙරෙහි යම් ඇල්මක් දක්වන්නේ ද සෙස්සන් ද ඔවුන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි එබඳුම කැමැත්තක් දක්වන බව තේරුම් ගැනීමෙන් අත්තුපනායික ක්‍රමයෙන් (තමා අනුව අන්‍යයන් ගැන සිතීම) භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන්ගෙන් කම් සුව ලැබීමට සිහිනෙනුදු නොසිතිය යුතුය. එවන් පුරුෂයාට සිය භාර්යාවගෙන් දෙවියකුට බඳු සැලකිලි හිමිවේ.

4.නිවසේ කාර්යභාරයන් භාරදීමෙන්(ඉස්සරියවොස්සග්ගෙන)

බොහොමයක් අනුවණ පුරුෂයෝ කාන්තාවන් සතු සංවිධාන ශක්තිය පිළිබඳව සැක කරති. පැරණි පඩිවරුන් පවසා ඇත්තේ මැටි යොදා සකස් කරගත් සැකිල්ලකට අතු සෙවිලි කිරීමෙන් පමණක් නිවසක් නොවන බවත් කාන්තාවක වසන ගෙය පමණක් නිවස යන වචනයට යෝග්‍ය බවත් ය. (න ගෘහං ගෘහමිත්‍යාහු: ගෘහණීං ගෘහමුච්‍යතෙ) මෙම විවරණය තුළින් පැහැදිලි වන්නේ නිවසක් අර්ථවත් වන්නේ ගෘහණියගෙන් බවය. එබැවින් නිවසක සංවිධාන කටයුතු විෂයෙහි ගෘහණියගේ ප්‍රධානත්වය පිළිගැනීමට කිනම් තරාතිරමක පුරුෂයෙකු වුවද සූදානම් විය යුතුය. ලොව මෙතුවක් ඉතා උසස් තත්වයන්ට පත් පුරුෂයෙක් වේ නම් ඔහුගේ සියලු වැඩපිළිවෙළ පිටුපස බිරිඳ ද සිට ඇති බව සුපැහැදිළි කරුණකි. බෝසතුන්ගේ පවා පාරමිතා පූර්ණයේ දී ඇයගෙන් සැපයුණු පිටුබලය චන්දකින්ණර ජාතකය ආදියේ දී මැනවින් පැහැදිලි කොට ඇත.ඇතැම් අනුවණ පුද්ගලයන් කල්පනා කරනුයේ ස්ත්‍රිය නුවණ මද තැනැත්තියක බවත් ඇයට ගෙදර ඉවුම් පිහුම් කටයුතු හැර සෙසු කටයුතු අවිශය බවත් ය.

එහෙත් දූදරුවන්ගේ කටයුතු හා ගෙදොර කටයුතු වඩාත් අරපිරිමැස්මෙන් කිරීමේ හැකියාවක් සහජයෙන්ම කාන්තාව සතු වන බව අප පිළිගත යුතුය. එමෙන්ම යහපත් කාන්තාවෝ ස්වාමි පුරුෂයා දහඩිය මහන්සියෙන් උපයන වස්තුව විනාශ නොකරති. එබැවින් ඇයට සිය නිවසේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සපයා දීම ස්වාමි පුරුෂයෙකුගේ යුතුකමකි. ඔබ නිවසට ගෙනවුත් දෙන යමක් තමාට හා දරුවන්ට පිසදෙන කුස්සි අම්මා කෙනෙකුගේ මට්ටමට භාර්යාව පිළිබඳව කල්පනා නොකළ යුතුය. ඇය ද නිවසේ ඔබ මෙන්ම කටයුතු කාරණාවන්හිදී ප්‍රධානත්වයක් දරන එමෙන්ම වගකීමක් සහිත අයෙකු බව මොහොතකට හෝ අමතක නොකළ යුතුය. කොතරම් වැදගත් කාරණාවකදී වුවද භාර්යාව සමග සාකච්ඡා කොට එම කටයුත්ත කිරීමෙන් ඔබට යහපතක් මිස අයහපතක් නොවන බව තරයේ මතක තබාගන්න. ඇතැම් නොසන්සුන් අවස්ථාවන්හි ඔබ ගන්නා තීරණ පිළිබඳ ඇය නැවත විමසුම් සහගත ලෙස බැලීමට ඔබව පොළඹවනු ඇත. නිවසේ ගෘහමූලිකයා තමා බැවින් සියල්ල තීරණය කිරීමේ බලය තමා සතු වෙතැයි අත්තනෝමතිකව කටයුතු කරන ඇතැම්හු බොහෝ කොට පසුතැවිලි වනු ඔබ දැක ඇතුවාට සැක නැත.

5.ආභරණ ලබාදීමෙන(අලංකාරානුප්පදානෙන)

බුදුරජාණන් වහන්සේ සෙස්සන්ගේ සිත් මැනවින් අවබෝධකොට ගෙන දහම් දෙසු උතුමෙකු බව ඉතා මැනවින් පැහැදිලි වන තැනකි. මේ. කාන්තාවක වශයෙන් ඇය සෙසු ස්ත්‍රින් ඉදිරියේ දෙවැනි වීමට කිසිසේත් අකැමැත්තීය. එබැවින් ඉල්ලීමක් කළ තැනැත්තා ස්වාමි පුරුෂයා විසින් ඇයට ආභරණ ගෙන දිය යුතුය. එය තමාගේ ආර්ථික මට්ටමට අනුව සැලසුම් කර ගැනීම බුද්ධිමත් අඹුසැමියන්ගේ වගකීමකි. එහෙත් විවිධ ඇඳුම් ආයිත්තම් මගින් අනවශ්‍ය ආටෝපයක් ඇතිකර ගැනීම බෞද්ධ කාන්තාවගේ ස්වභාවය නොවේ. සෙසු ස්ත්‍රින් හමුවේ කරකණ පාලුවට ගිය සිය භාර්යාව නින්දාවට පත්වන්නේ නම් එම ස්වාමිපුරුෂයා ඇයට වැඩියක් ලැජ්ජා විය යුතුය. යහපත් ස්වාමි පුරුෂයෙකු වශයෙන් ස්ත්‍රියකගේ ස්ත්‍රි මානසිකත්වය හැඳින ඇයට අවශ්‍ය අලංකාර ආභරණ, ඇඳුම් ආයිත්තම් ගෙන දීමට කටයුතු කළ යුතුය. එකල්හි ඇයද ඔබ වෙත මහත් වූ පතිභක්තියකින් කටයුතු කරනු නො අනුමානය. ඇය සතු කණකර ආභරණ උකස්කොට මත්පැන් පානය හෝ සූදුව වැනි අයහපත් ක්‍රියාවන්ට යොමුවන පුරුෂයෝ සැබවින්ම මිනිස්කමට පවා නින්දා කරන්නවුන්ය.

කාන්තාවක වශයෙන් කෙතරම් ආභරණ පැළඳිය ද ඇගේ අලංකාරය රඳා පවතිනුයේ ඇය සතු ගුණ ධර්මයන් නිසාවෙනි.අතක් පිරෙන තුරු රන් වළලු පැළඳියද ගෙල පහත්වන තුරු රන් මාලා පැළඳියද දෙකන් ඉරී වැටෙන තරම් රන්තෝඩු පැළඳිය ද ඇය දුර්ගුණයන්ගෙන් යුතු තැනැත්තියක නම් ඉන් ඇති අලංකාරයක් නැත. පතිභක්තියෙන් කටයුතු කරණ ගුණ ධර්මයන්ගෙන් සපිරි කාන්තාව ම ශ්‍රේෂ්ඨ බව ධර්මයේ පැහැදිලි කෙරෙයි. මෙය වත්මන් කාන්තාවන් විසින් නැවත නැවතත් සිතිය යුතු කරුණකි.

බුදුසරණ අන්තර් ජාල කලාපය ඇසුරිනි

https://www.facebook.com/photo.php?...510.1073741832.145864752175814&type=1&theater
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
936839_604307512932292_578209669_n.jpg


1. යථාවාරි වහා පුරා - පරිපුරෙන්ති සාගරං
ඒවමේව ඉතෝදින්නං - පේතානං උපකප්පති

තේරුම – වැස්සෙන් වැටුණු ජලධාරාවෝ සයුර පුරවත්ද එසේම මේ දෙන පිං මළගිය පෙ‍්‍ර්තයින්ට අත්වේවා!

2. උණ්ණ මේ උදකං වට්ටං - යථා තීරණ්ණං පවත්තති
ඒව මේව ඉතෝදින්නං - පේතානං උපකප්පති.

තේරුම – උස් තැනට වැටුණු ජලය පහත් බිම් කරා යේ ද එපරිද්දෙන්ම මෙයින් දෙන ලද පින මළගිය පෙ‍්‍ර්තයන් කරා පැමිණෙත්වා.

3. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොත්තු ඥාතයෝ , 3 වරක්

තේරුම – අප රැස් කරගත් පින පරලොව සැපත් ඥාතීහු අනුමෝදන්ව සැපතට පැමිණෙත්වා.

4. එත්තාවචාච අම්හේහි- සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු -සබ්බේ භූතා අනුමෝදන්තු
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්හි සිද්ධියා

තේරුම – අප රැස් කර ගත් මේ පින සියලු දෙවියෝද, සියලු භූතයෝ ද, සියලු සත්වයෝද අනුමෝදන්ව සියලු සැප ළගා කර ගනිත්වා.

https://www.facebook.com/photo.php?...3015200.136400.536800879682956&type=1&theater
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
44334_604411562921887_842559035_n.jpg


අංගුලිමාල මහා තෙරණුවන් වහන්සේ

අංගුලිමාල මහා තෙරණුවන් වහන්සේ දවසක් පින්ඩපාතයේ වඩිනකොට දැක්කා විලිරුදාවෙන් පෙලෙන මවක්. ඒතුමිය ඒ අවස්ථාවේ සිටියේ ඉවසාගන්නට බැරි තරම් වේදනාවකින්. අංගුලිමාල තෙරණුවෝ මෙය දුටුවා. නමුත් උන් වහන්සේට කළහැකි යමක් තිබුනේ නෑ. උන් වහන්සේ අප මහා බුදුරජානන් වහන්සේ හමුවට ගොස් මෙය සැලකලේ උන් වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන්. සියල්ල සාවදානව අසා සිටි අප බුදුරජානන් වහන්සේ අංගුලිමාල තෙරුන්ට උපදෙස් දුන්නේ ඒ ඇත්තිය සිටිනා ඉසව්වට ගොස් සත්‍යක්‍රියා සිදුකරන ලෙසටයි. අංගුලිමාල තෙරණුවන් ඒ තැනැත්තිය අසලට ගොස් මේ ආකාරයෙන් සත්‍යක්‍රියා කළා.

“යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ
නාභිජානාම් සංචිච්ච පාණං ජීවිතා වෙරෝපෙතා
තෙන සච්චේන සොත්ථි තෙ හෝතු සොත්ථි ගබ්භස්සා ති”

“නැගනියනි මම යම් දවසක ආර්ය ජාතියෙහි උපත ලැබුවාඩ එතැන් පටන් දැන දැන කිසිම සතෙකු මරා දැමූ බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. ඔබේ දරු ගැබටත් සෙත් වේවා”

මේ විදියට සත්‍යක්‍රියා කළ උන් වහන්සේගේ බලයෙන් එම තැනැත්තියගේ කුසතුල හිර වී සිටි දරුවා කිසිම කරදරයකින් තොරව උපත ලද බව සඳහන් වෙනවා.

අංගුලිමාල තෙරණුවන් සත්‍යක්‍රියා කළ ස්ථානය වෙහෙරක් ඉදි කලා. එය අංගුලිමාල දාගැබ ලෙස හඳුන්වනවා. එම ස්ථානය තවමත් පුදුම හාස්කම් ශක්තියක් ඇති ස්ථානයක්. තවමත් ගැබිනි මවුවරු එම ස්ථානය වැඳනමස්කාර කරගැනීමෙන් සුවයක් ලබනවා.

මේ සිදුවීමෙන් දින කිහිපයකට පස්සේ අංගුලිමාල හාමුදුරුවෝ මහරහත් බව ලබාගත්තා. උන් වහන්සේ මහරහත් බව ලබාගත්තාට පස්සේ ගිහිලාකේ කල සියලුම පාප කර්ම පලදීමට පටන්ගත්තා. එසේ සිදුවන්නට හේතු වූයේ ඒ ආත්මභාවය උන්වහන්සේගේ අවසාන ආත්මභාවය වූ නිසයි. මිනිසුන් විසිකරන ගල් කැබලි පොලු මුගුරු උන් වහන්සේගේ ශ්‍රී දේහයේ වැදුනු බව කියවෙනවා. එසේ වැදීමෙන් උන් වහන්සේට බොහෝ තුවාල සිදුවූවාලු.

කොසොල් රජුත්, මල්ලිකා දේවියත් එක්ව කහවනු දහ හතර කෝටියක් වියදම් කරමින් සිදුකළ අසදෘස මහා දානය ගැන ඔබලා අසා ඇති. ඒ දානය අවස්ථාවේ අංගුලිමාල තෙරුන් සම්බන්ධ අපූරු කතාවක් කිවෙනවා. දානයට වැඩි බුදුරජානන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් පමන වූ මහ රහත් වහන්සේලාගේ හිසට උඩින් සේසත් රැගත් හස්තිරාජයා බැගින් තබා තිබූ බව කියවෙනවා. නමුත් අංගුලිමාල තෙරරුන්ගේ ස්ථානයට එක් හස්තියෙක් මදිවී තුබුනාලු. ඒ අවස්ථාවේ ඇත්ගාලේ සිටියේ බොහෝ චන්ඩ කිපුනු ඇතෙක්. ඒ හස්තියා අංගුලිමාල තෙරුන් දුටු පමනින් උගේ චන්ඩ ගති සියල්ලක්ම අතහැර දමා බොහෝම බයෙන් නගුට කකුල් අතර ගසාගෙන බියෙන් වෙවුලමින් ඇස් පවා වසාගෙන උන්වහන්සේ දන් වළඳනා තෙක් සේසත් ඔසවාගෙන සිටි බව කියවෙනවා.

මෙසේ මිනිසුන් දහස් ගනනක් මරා දමමින් බොහෝ කෝලහාල සිදුකළ අහින්සක අවසානයේ අප මහා බුදුරජානන් වහන්සේගේ සද්ධර්මයේ බලයෙන් සියලු කෙලෙස් නසා රහත්භාවය ලබාගෙන ලෝවැසි සත්වයන් සසරෙන් මුදාගැනීමට මහා සේවයක් ඉටු කළා. අවසානයේ අනුපදිශේෂ පරිණිර්වාන දාතුවෙන් පිරිනිවන් පෑවා. උන් වහන්සේගේ භෂ්මාවශේෂ බුදුරජානන් වහන්සේ විසින් තැන්පත් කරවා දාගැබක් කරවා තිගෙනවා.

“ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් ඇද්ද,එම තැන සේදු දිය පවා සියළු පීඩා දුරු කර දමන්නේය.ගර්භනී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්,ඒ දුක සැනෙකින් බැහැර වී සුවපත්ව නැගිටින්නීය.ලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් කල්පයක් බල පවතින මහා තේජසින් යුතුව ආඥා කොට අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අංගුලිමාල පිරිත අපි දැන් කියන්නෙමු….

::::පින්වත් නැගණියනි,යම් දිනෙක මම් උතුම් නිවනට පමුණුවන මාර්ගඵලලාභි ආර්‍ය ජාතියෙහි උපත ලැබුවෙම් ද,එදා සිට දැන දැන ප්‍රාණියෙකු ජිවිතයෙන් තොර කළ බවක් නොදනිමි.මේ සත්‍යනුභාවයෙන් ඔබට සෙත් වේවා..සුවසේ දරුවා බිහිවේවා::::

(මහමෙව්නා පාළි- සිංහල පිරුවානා පොත් වහන්සේ)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
376129_625704767458967_384802119_n.jpg


1.එවං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ

2. තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි ‘භික්‌ඛවො’ති . භදන්‌තෙ’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච

3.භූතපුබ්‌බං, භික්‌ඛවෙ, දෙවාසුරසඞ්‌ගාමො සමුපබ්‍යූළ්‌හො අහොසි. අථ ඛො, භික්‌ඛවෙ, සක්‌කො දෙවානමින්‌දො දෙවෙ තාවතිංසෙ ආමන්‌තෙසි ,
‘සචෙ, මාරිසා, දෙවානං සඞ්‌ගාමගතානං උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. මමඤ්‌හි වො ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති’.
4.නො චෙ මෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. පජාපතිස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.
5.නො චෙ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. වරුණස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.
6.නො චෙ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ ඊසානස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. ඊසානස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සතී ති.
7.තං ඛො පන, භික්‌ඛවෙ, සක්‌කස්‌ස වා දෙවානමින්‌දස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, පජාපතිස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, වරුණස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, ඊසානස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයෙථාපි නොපි පහීයෙථ [නො පහීයෙථ (ක.)].

තං කිස්‌ස හෙතු? සක්‌කො හි, භික්‌ඛවෙ, දෙවානමින්‌දො අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරු ඡම්‌භී උත්‍රාසී පලායීති.

8.අහඤ්‌ච ඛො, භික්‌ඛවෙ, එවං වදාමි
සචෙ තුම්‌හාකං, භික්‌ඛවෙ, අරඤ්‌ඤගතානං වා රුක්‌ඛමූලගතානං වා සුඤ්‌ඤාගාරගතානං වා උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ අනුස්‌සරෙය්‍යාථ
ඉතිපි සො භගවා අරහං සම්‌මාසම්‌බුද්‌ධො විජ්‌ජාචරණසම්‌පන්‌නො සුගතො ලොකවිදූ අනුත්‌තරො පුරිසදම්‌මසාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධො භගවා’ති. මමඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

9.නො චෙ මං අනුස්‌සරෙය්‍යාථ, අථ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ
ස්‌වාක්‌ඛාතො භගවතා ධම්‌මො සන්‌දිට්‌ඨිකො අකාලිකො එහිපස්‌සිකො ඔපනෙය්‍යිකො පච්‌චත්‌තං වෙදිතබ්‌බො විඤ්‌ඤූහී’ති. ධම්‌මඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.
10.නො චෙ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ, අථ සඞ්‌ඝං අනුස්‌සරෙය්‍යාථ
සුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො උජුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො ඤායප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො සාමීචිප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, යදිදං චත්‌තාරි පුරිසයුගානි අට්‌ඨ පුරිසපුග්‌ගලා එස භගවතො සාවකසඞ්‌ඝො, ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්‌ඛිණෙය්‍යො අඤ්‌ජලිකරණීයො අනුත්‌තරං පුඤ්‌ඤක්‌ඛෙත්‌තං ලොකස්‌සා’ති. සඞ්‌ඝඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

11. තං කිස්‌ස හෙතු? තථාගතො හි, භික්‌ඛවෙ, අරහං සම්‌මාසම්‌බුද්‌ධො වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච්‌ඡම්‌භී අනුත්‍රාසී අපලායී’ති.

12.ඉදමවොච භගවා. ඉදං වත්‌වාන සුගතො අථාපරං එතදවොච සත්‌ථා –

අරඤ්‌ඤෙ රුක්‌ඛමූලෙ වා, සුඤ්‌ඤාගාරෙව භික්‌ඛවො;
අනුස්‌සරෙය්‍යාථ සම්‌බුද්‌ධං, භයං තුම්‌හාක නො සියා.
නො චෙ බුද්‌ධං සරෙය්‍යාථ, ලොකජෙට්‌ඨං නරාසභං

අථ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං.
නො චෙ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං

අථ සඞ්‌ඝං සරෙය්‍යාථ, පුඤ්‌ඤක්‌ඛෙත්‌තං අනුත්‌තරං.
එවං බුද්‌ධං සරන්‌තානං, ධම්‌මං සඞ්‌ඝඤ්‌ච භික්‌ඛවො;
භයං වා ඡම්‌භිතත්‌තං වා, ලොමහංසො න හෙස්‌සතී’’ති.

ධජග්ග සූත්‍රය නිමි.



මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

7. ´´මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

8. ´´මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම ( මෙසේ ) සිහිකරව් ´ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්ධ වනසේක, භාග්‍යවත් වනසේක´ ( කියායි. ) මහණෙනි, ( මෙසේ ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

9. ´´ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්‍මය ( මෙසේ ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්කොට දේශනා කරන ලද්දේය. ( ඒ ධර්‍මය ) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ´එව බලව´ යි කීමට සුදුසුය, ( භාවනා වශයෙන් ) තම සිත්හි පැමිණවීමට ( දරා ගැනීමට ) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය´ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්‍මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

10. ´´ඉදින් තෙපි ධර්‍මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ´භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්‍ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය´ ( යි කියායි. ) මහණෙනි, ( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

11. ´´එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක ( එහෙයිනි. ) ´´

12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම ( මෙසේ ) වදාළසේක.

´´මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්‍ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගවසෙන තැනක හෝ සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය.

´´ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවණට පමුණුවන්නාවූ, යහපත්කොට දේශනා කරන ලද්දාවූ, සද්ධර්‍මය සිහි කරව්.

´´නිවණට පමුණුවන්නාවූ, හොඳින් දේශනා කරන ලද්දාවූ, ධර්‍මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙතවූ, ඉතා උතුම්වූ සඞ්ඝයා සිහි කරව්.

´´මහණෙනි, යම්සේ බුදුන්ද, ධර්‍මයද, සඞ්ඝයාද සිහි කරන්නාවූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුඩැහැගැනුමක් හෝ නොවන්නේය.´´


තෙරුවන් සරණයි...

English Edition

Banner Protection (Dhajagga Paritta )

Thus have I heard:

On one occasion the Blessed One was living near Savatthi at Jetavana at the monastery of Anathapindika. Then he addressed the monks saying, "O monks." — "Venerable Sir," said the monks by way of reply to the Blessed One. Thereupon he spoke as follows:

"Monks, I shall relate a former incident. There arose a battle between the Devas (gods) and Asuras. Then Sakka, the Lord of the devas, addressed the devas of the Tavatimsa heaven thus:

"'Happy ones, if the devas who have gone to the battle should experience fear or terror or suffer from hair standing on end, let them behold the crest of my own banner. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.

"'If you fail to look up to the crest of my banner, look at the crest of the banner of Pajapati, King of gods. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.

"'If you fail to look up to the crest of Pajapati, King of the gods, look at the crest of the banner of Varuna, King of the gods. If you do so, any fear, terror or hair standing on end arising in you will pass away.'

"Monks, any fear, terror or hair standing on end arising in them who look at the crest of the banner of Sakka... The Lord of the gods, of Pajapati... of Varuna... of Isana, the King of the gods, any fear terror or hair standing on end, may pass away, or may not pass away. What is the reason for this?

"Sakka, the Lord of gods, O monks, is not free from lust, not free from hate, not free from delusion, and is therefore liable to fear, terror, fright, and flight. I also say unto you O monks — if any fear, terror or hair standing on end should arise in you when you have gone to the forest or to the foot of a tree, or to an empty house (lonely place), then think only of me thus:

"'Such Indeed is the Blessed One, arahant (Consummate One), supremely enlightened, endowed with knowledge and virtue, welcome being, knower of worlds, the peerless trainer of persons, teacher of gods and men, the Buddha, the Blessed One.' Monks, if you think of me, any fear, terror, or standing of hair on end, that may arise in you, will pass away.

"If you fail to think of me, then think of the Dhamma (the Doctrine) thus: 'Well expounded is the Dhamma by the Blessed One, a Dhamma to be realized by oneself and gives immediate results, a Dhamma which invites investigation and leads up to Nibbana, a Dhamma to be understood by the wise each for himself.' Monks, if you think of the Dhamma, any fear, terror or hair standing on end, that may arise in you, will pass away.

"If you fail to think of the Dhamma, then think of the Sangha (the Order) thus: 'Of good conduct is the Order of Disciples of the Blessed One, of upright conduct is the Order of Disciples of the Blessed One, of wise conduct is the Order of Disciples of the Blessed One, of dutiful conduct is the Order of Disciples of the Blessed One. This Order of Disciples of the Blessed One — namely those four pairs of persons,[2] the eight kinds of individuals[3] — is worthy of offerings, is worthy of hospitality, is worthy of gifts, is worthy of reverential salutations, is an incomparable field of merit for the world.' Monks, if you think of the Sangha, any fear, terror or hair standing on end, that may arise in you, will pass away. What is the reason for this? The Tathagata, O monks, who is arahant, supremely enlightened, is free from lust, free from hate, is free from delusion, and is not liable to fear, terror, fright or flight."

So said the Blessed One. Having thus spoken, the teacher, the "Welcome Being" (Sugata), further said:
i. Whether in forest or at foot of tree, Or in some secluded spot, O monks, Do call to mind that Buddha Supreme; Then will there be no fear to you at all. ii. If you think not of the Buddha, O monks, That Lord of the world and Chief of men, Then do think, O monks, of that Dhamma; So well preached and leading to Nibbana. iii. If you think not of the Dhamma, O monks Well preached and leading to Nibbana; Then do think, O monks, of that Sangha, That wonderful field of merit to all. iv. To those recalling the Buddha supreme, To those recalling the Dhamma sublime, And to those recalling the Sangha, No fear, no terror will make them quiver.



Notes

1.
S. i. 218.
[2].
The four pairs of persons constitute the four kinds of aryan disciples who have attained the four paths and four fruits of sanctity (magga and phala), namely: sotapatti, "stream-entry"; sakadagami, "once-return"; anagami, "non-return"; and arahattha, arahantship, the fourth and the last stage at which all fetters are severed and taints rooted out.
[3].
The above four pairs become eight when the Paths and Fruits are regarded separately.


May the Triple Gem bless you

https://www.facebook.com/photo.php?...9226098.138252.541364085893036&type=1&theater
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
399588_460429667373013_2115674009_n.jpg


නදී කාශ්‍යප ජටිල තෙමේ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකරද, ගිනිපුදනා උපකරණද දියෙහි පාවී යන කල දුටුයේමය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය. මාගේ සොහොයුරුට උවදුරක් නොවේවා!! යව්, මාගේ සොහොයුරු ගැන දැන ගනිව්. යයි ජටිලයන් පිටත් කළේය. තෙමේද ජටිලයන් තුන් සියයත් සමඟ ආයුෂ්මත් උරුවෙල කාශ්‍යප තෙමේ යම්තැකේහිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උරුවේල් කසුප් තවුස්හට මෙසේ කීයේය. කාශ්‍යපය, මේ පැවිදිකම වැඩියක් උතුම් වේද? ඇවැත්නි, එසේමය. මේ පැවැදිකම වැඩියක් උතුම් වේයයි කීය. ඉක්බිති ඒ ජටිලයෝද හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා එය ගෙන යන කත්ද ගිනි පිදීමේ උපකරණද දියෙහි පා තොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී මෙසේ සැල කළාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි. කාශ්‍යපය, නුඹ වනාහි තුන්සියයක් ජටිලයන්ට නායකවූයෙහිය. තම ලබ්ධිය උගන්වන බැවින් විනායක වූයෙහිය. අග්‍ර වූයෙහිය, පෙරටුව යන්නෙක් වූයෙහිය. විසුද්ධි ප්‍රඥා ඇත්තෙහිය. එහෙයින් පළමුකොට තෙපි අතැවැසි ඒ තවුසන්ද බලව. ඔහු තුමූ යම් සේ සිතන්නේද එසේ කරන්නාහුයයි, වදාළසේක.
ඉක්බිති නදී කාශ්‍යප ජටිලතෙමේ ඒ ජටිලයෝ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් ඒ ජටිලයන්ට මෙසේ කීයේය. පින්වත්නි, මම මහා ශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරෙන්න කැමැත්තෙමි. පින්වත්හු යම්සේ සිතත්ද එසේ කෙරෙත්වා. පින්වත් ආචාරීන් වහන්ස, අපි බොහෝ කලක් මහා ශ්‍රමණයන් කෙරෙහි විශේෂයෙන් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහා ශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරෙන්නේ නම් අපි සියල්ලෝම මහා ශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරෙන්නෙමුයයි කීහ.
ඉක්බිති ඒ ජටිලයෝ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා ගිනි පිදීමේ උපකරණද, දියෙහි පා කොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි බව ලබන්නෙමු, උපසම්පදාව ලබන්නෙමුයි, කීහ. එව් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය, මනා කොට මුළුමනින් දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍යායෙහි හැසිරෙවුයයි , වදාළසේක. එයම එම ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව විය.

ගයා කාශය්‍යප ජටිල තෙමේ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකරද, ගිනිපුදනා උපකරණද දියෙහි පාවී යන කල දුටුයේමය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය. මාගේ සොහොයුරුට උවදුරක් නොවේවා!! යව්, මාගේ සොහොයුරු ගැන දැන ගනිව්. යයි ජටිලයන් පිටත් කළේය. තෙමේද ජටිලයන් දෙසියයත් සමඟ ආයුෂ්මත් නදී කාශ්‍යප තෙමේ යම්තැකේහිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් නදී කසුප් තවුස්හට මෙසේ කීයේය. කාශ්‍යපය, මේ පැවිදිකම වැඩියක් උතුම් වේද? ඇවැත්නි, එසේමය. මේ පැවැදිකම වැඩියක් උතුම් වේයයි කීය. ඉක්බිති ඒ ජටිලයෝද හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා එය ගෙන යන කත්ද ගිනි පිදීමේ උපකරණද දියෙහි පා තොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී මෙසේ සැල කළාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි. කාශ්‍යපය, නුඹ වනාහි දෙසියයක් ජටිලයන්ට නායකවූයෙහිය. තම ලබ්ධිය උගන්වන බැවින් විනායක වූයෙහිය. අග්‍ර වූයෙහිය, පෙරටුව යන්නෙක් වූයෙහිය. විසුද්ධි ප්‍රඥා ඇත්තෙහිය. එහෙයින් පළමුකොට තෙපි අතැවැසි ඒ තවුසන්ද බලව. ඔහු තුමූ යම් සේ සිතන්නේද එසේ කරන්නාහුයයි, වදාළසේක.

ඉක්බිති ගයා කාශ්‍යප ජටිලතෙමේ ඒ ජටිලයෝ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් ඒ ජටිලයන්ට මෙසේ කීයේය. පින්වත්නි, මම මහා ශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරෙන්න කැමැත්තෙමි. පින්වත්හු යම්සේ සිතත්ද එසේ කෙරෙත්වා. පින්වත් ආචාරීන් වහන්ස, අපි බොහෝ කලක් මහා ශ්‍රමණයන් කෙරෙහි විශේෂයෙන් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහා ශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරෙන්නේ නම් අපි සියල්ලෝම මහා ශ්‍රමණයන් කෙරෙහි බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරෙන්නෙමුයයි කීහ.

ඉක්බිති ඒ ජටිලයෝ හිසකේද, ජටාමඩුළුද, තවුස් පිරිකර හා ගිනි පිදීමේ උපකරණද, දියෙහි පා කොට හැර භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි බව ලබන්නෙමු, උපසම්පදාව ලබන්නෙමුයි, කීහ. එව් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය, මනා කොට මුළුමනින් දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍යායෙහි හැසිරෙවුයයි , වදාළසේක. එයම එම ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව විය.

භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් පන්සියයක් දර කඩ නොපැළිණ, (අධිෂ්ඨානයෙන්) පැළිණ. ගිනි නොදැල්වුණේය, ( අධිෂ්ඨානයෙන් ) දැල්වුණේය නොනිවුණේය, (අධිෂ්ඨානයෙන්) නිවුණේය. ගිනි බඳුන් පන්සියයක් මැවුවේය. මේ ක්‍රමයෙන් තුන්දහස් පන්සියයක් ප්‍රාතිහාර්‍යයෝ යෙත්.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවුවෙහි කැමැතිතාක් වැස ගයාසීස නම් ගල් පොත්ත යම්තැනෙක්හිද එහි පුරාණ ජටිලයන්ව සිට, දහසක් භික්‍ෂූන් වූ මහත් භික්‍ෂු සංඝයා සමඟ වැඩිසේක. එහි භාග්‍යවතුන් වහන්සේ ගයාව සමීපයෙහි වූ ගයාසීස නම් ගල් පොත්තෙහි භික්‍ෂූන් දහස සමඟ වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක.

සියල්ල තෙම (එකොළොස් ගින්නකින්) එකට ඇවිල ගත්තේය. කිනම් සියල්ලෙක් එකට ඇවිල ගත්තේද ? ඇස ඇවිල ගත්ග රූපයෝ ඇවිල ගත්හ. චක්‍ෂුවිඤ්ඤාණය ඇවිල ගගත්තේය. චක්‍ෂුස්පර්ෂය ඇවිල ගත්තේය. චක්‍ෂුස්පර්ශය හේතුවෙන් යම් මේ සැප වූ හෝ දුක් වූ හෝ දුක් නොවූ හෝ සැප නොවූ හෝ වේදනාවක් උපදීද එයද ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාග ගින්නෙන්ද, ද්වේෂ, ගින්නෙන්ද, මෝහ ගින්නෙන්ද, ඇවිල ගත්තේය. ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, විලාපවලින්ද, දුක්වලින්ද, දොම්නස්වලින්ද, සිත් තැවිලිවලින්ද, ඇවිලගත්තේයයි

මෙසේම කණ, ශබ්ද, සොත විඤ්ඤාණ, සොත ස්පර්ෂ ද, නාසය, ගත්‍ධයෝ ගාණ විඤ්ඤාණ, ගාණ ස්පර්ෂය ද , දිව, රසයෝ ජිව්හා විඤ්ඤාණ, ජිව්හා ස්පර්ෂයද, කය, ස්පර්ෂය, කාය විඤ්ඤාණ කාය ස්පර්ෂය ද, සිත ධර්ම, මනො විඤ්ඤාණ මානොසම්ඵස්සය ද මනො සම්ඵස්ස හේතුවෙන් යම් දුක්වූද සැපවූද, උපෙක්‍ෂාවූද වේදනාවක් උපදීද එයද ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාග ගින්නෙන්, දොස ගින්නෙන් ඇවිල ගත්තේය, මෝහ ගගින්නෙන් ඇවිල ගත්තේය ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සෝකයන්ගෙන්ද, විලාපවලින්ද, දුක්වලින්ද, දොම්නස්වලින්ද, සිත් තැවිලිවලින්ද, ඇවිලගත්තේය.
මෙසේ නුවණින් දක්නා බහුශ්‍රැතවූ ආර්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිද කළකිරේ, රූපයෙහිද කළකිරේ, චක්ඛු විඤ්ඤානයෙහිද කළකිරේ, චක්ඛු සම්ඵස්සයෙහිද කළකිරේ. චක්ඛු සම්ඵස්ස හේතුවෙන් යම් දුක් සැප උපෙක්‍ෂා වේදනාවෙක් වේද එහිද කළකිරේ.
අන් ආයතනාදියත් එසේමය. මෙසේ කළකිරෙන්නේ නොඇලේ,නොඇලීමෙන් මිදේ, මිදිණු කල්හි මිදුණේයයි දන්නා නුවණ වේ. ඉපදීම ක්ෂය විය. මාර්ග බ්‍රහ්චර්‍යය වැස නිමවන ලද්දේය. සිව් මගින් කළ යුතු දෙය කරන ලද්දේය. මේ රහත් බව පිණිස වෙන කළ යුත්තක් නැත්තේයයි දනියි.
මේ නිර්ගාථක සූත්‍රය දෙසනු ලැබූ කල්හි ඒ භික්‍ෂූන් දහසගේ සිත් කාමාදී ආශ්‍රවයන් කෙරෙන් ගැනීම් රහිතව මිදිනෝය. (ආදිත්ත පරියාය නිමි )

සාදු! සාදු! සාදු!
තෙරුවන් සරණයි...

තොරතුරු ලබාගත්තේ www.budurashmiya.net මගිනි

https://www.facebook.com/photo.php?...63067599673.1073741828.457424391006874&type=1
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
934654_604801439549566_1902420110_n.jpg

මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු පැටවුන්ට. ඒක එහෙම නේද? ලස්සන විවාහයකුත් වෙලා, යහපත් සැමියෙකුත් ලැබිලා ඒත් තමන් අතේ කිසිම වැරැද්දක් නැති ව සැමියට තමන් ව එපා වුණොත්, විවාහය අසාර්ථක වුණොත් ගැහැණු ළමයෙකුට මොනවා හිතේවිද? වැඩිය හිතන්න යන්නෙපා, ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ලෝකේ. ඒත් එහෙම වෙන්නෙ ඇයි කියලා කවදාවත් හිතුවෙ නැහැ නේද? එහෙනම් කියවන්නකෝ මේ කථාව...


කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත් භික්ෂුණිය ගේ නම බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යාන සැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක් අහල තියෙනව. ඒ වගේ ම නිකෙලෙස්. දවසක් ඒ භික්ෂුණින් දෙනම පිණ්ඩපාතෙ වැඩිය. දන් වැළඳුව. දෙපා සෝද ගෙන විවේක තැනක සුවසේ සිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ.


ආර්ය වු ඉසිදාසී ඔයා හරි ම ලස්සන කෙනෙක්. තව ම ඉන්නෙ තරුණ වයසෙ. ඔයා මහණ වෙන්ට කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකල ද?


විවේක තැනක දී මේ විදියට අසද්දී දහම් දෙසීමෙහි දක්ෂ වු ඉසිදාසී භික්ෂුණිය මේ විදියට පිළිතුරු දුන්න. එහෙම නම්,පින්වත් බෝධි,මං මහණ වෙච්ච විදිය අහගන්න.


මගේ තාත්තා සිල්වත් කෙනෙක්,එයා උදේනි නගරයේ සිටුවරයෙක්. මං ඒ ගොල්ලන් ගෙ එක ම දුව. ඒ ගොල්ලන් ගෙ හැම ආදරයක් ම ලැබුණෙ මට. සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආව. ඒ සිටුවරයාට ත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමා ගේ ලේලිය හැටියට මාව, මාගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්න. ඉතින් මං නැන්ද යි මාම යි ලඟට උදේ සවස ගිහින් ඒ ගොල්ලන් ගෙ දෙපා වැන්ද. ඔවුන් කියන දේ විතරක් ම කෙරුව. මං මගේ ස්වාමිය හරි,සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනව. කෑමෙන් බීමෙන් වුණත්, කැවිලි පෙවිලිවලින් වුණත් ඒ ගොල්ල කැමති දෙවල් හදල දීල සතුටු කරනව. මං ඒ ගොල්ලන්ට හොඳට සැලකුව. අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනව. මං මගේ අතින් සැමියා ගේ පා සෝදල යි ගෙට ගන්නෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙන යි. මං පනාවත්, සුවඳ විලවුන් වර්ග ත්, වෙනත් දේවලුත්, කණ්ණාඩිය ත් අරගෙන සැමියා ළඟට යනව. මගේ අතින් ම යි මං එයා ව සැරසුවේ. මගේ අතින් ම බත් ඉව්ව. හැලි වලං හේදුව. අම්ම කෙනෙක් එක ම දරුවෙකුට සලකනව වගෙයි මං සැමියට කටයුතු කළේ.


එයාට මං කොයි තරම් ආදරෙන් වැඩකාර කම් කරගෙන හිටියත්, නිහතමානී ව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජිවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ. අන්තිමේ දී එයා ඒ ගොල්ලන් ගෙ දෙමපියන්ට මෙහෙම කිව්ව. "මං යනව මේ ගෙදර අත් හැරල, මට මේ ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕන කමක් නෑ." "පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඤාණවන්ත කෙනෙක් නේ. වාසනාවන්ත කෙනෙක් නෙ. විරියවන්ත යි නෙ. කම්මැලි නෑනෙ. ඉතින් පුතේ. ඔයා මොකද ඉසිදාසීට මේ තරම් අකැමැති?" "ඔව්! ඇය මට වරදක් කළේ නෑ. මට ඉසිදාසී ත් එක්ක ඉන්ඩ ඕන කමක් නෑ. මට ඈ ව අප්පිරිය යි. මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට ත් නොකියා ම මේ ගෙදරින් යන්ඩ යනව." නැන්ද යි මාම යි එයා ගෙ වචනෙ පිළිගත්ත. ඉතින් ඒ ගොල්ල මගෙන් ඇහැව්ව."දරුවො. ඔයා මොකක් ද අපේ පුතාට කරපු වැරැද්ද? සැක නැතිව කියන්න" මං එයාට කිසි ම වරදක් කළෙ නෑ. හිංසාවක් කළේ නෑ. වැරදි වචනයක් කියල නෑ. ආර්යාවෙනි, ඉතිං එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නේ? "අපේ පුතා ව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මී ව අපේ පවුලට නැති වුණා." කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්ත ළඟට ඇරලුවා.


ඒ වතාවේ මගේ තාත්ත, අපට වඩා බදු ආදායම භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්ඳල දුන්න. මාසය යි මං ඒ ගෙදර හිටියෙ. මං කීකරු දාසියක් වගෙ උපස්ථාන කරද්දී, සිල්වත් ව සිටිද්දි, ඒ ගෙදරිනුත් මාව අයින් කළා. අන්තිමේ දී මගේ තාත්තා, සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආව. "ළමයෝ, ඔය රෙදි කඩමාල්ල යි, ඔය තැටිය යි වීසි කරපන්. මගේ දියණිය ගේ ස්වාමිය බවට පත් වෙයන්." කියල කිව්ව. ඒ මනුස්සයා මම ත් එක්ක ටික කලක් හිටිය. එයත් මාව අත් හැරල ගියා. එයා යන දවසේ තාත්තට මෙහෙම කිව්ව. "මගේ රෙදි කඩමාල්ල යි මගේ තැටිය යි, මට ආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්ඩ පටන් ගන්නව." එතකොට අම්ම යි තාත්ත යි එයාට මෙහෙම කිව්ව. " මේ ගෙදරින් ඔයාට මොනව ද ලැබෙන්නෙ නැත්තෙ? ඕන දෙයක් කියන්න, හරි ගස්සල දෙන්නම්." එහෙම කියද්දි ත් එයා මෙහෙම යි කිව්වෙ. "නෑ මට ජීවත් වෙන්ඩ තාම හයිය තියෙනව. මට මේ ඉසිදාසී ගෙන් වැඩක් නෑ. මට ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕනකමක් නෑ." ඒ ඉඳුල් කන මනුස්සය ත් මාව දාල ගියා. මං තනියම හිතන්න පටන් ගත්ත. එක්කෝ මං කාටවත් නො කියා දිවි නසා ගන්නව. එක්කෝ මං මහණ වෙනව.


විනයධර,බහුශ්‍රැත, සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්ය වු ඒ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතෙ වඩින ගමන් අපේ ගෙදරට ත් වැඩිය.එතුමිය දැකල අපි සිටිය ආසනේ වාඩි වෙන්න පිළියෙල කළා. එතන හිඳ ගත්ත ඒ භික්ෂුණී ගේ දෙපා වැඳල දානෙ පුජා කරගත්ත. දන් පැන්වලිනුත්, කැවිලි පෙවිලිවලිනුත් ඇයට සැලකුව. "ආර්යාවෙනි, මාත් කැමැති යි මහණ වෙන්න," මං තාත්තා ළඟ වැඳ ගෙන හඬා වැටුණා. "නෑ, මං කරගත්තු පව් තමයි මේ. මම් ම ඒ පව් දිරවල අවසන් කරල දානව." ඊට පස්සෙ තාත්ත මෙහෙම කිව්ව. " නර ශ්‍රේෂ්ඨ වු බුදු රජාණන් වහන්ස් යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම්, ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබා ගන්න. නිවනට පත් වෙන්න." මං දෙමාපියන්ට ත්, නෑදැ පිරිසට ත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.


මට අතීත ජිවිතේ ආත්මභාව හතක් සිහි කරන්න පුළුවන්. මං මේ ජිවිතේ විපාක වින්ඳේ ඒ කාලේ කරපු පවක්. මං ඔයාට එක කියන්නම්. හොඳට අහගෙන ඉන්න. මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ජ නගරයේ ගොඩක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියෙ. මං තරුණකමින් මත් වෙලා හිටිය. මං නොයෙක් කාන්තාවන් පස්සෙ ගියා. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙළින් ම ඉපදුනේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්ඳා. නිරයෙන් චුත වුණාට පස්සෙ උපන්නෙ වැඳිරියක ගේ කුසේ. එතකොට මං ඉපදිලා දවස් හත යි. එ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හුරල දැම්ම. පරස්ත්‍රීන් සේවනය කරපු කර්මවිපාක තමයි මං ඒ වින්ඳේ. මං එතැනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බුරු දෙනෙක්. ඒ ගමන මං උපන්නෙ ඇගේ කුසේ. මං කුඩා කාලේ මගේ රහසඟේ ඇට තැලුව. දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ උණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි.


මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනෙක ගේ කුසේ ඉපදුනා. මං රතුපාට වහු පැටියෙක්. දොළොස් වෙනි මාසෙ දී අර විදියට ම මාගේ ලිංගයේ ඇට තැලුව. මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා, ලෙඩ වෙලා ගියා. මං එතනින් චුත වුණා. නගරේ වීදීයේ දාසියක ගේ කුලයේ තමයි ඊළඟට උපන්නේ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවෙ මං ගැහැණියෙකුත් නො වේ, පිරිමියෙකු ත් නොවේ නපුංසකයෙක්! මං ගොඩාක් දුක් වින්දා, අවුරුදු තිහේ දී මැරුණා. ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක යි මං ඊ ළඟට ඉපදුනේ. ඒ ගමන මං ස්ත්‍රියක්.අපේ ගෙදරට ණය ගෙවා ගන්ට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දී ම බලාත්කාරයෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස දහසය යි. මං තරුණ යි. ඒ ගැල් නායකයා ගේ පුතෙක් හිටිය ගිරිදාස කියල. එයා මාව තමන් ගෙදරට කැඳව ගත්ත. එයාට හිටියා හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුන. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදියට කටයුතු කිරීම යි. මං දාසියක් වාගේ ස්වාමියා ට උපස්ථාන කරද්දී. ස්වාමියා මාව අත් හැරල යන්නෙ, ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මය ත් අවසන් කළා.

https://www.facebook.com/photo.php?...3015200.136400.536800879682956&type=1&theater
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
562465_419009818194638_1696012399_n.jpg


"චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම අනතුරක්මයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, මල්ලිකා දේවිය ගැන ඔබ අසා ඇති.ඇය හරියට පින් කළා.කොසොල් රජතුමාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙව්වේ ඇය විසිනුයි.ඇය නිහතමානීව සිටින්නට බොහෝ උත්සාහ කළා.ඇය බොහෝ සෙයින් සංඝයාට දාන මාන දෙන්නත්, පුදපූජාවන් පවත්වන්නටත් කල් ගෙවූ නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වෙහෙසුණේ නෑ.මාර්ගඵල ලබන්නට බැරිව ගියා.මෙනිසාම ඇගේ සිත සතර සතිපට්ඨානයෙහි රඳවා ගැනීමෙහි අදක්ෂ වුණා.

සමහර අයගේ ජීවිතවලට කිසි දවසක නොසිතූ දේවල් සිදු වෙනවා.එබඳු අනපේක්ෂිත දෙයක් තමන්ගේ චරිතයට සිදුවුණොත් එය පිටට කියන්නත් බෑ.සංවර වෙන්න විදියකුත් නෑ.ඒ ගැන හිත හිතා දුක් විඳිනවා.මෙච්චර පින්කම් කළ මල්ලිකා දෙවියටත් එවැනි අකරතැබ්බයක් වුණා.මල්ලිකා දේවිය දිනක් නාන කොටුවේ හිටියා.ඇය තනියම දිය නාමින් සිටිද්දී මාලිගාවේ ඇතිදැඩි කරන සුනඛයෙක් ඈ ළඟට ඇවිදින් ඇඟේ පැටලෙන්නට ගත්තා.සුනඛයා නරක විදියට හැසිරුණා.ඇය සුනඛයා කෙරෙහි අනුකම්පාවෙන් නිශ්ශබ්දව හිටියා.සුනඛයා ඈ ළඟ හැසිරුණු විදිහ රජතුමා දැක්කා.රජතුමා ඒ ගැන බොහොම දොස් කිව්වා.එවේලේ ඈ කිව්වේ තමා එයට කිසිම අනුබලයක් දුන්නේ නැත කියා ය.ඒ නිසා කිසිවක් වුණේ නැත ය.මල්ලිකා දේවියට මේ ගැන ඉතාමත්ම ලැජ්ජාව ඇති වුණා.ඇයි, රජ්ජුරුවොත් දැක්කනේ.තමන් හීනෙකින්වත් නොසිතූ දෙයක් මේ වුණේ.සමහර අවංක අයට සුළු දෙයක් වුණත් හරියට පසුතැවිලි වෙනවා.මල්ලිකා දේවියත් නිතර නිතර මේ ගැන පසුතැවිලි වුණා.ඇත්තෙන්ම එදා ඇය කිසි වැරැද්දකට සුනඛයාව පෙළඹෙව්වේ නෑ.ඌමයි ඇවිදින් නාඩගම් නැටුවේ.නමුත් බලන්න.සිත හදාගන්න බැරිකම කොතරම් දුර යනවද?

බුදුරජාණන් වහන්සේව දකිද්දී, සංඝයාව දකිද්දී ඇය හරියට පසුතැවුණා.හිතෙන් දුක් වින්දා.කාටවත් හිතාගන්නත් බෑ.ඈ සතුටින් ඉන්න නිතර මහන්සි ගත්තා.කාටවත් කියාගත නොහැකි මේ කාරණය සිතේ රැව් දුන්නා.ඇයට ලොකු භයකුත් ඇතිවුණා.මේ හේතුවෙන් ඇය මරණින් මතු නිරයේ උපන්නා.

කොසොල් රජතුමාට මල්ලිකාව හරි ප්‍රියයි.රජතුමා හරියට දුක්වුණා.හැඬුවා.ඇගේ සිරුර ආදාහනය කොට ඇය උපන්නේ කොහේද කියා දැන ගැනීමේ ආසාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා.නමුත් එතැනදී රජතුමාට එය අමතක වෙනවා.දින හතක් යනතුරුම රජතුමාට ඔය කාරණය අමතක වුණා.හත්වෙනි දවසේ රජතුමාට ඒක මතක් වුණා.බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා.

"පින්වත් රජතුමනි, මල්ලිකා දේවිය තුසිත දෙව්ලොව ඉපිද මහත් සතුටින් වාසය කරනවා."

රජතුමාට හරි සතුටක් ඇතිවුණා.ඇත්තෙන්ම මල්ලිකා දුක් වින්දේ දවස් හතයි.ඇගේ පින ගොඩාක් බලවත්.මහා බලසම්පන්න පින් රාශියක් රැස් කරලා තිබුණා.ඒ නිසාමයි ඈ බේරුණේ.සමහර උදවියගේ දුර්වල පින ගැන බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාළා.එය හරියට කුඩා වතුර බඳුනක් වගෙයි.එබඳු ජලයකට ලුණු කැටයක් දැම්මොත් ඒ සියලු ජලය ලුණු රසයට හැරෙනවා.මේ වගේ පටු සිත ඇති පින් මද තැනැත්තා කරන කුඩා පවෙනුත් බොහෝ කාලයක් නිරයේ පැසෙනවා.මල්ලිකාට පටු සිතක් තිබුණේ නෑ.ඇයට තිබුණේ නොදැනුවත්ව වෙච්ච වැරැද්ද හෙළි කරන්නට ඇති ලැජ්ජාවයි.එනිසාම පසු තැවි තැවී ඉන්නවා.කොහොම නමුත් සෝතාපන්න වෙලා සිටියා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ.

රජතුමා හැම තිස්සේම මල්ලිකාව ගැන මතක් කරනවා.ඇගේ ගුණම කිය කිය ඉන්නවා.ඇය කෙරෙහිම බැඳී වාසය කරනවා.එතකොට බුදුරජාණන් වහන්සේ රජ මාලිගයෙහි ඇති මංගල රථ පවා කලකදී දිරා යන හැටි කියා දුන්නා.රජ පරම්පරාවේ රාජකීය රථ පොළොවට පස් වූ හැටි කියා දුන්නා.ගුණ ධර්ම ඒ අයුරින් දිරන්නේ නැති බවත් කියා දුන්න.ඉතාම ලස්සන ගාථා රත්නයක් මේ අයුරින් වදළා.

151.6.

ජීරන්ති චේ රාජරථා සුචිත්තා
අථෝ සරීරම්පි ජරං උපේති
සතඤ්ච ධම්මෝ න ජරං උපේති
සන්තෝ හවේ සබ්හි පවේදයන්ති

ඉතා ලස්සනට සැරසූ - රාජ රථ යයි දිරාපත් වී
කොයිතරම් සැරසුවත් - සිරුර යයි එලෙසින් දිරාගෙන
එනමුදු සත්පුරුෂයින්ගේ - ගුණ දහම් නොම දිරයි එලෙසින්
සැබැවින් උතුම් මුනිවරු - එයයි පහදා දෙන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේක අපි කාටත් හොඳ පාඩමක්.ඇත්තෙන්ම මල්ලිකාට තිබුණා ඒ වැරැද්ද අමතක කොට තමන් කළ පින්කම් ගැන හිත හිතා සතුටු වෙන්න.ඈ සමාජයේ ඉහළින්ම සිටි ඉතාමත් ප්‍රභූ කාන්තාවක්නේ.තමන්ගේ තත්වය ගැන හිතලා වෙන්න ඇති එතරම්ම සිතට දුක් ගත්තේ.අන්තිමේදී ඒ කාරණයම තමන්ව අපායෙ ගෙනියන්න පස්සෙන් ආවා.මේ නිසා කළ හොඳ, කළ යහපත, පින නිතර නිතර සිතන්න ඕන.තමන්ගෙන් සිදු වූ අඩුපාඩු සිත සිතා දුක් වීම අත්හැර ධර්මය අවබෝධ කරන්නමයි කල්පනා කරන්න ඕන.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 11 ( ජරා වර්ගය )
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

https://www.facebook.com/photo.php?...67120689.35762.145864752175814&type=1&theater
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
3568_419460171482936_1552742246_n.jpg


5.6. ගාථා රත්නය
කුණ්ඩධාන තෙරුන්ගේ කථා වස්තුව

"අයහපත ඇති වන දේ නොකරන්න"

පින්වතුනේ,පින්වත් දරුවනේ,සෙල්ලමටවත් වැරැද්දක් කරන්න එපා.අනුන්ගේ අයහපතට හේතු වෙන දේවල් අත් හදා බලන්න යන්නත් එපා.එහෙම කරන්න ගිහින් එක් දෙවි කෙනෙක් අමාරුවේ වැටුනා.ඔහුට නිවන් අවබෝධ කරන තුරු එහි කටුක විපාකය විඳින්නට සිද්ධ වුණා.

ඉස්සර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතාම සිල්වත්,ඉතාම යහපත් යහළු භික්ෂූන් වහන්සේලා දෙනමක් හිටියා.මේ දෙනම එක මව් කුසේ උපන් සහෝදරයන් වගේ පුදුම ලෙන්ගතුකමකින් හිටියා.ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු විසිදාහයි.භික්ෂූන් වහන්සේලා පොහොය කළෙත් අවුරුදු පහකට හෝ අටකට වතාවක්.ඉතින් මේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා දෙනම පොහොය කිරීම පිණිස සංඝයා වැඩ සිටින ඈත සෙනසුනක් බලා පිටත් වුණා.

තව්තිසා දෙව්ලොවට අයත් එක්තරා දේවතාවියක් මේ යහළු දමින් වෙලී සුවසේ සිල් රකින සුපින්වත් භික්ෂූන් දෙනම දෙස නිතර බැලුවා.දවසක් ඒ දේවතාවියට මෙහෙම හිතුණා.

'හරි පුදුම සමගියක්නේ...මේ ඇත්තන්ගේ සමගිය කවදාවත් කිසිවෙකුටවත් බිඳලන්න බැරි එකක්ද? කෝකටත් මං අත්හදා බලන්න ඕන' කියලා ඕ ඒ සඳහා ක්‍රමයක් කල්පනා කළා.

එදා පොහොය කිරීම පිණිස වඩිමින් සිටි එක් භික්ෂුවකට වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇති වුණා.ඉතින් අනෙක් භික්ෂුවට 'ඔහොම ඉන්න' කියා අර භික්ෂුව පහළ කැලෑව පැත්තට ගියා.එහෙම යද්දී එක් අතකින් කෙස් කළඹ කඩා ගත්තා.අනිත් අතින් ඇඳ සිටි වස්ත්‍රය බුරුල් කර ගත්තා.'මේ මොකද වෙන්නේ...?' කියලා පාරේ සිටි භික්ෂුව අදහා ගත නොහැකි පුදුමයකින් බලා සිටියා.වැසිකිළි ගිය භික්ෂුව නැවත එන්න ටිකක් වෙලා ගියා.ඒ දෙසම හොඳින් බලා සිටින අනිත් භික්ෂුවගේ සැකය බලවත්ව වැඩුණා.වැසිකිළි ගිය භික්ෂුව ආපසු වඩිද්දී නැවතත් අර ස්ත්‍රිය එතනින් එහාට මෙහාට ගියා.

"ඇවැත්නි,යසයි වැසිකිළි ගිය අපූරුව...පැවිදි ජීවිතයට කර ගන්න තියෙන විපත කර ගත්තා නේද?"

වැසිකිළි ගිය අහිංසක භික්ෂුව මේ කිසිවක් දන්නේ නෑ.උන්වහන්සේ පුදුමයට පත්වුණා.

"ඇවැත්නි,මොකක්ද ඔබවහන්සේ මේ කියන්නේ? මං වැසිකිළියට ගියා විතරයි.මගේ මහණකමට හානියක් වුණේ නෑ."

"ආ...එහෙමද? ඒකද අර පිටිපස්සෙන් ආපු ගෑණි කොණ්ඩෙ කඩා ගෙන,රෙදි ගලවගෙන එහාට මෙහාට කලබලෙන් දිව්වේ...? ඒ මොකෝ...?"

ඔබවහන්සේ මොනවද මේ කියන්නේ...? එහෙම ගැහැණියක් මං දැක්කේ නෑ...!"

"මේ...ආයුෂ්මතුන්....ගහ දන්න මටද කොළ කඩාපාන්න එන්නේ...? මගේ ඇස් පනාපිට මං දැක්කෙ දේ ද කිසිවක් වුණේ නෑ කියල කියන්නේ...?"

"අනේ ආයුෂ්මතුන් වහන්ස,මෙතෙක් මං ඔබවහන්සේට බොරු කියලා නෑ.මගේ පැවිදි ජීවිතයට මං කිළුටක් කරගෙන නෑ...මේ අත් දෙකෙන් ස්ත්‍රියක් ස්පර්ෂ කරලා නෑ...මේ ශරීරයේ ස්ත්‍රියක් ගෑවිලාවත් නෑ...එහෙව් එකේ පාරිශුද්ධ බඹසර රකින මාවද ඔබවහන්සේට සැක...? ඔබවහන්සේට අමනුස්සයෙක්වත් වැහුණද?"

"හා....! ඇති ඇති.තමුන්නාන්සේගේ බඹසර ගැන මං දැන් දන්නවා....වැඩි කතා ඕනෙ නෑ...හැබැයි එකක් මතක තියා ගන්න.මේ මොහොතෙන් පසු තමුන්නාන්සේ සමග මගේ ගණුදෙනුවක් නෑ....මං යන පාරේ තමුන්නන්සේ එන්න එපා...!" කියලා ඒ භික්ෂුව අර භික්ෂුව පිළිකුල් කොට ගරහා පිටත්ව ගියා.

පින්වතුනේ,පින්වත් දරුවනේ,දෙවිවරුන් ගැනත් අපට හිතන්න දේවල් මේ කතාවලින් තේරෙනවා නේද? කේලාම් කියන,බොරු කියන,ඇත්ත කණපිට හරවන මෝඩ දෙවිවරු ඉන්න බව අපි තේරුම් අරගෙන සිටිය යුතුයි.නැත්නම් සාස්තර වලිනුත් මුලා වෙලා සණ්ඩු සරුවල් ඇතිවෙන අවස්ථා මොනතරම් තියෙනවද? යහපත් මිනිස්සුන්ට චෝදනා කරන අවස්ථා කොච්චර තියෙනවද?

ඉතින් අර භික්ෂුව කිසි වගක් නැතුව කරබාගෙන් පොහොය කරන තැනට පිටත් වුණා.පොහොය ගෙයි සංඝයා වාඩි වී සිටියා.මේ භික්ෂුව වඩිද්දිම අනිත් යහළු භික්ෂුව නැගිට්ටා.

"අද මට පොහොය කරන්න බැහැ.සංඝයා අපිරිසිදුයි!"

අනිත් භික්ෂූන් පුදුමයෙන් වගේ බලා සිටියා.

"ඔන්න දැන් ආපු තැනැත්තා භික්ෂුවක් නොවෙයි.සිවුරු පොරවාගෙන ඉන්න කෙනෙක්.මගේ දෑස් ඉදිරියේමයි කැලේ හිටපු ගෑණියෙක් එක්ක එකතුවෙලා සිල් බිඳගත්තේ..."

අනිත් භික්ෂුව හඬ වැටුනා.

"අනේ පින්වත් මහා සංඝයා වහන්ස,මේ සත්තමයි කියන්නේ.මං වැසිකිළි ගියා විතරයි.ඔය කියාපු එක ගැහැණියෙක්වත් මං නම් දැක්කේ නෑ...මගේ සීලයට අබමල් රේණුවක තරම්වත් හානියක් වෙලා නැහැ."

දැන් සංඝයා අතර කලබැගෑනියක් හට අරන්.පෝය කරන්න විදියක් නෑ.සීලය පිළිබඳ අර්බුදයක් පැනනැංගා.මේ ඔක්කොම දේවල් කරලා කුමක්ද වෙන්නේ කියලා නොපෙනී බලා සිටිය දෙව්දුව තැති ගත්තා.තමාගෙන් බරපතල හානියක් සංඝයාට සිදු වූ බව තේරුම් ගියා. සංඝයා ඉදිරියේ දෙව්දුව පෙනී සිටියා.

"ස්වාමීනි,මාගේ වචනයට සවන් දෙන්න.මං මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ මිත්‍රත්වය ස්ථිරද,අස්ථිරද කියලා පරීක්ෂා කරන්නයි ඒක කළේ.ගැහැණියකගේ වේශයෙන් එතන හැසිරුණේ මමයි.මේ භික්ෂූන් වහන්සේලා සිල්වත්.ඒ වගේම නිර්දෝෂී.එනිසා මුන්වහන්සේ සමග සංඝයා පොහොය කරන සේක්වා!"

එතකොට අර චෝදනා කළ භික්ෂුව නිශ්ශබ්ද වුණා.සංඝයා පොහොය කළා.හැබැයි පරණ මිත්‍රත්වය අවසන් වුණා.දේවතාවිය තම ආත්මභාවයෙන් චුත වෙනවාත් සමගම අවීචි මහා නිරයේ උපන්නා.එක් බුද්ධාන්තර කල්පයක්ම ඒ නිරයේ පැසුණා.කුමක්දෝ වාසනාවකට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සැවැත් නුවර කුමාරයෙකුව උපන්නා.තරුණ වියෙහිදී ගිහි ගෙය අත්හැරියා.ගෞතම සසුනෙහි පැවිදි වුණා.උපසම්පදා වුණා.පැවිදි වූ දා සිට එකතරා ස්ත්‍රියකගේ සෙවණැල්ලක් මේ භික්ෂුවගේ පිටිපස්සෙන් යනවා.හැබැයි පිට අයට විතරයි පේන්නේ.තමන්ට පේන්නේ නෑ.ඒ නිසාම උන්වහන්සේට 'කුණ්ඩධාන' යන නම ලැබුණා.භික්ෂූ වහන්සේලා අනේපිඬු සිටාණන්ට මෙය සැළකළා.

"සිටුතුමනි,මේ දුස්සීල පුද්ගලයා දෙව්රමින් බැහැරට දමන්න.මොහු නිසා සංඝයා මහත් අපකීර්තියට පත්වෙනවා."

"ඇයි ස්වාමීනි,එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දෙව්රමෙහි වැඩ නොසිටින සේක්ද?"

"සිටුතුමනි,බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා."

"එසේ නම් ස්වාමීනි,කළ යුතු දේ ශාස්තෲන් වහන්සේ දන්නා සේක" කියලා සිටුතුමා නිශ්ශබ්ද වුණා.

ඒ ගමන භික්ෂූන් වහන්සේලා ගිහින් විශාඛාවගේ කණේ තිබ්බා.විශාඛාවගෙන් ලැබුණෙත් ඒ පිළිතුරමයි.මේ භික්ෂුව නෙරපනකම් අනිත් භික්ෂූන්ට නින්ද යන්නේ නෑ.බැරිම තැන කොසොල් රජ්ජුරුවෝ මුණගැහෙන්න ගියා.

"රජ්ජුරුවන් වහන්ස,කුණ්ඩධාන නමින් අපේ දෙව්රම් වෙහෙරේ දුස්සෙල භික්ෂුවක් ඉන්නවා.ගැහැණියක් එල්ලාගෙන හැමතැනම යන්නේ.අපට ලැජ්ජාවේ බෑ.සංඝයාට මහා අවනම්බුවක්...අනේ රජතුමනි,කොසොල් රටින් මේ භික්ෂුව නෙරපා හරින්න..."

"හරි! කියන්න ස්වාමීනි,කොහෙද ඔය පුද්ගලයා ඉන්නේ...?"

"ආන්න අසවල් තැනයි ඉන්නේ...."

"හරි! මම්ම ගිහිල්ලා අතට අල්ලා ගන්නම්" කියලා රජතුමා සවස ඒ භික්ෂුව සිටින තැනට ගියා.මිනිසුන් ලවා කුටිය වට කෙරෙව්වා.මේ ඝෝෂාව ඇහිලා භාවනා කරමින් සිටි කුණ්ඩධාන භික්ෂුව කුටියෙහි දොර ඇරගෙන ඉදිරියට ආවා.හරි පුදුමයි! දැන් රජතුමාටත් පේනවා.අසංවර ඉරියව්වෙන් ගැහැණියක් හැසිරෙන්වා නෙව.කුණ්ඩධාන තෙරුන් රජතුමාව හඳුනා ගත්තා.රජතුමා තෙරුන්ට වැන්ඳේ නෑ.කෙලින්ම කුටිය ඇතුළට ගියා.හැමතැනම බැලුවා.දොර අස්සේ,ඇඳ යට කොහේවත් නෑ.

"කෝ මෙතන හිටිය ගෑණි...?"

"අනේ රජතුමනි,මං නම් දැක්කේ නෑ..."

"එහෙනම් ස්වාමීනි,දැන් ආයෙත් ඇතුළට වඩින්න."

කුණ්ඩධාන තෙරුන් කුටිය ඇතුළට වැඩියා.ආයෙත් අර ස්ත්‍රිය පේන්න ගත්තා.රජතුමා පෙරට පැන්නා.ඒ ස්ත්‍රී රූපය නොපෙනී ගියා.ස්ත්‍රී රූපය පේනවා.නැතුව යනවා.

"ස්වාමීනි,කවුද එතකොට ඒ ගෑණි? දැන් මමත් දැක්කනේ..."

"අනේ රජතුමනි,මේ ස්වාමීන් වහන්සේලාත් කියනවා.මට පේන්නෙ නැහැනේ..."

"එහෙනම් ස්වාමීනි,ඔහොම හිටගන්න."

රජතුමා බලන් හිටියා.ආයෙමත් පිටිපස්සෙන් පේනවා,රජතුමා ඒ තෙරුන්ගේ පිටිපස්සට ගියා.එතකොට ඒ ස්ත්‍රී රූපය නෑ.

"ස්වාමීනි,දැක්කා නේද? ඔය කැරකෙන්නේ...?"

"අනේ රජතුමනි,මං දැක්කේ නෑ..."

මේ ඉන්නේ සැබෑ ස්ත්‍රියක් නොවන බව රජතුමා තේරුම් ගත්තා.රජතුමාගේ ඤාණවන්ත පරීක්ෂණය නිසා ඒ භික්ෂුවට ලොකු පහසුවක් ඇති වුණා.කිසිවක් හරියාකාර ලෙස නොවිමසූ භික්ෂූන් වහන්සේලා කළේ අර අහිංසක භික්ෂුවට විරුද්ධව නින්දා අපහාස කිරීම පමණයි.

රජතුමා අර භික්ෂුවට මෙහෙම කිව්වා.

"ස්වාමීනි,මේක ටිකක් බරපතල දෙයක් බව පේනවා.ඔබවහන්සේ පිණ්ඩපාතේ වඩින්න ඕන නෑ.ඔබවහන්සේට කරදර වෙන්නත් ඉඩ තියෙනවා.ඒ නිසා හෙට සිට ඔබවහන්සේ මාළිගයට වඩින්න.මා දානය සූදානම් කරන්නම්.මං සිව්පසයෙන් උපස්ථාන කරන්නම්" කියලා රජතුමා භික්ෂූන් වහන්සේලා ඇමතුවා.

"පින්වත් ස්වාමීන් වහන්ස,කුණ්ඩධාන තෙරුන්ගේ පාඩුවේ බණ භාවනා කිරීමට ඉඩ හරින්න.සිව්පසයෙන් උපස්ථාන කරන එක මං කරන්නම්."

භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව හිටියා.රජතුමා ගිය විට රජතුමාටත් බනින්න පටන් ගත්තා.

"නුඹලයි දුස්සීල...නුඹලයි...නුඹලා වෙන්නැති ගෑණුත් එක්ක ලගින්නේ...," සිල්වතුන් වහන්සේලාට කුණ්ඩධාන තෙරුන් නින්දා කරනවා කියා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් ගියා.සියලු භික්ෂූන් කැඳවා කරුණු විමසූ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

"පින්වත් කුණ්ඩධාන,ඔබ මේ භික්ෂූන් පිටුපසින් ගැහැනුන් යනවා දැක්කාද?"

"නෑ...ස්වාමීනි"

"එසේනම් ඔබ ස්ත්‍රීවාදයෙන් මේ භික්ෂූන්ට චෝදනා කරන එක වැරදියි.ඔබ පිටුපසින් ස්ත්‍රියක් එනවාය කියන කරුණ සත්‍ය එකක්.ඔබට එය පේන්නෙ නැත්තේ කර්ම විපාකයක් නිසා.කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලයේදී ඔබ අතින් සිදු වූ වරදක් නිසයි එහෙම වෙන්නේ.ඉතින් මේ භික්ෂූන් වහන්සේලාට දොස් පවරන්න ගිහින් ආයෙමත් අවුලේ වැටෙන්න එපා!" කියලා අතීත ප්‍රවෘත්තිය විස්තර කරලා දුන්නා.අනිත් භික්ෂූන් වහන්සේලාටත් කරුණු පැහැදිළි කළා.

"පින්වත් මහණෙනි,මේ භික්ෂුව සිල්වත්.නමුත් අර කර්ම විපාකයේ ඉතුරු කොටසයි ගෙවන්නේ.ඒ නිසා මේ භික්ෂුව කෙරෙහි අනුකම්පා කරන්න.නැවත ඔය ප්‍රශ්නය ඇදලා ගන්න එපා...

පින්වත් කුණ්ඩධාන,කවුරු මොනවා කිව්වත් නිශ්ශබ්දව ඉන්න.යකඩ බඳුනක කට කැඩුණා වගේ නිහඬව ඉන්න.ඕන දෙයක් කියන්න අරින්න.බණ භාවනා කිරීමට බාධාවක් කර ගන්න එපා...ඔබ ඉක්මනින්ම නිකෙලෙස් වෙන්න මේක හොඳ පාඩමක්..."

ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ ඉස්මතු කරමින් ඉතා ලස්සන ධර්මාවවාදයක් මේ ගාථා රත්නයන් තුළින් පෙන්වා වදාළා.

133.5. මා'වෝච ඵරුසං කඤ්චි - වුත්තා පටිවද්ය්‍යු තං
දුක්ඛා හි සරම්භකථා - පටිදණ්ඩා ඵුසෙය්‍යුං තං

කාටවත්ම නපුරු වදන් නොකියා ඉන්න - එහෙම වුණොත් ඒවි අනිත් අය බැණගන්න
කෝලාහල ඇතිවෙන තැන දුකමයි ඔන්න - කරදරයට වැටෙන්නෙ ඔබ බව දැන ගන්න

134.6. ස චේ නේරේසි අත්තානං - කංසෝ උපහතෝ යථා
ඒස පත්තෝ'සි නිබ්බාණං - සාරම්භෝ තේ න විජ්ජති

ලෝහ බඳුන කැඩුණ වගේ නිහඬව ඉන්න - තමන්ගෙ වචනය වරදින් මුදවාගන්න
අවුලක් හට නොගන්න ලෙස සංසුන් වෙන්න - සසරේ හැටි දැන ඔබ මෙහි නිවනට යන්න

පින්වතුනේ,පින්වත් දරුවනේ,දැක්කා නේද අත්හදා බලන්න ගිහින් වෙච්ච දේ.අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න යන්න එපා! අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරට ගන්න එපා! ඒ කියන්නේ සමහරු බළල්ලු ලවා කොස් ඇට බාව ගන්නවා.තමන්ට කර ගන්න බැරි වැඩේ අනුන් ලවා කරවා ගන්නවා.තව කෙනෙක් කෙළින්ම බනින්නේ නෑ.අනිත් අය ලවා බන්නවනවා.එවැනි දේවල්වලට අහු වෙන්න යන්න එපා.මේ භයානක සසරේ කොයි විදියට විපාක දෙයිද කියලා කවුද දන්නේ.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 10
( පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ )
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
407010_165398850291869_1847900841_n.jpg


උත්තර නම් සාමණේරයන් වහන්සේ උල තැබීමට හේතුව

දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ උන්වහන්සේ දිනක් සැරියුත් මහරහතන් වහන්සේ ලෙඩ වී ඊට බෙහෙතක් සෙවීම සදහා වැඩියේය.මගදි දිය කඩිත්තක් දැක මුව දෝවනය කරද්දී ගම් දරුවන් ලුහුබදිනා හොරු පිරිසක් මුදල් පොදිය පාත්‍රයට දා ගියේය.මේ දරුවන් පාත්‍රයෙහි තිබූ මුදල් පොදිය දැක සාමණේරයන් වහන්සේට පහරදී වස්සකාර බමුණාට පෙන්වා ඔහු අණ පරිදි උල තියන්න නියම විය.වස්සකාර බමුණාගේ දුව පෙර විවාහ කරගන්න කියද්දී විවාහ කර නොගත් බැවින් මෙසේ නො විමසා උල තැබීමට ඔහු නියම කල බව දත යුතුය.

දූෂිත නීතියෙන් උල තබන ලද මුන්වහන්සේ සැරියුත් හිමිට බෙහෙත කෙසේ ගෙන යනුදැයි සිතීය.මෙය නුවණින් දුටු සැරියුත් මහරහතන් වහන්සේ සුගතයන් වහන්සේට මෙය දන්වා පිරිස හා එතැනට වැඩි සේක.එහිදී මෙසේ විපාක දීමට කල අතීත කර්මය වදාල අතර උත්තර හිමියෝ දෙසුම කෙළවර රහත් විය.පෙර මුන් වහන්සේ කුඩා ලමයෙකුව සිටියදී කොහොඹ කූරක් ගෙන මැස්සෙක් උල තැබූ කර්මය හා තම මෑණියන්ට පෙර එක් ජීවිතයකදී තරහ ගෙන ''ඔබ දවසක උල තබනවා'' යැයි කල ශාපයද යන මේ කර්ම දෙක හේතුවෙන් 500 වාරයක් මෙසේ කොහොඔ උල් උඩ දිනයක් මුලුල්ලෙහි තබන ලද බව වදාල සේක.එබැවින් සත්පුරුෂයෙනි අකුසල කර්මන්ට බිය වෙත්වා.

මුගලන් හිමි සොරුන්ගෙන් මැරුම් කෑමට හේතුව

මුගලන් ස්වාමීන් වහන්සේ අප බුදු සසුනෙහි ඍද්ධි ලාභීන් අතර අග්‍ර වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වේ.නමුදු තීර්ථකයන්ගේ අල්ලස් දීම නිසා තෙරුන්ව කාලසීලා පර්වතයේදී දේහය හාල් ඇට ගණනට කුඩුවන ලෙස සොරුන් පිරිසක් පහර දෙන ලදී.මෙසේ සොරුන්ගෙන් පහර කෑමෙන් විනාශ වීමට හේතුව පෙර එක් ජීවිතයක බිරිදගේ කේලාම් අසා තම නිරාපරාද දෙමාපියන් කැලයට ගෙන ගොස් මරා දැමූ පාප ක්‍රියාව බව වදාල සේක.එබැවින් සත්පුරුෂයෙනි අකුසල කර්මයන්ට බිය වෙත්වා.නොකරත්වා..

කර්ම විපාක - පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි


https://www.facebook.com/photo.php?...52307446.22046.111582889006799&type=1&theater
 

Similar threads